IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


සොඳුරු තණනිල්ලේ - හරිත සෙවණැල්ලේ ඇදෙති සැනසිල්ලේ - කාසි ගස් හෙල්ලේ

කී‍්‍රඩාව ව්‍යායාමයක් වූ යුගය පසුවී බොහෝ කල් ගොසිනි. අද වන විට කී‍්‍රඩා පිටියේ පැතිකඩ බොහොමයකි. කී‍්‍රඩාව කුමක් වුවත් මේ තත්ත්වයේ වෙනසක් නැත. වරෙක එය විනෝදාස්වාදය ලබාගැනීමේ අවස්ථාවක් වන විට තවත් පිරිසකට එය කදිම ව්‍යාපාරයකි. එනිසාම දැන්වීම් ප‍්‍රදර්ශනය කරන්නන්ට නම් කී‍්‍රඩා පිටියට වඩා හොඳ වෙනත් ස්ථානයක් නැති නියාය. මෙම තත්ත්වය හේතුවෙන් කී‍්‍රඩා පිටිය මේ වන විට ලෝකයේ ඉතාමත් සුරක්‍ෂිත රැුකියා උල්පතක් වී තිබේ. හැකියාවට රැකියාවක් නැතැයි කවුරුන් කෙතරම් මැසිවිලි කීවද, හැකියාවේ ස්වභාවය අනුව එයට නිසි රැකියාවක් සොයාගත හැකි හොඳම තැන කී‍්‍රඩා පිටිය බවට පත්වී ඇත්තේය. එපමණක් නොව, එහිදී හැකියාවේ තරමට උපයාගැනීමේ අවස්ථාවද ඉතාම ඉහළ තලයක පවතී. ඇරත් වෘත්තීමයක කී‍්‍රඩාවේදී කී‍්‍රඩකයා පාලනය කරනු ලබන්නේ කී‍්‍රඩකයා විසින්ම මිස අනෙකකු විසින් නොවේ. කී‍්‍රඩාව කුමක් හෝ වේවා, ඒ ඒ කී‍්‍රඩාවේ ස්වභාවය අනුව, තම තමන්ගේ හැකියාව මත උපයාගත හැකි මුදලට සීමාවක් නැත. එය විදේශ විනිමය ලෙස ඩොලර් වලින් උපයන්නේ නම්, අදාල තරගාවලිය පැවැත්වෙන රටේදී ගෙවන බදු මුදල හැර කෙතරම් ඉපයූවද වෙනත් බදු ගෙවීමක් නැත. මේ අයි. පී. එල්. කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ කතාවක් හෝ ඇමරිකාවේ දැවැන්ත සමාජ ශාලා තුළ ලේ, කඳුළු සලමින් ගහ මරා ගන්නා වෘත්තීය බොක්සිං කී‍්‍රඩකයන්ගේ කතාවක් නොවේ. යුරෝපයේ නොහොත් ලතින් ඇමරිකානු පාපන්දු කී‍්‍රඩකයන්ගේ ජීවන ප‍්‍රවෘත්තියක්ද නැතහොත් ජර්මනියේ, එංගලන්තයේ,  ඕස්ටේ‍්‍රලියාවේ හෝ ජපානයේ ෆෝමියුලා , කාණ්ඩයේ මෝටර් රථ තරග කරුවන් ගැන විස්තරයක්ද නොවේ. එය ශී‍්‍ර ලංකාවේම, කිසිවකුගේ වැඩි අවධානයක් නොලබන නමුත්, හීන් සීරුවේ නමුත් දැඩි උනන්දුවෙන් සහ කැපවීමෙන් තමන්ගේ කී‍්‍රඩාව කරගෙන යන ගොල්ෆ් කී‍්‍රඩකයන්ටත් පොදු තත්ත්වයකි. 1986 දෙසැම්බර් 26 වැනිදා කොළඹදී උපන් කළුතන්ති‍්‍රගේ මිතුන් චාමික උදයංග පෙරේරා එපමණටම වැළි කෙළියේ යෙදුණ අයකු ලෙස හැඳින්විය නොහැකිය. යන්තම් බහ තෝරන අවධියේ සිටම ඔහුගේ ඇස ගැටුණේ ගොල්ෆ් පිති කට්ටල සහ උපකරණ මල්ලයි. ඒ වන විටත් කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජයේ ඉහළ පෙළේ සාමාජිකයන්ට ගොල්ෆ් කී‍්‍රඩා කිරීම සඳහා ඔවුන්ගේ පිති කට්ටල සහ උපකරණ මල්ල ඇදගෙන ගිය ‘අතවැසියකු’ වූ නන්දසේන පෙරේරා හෙවත් ‘නන්දේ’ එයම සිය ජීවිකාව කරගෙන සිටියේය. ඒ අතරවාරයේදී කරුණාවන්තයන් කිහිප දෙනකුගේ අතහිත දීම මත ගොල්ෆ් පිත්තට අත හුරුකරගත් ‘නන්දේ’ ටික කලකින්ම ශී‍්‍ර ලංකාවේ අංක එකේ ගොල්ෆ් කී‍්‍රඩකයා බවට පත්විය. 1990 දී බීජිං ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගත් නන්දේ, වෘත්තීය ගොල්ෆ් පිටියට බට පළමු වැනි ශී‍්‍ර ලාංකිකයා ලෙසින්ද ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ඉතිහාසයට එක්විය. මිතුන් පෙරේරා යනු නන්දේගේ එකම පුතණුවන්ය. වෘත්තීය ගොල්ෆ් පිටියේ නන්දසේන ගියාට වැඩි දුරක් මේ වනවිටත් ගොස් සිටින මිතුන්, වෘත්තීය ගොල්ෆ් පිටියට පිවිස තවමත් ගතවී ඇත්තේ වසර එක හමාරකටත් අඩු කාලයකි. මෙම කාලය අතරතුරදී වෘත්තීය ගොල්ෆ් තරගාවලි 20 කට ආසන්න සංඛ්‍යාවකට සහභාගි වූ මිතුන් ඒ සෑම තරගකදීම පළමු වැනි 30 දෙනා අතරට පැමිණීමට සමත් වී තිබේ. වෘත්තීය ගොල්ෆ් තරගාවලියක් යනු තරගකරුවන් 160 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වන තරගාවලියකි. කඩයිම් වටයෙන් පසුව (බොහෝ විට දෙවැනි වටය) තරගාවලියේ ඉදිරි තරග වට සඳහා තෝරා ගනු ලබන්නේ පළමු වට දෙකේ දස්කම් අනුව ඉදිරියෙන්ම සිටින තරගකරුවන් 65 දෙනා පමණි. ත්‍යාග මුදල් හිමිවන්නේ එතැන් සිටය. සෙසු තරගකරුවන් 95 දෙනාම සිය ගමන් මලූ අසුරාගෙන, හිස් අතින්ම ආපසු යා යුතුය. ගොල්ෆ් යනු එක් අතකින් ඉතාමත් වියදම් අධික කී‍්‍රඩාවකි. මෙම කී‍්‍රඩාව වසර 100 කට වැඩි කාලයක් ශී‍්‍ර ලංකාවේ වරප‍්‍රසාද ලත් පන්තිය අතර පමණක් පැවතීමට ප‍්‍රධාන සාධකයක් වූයේද එයයි. ඊට අමතරව එහි සුවිශේෂී වූ සමාජයීය පසුබිමක්ද පැවතිණ. එහෙත් වර්තමානයේදී තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. මේ වන විට ශී‍්‍ර ලංකාවේ සිටින විශිෂ්ටතම ගොල්ෆ් කී‍්‍රඩකයන් අතළොස්ස ඉහළ පෙළැන්තියේ අය නොව ඉතාමත් දුකසේ ජීවිතය අරඹා සිය උත්සාහයත්, කැපවීමත් මත ඉදිරියට යන්නෝ වෙති. වෘත්තීය ගොල්ෆ් තරගාවලියක් සඳහා සහභාගි වීමට යාමේදී ඒ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 කට ආසන්න ප‍්‍රමාණයක් වැය කිරීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් පළමු වැනි 65 දෙනාට ඇතුළත් විය නොහැකි වුවහොත් තරගයට සහභාගි වීම සඳහා ගිය නවාතැන් ගාස්තු, අනෙකුත් විය පැහැදම් මෙන්ම ගුවන් ගමන් ගාස්තු සියල්ලම වතුරේ යයි. තරගය සඳහා වියදම් වන මුදල සොයාගැනීමට නම් 65 වැනියාගෙන් සෑහෙන ප‍්‍රමාණයක් ඉදිරියට පැමිණිය යුතුය. මිතුන් පෙරේරා මේ දක්වා සහභාගි වූ වෘත්තීය ගොල්ෆ් තරග සෑම එකකදීම පළමු වැනි 30 දෙනාට සුදුසුකම් ලබා ඇති අතර ඔහු ඉතාම මෑතකදී සහභාගි වූ සී. අයි. එම්. බී. නියාගා ඉන්දුනීසියානු ප‍්‍රවීණයන්ගේ තරගාවලියේදී 23 වැනි ස්ථානය දිනාගත්තේය. මෙම තරගාවලියේ ජයග‍්‍රාහකයා වීමත් සමගම එංගලන්තයේ ලී වෙස්ට්වුඞ් නැවතත් ලෝක ගොල්ෆ් කී‍්‍රඩක ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 ස්ථානය හිමිකරගත්තේය. ආසියානු වෘත්තීය ගොල්ෆ් තරගාවලි සඳහා වන වෙබ් අඩවියට අනුව මේ වසරේ මෙතෙක් ගතවී ඇති මාස 4 ක කාලයේදී තරගාවලි 5 කට පමණක් සහභාගි වූ මිතුන් මේ වන විට උපයාගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් 61,128.21 ක් හෙවත් රුපියල් මිලියන 8 ඉක්මවන්නකි. එය තනිකරම ඔහුගේ දක්‍ෂතාව මත උපයාගත් මුදලක් වන අතර ඔහුට වඩා හොඳින් ගොල්ෆ් කී‍්‍රඩා කළ හැකි අයකුට මීට වඩා උපයාගත හැකිය. ආසියානු වෘත්තීය ගොල්ෆ් තරගාවලියේදී මේ වන විට ඉදිරියෙන් සිටින දකුණු අපි‍්‍රකානු ජාතික ජැබ් කෲගර් විසින් තරගාවලි 4 කදී උපයන ලද මුදල ඇමරිකානු ඩොලර් 437,519.91 ක් හෙවත් රුපියල් මිලියන 57.75 කි. ඉන්දුනීසියානු ප‍්‍රවීණයන්ගේ තරගාවලියට ඉදිරිපත් වීමට මිතුන්ට අවස්ථාව උදාවූයේ ඉතාමත් දැඩි තරගකාරීත්වයක් පවතින සිංගප්පූරුවේ ‘අයි.