(රංජන් කස්තුරි)
පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යවමින් අද (11) ඉල්ලීමක් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමෙන් සහ ජනාධිපතිවරයා එම වාර්තාව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බාධා ඉවත්ව යන බවද මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර ඇත.
සීමානිර්ණ වාර්තාව බාරදීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීමක් වන බවද මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ.
පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට හෙවත් මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම සඳහා සීමානිර්ණය කිරීම අවශ්‍යවන අතර ඒ සඳහා හිටපු මිනුම්පති කේ.තවලිංගම් මහතාගේ සභාපතීත්වයෙන් යුත් සමාලෝචන කමිටුවක් පත් කෙරිණි.
ඒ අනුව තවලිංගම් කමිටුව සකස් කළ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයාට බාර දුන් අතර ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පරාජයට පත්විය.
ඉන්පසු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට එම වාර්තාව සමාලෝචනයට බාර දුන් අතර එම වාර්තාව තවමත් කමිටුවේ හිරවී තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සීමා නිර්ණ වාර්තාව ජනපතිට බාර දෙන්න - මැතිවරණ කොමිසම
Chandananda Friday, 12 April 2019 08:54 AM
තව දින 4 කින් අප්‍රේල් 17 වෙනිදා ලෝකයේ 4 වන තැනට වැඩිම ජනගහනය ඉන්න දුපත් 17.500 කට වැඩි ගණනකින් සෑදුන රටක් වන ඉන්දුනීසියාවේ එකම දවසේ ජනාධිපති. පාර්ලිමේන්තු. පලාත් සභා. ප්‍රාදේශීය සභා. නගර සභා. යන සේරටම ඡන්දය පවත් වනවා. අපේ එක දුපතේ කෝටි 20 ජනතාවගේ ඡන්දෙ තියාගන්න බැරුව අවුරුදු ගානක් මැකෝ සහ පවතින රජය බයිලා කියනවා රට වැසියාට. බැරි නම් පුළුවන් එකෙක් ඉන්දියාවෙන් හරි ඉන්දුනීසියාවෙන් හරි ආනයනය කරලා ඡන්දෙ තිබ්බනම් ප්‍රශ්න ගොඩක් විසදෙයි
sam Friday, 12 April 2019 12:30 PM
මහින්ද දේශප්‍රිය මැකෝද?