IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සීබාටත් කහවත්තේ ඉවක් නෑ

කහවත්තේ කොටකෙතන පොලිස් මුරපොළ අසල හුදකලා නොවූ නිවෙසක සිදු වූ ද්විත්ව ඝාතනයේ වැදගත් තොරතුරු සියල්ලම අකාමකා දමන අයුරින් අපරාධය කැර ඇති බව පෙනේ යැයි පොලිස් ආරංචි කියයි. රහස් පොලිසිය ඇතුළු කණ්ඩායම් පහක් පරීක්ෂණ සඳහා කැඳවා ඇත. මවගේත් දියණියගේත් ඇඟුරු වී ගිය සිරුරු දෙක පිළිබඳ පශ්චාත් මරණ පිරීක්ෂණ රත්නපුර රෝහලේ පැවැත්වේ. රජයේ රස පරීක්ෂක සිද්ධිය වූ ස්ථානය පිරික්සීය. ගිය වර අපරාධකරුවන් අල්ලා ගැනීමට උදව් කළ ‘සීබා‘ ට මෙවර හෝඩුවාවක් ගත නොහැකි විය. මවගේත් දියණියගේත් මරණයට පෙර වත්තේ තිබූ කොස් ගසක් හා තවත් ගස් දෙකක් කපා දැමුවේ කවුද යන්නත්, මීටර් 40ක් දුරින් වතතේ තේ ගස් අතර අරක්කු බී ‘බයිට්‘ කෑ පුද්ගලයන් සොයා ගැනීමටත් පොලිසිය වෙහෙසෙයි. මියගිය දෙදෙනාගෙන් කෙනකුට අයත් බව කියන කරාබුවක බෝලයක් ද සොයාගෙන ඇත. සී.ඒ. ප්‍රේමවතී එස්.ජී. පුෂ්පකුමාරි



අදහස් (0)

සීබාටත් කහවත්තේ ඉවක් නෑ

චාමර වත්තල Friday, 20 July 2012 06:03 PM

සීබටත් පගාව දීලද ???? මේවා බය නතුව කරන්නේ මිනිස්සු දන්නවා දඩුවම් ලැබෙන්නේ නැහැ කියල , එක්කෙනෙක් දෙන්නෙක් අල්ලුවානම් මේවා නවත්තන්න පුළුවන් (දී )

:       0       0

යූනුස් Friday, 20 July 2012 06:12 PM

කප්රුක මහත්තයා වගේ කැමරාවක් හයි කරල තිබ්බ නම් හොයාගන්න තිබුනා.... (දී)

:       0       0

මේවන් Friday, 20 July 2012 10:50 AM

පොලිස් මුරපොළේ ඒ වෙලාවේ කිසිවෙකුත් ඉදලා නැද්ද? (නි)

:       0       0

Ananda Abeyratna Saturday, 21 July 2012 11:09 AM

වැරදි කරුවෝ අල්ලා දීමෙන් වැඩක් නෑ කියල සීබා හිතනවා ඇති. (අ)

:       0       0

නිමල් Friday, 20 July 2012 10:57 AM

සීබාට විතරක් නොවෙයි, දැන් සමහර අපරාධකරුවන් හොයන්න සක්කරයාගේ පුතාටවත් බෑ. මක්කෑයි අප්පා දොඩන්නේ....... මේ දෑස මක්කටැයි කියලා අපේ ඈයින්ට බලන් ඉන්නයි තියෙන්නේ... (නි)

:       0       0

පෙරේරා Friday, 20 July 2012 11:00 AM

අපරාධයක් කරන කෙනාට හොදට සැළසුම් කරලා කරන්න පුලුවන් විදියට A-Z ඔක්කොම මාධ්‍ය වල පළවෙද්දි මේ ගැන ආයි අමුතුවෙන් දෙයක් කියන්න ඉතුරු වෙන්නේ නැහැ. (නි)

:       0       0

සිසිර Friday, 20 July 2012 11:03 AM

පොලිස් මුර පොලේ අය ??

