(නිමන්ති රණසිංහ)
දළදා වහන්සේට අපහාස කර බෞද්ධ ජනතාව තුළ කැළඹීමක් ඇති කළයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (06) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව සැකකරු භාවිතා කළ භාවිතා කළ පරිගණකය අත්අඩංගුවට ගනු ලැබූ බවත් එය පරිගණක වෝහාරික විද්‍යාගාරයේ තබා පරීක්ෂණ කටයුතු කරමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සේපාල අමරසිංහ රිමාන්ඩ්
Mohan Friday, 06 January 2023 03:14 PM
සාධාරණය ඉෂ්ඨ වේවා...!
BamunuarachchiSaturday, 07 January 2023 12:29 PM
පණ යනතුරු බෙල්ලෙන් එල්ලා දමන්න. පුළුවන් නම් ඔය අපහාසය මුස්ලිම් ආගමට කරලා බලන්න.
SenakaSaturday, 07 January 2023 04:07 PM
බෞද්ධ අපිට මේ කොහෙවත් යන හිස් මිනිහෙක් කියූ හිස් කතාවලට හිරේ දාන එක හෝ මරණ එක හෝ අපිට ඉටුවන යුක්තිය නොවන්නේය. බල්ලෙක් බිරුවාට කන්දක් පාත් වන්නේ නැත. මීට කලින් බොහෝ අය දළඳා වහන්සේට වින කටින්නට උත්සාහ ගත්හ... බෞද්ධයාට වියයුතු සැබෑ යුක්තිය නම් මේ වයසක හිස් මිනිසා ඇතුළු බුදුදහමට ගැරහීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලේ සැලසුම්කරුවන් සොයා මහජනතාව දැනුවත් කිරීමය. ඒ සැලසුම් කරුවාටත් දඬුවම් දීම අපට වුවමනා නැත. මිනිසුන් එය දැනගත් පමණින්ම ඔවුන්ගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ වනු ඇත.
BamunuarachchiSunday, 08 January 2023 09:54 AM
සේනක මහතා ඔබේ කතාව හරි... ඒ ඔබ අපි වගේ අයට. 1965 සිටම ජෙප්පන් ආක්‍රමණය කළේ අපිව නොවෙයි, මේ ලාබාල දරුවන්ය. ජෙප්පන් ඔවුන්ට සුරංගනා ලෝකයක් මැව්වා, ජෙප්පන් පමණක් නොවෙයි, ප්‍රභාකරනුත් ඔයටිකම කළා. මොකද රටේ ඉන්නේ බිලි බෝයිස්ලා මිසක් බිලි එල්ඩර්ස්ලා නොවෙයි. අපි පොඩි කාලේම යහපත් ලෙස ජීවත් වෙන්න කියා පුරුදු පුහුණු කරපු ළමයි පාසලට එන ළමයි කීප දෙනෙක් නිසා පොඩි කාලේම කුණුසරප කියන්න, ටිකක් ලොකු වුණාම මත්පැන් බොන්න පුරුදු වෙලා තිබෙනවා ඔබ දකින්න ඇති... ආගම් වලින් මිනිසාට පුරුදු කලේ නැති කෙනාගේ පැවැත්මට තමන්ට දෙන්න පුළුවන් දෙයක් දෙන්න. රට නිර්ආගමික වෙන්න ඕනේ කියන ජෙප්පෝ මොනවාද පුරුදු කළේ? තියන මිනිහට ඊර්ෂා කරන්න, වෛර කරන්න, ඔවුන්ගේ දේ උදුරා ගන්න. ඒක තමයි ඔවුන් 1971, 1989, 2022 කළේ. එදා සිටන්ම එය සාර්ථක නොවූයේ තියන මිනිහට ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න, උදුරා ගන්න නොසිතන වැඩිහිටි අපි නිසා... ඒ නිසා තරුණ මනස විකෘති කරන සේපාල වැනි මිනිසුන් අනාගත පරපුරේ සුබසිද්ධිය සඳහා පණ යනතුරු බෙල්ලෙන් එල්ලා තැබිය යුතුයි. එසේ නොකළොත් මොවුන් දරුවන්ගේ විනාශ කරනු ඇත...
DilathaSunday, 08 January 2023 03:56 AM
මමත් මුල දී මුලදී මිනිහගේ වීඩියෝ බැලුව... මුලදී මුලදී හොඳ අදහස් තිබුණ... නමුත් කාලයක් බලනකොට තේරුණා මිනිහ බොරුවක් කරන්නේ කියල... මිනිහ කාගේ හරි කොන්ත්‍රාත්තුවක් කරන්නේ කියල ටික ටික තේරුණා... මිනිහගේ හිතේ විකෘති අදහස් ටික ටික වීඩියෝ වලින් එලියට ආව.... එහෙම නැත්නම් ටික ටික උවමනාවෙන්ම එලියට දැම්ම කාගේ හරි කොන්ත්‍රාත්තුවකට...
