සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පළමු ගුණ සැමරුම අද (8) ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
‘යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා කැප කළ ජීවිතය‘ ගුණ සමරු ග්‍රන්ථය ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා අතින් ජනපතිට පිළිගැන්විණි.
ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණ සමරන්න මෙතනට එක්වුණ ඇතැම් අයගේ පැටිකිරිය දිහා බලනකොට අපට හිතාගන්න පුළුවන් සාධාරණ සමාජය ගොඩනඟන්නේ මොකක් උඩද කියලා. (නි)
අපේ රට බේරාගන්න පෙරමුණ ගත්තේ සෝභිත හිමියෝයි (නි)
උන්වහන්සේගේ ශ්‍රී දේහය ඉදිරියෙන් තියාගෙන මාස 3න් ඉටුකරන්න සපථ කළා නේද සමහර දේවල්, සමහර උදවිය? අවුරුද්දක් ගිහිල්ලත් ඒ කිවුව දේවලින් මොනවද අද වෙනකොට ඉෂ්ට කරලා තියෙන්නේ? (නි)
සෝභිත හිමි අදටත් හිටියා නම් කොච්චර වටිනවාද? (නි)
සෝභිත හිමියන්ගේ අඩුව අපිට හොඳින්ම දැනෙනවා (නි)
තව්තිසාවේ සිට අසරණ අපවෙත දිවැස් හෙලනු මැන සෝභිත හාමුදුරුවනේ! (බ)
සෝබිත හාමදුරුවෝ ඉස්සරහ ඉඳන් ගුණසමරන ඔතන ඉන්න වැඩිදෙනෙක්, ලජ්ජාවෙන්නොනේ තමන් දැන් කරන්නේ මොනවද කියල හිතල. (බ)
ඔබවහන්සේගේ අඩුව දැනුයි තේරෙන්නේ (නි)
යහපාලනයද සැමරුමක් පමණක් වේද? (නි)
ඇයි මේ වේදිකාවේ ගසා තිබෙන අපේ සෝභිත හාමුදුරුවන්ගේ බැනරය කළුපාටින්? මේ කහපාට නේද වෙන්න තිබුනේ. මම දන්නේ නැහැ මම හරිද කියලා. (නි)
සාධාරණ සමාජයක් බිහිකිරීමෙහිලා විශාල කාර්‍යයක් සිදුකල අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ වර්ෂපූර්ණ ගුණ සැමරුමක් පැරිස් වල පැවැත්වීමටත් කටයුතු සංවිධානය වෙමින් පවතී (නි)
ගත්ත මහන්සිය අපතේ ගියාවත්ද අපේ හාමුදුරුවනේ (අ)