එස්.පී.එස් - හන්දා’ තරගාවලියේ පළමු පස් දෙනා අතරට පිවිසීමෙනි. එම තරගාවලියේදී දෙවැනි ස්ථානය ලබාගැනීමට මිතුන් පෙරේරා සමත් විය. හාහා පුරා කියා පසුගිය වසරේදී වෘත්තීය ගොල්ෆ් පිටියට පිවිසි මිතුන්, එම වසරේදී ඉන්දියාවේදී පැවැති වෘත්තීය තරගාවලි 16 කට සහභාගි වී 8 වැනි ස්ථානය දිනාගත්තේය. මෙම තරගාවලියටම ඉදිරිපත් වූ ශී‍්‍ර ලංකාවේ අනෙක් වෘත්තීය ගොල්ෆ් කී‍්‍රඩකයා වන අනුර රෝහණ 57 වැනි ස්ථානය හිමිකරගනිද්දී, 2005 ඇමරිකානු එක්සත් ජනපද විවෘත ශූරතාව දිනාගත් මයිකල් කැම්බල් සහ එක්සත් ජනපදයේ දැවැන්තම ගොල්ෆ් තරගාවලිය වන ‘ඔගස්ටා මාස්ටර්ස්’ තරගාවලියේ ශූරතාව 1991 දී දිනාගත් ඉයන් වූස්නම් කඩයිම් වටයෙන් පසුව තරාවලියෙන් ඉවතට විසිවී ගියහ. මේ වන විට තමන් සහභාගි වී ඇති වෘත්තීය ගොල්ෆ් තරගාවලි සියල්ලේදීම පළමු වැනි 30 දෙනා අතරට පිවිස සිටින මිතුන්, කිසිදු අවස්ථාවක කඩයිම් වටයෙන් ඉවතට විසිවී නැත. මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ අන් කිසිවකු නොව, ලෝකයේ මෙතෙන් බිහිවූ විශිෂ්ටතම ගොල්ෆ් කී‍්‍රඩකයකු ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ටයිගර් වූඞ්ස්ය. වුඞ්ස්, කඩයිම් වටයෙන් ඉවත් නොවී, ගොල්ෆ් තරග මාලා ----142 කට සහභාගි වී තිබේ. කෙසේ වෙතත් වෘත්තීය ගොල්ෆ් කී‍්‍රඩාව පහසු දෙයක් නොවේ. ඒ සඳහා දිනකට පැය 8 ත් 10 ත් අතර කාලයක් පුහුණුවීම් වල නිරත විය යුතු අතරම ඉතාමත් දැඩි මානසික ඒකාග‍්‍රතාවක් මෙන්ම දැඩි සිතක්ද අත්‍යවශ්‍ය වෙයි. තව නොබෝ දිනකින් බංග්ලාදේශයේදී ආරම්භ වීමට නියමිත බී.ටී.අයි. අන්තර්ජාතික තරගාවලිය සඳහා මිතුන් අද (4 වැනිදා) රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව යයි.

සටහන - දමින්ද විජේසූරිය / ඡායාරූප : ශාන්ත රත්නායක
මිතුන් පෙරේරා



අදහස් (0)

සොඳුරු තණනිල්ලේ - හරිත සෙවණැල්ලේ ඇදෙති සැනසිල්ලේ - කාසි ගස් හෙල්ලේ

අර්ජුන Saturday, 05 May 2012 11:25 AM

නියමයි ස‍හෝදර වරුනේ ....අපිට ආඩම්බරයි (ස)

:       0       0

ටී.එස් Friday, 04 May 2012 11:03 AM

එළ කොල්ලෙක් නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 263 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 144 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 79 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 883 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 1703 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව
2025 අප්‍රේල් මස 29 1096 6

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 90 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 26 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1059 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site