BamunuarachchiSunday, 08 January 2023 09:01 AM
කාගෙවත් කොන්තරාත්තුව නොවෙයි ජේවීපී කොන්ත්‍රාත්තුව කරන්නේ?
පිටිගල මිලානෝ Friday, 06 January 2023 03:19 PM
බෝම්බෙට වඩා ලබු ගෙඩිය සැරයි කියලා දන්නේ දැන්නෙ….!
කිරිපුතා Friday, 06 January 2023 03:31 PM
මෙයා වගේම තවත් රැවුල කොණ්ඩෙ වවාගෙන මහා විද්වතුන් වගේ පෙනී හිඳිම්න් සද්ධර්මය ට ගරහන තවත් කෙනෙක් ඉන්නවා. එක්කො මෙයාලා NGO වලින් සල්ලි ගන්නවා. නැත්නම් වෙන ගේමක්. ඒව හොයාගන්න ඕන. සද්ධර්මය හරියට දන්න අයටනම මෙයාලා එක එක ඒවා කියලා අපායගාමී වුණා කියලා ගැටලුවක් නෑ.
පිටිගල මිලානෝFriday, 06 January 2023 09:14 PM
ඔබ කියන සද්ධර්මයට ගැරහුව අනිත් කෙනා කැළණිය පැත්තේ නයෙක් බෝතලේක දාගෙනද ඒක කලේ….? ඩෝං ගාලා සද්දයක් ඇහුනා කිව්වේ…..
jayasekaraSaturday, 07 January 2023 09:57 AM
ඒ සිද්ධි දෙක අතර ගැලපීමක් නැහැ නේද ?
santhuSaturday, 07 January 2023 05:45 PM
මෙයාලා NGO වලින් සල්ලි පොම්ප කරනවා වෙන්නැති රැකියාවල්, ව්‍යාපාර කරන සමහරෙක්ට එහෙමයි.. ඉපැයුමට වඩා ආදායම්... මුදල් හොයන්න.. එවැනි බහුතරයක් විරෝධය පාන බව පෙන්වන්න වියරුවෙන් මෙන් කෑගහනවා... ඉන් 1ක් තමයි මේ...
Piyal Friday, 06 January 2023 03:59 PM
ලබ්බේ රටක් මේක.
යෝගා Friday, 06 January 2023 03:59 PM
දැන් මෙයාගේ නඩුවට වියදම් කරන්නේ මොන පක්ෂයෙන්ද මොන NGO එකෙන්ද කියලා හොයලා බලන්න
kamal Friday, 06 January 2023 04:18 PM
පරණ සින්දුවක් මතක් උනා Imagine there's no countries It isn't hard to do Nothing to kill or die for And no religion, too
නිලන්ති Friday, 06 January 2023 04:33 PM
මහතා කියන වදනේ තේරුම මොකක්ද කියලා දන්න කෙනෙක් පහදා දෙන්න
Demuni Uduwara Saturday, 07 January 2023 05:42 AM
There are three definitions for the word you referred to. 1. 'Something seems to be large but disadvantageous or useless !
kamalSaturday, 07 January 2023 12:28 PM
අදහස මෙහෙමයි. ඔබට පුළුවන්ද හිතන්න ලෝකයේ දවසක රටරටවල් කියලා වෙනසක් නැති, වර්ග, ජාතින් කියලා වෙනසක් නැති, එකිනෙකාට මරාගන්න හේතු නැති, ආගම් බේද නැති, උස් මහත්කම් නැති සැමටම සතුටින් සමාදානයෙන් ඉන්න පුළුවන් තැනක් වෙයි කියලා. ඔබ කියනවාද මම දවල් හීන දකින්නෙක් කියලා...?
Shantha Friday, 06 January 2023 05:17 PM
සේපාල් අමරසිංහ මහත්මයාට පාර්ලිමේන්තුවේ වැඩිදෙනා බයවෙලයි හිටියේ.හිතන්න එපා ඒ වගේ මිනිස්සුන්ව හිරේ දාලා නවත්තන්න පුළුවන් වෙයි කියලා.
Shan Friday, 06 January 2023 05:53 PM
සේපාල් ඇත්ත කිව්වා මිසක් අපහසයක් කලේ නෑ. මේක අර බෞද්ධාගම විකෘති කරන, මිනිස්සු රවටන පන්සල්වල ඉන්න එවුන්ගේ වැඩක්.
