ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරග දෙකින් පළමු වැනි තරගයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩල පිල මෙහෙයවීමේ වගකීම ටෙස්ට් කඩුලූ රකින්නා වන ප්‍රසන්න ජයවර්ධනට පැවරී තිබේ. මෙම තරගය හෙට (15 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි. තුවාල ලැබීම නිසා මාස පහක පමණ කාලයක් ටෙස්ට් පිලෙන් ඉවත්ව ප්‍රතිකාර ලැබූ ප්‍රසන්න ජයවර්ධන පසුගිය නොවැම්බර් මාසයේදී පාකිස්තානු පිලට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටෙස්ට් තරගයකදී ලකුණු 120 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා පිල පරාජයෙන් ගලවාගත්තේය. මේ මස 29 වැනිදා සිට එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි තුන්දින තරගයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිගේ පිල මෙහෙයවීමේ වගකීම ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායක තිළිණ කණ්ඩම්බිට පැවරී තිබේ. පළමු තුන්දින තරගය සඳහා වන කණ්ඩායම ප්‍රසන්න ජයවර්ධන (නායක), දිමුත් කරුණාරත්න (උප නායක), භානුක රාජපක්ෂ, රොෂේන් සිල්වා, සචිත්ර සේරසිංහ, මාලිංග බණ්ඩාර, ඩිල්රුවන් පෙරේරා, ටිරෝන් ගමගේ, නිලන්ක පේ‍්‍රමරත්න, කනිෂ්ක ඇල්විටිගල සහ අශාන් සිල්වා. දෙවැනි තුන්දින තරගය සඳහා වන කණ්ඩායම තිළිණ කණ්ඩම්බි (නායක), චාමර සිල්වා (උප නායක), මලින්ද වර්ණපුර, ඩිල්ෂාන් මුණවිර, ඇන්ජලෝ පෙරේරා, කුසල් ජනිත්, සජීව විරකෝන්, කෞෂල්‍ය ලොකුඅරච්චි, තරංග ලක්ෂිත, විශ්ව ප්‍රනාන්දු සහ ඉසුරු උදාන
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සභාපතිගේ කණ්ඩායම් මෙහෙයවීම ප්‍රසන්න - කණ්ඩම්බි දෙදෙනාට පවරයි