IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

(ඩයනා උදයන්ගනී,මහින්ද නිශ්ශංක, සහ යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92  පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77කින්ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 76කින්ද, ඔටෝ ඩීසල් ලිටරයක මිල රුපියල් 55කින්ද සුපර් ඩිසල් මිල රුපියල් 95කින් ද වැඩි කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254ක් ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල්  283ක් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල්  176ක් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රපියල් 254ක් වනු ඇතැයි එම සංස්ථාව කියයි.
භූමිතෙල් මිලෙහි වෙසනක් සිදු නොවන බව ද ඛනිජ තෙල් සංස්ථාව කියයි.



අදහස් (17)

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

Soma dubayi Saturday, 12 March 2022 01:39 AM

ලෝකයේ රටවල් ගණනාවක් ඉන්ධන මිල ලංකාවට වඩා වැඩියි. මෙවර වැඩි උනෙත් සුළු ප්‍රමාණයකින්, ජනතාවට ලොකු බලපෑමක් මේකෙන් නෑ.

:       0       0

Dewa Saturday, 12 March 2022 06:02 AM

සෞභාග්‍යයේ දැක්ම... එයාලාට සුබ අනාගතයක්ම වේවා...! 

:       1       11

Ikram Saturday, 12 March 2022 06:05 AM

අහන්නත් සතූටුයි. සන්තොසෙ බැරුවා...!

:       1       11

මහසෙන් Saturday, 12 March 2022 06:36 AM

ඔහොම්ම ගිනිපෙට්ටියකුත් දෙනවලා. තෙල් ටික ඇඟට හලන් ගිනි තියාගන්න. පහුගිය දශක කීපයේ රට පාලනය කළ අයගේ කෙරුවාවේ ප්‍රතිඵලයි මේ එන්නේ...!

:       0       14

Bandula lansakara Saturday, 12 March 2022 07:43 AM

අපි තමයි හොඳටම කළේ..!

:       1       15

Jagath Saturday, 12 March 2022 08:05 AM

රාජපක්ෂලාගේ කාලේ ඉවරයි. එයාලට මේ රට කරන්න බෑ. අදක්ෂයි. තවදුරටත් පව් නොදී ඇමරිකාවටම යන්න.

:       1       30

Soma dubayi Saturday, 12 March 2022 10:30 AM

ලෝක වෙළඳපළේ මිල ඉහළ ගියාම රජයට මිල වැඩි කරන්න වෙනවා. ඒකට රජයට දොස් කියලා වැඩක් නෑ...

:       50       13

AsankaSaturday, 12 March 2022 03:04 PM

මේ සෝමා වගේ නූගත්, අඩුම ගානේ තමන් ඉන්න රටේ නම හරියට ලියාගන්න බැරි අය හිතන්නේ ලෝක වෙළෙඳපලක් ගැන.. ලංකාවේ වෙන දේ දන්නේ නැහැ.

:       6       37

BamunuarachchiSaturday, 12 March 2022 04:27 PM

සෝම කිව්ව කතාවේ වැරැද්ද මොකක්ද? ඒක පැහැදිලි කරන්න. ලෝක වෙළඳ පලේ මිල නැග්ගාම ආනයන බදුවල මිල වැඩිවෙනවා. ඒක වැරැදිද? ඔබ හිතුවාද කැනඩාව වගේ රටවලට ගන්නවා වගේ මිනිසුන්ගේ උගත්කම බලලා ඩුබායි වලට ගන්නවා කියලා ඩුබායි වල ඉන්නේ.. මෑතක පොහොසත් වුණු මිනිස්සු... එළුවන් පස්සේ ගිය මිනිස්සු. මෙතන පෙන්නුවේ ඔබේ නුගත් කමයි. ඔබ ලංකාවේ නිසා ප්‍රශ්නයක් නැහැ.

:       48       6

AnuraSunday, 13 March 2022 09:09 AM

අනේ බමුණෝ, ආනයන භාණ්ඩ සීමා කරපු වෙලාවේ ඔහොම නේද කිව්වේ? අපි රට ඇතුලේ රුපියල්වලින් ගෙවන ඒවා පිටරටින් ඩොලර් වලින් බඩු ගේන එකට කිසිම අදාලත්වයක් නැහැ කියලා... එහෙනං මේ පිටරටින් ඩොලර් වලට තෙල් ගෙන්වන එකට මොකද අපේ රුපියල් වලින් ගාන වැඩි කරන්නේ්‍?

