IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සබරගමු සිසුන්ට කඳුළු ගෑස්

උද්ඝෝෂණයේ නිරතවූ සබරගමු විශ්වවිද්‍යාල සිසුන් පලවාහැරීම සඳහා මීට සුළු‍ වේලාවකට පෙර පොලීසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. සිසුන් හය දෙනකු ද අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි. මාරාන්තික උපවාසයේ නිරතවූ සිසුන් හතරදෙනාගෙන් දෙදෙනකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව බදුල්ල බලංගොඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිසුහු අද පඹහින්න හන්දියේ උද්ඝෝෂණයක් ඇරඹූහ. මේ හේතුවෙන් පැය කිහිපයක් වාහන ගමනාගමනය ඇණ හිට තිබිණි. වාහන ධාවනය සඳහා එක් මං තීරුවක් ඉඩදෙන ලෙස කරන ලද ඉල්ලීමට සිසුන් එකඟ නොවීම හේතුවෙන් ඔවුන් පලවාහැරීමට අවම බලය යෙදවීමට සිදුවූ බව ද පොලීසිය කියයි.



අදහස් (0)

සබරගමු සිසුන්ට කඳුළු ගෑස්

කුමාරි Wednesday, 05 June 2013 04:28 PM

අහිංසක දෙමාපියන් ඉන්නවා උපාදිය ලබා ගන්නකම් , අන්තිමට අතපය නැති ඔලු පලාගත් දරුවා තම බාරගන්න වෙන්නේ .. ඕනිවට වඩා බලවේග වලට හා පෙලබවීම් වලට යට වෙන්න හොද නැහැ .(නදී)

:       0       0

රත්න Saturday, 01 June 2013 02:09 PM

ශිෂ්‍යයන්ට, කම්කරුවන්ට අවලාද, බැට මුගුරු යොදා කරන මර්දනයේ අනිටු ප්‍රථිපල මෑත අතීතයේ භුක්තිවින්ඳා. වේදිකා ගානේ කරන බොරු බණ දේශනා අහලා ඇතිවෙලා. රට තවපාරක් අගාධයට නොයවා යහමඟට පිවිසෙන්න. (නි)

:       0       0

තිලිණ Saturday, 01 June 2013 02:41 PM

මෙයාලට කදුළු ගස් ගහල මදි. (ස)

:       0       0

කුමාරි Saturday, 01 June 2013 02:55 PM

අනේ ළමයින්ට ගහලද ? (ස)

:       0       0

kirilli Wednesday, 05 June 2013 01:32 PM

ඉගෙන ගන්න ආවානම් ඉගෙන ගන්න ඕනි .ඇගිල්ලේ තරමට ඉදි මෙන්න ඕනි .නැද්ද මම කියන්නේ .අහිංසක මව්පියන්ගේ දාඩිය කදුළු .

:       0       0

සරසි Sunday, 02 June 2013 04:52 AM

සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලුම සිසුන් මහා ශිෂ්‍ය සංගමය වටා එකතුවී ඉන්නේ. එහි කිසිම දේශපාලන පක්ෂයකට සිසුන් කඩේ යන්නේ නැහැ. සිසුන්ගේ ප්‍රශ්න වලට එහි තියෙන එකම ආයතනය මහා ශිෂ්‍ය සංගමයි. මම මෙය දන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉගෙනගෙන දැන් පිටරට උසස් අධ්‍යාපනය ලබන නිසියි. මමත් එම දිනවල මෙම ක්‍රියාමාර්ග වලට දැඩිව සම්බන්ධ වුණේ නැතිවුනත් සමහර සිසුන් එදා සිට විශ්ව විද්‍යාලය වෙනුවෙන් කරන ලද කැපවීමේ ප්‍රතිපල අපිත්, අද සිසුනුත්, අනාගත සිසුනුත් බුක්ති විදිනවා. (නි)

:       0       0

ජයසුන්දර Saturday, 01 June 2013 03:01 PM

සුබ අනාගතයක් !(ස)