Santhu Friday, 06 January 2023 05:55 PM
තවත් සීමා නැති කටක්
gamunu Friday, 06 January 2023 05:58 PM
දළදා වහන්සේට අපහාස කර බෞද්ධ ජනතාව තුළ කැළඹීමක් ඇති කළයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මෙන්ම සමස්ත බෞද්ධ ජනතාවට , බෞද්ධ දර්ශනයට, අගවුරව කරමින් බෞද්ධ ජනතාව ගෞරවයට පාත්රවූ සිවුරට අපහස කරමින් උත්ගොසන කරමින් සිටිනා සහ දුෂිත අන්තවාදී ක්‍රියාවන් කරනාවූ භීක්ෂුන් පිලිබදව තීරණයක් ගැනීමට මහනායක භීක්ෂුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාගේම වගකීමකි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහගේ මතය අනුමත නොකරන නමුත් ඔහුගේ ප්‍රකාශය ශ්‍රී ලංකිකයනට පමණක් තේරුම් ගත හැකි උවත්. බෞද්ධ ජනතාවට , බෞද්ධ දර්ශනයට, අගෞරව කරමින් බෞද්ධ ජනතාව ගෞරවයට පාත්රවූ සිවුරට අපහස කරමින් උත්ගෝසන කරනා භීක්ෂුන්ගේ ක්‍රියා කලාපය/ හැසිරීම සහ එම ක්රිය්වන් නැවත්වීමට මහනායක භීක්ෂුන් වහන්සේලා සහ අදාල බලධාරීන් ක්‍රියා නොකිරීමේ පණිවුඩය සමස්ත ලෝකයටම මධ්යමගින් වන ප්‍රචාරණය නවත්වා ගැනීමට නොහැකිව ලංකාව ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය පිලිබදව පමණක් කතා කිරීම කණගාටු දායකය.
නිහාල් Friday, 06 January 2023 06:33 PM
ජාතික ජන බලාවේගයේ සාමාජිකයෙක් ලෙස හැසිරෙන රාජපක්ෂ ගෝලයෙක්..
nalinSaturday, 07 January 2023 06:55 AM
රාජපක්ශ නාඩගම් වල අලුත්ම එක මට තේරෙන විදියට, මෙයාලට හොදට ගෙවනව ඇති මෙව්වට.
Mendis Boossa Friday, 06 January 2023 06:43 PM
Need to give life sentence
Rushi Friday, 06 January 2023 08:01 PM
බොහොම හොඳයි වාචාලකමට වෙච්ච දේ.
anoSaturday, 07 January 2023 12:38 AM
දියවන්නවෙ ඉන්න හොර වැඩ කරන වාචාලයන්ට මොකුත් නෑ..උන් හොඳට ඉන්නවා
Sumal Friday, 06 January 2023 08:08 PM
දේශපාලන හොරුන්ව ලෙවකන අධිකරණ
Sameera Friday, 06 January 2023 08:24 PM
අවුරුදු දහයක් නොවෙයි විස්සක් හිරේ තියන්න ඕනි.
siri Friday, 06 January 2023 08:54 PM
දළඳා මාලිගාව වටේ නයිට් රේස් දුවපු අයට හරි ඔතන තියෙන්නේ "ඌරු දතක්" කියල ප්‍රසිද්ධියේම කියපු අයට හරි මේවගේ නඩු වැටුනේ නෑ නේද ? බලන්නකෝ එකෙත් හැටි.
Upali Friday, 06 January 2023 09:06 PM
NGO බත්බැලයෙක්. අරගලකාර ඝිවුරු හොරුන්ටත් මොනව හරි කලයුතුයි.
Kumara Friday, 06 January 2023 09:21 PM
මේ වගේ වහල්ලු ඉන්නකම් මේ රටවල් හදන්න බෑ.
Anil Friday, 06 January 2023 09:57 PM
යූටියුබ් චැනල්වලින් ජීවත් වෙන්නෝ
මැක්ස් Friday, 06 January 2023 10:14 PM
මේ වාර්තාකාර නෝනාට පිස්සු ද .මේකාට "මහතා" යන ආමන්ත්‍රණයෙන් වාර්තාව ලියන්න?
Muthu Friday, 06 January 2023 10:26 PM
EW අදිකාරම් තුමා අද හිටියනම්. එතුමා සැබෑ බුදු මඟ දුටු සියල්ල අත්හල, මෛත්‍රී කරුණා ගුණයෙන් පිරි, බුදු මඟ ජීවිතයේ කොටසක් කරගත් උතුමෙක්. බුදු බවට ආසන්න වූ අයෙක්.
sethan Friday, 06 January 2023 10:43 PM
දළඳා හාමුදුරුවෝ විතරක් නෙමෙයි .ඔය හැම හාමුදුරුවෙක්ම බොරුවක්.මේ ගැන අපේ මුළු රටම දන්නවා උනත් ඒ ගැන කතා කරන්න ලැජ්ජයි
chandima Friday, 06 January 2023 10:47 PM
පත්ලතර මහත්වරුනි. ලබ්බට තිබ්බ අත පුහුලට තියන කාලේ වැඩි ඈතක නැහැ. පරිස්සම් වන්න. කඩේ යන එක නවත්වන්න. මෙයා තටු කපන්නේ එකින් එක. එක පාරටම නෙවෙයි.