:       0       0

සහන් Wednesday, 25 July 2012 04:04 AM

සීබාව ඉව නැති වෙන විදියට වැඩේ කරන්න ඇති. ඒත් මේකත් කොහොම හරි අල්ලන බව නම් ස්ථිරයි. නැවතත් මෙවැනි සිදුවීම් වීමට ඉඩ නොතබා අපි සියල්ලන්ම හොද සෙවිල්ලෙන් පසුවෙමු. (නි)

:       0       0

පිලිපීනෝ Friday, 20 July 2012 11:05 AM

එහෙම කියලා බෑ සීබෝ .හොඳ සීබනේ තව පාරක් උත්සාහ කරමු

:       0       0

සංජු Saturday, 21 July 2012 11:59 PM

සීබා නිසා කලින් මිනීමරුවෝ අල්ලගත්ත එකෙන් පොලිසියත් ජාමේ බේරාගත්තා මේ පර මොකද වෙන්නේ (දී)

:       0       0

පිලිපීනෝ Friday, 20 July 2012 11:07 AM

ඕක තමයි අපි කියන්නේ මෙච්චර. අපරාධයක් වුණාම ඒක වෙච්ච තැනේ ඉදලා හෙළි කර ගත්තු තැනට එනකල් ඕන එකයි, එපා එකයි හැම එකම පළ කරනවා ප්‍රසිද්ධ මාධ්‍ය වල.මේවා බැලුවම පොඩි එකෙකුට වුණත් පුලුවන් සාක්ෂි ඉතුරු නොවෙන්න අපරාධයක් කරන්න. (නි)

:       0       0

පිලිපීනෝ Friday, 20 July 2012 11:09 AM

මේ අපරාදේ කළ අය මේ පාර මල ගෙදර යන්නෙත් නැහැ.අඩන්නෙත් නැහැ.ඒක ෂුවර්.මොකද ඒ අය දන්නවා ගිය පාර අපරාදේ කළ අය අසුවුණේ ඒ මොහොතේදී ඇතිවූ සැකයකින් බව. (නි)

:       0       0

සහන් Thursday, 26 July 2012 07:56 PM

පොලිසිය දන්නවා කරන්න ඕනේ මොකක්ද කියලා.මේකට වග කියන්න ඕනේ ඇත්තේ ඒ ගෙදර අවටම කෙනකු තමයි. (නි)

:       0       0

ප්‍රතිභා Sunday, 22 July 2012 01:42 AM

බයවෙන්න දෙයක් නෑ. අපි දන්නවනෙ ලංකාවෙ පොලිස්සියෙ හැටි, කොහොම හරි සාක්කි එලියට ගනියි. (නු)

:       0       0

අනන්ග Sunday, 22 July 2012 01:45 AM

මේ සිද්දියෙ මිනීමරුවව කවද හරි ඇල්ලයි, නමුත් ප්‍රශ්නෙ වෙන්නෙ මේක මෙතනින් ඉවර උනේ නැත්තන් තමයි. කොහොමද කියන්නෙ තව දවසක තව කෙනෙක් ආයෙ ඕකම නොකරයි කියලා?(නු)

:       0       0

අජිත් ජපාන් Saturday, 21 July 2012 12:45 PM

පව් අහිංසක තිරිසනා පලි (අ)

