යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයකදී පොලිස් අත්අඩංගුවට පත් යාපනය විශ්ව විද්‍යාල සිසුන් වහාම නිදහස් කරන්නැයි ඉල්ලා ‘සම අයිතිය ව්‍යාපාරය‘ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් කළේය.
විශ්ව විද්‍යාල සිසුහු ද, කථිකාචාර්යවරු ද ඊට එක් වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය වෙවා(දී)
කැම්පස් එකේ වෙච්ච දේ දන්නේ කැම්පස් ඉන්න අපි. (නි)
කට්ටිය නිදහස් කළත් ප්‍රවේශම් වීම කෝකටත් හොදයි. (නි)
ජයවේවා .....ජයවේවා .....ජයවේවා ..... (දී)
අනේ මෝඩ මිනිසුනේ, අර ගංවතුරට කොටුවෙලා ඉන්න මිනිස්සුන්ට මොකක්හරි උදවුවක් කළොත් නරකද? (නි)
බමුණුගම නම වගේමයි මොලෙත් නේද? (ස)
දකුණේ බෝම්බ පිපිරවීම් හැරෙන්නට උතුරේ යුද්ධය ගැන අපට මොනවද තිබෙන අත්දැකීම්? (නි)
තම දරුවන් ගැන සිතා නෝනයි මහත්තයයි බස් දෙකක කොළඹ ගිය කාලය මතකයේ ඇත්නම් මේවාට ලියන්න තව අදහස් එමට තිබේ. (නි)
කොටින්ගේ බළල් අත් බවට නම් පත් නොවේවා! (නි)
කුමාර, දන්න දෙයක් කතා කරන්න අනේ (ස)
වරදක් කල නිසා වෙන්න ඇති අල්ල ගත්තේ (දී)
සම අයිතිය ඉතා වැදගත් (දී)
මොන උද්ඝෝශනද අනේ 21 ලෝකේ විනාස වෙනවා (දී)
වෙන වැඩ නැහැනේ (දී)
මෙතන කමෙන්ට් දාල තියෙන සිංහල ජාතිවාදියෝ වගේම දෙමළ ජාතිවාදියෝ තමයි ලංකාවෙ යුද්ධ ඇතිවෙන්න පාරකැපුවේ. (ස)
සියල්ලෝම එකයි යන තැන තමයි ලෝකේ තියෙන්නේ (දී)
සිංහල දෙමළ ප්‍රශ්නයක් නෑ අපි ලංකාවෙ මිනිස්සු තමන් කැමති දේ කරන්න නිදහස තිබිය යුතුයි නැත්නම් ගන්න වෙනව බලෙන් (ස)
මිනිස්සුන්ට වෙන වැඩ තියෙනවා (දී)
ලංකාවේ අධ්‍යාපනය ඉතා උසස් (දී)
නිදහස් කරවූ (දී)
අත් අඩංගුවට ගත්ත අයව උසාවියට දැම්මනම් ඉවරයි නේ . ත්‍රස්වාදයට සම්බන්ද අයට දදුවම්කරන්න ත්‍රස්වාදය වැළක්වීමේ පනත තියනවනේද? ගොඩින් බේරන්න පුළුවන් දේට මඩ නා ගන්නේ ඇයි (ස)
නිදහස සහ ප්‍රජාතන්තරවාදය ලැබිය යුත්තේ එය හරිහැටි තේරුම් ගන්නට පුළුවන් බුද්ධි මට්ටමක් ඇති සමාජයකට පමණි .එහෙම නොවුනොත් වදුරට දැලි පිහිය ලැබුණා වගේ වෙනවා .(ස)
උසාවියට නෙමෙයි දාන්න වටින්නේ. (නි)
ඔය කෑ ගහන අයට එන්ජීඕ එකත් එක්ක සම්බන්ධයක් තියෙනවද දන්නෙ නැහැ. (නි)
මට මේ ඡායාරූප දකිද්දී අපේ විකට නලුවෙක්ගේ විකට ජවනිකා මතක් වෙනවා. (නි)
කෑගහන අයට කෑගහන්න දීලා පෙරහැරට යන්න කියන්න. (නි)
සිංහල බළලුන් ලවා කොටි ඩයස්පෝරාව කොස් ඇට බාවනවාද? (නි)
ඇයි "සමට" මොනවාහරි වෙලාද? (නි)
ෂෙරීෆ්, හැම සිංහලයාම එහෙම නැහැ. (නි)
කොටි මිනිසුන් අමු අමුවේ මරද්දී එක්කෙනෙක්වත් කෑ ගැහුවද? (නි)
කුමාරගේ බුද්ධියේ තරම අදහස කියැවූ විට සිතාගත හැකිය. (නි)