Saman Friday, 06 January 2023 11:06 PM
තව පොඩි ෆිල්ම් එකක් එළියට එන්න වගේ යන්නේ. අනේ මන්දා අපේ රටේ වැඩ.
අමරපාල Saturday, 07 January 2023 12:03 AM
තැනක් නොතැනක් නොබලා දොඩවන මෝඩ u. Tube වාචාලයන් මේකෙන් පාඩමක් ඉගෙනගනී.භික්ෂූන් වහන්සේලාට කරපු අපහාස කොච්චර ද. තව ඉන්නවා මෝඩ පණ්ඩිතයෝ ටිකක් උන්ගේ කටවල් වැහෙයි දැන්. මේ වගේ වාචාලයන් නග්ගන්න කොමෙන්ට් කරන ගෝතයොත් ඉන්නවනේ. උන් දන්නේ නෑ මූ කරන්නේ මොනවද කියලා. කාගේ හරි බළල් අතක් ඔය ක්‍රියාත්මක වෙන්නේ.මුන් වගේ හැම දෙයක්ම දන්න පණ්ඩිතයෝ නෑ කියලා තමයි හිතාගෙන ඉන්නේ. රටේ අනිත් මිනිස්සු ගොබ්බයෝ කිසිදෙයක් දන්නේ නෑ. මුන් තේරුම් කරලා දෙනකම් කියලයි හිතාගෙන ඉන්නේ. මෝඩකම ගංජා වලට වඩා ලොකුයි කියන්න වෙන්නේ.
Asela Saturday, 07 January 2023 12:06 AM
සේපාල අමරසිංහගේ ක්‍රියාකලාපය, බෞද්ධයෙකු ලෙස මා දැඩි ලෙස විරුද්ධ වන අතර, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් දළදා සමිඳුන්ට කල අගෞරවය දැඩි ලෙස හෙලා දකිමි. ඒ අතරම බෞද්ධ දර්ශනයට නිගාවන අයුරින් හැසිරීම රටේ සුප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා කරගෙන යන ක්‍රියාවන් දැඩි ලෙස කම්පනයෙන් හෙලා දකිමි. මල්වතු අස්ගිරි මහානායක භික්ෂූන් වහන්සේලා මේ ගැනත් තදින් ක්‍රියාත්මක විය යුතු කාලයක් මේ. බෞද්ධ දර්ශනයට, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයට නිගා වන අයුරින් හැසිරීම, ප්‍රකාශ නිකුත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වශයෙන් දැඩි නීතී සම්පාදනය කළ යුතුයි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ එහි ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපය එරෙහිවත් මහානායක හිමිවරුන් ක්‍රියාත්මක විය යුතුය. මෙම සියලු දෙනාගේම ක්‍රියාකලාප රටේ බහුතරය බෞද්ධයන් දැඩිව හෙලා දකිමි.
Kumar (Gulf) Saturday, 07 January 2023 12:59 AM
මෙයාට මේ දඬුවම .ජේසු තුමන්ට හා කිතුනුවන්ට අපහාස කල නිසා
Nimal Silva Saturday, 07 January 2023 01:16 AM
ලංකාව ඇෆ්ගනිස්ථානයක් වූ වගයි.
Udawatta Saturday, 07 January 2023 02:23 AM
සේපාල්ගේ ඊළඟ උපතේදී ඔහු මාලිගාවත්ත කුණු කන්දේ අන්ද කපුටෙකු ලෙස උපදින්නේය... ඊට අමතරව ඔහු හෘදයාබාධයකින් මිය යනු ඇත.
darmasiri perera Saturday, 07 January 2023 03:11 AM
දළදාවට කිව්ව එකට සේපාල් ඇතුලේ , එහෙනම් ඕකට බෝම්බ ගහපු අම්මාන් මල්ලි ට මොකද වුනේ?බලා ගෙන ගියාම ඔය ඔක්කොම එකයි . සමහර චිවරධාරීන් කරන වැඩ දළඳාවට ප්‍රශ්නයක් නොවේද ?
RathneSaturday, 07 January 2023 04:24 PM
බෝම්බ ගහපු අම්මාන් මල්ලි පස්සෙ ඒකට මාලිගාවටම ඇවිත් සමාව ගත්තා. ඌ යුද්දෙ කාලේ හමුදාවට උදව් කළාත් එක්කනේ... කොහොමත් පල්ලියට දළදා වහන්සේ ගැන ලොකු භීතිකාවක් තියෙනවා. ඒකයි ඔය එක එක පිල්ලි ලවා කරවා ගන්න හදන්නේ.
Praba Saturday, 07 January 2023 04:40 AM
බෞද්ධ දර්ශනයට අනුව මම කියා කෙනෙක් නැත. එහෙව් තැන මෙවන් චෝදනාවක් කිරීමට බෞද්ධ ආගමිකයන් කියා ගන්නා අයට හැකිද,? ගරු අධිකරණයට ඇති වගකීම සුලුපටු නොවේ.