:       0       0

ඉමා Sunday, 02 June 2013 05:37 AM

තිලින, මට කියන්න ඔය කවදා හරි විශ්ව විද්‍යාලයකට ගිහින් තියෙනවද කියලා.ප්‍රශ්න ගැන හරියට නොදැන ඔහොම ප්‍රතිචාර කරන්න එපා.මේ දරුවන් විශ්ව විද්‍යාල වල තියෙන අඩුපාඩු වෙනුවෙන් කතා කරන නිසා තමා මේ විදියට හරි සබරගමු විශ්ව විද්‍යාලය දියුණු වෙන්නේ. සබරගමු විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තු කෙනෙක් විදියට විශ්ව විද්‍යාලයේ තියෙන අඩුපාඩු මමත් හොදට දැක්කා. අපිට ඒ දවස්වල ප්‍රමාණවත් පරිගණක තිබ්බේ නැහැ.අපි පැවරුම් කරන්න සති අන්තයේ උදේ 5 ට පරිගණක ශාලාව ඉදිරිපිටට වෙලා ඉන්නවා. නැතිනම් පරිඝනකයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් සිසුන්ගේ උද්ඝෝෂණ නිසා ඒ දේවල් ලැබුනා. සියලුම සිසුන් එකමුතුව සිටියා. එකමුතුව විශ්ව විද්‍යාලයේ අඩුපාඩුකම් කතා කලා. පරිපාලනයත් සමග කතා කල පමණින් දෙයක් ලැබුනේ නැහැ. ලැබෙන්නෙත් නැහැ. (නි)

:       0       0

උපාලි Saturday, 01 June 2013 03:15 PM

මෝඩ දරුවනේ, කපටි දේශපාලුවන්ගේ අතකොලු වීමට ඉඩ දෙන්නේ ඇයි? නීතිය කැඩීමෙන් ඔබේ ඉල්ලීම් ලැබෙනවා යයි හිතනවාද? මහජන ආකල්පය තියෙන්නේ ඔබට එරෙහිවයි. උගත් ළමයින් හැටියට හැගීමට නොව බුද්ධියට මුල් තැන දෙන්න. (ස)

:       0       0

ශානුක Saturday, 01 June 2013 03:22 PM

නියමයි‍. මේ ශිෂ්‍යයන්ට නම් දඬුවම් කළ යුතුමයි. (ස)

:       0       0

තාරක Saturday, 01 June 2013 03:29 PM

අවම බලය වෙන්න ඇති පන්න පන්න ළමයින්ට ගැහුවේ.මේ කරන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් ළමයින්ගේ ජීවිත බිල්ලට ගන්න එක. (නි)

:       0       0

දමයන්ත සම්පත් Sunday, 02 June 2013 09:25 AM

සරසවි සිසුන් මේ තරමටම තර්ජන, සිරගත කිරීම්, පහරදිම්,මරාදැමීම් හමුවේත් සටන් කරන්නේ මුලු මහත් සමාජයකටම යහපත් අනාගතයක් ලබාගත හැකි එකම මාවත අනාගතයටත් රැකල දෙන්න නේද කියල හිතන් නැතුව. කූනුවෙලා ගදගහන හැගිම් පෙරදැරිව නොහිතා , මිට වඩා යහපත් ප්‍රවේශයකින් අධ්‍යාපන ප්‍රශණය විග්‍රහ කරගමු. මේ වචන හරබ කරන අපි හැමෝගෙම සමාජ වගකිමක්. මොකද අපි හැමෝම අකුරු , වචන අහුලගත්තේද නිදහස් අධ්‍යපන අයිතිය නිසාම නේද ?(නදී)

:       0       0

සම්පත් Sunday, 02 June 2013 09:48 AM

අපි හැමෝම ගේම වගකිමක් නේද, කාගේහෝ දරුවෙක් හින්සාවට පත්වෙත්දිත් එගැන සතුටු නොවී. මේගෙන මිටවඩා ගැබුරින් සිතා බැලිම, මොකද මේ නැති වෙන්නේ මුලු මහත් සමජයටම බලපාන අධ්‍යපන ප්‍රශ්ණය, ඔබේ ප්‍රශ්ණය, මගේ ප්‍රශ්ණය යතාර්ථ වාදිව කතා කරන එකම හා අවසානම බලවේගය බව නිසාත් , එක හොදාකරවම දන්න ආණ්ඩුවද එය මර්දනය කර අප සැමගේ නිදහස් අධ්‍යාපන අයිතිය ඔබටත් , මටත් නොදැනීම කොල්ල කමින් පවටින නිසාත්ය. මාගේ ඇස් අරවා දුන් නිදහස් අධ්‍යාපනයට ජයවේවා...!!!(නදී)

:       0       0

බමුණුසිංහ Saturday, 01 June 2013 05:21 PM

ඔය ගොල්ලෝ ඔය හැප්පෙන්නේ පොලිසිය එක්ක නිසා හොදයි. හැබැයි මහජනයා ගහන්න පටන් ගත්තොත් ඔය ගොල්ලෝ ඔහොම දගලන්නේ නැහැ. මොකද දුවලා බේරෙන්න බැරි නිසා (නි)

:       0       0

ඉසුරු Saturday, 01 June 2013 06:05 PM

මෝඩ ප්‍රතිචාර දාන්න එපා. අපිට හොදින් කරන්න පුලුවන් නම් මේ වගේ දේවල් කරන්නෙ නැහැනේ (නි)