:       0       0

ධර්ශනිකා Sunday, 22 July 2012 02:06 AM

අපරාධ විද්‍යාත්මක නිර්ණායක වලට අනුව අපේ රටේ අපරාධ පවතින්නෙ ප්‍රාථමික අවදියක. ඒ කියන්නෙ අපරාද බොහෝ විට පෞද්ගලික ආරවුල්වල ප්‍රතිඵලයක ස්වරූපයක් (අයිසොලටෙ ඉන්සිඩන්ට්ස්) ගන්නා බවයි. මේ අවදියේ අපරාධ බොහෝ විට ක්ෂණික ආවේග හේතුවෙන් සිදු වන ඒවාය. නමුත් වඩා භයානක වන්නේ ද්විතීය අවදියේ අපරාධය. මේවා පෞද්ගලික ස්වරූපයක් නොගන්නා අතර සමාජය කෙරෙහි ඇති ගුප්ත පලිගැනීමේ චේතනාවක් හෝ වීරයෙකු වීමේ චේතනාවෙන් කරන සමූහ ගාතන (සීරියල් කිලින්ස්) වැනි ඒවා වේ. පසුගිය දිනෙක ඇමරිකාවේ සිදුවූ සමූහ ගාතන මේ ගනයේ ඒවාය. මෙලෙස ඉවක් බවක් නැතිව දිනපතා අපරාධ පිලිබඳ වාර්තා පල වීමෙන් (අපරාධ සාමාන්‍යකරණයෙන්) අපරාධයක් කිරීමට ඇති විශාල මානසිකමය බාධාව ඉවත් වේ. මේ පිලිබඳව වග කිව යුත්තන් ගේ අවදානය යොමු වේවා යැයි පතමි.(නු)

:       0       0

මාලක Friday, 20 July 2012 11:31 AM

පොලිස් මුර පොළක් ළඟයි කිවුවා නේද? (නි)

:       0       0

පොලිසිය Friday, 20 July 2012 11:33 AM

මේවා නතර කරන්න පුලුවන් එකම එක්කෙනා තමයි ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයා. (නි)

:       0       0

Hirantha Avishka Friday, 20 July 2012 09:06 PM

මෙවැනි දෙයක් සතුරකුටවත් නොවේවො. (අ)

:       0       0

අජිත් Saturday, 21 July 2012 12:49 PM

පව් අහිංසක තිරිසනා පලිද මේකට (ස.වි)

:       0       0

අනුර එස් ලියනගේ ~ මුල්ලෙරියාව Friday, 20 July 2012 11:43 AM

දෙවියනේ, මෙම අපරාද කරුවන් ඉක්මනින්ම නිතියේ දැළට හසු වේවා! (නි)

:       0       0

උදාර Saturday, 21 July 2012 12:54 PM

අහෝ බුදුන් තුන්වරක් වැඩි දේශයට මොකද මේ වෙන්න යන්නේ... (ස.වි)

:       0       0

උදය Saturday, 21 July 2012 12:58 PM

අහෝ බුදුන් තෙවරක් වැඩි දේශයට මොකද මේ වෙන්නේ...පව් ජීවිත දෙකක්..... (ස.වි)

:       0       0

Nn Friday, 20 July 2012 11:58 AM

මෙවන් දුකක් ලොව කිසිවෙකුට නොවේවා! ඔබ දෙපළට නිවන් සුව! (නි)

:       0       0

මනම්පේරි Wednesday, 25 July 2012 08:44 PM

දැන් රටේ අපරාධ වැඩි වෙලා...කහවත්තෙම කීදෙනෙක්නම් මැරුනද? ඇයි මිනිස්සු මේ තරම් දරුණු....(ස)

:       0       0

තරිදු Saturday, 21 July 2012 01:29 PM

ඔබ දෙපළට නිවන් සුව! (ස.වි)

:       0       0

ගීත් Saturday, 21 July 2012 01:38 PM

අද කාලේ මිනිස්සුන්ට වැඩිය තිරිසන්නු විශ්වාසයි... (ස.වි)

:       0       0

වෙනුර Friday, 20 July 2012 12:24 PM

කහවත්තේ මෙච්චර ඝාතන වෙද්දිත් බලධාරීන් ,පොලීසිය , ගම්වැසියන් මොනවද කරන්නේ......(සවි)