අනේ මේ කට්ටිය දන්නවද දන්නෙ නැහැ දැන් යාපනය ඇතුලු යුද්ධය තිබුණු පළාත්වල මිනිස්සු විදින නිදහස? ගිහින් බලන්න. ඒත් තාම කොටි පුල්ලි හැමෝගෙම හැම තැනම. (නි)
මොළයේ අයිතිය විකුණලා වගෙයි. (නි)
ඉස්සර සමාජ ක්‍රමය නොවෙයි දැන් තියෙන්නේ (දී)
ජය වේවා .... ජය වේවා .... ජය වේවා .... ජය වේවා ....(දී)
අනේ අපි නොදන්න විශ්ව විද්‍යාල? (නි)
ඔය කට්ටියට බැරිද දන්නෙ නැහැ අර රත්නපුරයේ කොටකෙතන පැත්තටත් ගිහිල්ලා සිවිල් සමාජයේ නිදහස වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න? (නි)
ෂෙරීෆ්, ඊළගට ඔයාලා ලැහැස්ති වෙන්න. අපි හොදට ඇස් ඇරගෙන බලාගෙනයි ඉන්නේ. (නි)
සිල්වා, විමල් සහ බණ්ඩාර,නිලන්ත, තණකොළ කෑවට කමක් නැහැ. උම්බෑ උම්බෑ කියන්න ඵපා. (නි)
නිලන්ත, ලුම්බිණි, විමල්, රණවිරුවෝ ජීවිත පූජා කරලා ලබා දීපු නිදහස පාවා දෙන ඔබලා වැනි අය අප නිජ භුමියේ තවත් ඉන්නවා. මෙවැනි අදහස් දාන්නෙ රෙදි ඇදගෙනද? ලැජ්ජ නැද්ද? (නි)
මේ ඡායාරූප වල ඉන්න අය අතරේ ලුම්බිණිත් ඉන්නවාද දන්නෙ නැහැ? (නි)
ජයනි හරි, පෝස්ටර්වල හැඩය අනුව අපට හිතාගන්න පුළුවං..!(නු)
කට්ටිය ජේවිපි වගෙයි.(අ)
මේ අයට පිස්සු මොකද තේරුම්ගන්න බෙහෙත් බොන්න නැහැනේ (අ)
කොටින්ට උඩගෙඩි දෙන අයයි මේ (අ)
රට වෙනුවෙන් දිවි පූජා කරපු රනවිරුවන්ගේ වලවල්වලටත් ගරහන අය ටිකක්.මුල මතක නෑ.ජාතකයක් නැති අය... (අ)
මෙයාටල හොඳ ගානක් ගෙවලා ඇති (අ)
කොටින්ට කඩේ යනවා නම් නීතිය වහා ක්‍රියාත්මක කරන්න. තරාතිරම එපා (අ)
පෙට්‍රල් මිළ වැඩිවුණාට දාන්නෙ නැද්ද සද්දයක්? (නි)
කොටුව දුම්රිය පොළ ඉදිරිපිට කියන්නේ කාටත් පොදුවු ස්ථානයක්. විප්ලවාදීන්ගේ රජදහනක්. එම ස්ථානය පාලුවට යෑමට නොදී කුමක් හෝ හර්තාලයක් විප්ලවයක් පැවැත්විය යුතුමයි. මන්දයත් එසේ කිරීමෙන් මාධ්‍යයන්ට උපකාරයක් වනවාසේම මනුෂ්‍යයාගේ එදිනෙදා ඇතිවන්නා වු දෛනික ප්‍රශ්ණ අමතක කිරීමටද තමන්ගේ දෛවය වෙනස්කර ගැනීමටද හැකිවනු ඇත. (නි)
කොටි මතවාද ජාත්‍යයන්තරයට ගෙනයන හා රටතුළ කොටි මතවාද වපුරන, රටට විනකරන සියල්ලන් පිළිකුලින් යුක්තව සියළු දෙනා එක්ව හෙළා දැකිය යුතුවේ. (නි)
සල්ලි කොපමණ දුන්න ද කෑ ගහන්න
අගක් මුලක් මතක නෑ. මේ අයට පහුගිය කාලේ අමතක වෙලා. (ත)
බලනකොට ප්‍රභාකරන් කිවුව දේ හරි, අපේ මිනිස්සුන්ට දවස් හතෙන් ඔක්කොම අමතකයි කියලා. (නි)
මේ සටන් පාඨ වල ළමයින්ගේ ගැටළු නැහැනේ..!(නු)
මේක පිටිපස්සෙන් ඉන්න අය සෙවිය යුතුයි..!(නු)
සාධාරණයි. නිදහසේ ජීවත් වෙන්න හොද පසුබිමක් රට තුළ තිබිය යුතුයි. (නි)
මෙයාලා උතුරේ යුද්ධ කාලෙදි හිටියේ කොහේද දන්නෙ නැහැ. (නි)
අලි මදිවට කොටි..!(නු)
කොටුව දුම්රිය පොළ ඉදිරිපිට කොන්ද පණ තියෙන එක සිංහලයෙක්වත් නැද්ද මෙයාලට කුණු බිත්තරයකින්වත් ගහන්න??? (නි)