යෝගා Saturday, 07 January 2023 02:34 PM
ඔය තමුන් දන්න තරම තමයි.
anura marasinge Saturday, 07 January 2023 04:47 AM
මේ නරුමයින් කාගේ කාගේ පටු බඩගෝස්තර වාදී දේශපාලන අවශ්‍යතා ඉටු කරනවාදැයි අප නොදනිමු... එහෙත් ඒ කාලකණ්ණී නරුමයෝ රටේ අනාගත යහපැවැත්මට කරන හානිය පරම්පරා ගාණකට බලපානවා .... මුලු ලොවක් ගරුකරන ජීවමාන උතුම් දහමක ශාස්තෘවරයාණන් හට මෙවැනි අමන නරුම වදනින් ඇමතීමෙන්ම අපේ රටේ ඇතැම් නිවට Social media කාරයින් ගේ නහීන අවිචාර බවේ හෙලුව මුලු ලොවටම සක්සුදක්සේ පෙන්නුම් කරනවා....! මේ අමන කථාව මැවුම්කාර දෙවියන් අදහන අන්තවාදී ආගමික රටක උනානම් මේ නරුමයාට උරුමවෙන්නේ ගල් පාර විතරයි ..!. බටහිර රටක මේවාට. උපරිම දඩුවම් ලැබේනවා.. මේ ප්ර්රකාශය සම්පූර්ණයෙන්ම අයත් වෙන්නේ සමාජ වයිරී ප්ර්රකාශයක් ( Hate Crime ) ව්දියට දැඩි දඩුවම් ලැබෙන වරදක් ... ඒ සියලු දේට වඩා උතුම් දහමට කළ නිගරුව ශිෂ්ට මානව සමාජ ධර්මතා කෙලෙසිම මේ ජීවිතයෙන් කෙලවර නොවන සැහැසි කර්මයක්... මේ සියලු දේ අපට කියා දෙන්නේ මෙ සිරිලක අද පත්වී ඇති අදුරු අගාධයේ තරමයි...!
NimalSaturday, 07 January 2023 06:34 PM
මෙවැනි ප්‍රකාශ සිදුවන්නේ භික්ෂූන් වහන්සේලාගේ වරද නිසා ඔවුන් විනය පිටකය පවා කඩකරමින් සමාජ විරෝධී ක්‍රියාවන් සිදුකරමින් සිටිනා නමුත් නායක භික්ෂූන් වහන්සේලා නිහඬව සිටි. එවැනි අවස්ථාවල තත්වයන් තුළ සමාජය විසින්, පුරවැසියන් විසින් ඕනෑම ආගමක් විවේචනය වීම වැළැක්විය නොහැක.
aruna Saturday, 07 January 2023 05:24 AM
සිංහල බෞජ්ජයයා සහ ආරබි කරයන් අතර වෙනසක් නෑ.
aruna ramanayakeSaturday, 07 January 2023 11:15 AM
මමත් ඉන්නේ සෞදි අරාබියේ තමයි.. පුළුවන් නම් ඔය මහත්තයා වෙනස බලන්නත් එක්ක මේ පැත්තේ ඇවිත් ආගමකට අපහාස වෙන විදිහට වැඩ කරලා බලන්නකෝ... එතකොට සිංහලයගෙයි, අරාබි කාරයගෙයි ඉවසීමේ වෙනස දැනෙයි සැණෙකින්...!
පුෂ්පා Saturday, 07 January 2023 05:31 AM
සේපාල් දළදා හාමුදුරැවන්ට අගෞරව නොකලේය. ඔහුට දළදා වහන්සේ සමඟ කිසිදු ගැටලුවක් නැත. මට හැඟෙන පරිදි ඔහුට බෞද්ධ දර්ශණය පිළිබඳ ගැඹුරැ දැනුමක් තේරැමක් ඇත. ඔහු පහර දුන්නේ දළදාවට මුවාවී තමන්ගේ V8 රැකගන්නා ජඩ දේසපාලුවන්ට සහ චීවරධාරීනට පමණි. එසේ ඔවුන්ට වාසියට අටවගත් ජනප්‍රිය සංකල්පයටයි. සේපාල් ආගම රජයට ගාවා ගැනීමට විරැද්ධ විය. සේපාල්ගේ එරෙහිවන්නේ අප දළදා හාමුදුරැවන්ට ඇති සැබෑ ආදරයකට නොව, උන් වහන්සේ ඉදිරියට දමා ඔහුගෙන් පළි ගැනීමටයි. අවාසනාව, රටේ මිනිස්සුන්ගේ දෙයක් තේරැම් ගැනීමේ දුගී භාවයයි. ඔහු ඒ දේ කීවේ වැරදි ස්ථරයකට.