:       0       3

BamunuarachchiMonday, 14 March 2022 09:53 AM

අපි රට ඇතුලේ රුපියල් වලින් ගෙවන ඒවා පිටරටින් ඩොලර් වලින් බඩු ගේන එකට කිසිම අදාලත්වයක් නැතිනම් අපිට වාද කරන්න දෙයක් නැත. පිටරටින් ඩොලර් වලට ගෙන්වන බඩු රටතුළ මිලට ගන්න රුපියල් වලින් ගෙවන්න වුණාම තමයි ප්‍රශ්නය. 1. තිබෙන ඩොලර් ප්‍රමානයට පිටරටින් බඩු ගෙනත් රුපියල්වලට වික්කාම ඊළඟ බඩු තොගය ගෙන්වන්නේ මොනවා වලින්ද? 2. රුපියල බාල්දුවෙන්න වෙන්න ආනයනය කරන බඩුවල මිල වැඩිවෙනවා. බොහොම කෙටියෙන් සිම්පල් ඈස් දැට්. ඕක තමයි ඇත්ත....!

:       2       0

Shantha - Qatar Saturday, 12 March 2022 11:02 AM

කියන්න කිසිම දෙයක් නැහැ.., අපිට හරි සැපයි/ සනීපයි දෙකම තියෙනවා දැන්...

:       1       27

BamunuarachchiSaturday, 12 March 2022 03:15 PM

හලෝ 1970 කාලේ අපි පැට්‍රල් ගැලුම ගත්තේ රුපියල් 5 ට අවුරුදු දෙකක රටේ ඉතිහාසය දන්නා ජෙප්පන් හිතන්නේ මේ අවුරුදු 2 දී තමයි බඩුමිල පැට්‍රල් මිල වැඩි වුණේ කියලා. ආණඩුවට දොස් කියන්න එපා..

:       40       5

JagathSaturday, 12 March 2022 07:51 PM

බමුණෝ,එල්ලෙන්න කඹයක් එහෙම ලෑස්ති කරගෙන ඉන්න. ඊළඟ මැතිවරණයේදී බලයට එන්නේ ජෙප්පෝ තමයි. දැනටමත් ජෙප්පන්ට සියයට 65කට වඩා ජනතා කැමැත්තක් තියෙනවා...

:       4       19

Bamunuarachchi Saturday, 12 March 2022 12:19 PM

බමුණුආරච්චි කිව්ව විදිහට කැනඩාවේ මිලටම ලංකාවේ පැට්‍රල් ලීටරයක මිල නැග්ගා... හැබැයි කැනඩාවේ දෙන්නේ ඔක්ටේන් 91, ඔක්ටේන් 95 හොයන්න රට පුරාම දුවන්න ඕනේ. ඒ අතින් අපි කැනඩාවට තවත් ඉදිරියෙන් ඉන්නේ..

:       19       9

Rohana Saturday, 12 March 2022 06:21 PM

දැන්නම් ඇඟට පුදුම සනීපයක් දැනෙනවා. මැතිවරණ වේදිකාවල ගිරිය පුප්පාගෙන කෑගහන දේශපාලුවන්ට නොරැවටෙන්න. මේ කියන මැතිවරණ පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකළ හැකිදැයි සිතාබලා තමන්ගේ වටිනා ඡන්දය බුදධිමත්ව පාවිච්චි කරන්න.

:       0       16

Rohana Sunday, 13 March 2022 12:06 AM

ලංකා ඉතිහාසයේ ඉහලම තෙල්මිල වැඩිකලේ රාජපක්ෂලාගේ ආණ්ඩුව කියල කවුරුත් මතක තබාගන්නේනම් මැනවි. කොයි ආණ්ඩුව ආවත් තෙල්මිල වැඩිකරන්ක වෙනවා. ඒත් මෙතරම් මිල ඉහල ගියේ රාජපක්ෂලාගේ වැරදි ආර්ථික කලමණාකරණය නිසා කිව හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 15 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 296 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා
2025 අප්‍රේල් මස 24 90 0

අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.


මත්ද්‍රව්‍ය බෙදූ යුවළක් තලවතුගොඩින් අල්ලයි
2025 අප්‍රේල් මස 24 192 0

හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත


දළදා පෝලිමට පොලිසියෙන් ස්ටිකරයක්
2025 අප්‍රේල් මස 24 685 0

නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.


පාතාලයට උදව් කරන පොලිස් ලොක්කෝ පිරිසක්
2025 අප්‍රේල් මස 24 705 2

පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site