නියපොත්තෙන් කපන්න තියන දේ පොරවෙන් කපන්න ඕනෑ තරමට වැඩි කරන්නේ මේ අය තමයි. ආයෙම මේකෙ බෝම්බ පුපුරන්න පටන් ගත්තම ඒකටත් බැනර් උස්සන් යයි. (නි)
නොපමාව මොවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි. (නි)
වසල උගත් යැයි කියනා සිහළ කොටි මසාල උලුදු වඩයට කොටනවා පිටි... නියම කියමන ෂෙරීෆ් . අලස මමත් එයාලට හලනවා පිටී (ස)
අමිල කියලා තියෙන දේ ඇත්ත. (නි)
අමිල, ඔබ නිවැරදි පිළිතුර ලබාදුන්නාට ස්තූතියි. (ස)
රණවිරුවන් අද පාරවල් වල වැලි කොට්ට අදින තත්ත්වයට වැටිලා. ඒ ගැන මේ දේශප්‍රේමී ජනතාව මොකද කියන්නේ? (නි)
සිල්වා, විමල් සහ බණ්ඩාර යන අයගේ උප්පත්තිය පිළිබදව මට ප්‍රශ්නයක් තිබේ. (නි)
ආපහු බැහැලා වගෙයි එළියට... (නි)
හෙට අනිද්දා ලෝක විනාස වෙනවා. සතුටින් ඉන්න (දී)
වරදක් නැතුව සිසුන් අත් අඩංගුවට ගත්ත නම් එක වැරදියි. උද්ඝෝෂණය කරණ එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඉතින් මේ අයටත් අයිතියක් තියනවා ඒ අය වැරදියි කියල හිතෙන දේට විරුද්ධව උද්ඝෝෂණය කරන්න. (නු)
විමල් බර වචන දාලා ලොකු විස්තරයක් නම් ලියලා තියෙනවා. ඒත් දන්නවද දන්නෙ නැහැ යාපනේ කට්ටිය අත්අඩංගුවට ගත්තේ කොටි සමරු උත්සව පවත්වන්න ඉඩ නොදීමට එරෙහිව උද්ඝෝෂණය කරද්දී බව. කොටින්ට ආයෙමත් නැගිටින්න ඉඩ දෙනවා නම් රණවිරුවෝ ජීවිත පූජා කරලා ලබා දීපු නිදහසේ තේරුම මොකක්ද? (නි)
පෝස්ටර් නම් කුරුටුගාමී ඒවා වගෙයි. (නි)
මෙයාලා කොහොමද විභාගේ පාස්කරගන්නේ පාඩම් කරන්නේ නැතුව? ඉන්නෙම බැලුවොත් මහ පාරේ. (නි)
රටක් විදියට ගත්තහම එක එක්කෙනාගේ පෞද්ගලික මත වලට අනුව වැඩකරන්න බැහැ. (නි)
මේවා කාලෙන් කාලෙට එනවා. මිනිසුන් ලෙස අපි බුද්ධිමත්ව වැඩ කළ යුතුයි. (නි)
අනේ නිකන් ඉන්න. අපි නොදන්න මොණරතැන්න... (නි)
වසල උගත් යැයි කියනා සිහළ කොටි මසාල උලුදු වඩයට කොටනවා පිටි... (නි)
ඔහොම යමු. ඔහොම යමු. (නි)
නිමල්, බස් එකේ යද්දී මොරටුව සරසවියේ ළමයි කිහිප දෙනෙක් පහුගිය කාලේ මියගියේ උල්කාපාතයකින්ද? (නි)
ජේ.වී.පී. හෝ වේවා, වෙනයම් සංවිධානයක් හෝ වේවා, ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් හඩනැගීම වරදක්ද? (නි)
ලාංකීය භුමියට සබැහ නිදහස ගෙන ඒමට නම් ලාංකීය නිර්ධන පන්තිය ජාති ,කුල, ආගම් යන සියලු භේදයන් පසෙකලා ආර්ථික සහ සමාජ නිදහස වෙනුවෙන් සටන් කලයුතු වේ. එමනිසා මෙම සම අයිතිය ව්‍යාපාරය කාලීන අවශ්‍යතාවයක් වනවා සේම ඒ වෙනුවෙන් අප සහයෝගයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. උතුරේ දෙමල ජනයාගේ පීඩිත භාවයට එරෙහිව අප සටන් කලයුතු වේ, එසේ ගොඩනැගෙන පීඩිත පන්ති සාමය සහ සටන ලාංකීය නිර්ධන පන්තියේ ජයග්‍රහණය දක්වා ගෙනයාම අපගේ ජයග්‍රහණය වේ!!(අ)