chinthanaSaturday, 07 January 2023 10:14 AM
ඔබ ඇත්ත හොඳින් වටහාගෙන තිබෙනවා. නමුත් මේ දූපතේ ඉන්න බහුතරයක්වූ මෝඩ, දීන, නූගත්, මිථ්‍යාදෘෂ්ටික මිනිස්සුන්ගේ මනස අවුල්කර ඇති යමක් වේද ඒ ආගමයි. නොදියුණු රටවල දක්නට ලැබෙන ලාක්ෂණික පිළිබිඹු අතරේ ආගම සහ දේශපාලනය අතර ඇති සහසම්බන්ධතාව විශේෂයි. එය අද අපේ රටේත් වෙනදාට වඩා පැතිරී ඇත. කැළණියේ නාගරාජයා සහ අපේ රටේ ඇති අවලම් දේශපාලනය ඊට හොඳම නිදසුනකි. කොටින්ම කිවොත් ශ්‍රී ලංකාව යනු ආගමික ත්රස්තවාදීන් විසින් පාලනය කරන රටකි. අපේ රටේ බහුතරයකට මෙය තේරුම් ගන්න තරම් වැඩුණු මොලයක් නැතිවීම ගැන අපට කළහැක්කේ ඔවුන්ට අනුකම්පා කිරීම පමණකි.
gamageSaturday, 07 January 2023 12:49 PM
ඇත්තටම බුදු දහම රකිනවා ආරක්ෂා කරනවා කියන එකේ තේරුම දන්නේ නැහැ. එහෙම දන්නවා නම් බුදු දහම රකිනව නම් මෙච්චර දූෂණ වංචා මිනී මැරුම් සිදුවෙන්න විදියක් නැහැ. මම දන්න විදියට නම් රැකීම කියන්නේ බුදුන්වහන්සේගේ ඉගැන්වීම අනුව අපේ ජීවිත හැඩ ගස්වාගෙන එය පිළිපදිමින් ජීවත් වීම. අපි සියලු දෙනා එසේ කළොත් අනිවාර්යයෙන්ම බුදුදහම තව චිරාත් කාලයක් මෙසිරිලක පවතීවි. අපේ ගොඩක් අය නොකරන්නෙම ඒක. ඉතින් කොහොමද රකින්නේ.
KithsitriSaturday, 07 January 2023 04:17 PM
හඳට ගල් ගසා වලාකුලෙන් හඳ වැසුණාම, ගොම් බෙට්ටක් කකා ඒක ඇඹුල් රහ වුනේ ගොරක පොල්ලෙන් ගහපු නිසාය කියපු කතාව වගේමයි.
පුෂ්පාTuesday, 10 January 2023 01:07 PM
හඳට ගල් ගහල ගොම කෑවා වැනි වැදගත්දේ තමා ඉගෙනගෙන තියෙන්නෙ…. හරි හමන් උපමාවක් ලියාගන්න බැරි, විචාර බුද්ධියක් හෝ දැනුමක් නැති ගොම්මැට්ටො රටේ පිරිලා…
ලුම්බිණි Saturday, 07 January 2023 05:40 AM
කුඩු ගෙන්වන අල්ලස් ගන්න උන්ට හැමෝම කැමති රටක් මේක. හැබැයි පොඩි වචනයක් අල්ලාගෙන රටම විනාශ උනා කියල උඩ පනින්නත් දක්ෂයි.
Malaka Saturday, 07 January 2023 05:50 AM
එල්ලා මරණය. ගල් ගසා මරණය නම් මමත් එනවා එක ගලක් ගසන්නට
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 07 January 2023 07:47 AM
සෙපාල්ගේ කතාවට අප එකඟ නැහැ. ඒත්,ඔහු පෙන්වන අනිත් ඒවා ගැන පියවරක් නොගන්නේ මන්ද ? ඔහුගේ හා යූටියුබ් එකේ සමහර චැනල් වල යොදන භාෂාව අසභ්‍යයි. අසංවරයි.කුණුහරුප වලින් පිරිලා.බලන අයගේ සිත් දූෂ්‍ය වෙනවා.ඒත්,ඔවුන් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන බොහෝ දේ තිත්ත ඇත්ත.දේශපාලකයාගේ,දුසිල්වත් චීවදාරීන්ගේ, රටට බොරු කියනා ඇතැම් විද්‍යුත් නාලිකා ගැන සත්‍ය ඔවුන් හෙළිකොට ජන සමාජය වෙත බලපෑමක් කොට තිබෙනවා.කැලණියේ නයාගේ සිද්ධිය,කරුණා අම්මාන් බෝම්බ ගැසූ සිද්ධිය,පිටිදූවේ සිරිධම්ම හිමි දළදා හිමිට අපහාස කිරීම,බුදු හිමියන් ගංජා භාවිතා කළේ යයි ඩයනා පාර්ලිමේන්තුවේ පැවසීම ආදී දේවල් ගැන පියවරක් නොගෙන සේපාල් ගැන පමණක් කටයුතු කිරීම සැබවින්ම පුදුම සහගතය. මේ දේ ඉස්මතු කර රටේ ඇති බඩු මිල, බදු බර හා ජනයාගේ පීඩිත ප්‍රශ්න අමතක කොට ඡන්ද දිනීමේ ක්‍රමයක් මෙසේ වඳ කොත්තු මෙන් කරලියට එන්නේ දැයි සිතේ.මේ සියල්ල දෙස හොඳ සිහි නුවණින් කල්පනා කළ යුතුව පවතී.රට කෑ දූෂිතයන් හා ඔවුන් රකින්නන් ගැන ජනතාව හොඳින් සිහියේ තබාගත යුතුය.