:       0       0

මධුමාධව Saturday, 21 July 2012 02:03 PM

කොහොමද බල්ලට ගිය කල (දී)

:       0       0

අජිත් Saturday, 21 July 2012 02:03 PM

මිනීමරුවන් අල්ලා ගත් විදිහ පල කලාම ඊලග පාර මිනීමරුවන් හට හොද අවස්ථාවක් වෙනවා ඒ වැරදි හදාගන්න. පාඨක අපට මිනිමරුවා ගැන දැනගත්තාම හොදටම ඇති. අල්ලාගත් විදිහ කියන්න එපා.....(සවි)

:       0       0

රාවණ Monday, 23 July 2012 05:41 PM

මෙතන මොකක් නමුත් ලොකු අදිසි බලවේගයක් යටින් ක්‍රියාත්මක වෙනවා. මේක ලොකු කුමන්ත්‍රණකාරී වෑඩ පිළිවෙලක ප්‍රතිඵලයක්. මේකට වගකිවයුත්තන් කහවත්ත ප්‍රදේශයේ අයනම් වෙන්න බෑ. හොඳට සෑලසුම් කරලයි වෑඩේ කරලත් තියෙන්නේ. මම නම් කියන්නේ මෙයාලට අවසාන වශයෙන් කරන්න ඕන වෙලා තියෙන්නේ මේ රටේ මහා ලොකු කාන්තා හිංසනයක් තියෙනවා කියලා බටහිර විකෘති කාන්තාවාදයට පක්ශපාතී විදිහට මේ සිද්ධි වලට විකෘති අර්ථකථන දෙන එක. (නි)

:       0       0

දිලීප Friday, 20 July 2012 12:49 PM

කහවත්තේ ඉව සීබාට නැත්තේ මීට කලින් වුණ මරණ වලදී මාධ්‍ය වලින් සීබා ඉව ඔස්සේ ගිය බව කියපු නිසා. ඉතින් හොරු සලකුණු තියන්නේ නෑ. (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 20 July 2012 12:51 PM

මෙවැනි අපරාධ වලට හේතුව පාලක පක්ෂයේම වැරදිය. (නි)

:       0       0

සොනාලි Friday, 27 July 2012 12:20 AM

මේ පැත්තේ ගෙවල් වල ඉන්න බල්ලන්ට වස දෙනවලු. (නි)

:       0       0

තිලක් Saturday, 21 July 2012 02:37 PM

කහවත්තෙ ගෑනු අය පුච්‍චනවා , තංගල්ලේ ගෑනු ළමයි දූෂනය කරනවා මෙක මහ පුදුම වැඩක්නේ අම්‍මපා..........(ස.වි)

:       0       0

අන්දරේ Sunday, 22 July 2012 08:44 AM

ඔබ දෙපළට නිවන් සුව! (නි)

:       0       0

මාරසිංහ Sunday, 22 July 2012 09:11 AM

බල්ලෙක් දෙන දේ සිඹීම සහ ඒ පසුපස යාම හැර නොදෙන දේ හා අනවශ්‍ය දේ කිරීමන් වලකියි. අනෙක් කරුණ නම් බල්ලෙක් වූ සීබා රාජකාරි කරන්නේ පොලිසියේය. සීබාව බලු කිරීමට පාඨකයාට බැරිය. බල්ලෙක් වූවද සීබා රජයේ සේවකයෙකි. අදහස් දුන් සැමට තුති. (නි)

:       0       0

සෑම් Saturday, 21 July 2012 02:56 PM

මේකෙ තිබුණ ඔක්කොම සාක්ෂි ටික ‍එගොල්ල මකලා දැම්මෙ ගියපාර සිදුවීමේදී හොයාගත්ත ආකාරය ඔක්කොම පොලිසිය කිව්වා.. එහෙම කිව්ව නිසා මේපාර එගොල්ල ටික අර වැරදි ටික වහගන ඔක්කොම කළා.. පොලිස්නිලධාරීන් එම සාක්ෂි සොයාගත් ආකාරය රහසක් ලෙස තබාගන්න. ඒවා හෙලිකිරීමෙන් අපරාධකරැවන් නැවත එම අවස්ථා සොයා ගැනිමට නොහැකි ලෙස සාක්ෂි විනාශ කරනවා.. (නු)

