බූරුවා ගැසීම සඳහා උගස් කළ ත‍්‍රිරෝද රිය බේරා ගැනීමට රත්නපුර නගරයේදී ගුරුවරියකගේ රන්මාලයක් කොල්ලකෑ බව කියන සබරගමු පළාත් සභාවේ විගණන සේවකයෙක් හා තවත් අයෙක් රත්නපුර මහේස්ත‍්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය විසින් ලබන 25 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. එසේ රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබුවේ කොටාමුල්ල රත්නපුර පදිංචි ඉහලගේ චින්තක ලක්මාල් සහ ඇලපාත පදිංචි විරහිං ගමගේ තරංග සුරාජ් රත්නායක (විගණන සේවක) නමැත්තෝය. මාලයේ වටිනාකම රුපියල් එක් ලක්‍ෂ හැත්තෑපන්දහසකි. ඔවුන් ගමන් කළ යතුරු පැදියද රන්මාලයද අත්අඩංගුවට ගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් හොරකම කියන්නේ කුමක්ද කියලා මේ අයට තේරැම් කරලා දෙන්න ඕනා. පොලිසිය කියන්නේ නරක මිනිසුන් යහමගට හරවන පාසැලක්.
මාල වින්තක - මාල සුරාජ් කියල ඔවුන්ට නම්බු නාමයක් දීපල්ල.
ගුරුවරියගේ මාලය කඩන්නේ නැතුව ඔලුවෙන් පන්න ගත්තනම් ඉවරනේ. එතකොට මලේ කැඩුව කියන්න බැහැ. මාල කඩන එකනේ වැරැද්ද.
පොලිසිය 2012-06-14 08:36:26 'මේවගේ සුලු ප්‍රශ්න බලන්න මට වෙලාවක් නෑ.මීට පස්සේ ඉමිටේෂන් පළදින්න" අන් සර් අපි පැත්තෙ නංගි කෙනෙක් ඔහොම ඉමිටේෂන් දාගෙන ගිහිං, එයාගෙ මාලෙ කඩාගත්ත හොරාම ඇවිත් ඒ නංගිට ගහල තිබුණා''උඹල දැන් මේවද දාන්නෙ කියලා" ඊට හොදයි නේද ගුටි නොකා රත්තරං දාගෙන යන එක කියල දැන් එයා රත්තරං දානවා....
රාජ්‍ය සේවකයොත් මංකොල්ල කනවා නම් එදා වේල හොයා ගන්න මිනිස්සුන්ට කොහොම ඇද්ද?
පින් පව් වල හොද නරක බරපතලකම අමුතුවෙන් කියා දිය යුතු නැත ලංකාවේ මිනිසුන්ට වහාම ආචාර්යවරු තම දැනුම රටේ සංවර්ධනයට යොදවන්න නියම කාලයයි.. නිකන් කොමෙන්ට් දමා කාලේ කන් නැතිව
දවස පුරාම බණ දේශනා කළත් පරම්පරාවෙන් එන පුරුදු නවත්වන්න බෑ
මේ මනුස්සය මෙච්චරකල් කර විඝණන ගැනත් හොයන්න වෙයි..
ආණ්ඩුවේ වැඩ කියලා කියන්න ඕනේනෑ අමුතුවෙන්. හැමෝම දන්නවා මේවා පවතින ආර්ථික හා දේශපාලන ක්‍රියා වලියේ ප්‍රතිපල බව. සමහරු ආණ්ඩුවට කඩේ යන බුරුවා මහත්තුරුන්ට නොතේරුනාට - බලන් කඩ තුරා හැර දෑසේ මහත්වරුනි
මේවගේ සුලු ප්‍රශ්න බලන්න මට වෙලාවක් නෑ.මීට පස්සේ ඉමිටේෂන් පළදින්න
විගණන සේවකයෝ ගැණත් හොයන්න ඕනි
අනේ ඇති යන්තම් ඔයින් ගියා.බෙල්ල කඩා ගන්නේ නැතුව.දැන්වත් අද කාලෙට ගැළපෙන්න පළදින්න පුරුදු වෙන්න.
ආචාර්ය තුමාටත් දැන් දිගටම ආචාර්ය කෑල්ල දාලා දාල ඒක නවත්තන්න බෑ වගේ. අපිටත් දැන් ඉතින් නිකම්ම සුජිත් නිශාන්ත කියන්න මොකද්ද මොකද්ද වගේ.
මෙහෙමත් විඝණන....
බලන්න ආචාර්ය ලොක්කද ඕක කරල තියෙන්නේ කියල. එහෙම නමි හොද දඩුවමක් දෙන්න වෙනවා.මිනිහා හීන්නුලෙන් වතුර යටින් ගින්දර ගෙනියන හින්දා.
හොද දඩුවමක් දෙන්න ඕනි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-13 22:46:00 එකම පුද්ගලයා එකම වරද යළි යළිත් සිදුකරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.පව්කම් කිරීමට පුරුදුවූ පුද්ගලයාහට එය සුළු දෙයක් වන නමුත් විඳවීමේදී එහි බරපතලකම වැටහෙනු ඇත. නියමයි ආචාර්යතුමෝ, ඕකම තමයි මම මෙච්චර වෙලා ඔහේට තේරුම් කරන්න දැගලුවේ
ඔච්චර වටින මාලයක් දාගෙන පාරේ ගිහින් ඇති යන්තම් පණ බේරුණා.අපේ රටේ හැටි දන්නේ නැද්ද?
එකම පුද්ගලයා එකම වරද යළි යළිත් සිදුකරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.පව්කම් කිරීමට පුරුදුවූ පුද්ගලයාහට එය සුළු දෙයක් වන නමුත් විඳවීමේදී එහි බරපතලකම වැටහෙනු ඇත.
පව්කම් කරලා ඒ මදිවට ඒවයේ විපාක විඳිත්ද්දීත් කරන්නේම තවත් පව් කම්ම තමයි.අනේ මේ වගේ අයට ගොඩ ඒමක් නැහැ සසර කවදාවත්
පළාත් සභා මන්ත්‍රීලා හොරකන් කරනකොට සේවකයෝ ඒවා අනුගමනය කරනවා. හෑබෑයි නිතිය සේවකයින්ට විතරයි
දැන් අපේ කට්ටිය කියයි මේකත් ආණ්ඩුවේ වැඩක් කියලා
දැන් ත්‍රීවිල් එකත් නෑ.මළෙත් නෑ.ගෙදරත් නෑ.රස්සාවත් නෑ
ගුරුතුමාටත් පාඩමක්
ලේසි පහසු ලාභදායී කාර්යක්ෂම හොරකම........