chinthana Saturday, 07 January 2023 07:52 AM
ආගම් ආගම් ආගම් හැමතැනම කතාව ආගම.අපේ රටටනම් ඔයින් කිසිම සුගතියක් වෙලා නැහැ.ආගම් ඔහෙන්වරෝ කියලා ඉල්ලන්නේ ලේ මිනිස්සුන්ගේ ලේ.දියුණු රටවල මිනිස්සුන්ට නැති ඇල්මක් ලංකාව වගේ දුප්පත් , මෝඩ කම්මැලි මිනිසුන් සිටින දුපතක ඇත්තේ මේ රටේ මිනිසුන්ට දිනපතා කතාවට බයිට් එකක් අවශ්‍ය නිසයි.මම රටේ නායකයාවුනොත් ඔය ඔක්කොම ආගම් වලට සිමා පනවනවා.සිල්වත් ආගමික පුජකයින්ට ලයිසන් දෙනවා.අනිත් හොර රැලම ( සියලුම ආගම්වල ) පන්නලා දමනවා.අපේ රටේ බත්කන බුරුවන්ට මේවා කවදා තේරුම් යයිද?
යුක්තියSaturday, 07 January 2023 04:19 PM
ඕකට තමයි කියන්නේ ජේවීපි මානසිකත්වය කියලා. කුඩු කාරයෝ, ගංජා කාරයෝ, පාතාලයෝ කොහොමත් ආගමක්, ධර්මයක් රටක තියෙනවාට එච්චර කැමැති නෑ. අපි ඒක දන්නවා...
Saman Saturday, 07 January 2023 09:30 AM
හොඳ වැඩේ වාචාලයාට උනේ
aruna ramanayake Saturday, 07 January 2023 10:03 AM
හොඳම වැඩේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ .මොකද බුදුදහම රැකගැනීම ,ආරක්ෂා කිරීම ව්‍යවස්ථාවෙන්ම රජයේ හා නීතියේ වගකීමක් .මේක මුස්ලිම් රටක උනානම් අනිවාර්යයෙන්ම මරණ දඬුවම තමා
Ruwan Saturday, 07 January 2023 10:49 AM
සේපාල් එළකිරි පොරක් නම් එයයි, පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙයි, බොරුවට සිවුරු දාගෙන ඉන්න අයගෙයි කිසිම වෙනසක් නැහැ. මොකද ඔක්කොම කරන්නේ වාචාලකමට කියවන එක.. තමන්ගේ මතය කියන්නවත් දන්නේ නැති කෙනෙක්...
Bamunuarachchi Saturday, 07 January 2023 12:25 PM
ජෙප්පන්ගේ ප්‍රතිපත්ති තමයි මෙයා එළියට දැම්මේ. මේ ටික අපි ඉවසුවා නම් අනිත් දවසේ කියයි අම්මා තාත්තා කියන්නේ අනික් මිනිස්සු වගේම කොටසක් ඒ ගොල්ලන්ට සලකන්න වුවමනාවක් නැත. ලෙනින්ට ගරු කරන්න කියලා. මොවුන් තමයි මිනිසුන්ගේ මනස විකෘති කර ඊරිසියාව, ක්‍රෝධය, වෛරය මිනිසුන්ගේ ඔලුවලට දැම්මේ... එහි ප්‍රතිඵලයක් හැටියට තමයි 2022 ජුලි 9 වෙනිදා කොහෙවත් තිබුණු... ලැම්බෝගිනි කාර් ගිනි තිබ්බේ...
podiaarachchiSaturday, 07 January 2023 02:38 PM
හරකුන්ට දෙන බෙහෙත් මනුස්සයෝ බිව්වම ඔය වගේ අදහස් පහල වෙනවා. අපි සීයව අංගොඩ මානසික රෝහලට ගියන් දානවා.
BamunuarachchiSunday, 08 January 2023 09:27 AM
ලැබුණු ඩිස්ලයික් වලින් පෙනෙනවා කවුද හරකුන්ට දෙන බෙහෙත් බීලා ඉන්නේ කියලා...? අද ඉන්න ජෙප්පන්ට පොඩිකාලේ ඉඳලම පිටිකිරි එක්ක හරක් බෙහෙත් දීලා තිබෙනවා. ඒකයි පොඩි ජෙප්පන්, මහජෙප්පන් කියන ඒවා කිසිම විමසුමක් නැතිව බාරගන්නේ? විමසන්නත් මොලේ තිබෙන්න එපායැ නේද? මහා ජෙප්පෝ පළාත් සභා අපිට එපා කිව්වාම පොඩි ජෙප්පන් පලා බබාලා අපිට එපා කිව්වා...