:       0       0

සජී Friday, 20 July 2012 01:30 PM

ඔයාගේ කථාව හරි දිලීප, මිනීමරුවට නුවන තියෙනවා. ඒ නුවන හොද දේකට යොමු කරානම් කොච්චර හොඳද ? (සවි)

:       0       0

ෆාරු Friday, 20 July 2012 01:36 PM

ඔන්න පිලීපීනෝගේ මෝඩ මොළේ තරම.... (නි)

:       0       0

රුවන් Friday, 20 July 2012 01:37 PM

සීබටත් දැන් මේවා හොයලම එපා වෙලා වෙන්න ඇති..... (සවි )

:       0       0

අමල් රත්නසිරි පෙරේරා Saturday, 21 July 2012 03:23 PM

අපරාධයක සුලමුල හොයා ගත් ආකාරය සම්බන්ධයෙන් පොලිසිය මාධ්‍ය මඟින් හෙලිකිරීම එතරම් සුභදායක නොවන බව මෙයින් තහවුරු වෙනවා.ඒකෙන් සිද්ධ වෙන්නේ අපරාධකරුවන් බුද්ධියෙන් සන්නද්ධව කිසිඳු සාක්කියක් ඉතුරු නොකර අපරාධ සිදුකිරීමට වගබලා ගැනීමයි.කෙසේ වුනත් දෙවියන්ගේ බැල්මලැබී මෙම අපරාධකරුවන් අල්ලා ගැනීමට හැකිවේවා. (සවි)

:       0       0

මදූ Wednesday, 25 July 2012 02:54 PM

කිසිම දවසක මෙවා දකින්න ලැබෙන්න එපා....(ස)

:       0       0

මනෝහරන් Friday, 20 July 2012 01:49 PM

2600 සැමරුවට අපි තවමත් අශිෂ්ඨ ගෝත්‍රිකයෝ...ඒත් පිලිගන්නෙ නෑ..... (සවි )

:       0       0

දිල් Friday, 20 July 2012 01:52 PM

කොච්චර මැරුවත් මේ වැරදි කරුවන්ට නිසි දඩුවමක් නැති එකයි පුදුමේ... (සවි )

:       0       0

මහේෂ් Friday, 20 July 2012 11:53 PM

මේවා කරන්නේ නීති හරියටම නැති නිසයි...... (ස.වි)

:       0       0

අජිත් Friday, 20 July 2012 02:18 PM

මෙවැනි අපරාධකරුවන් එල්ලා මැරිය යුතුයි... (සවි )

:       0       0

කනිෂ්ක Friday, 20 July 2012 02:33 PM

ගිය පාර සීබ නිසා පොලිසිය ජාමේ බෙර ගත්තා. මේ පාර......(දී)

:       0       0

සරත් Friday, 20 July 2012 02:43 PM

අජිත්, ගෙදර බල්ලෙක් ද ? (සවි)

:       0       0

රිස්වාන් Friday, 20 July 2012 02:45 PM

මේකට පොලීසියේ කාගේ හරි සම්බන්ධයක් තියනවද කියලත් හිතෙනවා..(සවි)

:       0       0

කීර්ති Saturday, 21 July 2012 12:50 AM

මේවා නතර කරන්න පුලුවන් එකම එක්කෙනාටයි..... (ස.වි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 20 July 2012 02:49 PM