:       0       0

වීරසේකරගේ Saturday, 01 June 2013 06:42 PM

ලොක්කන්ගේ දරුවන්ට ලැම්බෝර්ගිනි පදින්න පාරවල් වහන පොලිසිය,මහජනතාවගේ දරුවන් පාරක් වැහුවම කදුළු ගෑස් ගහනවා. (නි)

:       0       0

විමුක්ති Saturday, 01 June 2013 07:17 PM

අපි ඉල්ලුවේ ශිෂයන්ට විභාග අයිතිය. අපිට දුන්නේ කදුලු ගෑස්. ඒකද දේශපාලනේ.(නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 01 June 2013 07:50 PM

රටේ ජනතාව හැමදාම හිතුවේ විශ්ව විද්‍යාල දරුවන්ට පිස්සු ,උන් දේශපාලනයට කඩේ යනවා කියල . එත් සබරගමු සරසවි මාතාවගේ දරුවෙක් විදියට මම දකින ඈත්ත තමා ,සබරගමුව මහා ශිෂ්‍ය සංගමය තාම දේශපාලන අතපෙවීම් වලින් කුණු වෙලා නැහැ. මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීට ශිෂ්‍ය සංගම් හැමදාමත් පෙනී හිටියේ ශිෂ්‍ය සුභ සාධනය වෙනුවෙන්. ඇත්තටම ශිෂ්‍ය සංගම් තහනම් කරන්න හේතුව තමා විශ්ව විද්‍යාල පරිපාලනයේ දුර්වල තවක් වුනු 2011 ශිෂ්‍ය කණ්ඩායමේ විශාල අඩු වීම . විශේෂයෙන් ව්‍යවහාරික විද්යපීටයට ඇතුලත් කර ගැනීමට නියමිතව තිබු 400 ක් පමණ වන ශිෂ්‍ය කන්ධයම වෙනුවට බන්දවගත්තේ 165 ක සිසු පිරිසක් අඩුවෙනි. ඒ සිද්දියට සන්වෙධි වූ වත්මන් ශිෂ්‍ය ප්‍රජාව කණගාටු වී ඒ පිලිබඳ ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විමසා සිටි විට ඔවුන් දැන්ව ඇත්තේ එය විශ්ව විද්‍යාලයේ වරදක් බැවි . ඒ අනුව සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වන මහා ශිෂ්‍ය සංගමය පරිපාලනයෙන් විමසා සිටියත් මර්ධනයක් මිස විසඳුමක් නොලැබුණි. රේගිස්ටර් වරයා පවසා සිටියේ ලමි අඩු වුනොත් ගර්මෙන්ට් එකක් දැමු යනුවෙන් උපහාසාත්මක මුකයෙනි. මේ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරමින් සිටි ශිෂ්‍ය සංගමය තහනමට ලක් වුයේ පරිපාලනයේ නිරුවත එලි වීම නැවත ගනිමටි. ඉතින් ශිෂ්‍ය සංගම් තහනම සමග පන්ති තහනමට ලක් වූ සිසුන්ට විභාගයට මුහුණ දීමට මේ උත්ගොෂණ පැවැත්විණි. නමුත් සිදුව ඇත්තේ සබරගමු ශිෂ්‍ය වැරදි කාරයෙක් කිරීමයි.(නදී)

:       0       0

නෙතුමි Saturday, 01 June 2013 08:22 PM

ශිෂ්‍යන්ව මේ විදිහට මර්දනය කරන එක තවත් ගැටළු වලට මුලපිරීමකි. ඔය එක සරසවියක්. නමුත් සරසවි සියල්ල කැළඹීමට ඉඩ ඇති හෙයින් මීට වඩා තර්කානුකූල නිවැරදි ක්‍රියාදාමයක් අනුගමනය කිරීම තුල මෙම සරසවි සිසුන්ගේ ක්‍රියා මර්දනය කල යුතුය (නි)

:       0       0

දිනේෂ් Tuesday, 04 June 2013 12:49 AM

අසාදාරණයට එරෙහිව සටන් කරන්න අපි හැමෝටම වගකීමක් තියනවා. නැත්නම් අනාගතයට ඉතිරි වෙන්නේ තිරිසන් පාලනයක් පමණි. සබරගමුව සරසවි සිසුනි, ඔබට ප්‍රණාමය! (නි)

:       0       0

සදුනි Saturday, 01 June 2013 09:46 PM

ප්‍රසාද්, සබරගමු සිසුන් දේශපාලනයෙන් තොරනම් අර පෙරටුගාමීන් වෙනුවෙන් කඩේයන කෙනා මේ ගොල්ලෝ එක්ක ඉන්නේ මොකෝ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 102 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 802 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1663 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1085 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 452 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 275 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25052 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site