පැරකුම් Saturday, 07 January 2023 01:39 PM
ෙඇයි මේ මනුස්සය අල්ලගෙන පතුරු අරින්නෙ මීට ඉහත මේ වගේ කියපු කරපු අය කොච්චර ඉන්නවද. රාජ්‍ය නායකයෙකුත් හිටිය මතක නේද. කහ සිවුරු කාරයො කොච්චර ඉන්නවද. ඇයි ඒවට කතා නැත්තෙ? දැන්ද බෞද්ධයින්ගෙ ඇස් ඇරුනෙ?
ganegoda Saturday, 07 January 2023 02:15 PM
ඡන්දයක් ලඟ වෙනකොට මේ වගේ කසකාරයෝ එළිබහිනවා.
ranjith Saturday, 07 January 2023 02:46 PM
මොනතරම් හොඳ දේවල් කරත් මෝඩ තකතීරු කතාවක් කිව්වාම ඒ ඔක්කොම විනාසයි.
gamage Saturday, 07 January 2023 04:28 PM
අපගේ බොහෝ කමෙන්ට්ස්වල නිල් සහ රතු මහපට ඇඟිලි පේනවනේ... දිශාව අනුව රටේ මානසිකත්වය හිතාගන්න පුළුවන්....
sampath Saturday, 07 January 2023 07:55 PM
දළදා මාලිගාව සහ දන්ත ධාතූන් ගැන සමස්ථ ජනයා භක්තියෙන් විශ්වාසයෙන් කටයුතු කරනවා. නොකරන අයත් ඉන්නවා. කොහොම වුණත් සෑම ආගමකම විස්වාස පවතිනවා. ඒවා ඇත්තද නැත්තද කියලා හොයන්න කවුරුවත් වෙහෙස මහන්සි වෙනවා අඩුයි. අනෙක් අතට ඉතාම අවිහින්සාවාදී ආගමක් ලෙස කරනු ලබන පුද පූජා සහ සංස්කෘතික කටයුතුවලින් කුරා කූඹියෙකුටවත් වරදක් හානියක් සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේ දෙයක් ගැන විශ්ලේෂණයක් දෙන්න පර්යේෂකයන්ට පුරා විද්‍යාඥයන්ට යම් පුළුවන් කමක් තිබිය හැකි නමුත් මේ තැනැත්තා සම්බන්ධව එවැනි ප්රවීණත්වයක් පෙන්වලා නෑ. ඒ නිසා මේ ප්‍රකාශවල යටි අරමුණක් ඇති. එවැනි දෙයින් සාමාන්‍ය ජනයා අනවශ්‍ය පැත්තකට තල්ලු වීම සිදු වෙන්න පුළුන්. අපි මොනවා කිව්වත් තමාට කරදරයක් ආවම තමන්ගේ ආගමේ සහ දෙමව්පියන්ගේ පිහිට පමණයි පතන්නේ.අනෙක් අතට ජීවමාන බුදුන්ට ගරහපු මිනිස්සු හිටපු එකේ මේවගේ දේවල්වලට අනුකම්පා කළ යුතුයි.
Dela Sunday, 08 January 2023 03:51 AM
is religion for people or people are for the religion it seems to parliament guys need yellow shield in orders to protect from the people
Rata Perata Sunday, 08 January 2023 01:30 PM
සේපාල්ගේ කතාව වැරැදියි. ඒත් මෙතන සමහර අදහස් දැක්කාම දළදා වහන්සේට අපහාස කළ පළමු අවස්ථාව වගේ තමයි පේන්නේ... මෙන්න මේ දේශපාලන ගැතිකම නැතිකරගන්න. දළදා මාලිගාවට බෝම්බ ගහපු අය පොහොට්ටුවට ගන්න කොට කවුරුවත් සද්දයක් දැම්මේ නෑ. දළදා මාලිගාව වටේ කාර්රේස් පදින අයට මුකුත් නෑ. මේ වගේ කෙනෙක්ගේ වචනයක් වැරැදුණු ගමන් එල්ලා මරන්න ඕනෑ කියනවා.... ඉස්ලාම් අන්තවාදයයි, මේකයි අතරේ වැඩි වෙනසක් නෑ...
sampath Sunday, 08 January 2023 09:12 PM
දළදා මාලිගාවට 1948න් පසුව මුලින්ම පහර දුන් අය සම්බන්ධව දන්න කෙනෙක් කියන්න.
kamal Monday, 09 January 2023 10:36 AM
අපහාසය සිදු වුනේ කුමකටද?
Vira Monday, 09 January 2023 01:46 PM
හොඳ වැඩේ... මෙයා හිතන් හිටියේ හෙණ පොරක් කියලා...