මීට කලින් සිදුකල අපරාධ අල්ලන්න පොලිසිය යෙදූ උපායන්, සැකකරුවන් ගැන පොලිස් ඇස යොමුවුන හේතු, සැකකරුට අතපසුවීමකින් ඉතිරිකර ගිය සාක්ෂි.... වැනි හැම දෙයක්ම අගේට පලකරලා හැමෝම දැනුවත් වෙලානේ ඉන්නේ... මාධ්‍ය වලට ස්තුති වෙන්න දැන් ඉතින් පොඩි ළමයෙකුට වුනත් පොලිස් ඇස නොමග යන විදියට අපරාධයක් සැලසුම් කරන එක ඉස්සරට වඩා පහසුයි, (සවි)

:       0       0

ජමාල් Sunday, 22 July 2012 11:11 AM

පොලීසියට පුළුවන්නේ අළුත් තාක්ෂණය යොදාගන්න. කෙස් ගහක ඩී.එන්.ඒ. වලින් හොරු අල්ලන්න පුළුවන් යුගයක් නේ මේ. (ස)

:       0       0

මරිසිපාල Friday, 20 July 2012 02:58 PM

අනිවාර්‍යයෙන්ම එල්ලුම් ගස අවශ්‍යයි...(සවි)

:       0       0

නිහාල් Saturday, 21 July 2012 05:26 PM

ඉහතින් වාර්තා වන තොරතුරැ අනුව පෙනී යන්නේ දේපල හේතුකරගෙන කරන ලද අපරාධයක් බවයි. කොස් ගස කැපීමට බලපත්‍රයක් ගත්තේ කවුද කියලා සොයා බැලිය යුතුයි.. ගස් කපනවා නම් තව අය දකින්නත් ඇතිනේ..(නු)

:       0       0

ටිල්වින් Saturday, 21 July 2012 05:30 PM

හොද පළපුරුදු සංවිධානත්මක ක්‍රියාවක් බවයි පෙනී යන්නෙ..(නු)

:       0       0

නිහාල් Saturday, 21 July 2012 05:31 PM

අපරාධකරුවන්ට සාක්කි විනාශ කිරීමට උගන්වන්න දෙයක් නැහැ. ඒ අය ඔක්කොම විදි දන්නවා.. අපරාධය හදිසි කෝපයකින් කළාම වෙලාව නැති කමත්, කල්පනාව මදි කමත් නිසා සාක්කි විනාශ කරන්න බැරි වෙනවා.. හොදට සැළසුම් කරල කරන අපරාධවලදි සාක්කි විනාශ කරන්න බලනවා තමා දන්න තරමින්.. නමුත් ඔයසියල්ලම නැති කරන්න අමාරුවන අවස්ථාවනුත් තියෙනවා.. (නු)

:       0       0

ජීවා Saturday, 21 July 2012 01:13 AM

මටනම් ලොකු සැකයක් තියනවා පොලීසියේ සම්බන්ධයක් මේකට ඇති කියලා...... (ස.වි)

:       0       0

අමිල කටුනායක Friday, 20 July 2012 03:08 PM

අදහස් ගොඩක් හිතට ආවට මොකද ලියන්න හිතෙන්නේ නෑ....(සවි)

:       0       0

නිහාල් Saturday, 21 July 2012 06:09 PM

ශීබා කියනව ඇති අපිට වඩා බල්ලොනේ මුන් කියලා......(නු)

:       0       0

අමර Saturday, 21 July 2012 01:36 AM

අපරාධකරුවන් නීතිවට හසුවේවා !! (ස.වි)

:       0       0

rajith manjula Friday, 20 July 2012 03:19 PM

වැරදි වැඩවලට උදව් කරන්නෙත් නරක අයමයි. (අ)

:       0       0

ශානක Saturday, 21 July 2012 03:28 AM

ආසියාවේ අස්චාර්ය (දී)

:       0       0

චානක Saturday, 21 July 2012 06:31 PM

බල්ලටත් බැරිනම් අපි කොහේ කරන්නද. නේද ?........ (දී)

:       0       0

සහන් Tuesday, 24 July 2012 09:42 AM

රාවණා කියන දේ ඇත්ත. අනෙක් ඒවා වගේම මේකත් අල්ලන බව මට විශ්වාශයි. නිකන් බොරුවට පොලිසියටයි, රජයටයි බැණලා වැඩක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

සාරලෝක හොලමැස්සා Friday, 20 July 2012 03:38 PM

ලඟපාත පොලිස් මුර පොළක් නෙමෙයි දහයක් තිබ්බත් වැඩක් නෑ අනතුරක් වෙනකොට එතනට දැනුම් දෙන්න විදියක් නැත්තං. හොරා සද්ද බද්ද නොකර වැඩේ කළොත් කොහොමද කවුරුත් දැනගන්නෙ? මම යෝජනා කරනවා හැම නිවසකම බල්ලෙක් ඇති කල යුතුයි කියලා. එතකොට කවුරුහරි හොරෙන් ගෙට ඇතුල් වෙන කොටම තොරතුරක් ලැබෙනවානෙ. කෑ ගහලා උදව් ඉල්ලන්නත් වෙලාවක් ලැබෙනවා. (අ)

:       0       0

jeny Friday, 20 July 2012 03:45 PM

මේ වෙන අපරාධ නවත්වන්න බරි ද? (අ)

:       0       0

දමින්ද ගුණසේන Saturday, 21 July 2012 07:28 AM

මේ ව‍ගේ වැඩ කරන අයට හොදක් නම් සිදුවන්නේ නැහැ...(නු)

:       0       0

සමන් Friday, 20 July 2012 03:59 PM

අපේ රටේ මිනිස්සුන්ට දැන් නරක කාලයක් උදා වෙලා තියෙන්නේ.... මෙය තවත් බිලි පූජාවක් විය හැකියි....(සවි)

:       0       0

මධු Friday, 20 July 2012 04:18 PM

අපේ පොලිසිය ගොඩක් දක්ෂයි . මේ අපරාදය ඔවුන්ට හොයා ගන්න පලුවන් .(දී)

:       0       0

අජික් Saturday, 21 July 2012 08:13 AM

දක්ෂ අන්දමින් අපරාද අල්ලනවා , පස්සේ ජනමාධ්‍ය ඔස්සේ මාස ගානක් කියවනවා. මේව අපරාද කරන මිනිසුන් ප්‍රයෝජනයට ගන්නවා. මොනවා උනත් මේ අපරාදය අල්ලන්නම ඕනේ .(නු)

:       0       0

වරුණ Friday, 20 July 2012 04:18 PM

ඉවක් බවක් නැතුව මෙහෙම මරන ඒවා හොයන්න සීබට ඉව තියෙනවද ??(සවි)

:       0       0

නිෆ්හම් Friday, 20 July 2012 04:43 PM

ඔබ දෙපලට නිවන් සැප !!!!!!!!!!!!!!!!! (දී)

:       0       0

එරංග Tuesday, 24 July 2012 10:44 AM

කෝ අර කාන්තා විමුක්තිය, කාන්තා හිංසනය ගැන කෑ ගහන කට්ටිය? මේවට සීබා පළි නැහැ බොලවු... (නි)

:       0       0

ශ්‍රී ප්‍රිය Friday, 20 July 2012 04:47 PM

වරද කරුවන්ට නිසි දඩුවම් දෙන්න.

:       0       0

නිෆ්හම් Friday, 20 July 2012 04:48 PM

නිවන් සුව ලැබේවා (දී)

:       0       0

ගීත් Saturday, 21 July 2012 10:05 PM

අලිබබා ඔයා එහෙම කියන්න එපා මිනිසුන්ට වැඩිය අද කලේ තිරිසනුන්ව විශ්වාස කරන්න පුළුවන් ......ඔයත් අලිබබෙක් නේ .... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 620 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1022 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site