විදුලි බිල වැඩි කිරීමට එරෙහිව මහජනයා හා වෘත්තීය සමිති මතු කරන්නට යන විරෝධයේදී අදාළ පාර්ශ්ව නීතිය අනුව ක්‍රියා කළ යුතු බවත් කතා කිරීමේ හා රැස්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අනුල්ලංඝණීය අයිතිය සුරැකිය යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි.
ලබන 21 වැනිදා මහජන සංවිධාන හා වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසේ.
විදුලි බිල වැඩිකිරීමේ ප්‍රශ්නය මහජන වැදගත් කමක් ඇති කාරණයක් හෙයින් ඒ ගැන සාමකාමීව අදහස් දැක්වීම මහජනයා සතු අයිතියක් බවත්, එම අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර ඇති බවත්, එහෙයින් එවැනි අයිතිවාසිකම් භුක්ති විඳීමට ඉඩදී සියලුදෙනාම නීත්‍යනුකූලව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් නීතීඥ සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීති සංගම් පිළිගන්න බෑ. මේවා නියම නීති සංගම් නෙමේ. මේ දේශපාලන වාසි ගන්න කුමන්ත්‍රරණ කරලා වැදගත් අය පැත්තකට විසි කරලා අරක්කු විසික් කරලා පොලම්බෝලා හදා ගත්තු සංගම්. මුන් හරියට ඉඳලා වැඩ කරලා ඕනා රටේ අයිති වාසිකම් මිනිස්සුන්ට ලබලා දෙන්න. මේ පල් හොරු ඔක්කොම ටයි කෝට් අන්දලා වැදගත් වෙන්න හැදුවට.(නදී)
ඒක ඇත්ත අද මිනිසුන්ට ජීවත් වෙන්න නිදහස් රටක් තියනවා නමුත් යම් කොටසක් මිනිසුන්ගේ අයිතිවාසිකම් මහජන දේපල තමන්ට ඕන විදිහට භුක්ති විදිනවා. බර මහජනතාවටම පටවනවා. එක නිවරැදි කල යුතුයි.(නදී)
ජීවිත හානි නොකරගෙන විදුලිබිලත් අඩු කරගන්න පුලුවන්නම් වටිනවා. ඒත් මෙහෙමෙ වර්ජනයක් කරනවා කියලා දැන් මාසෙක විතර ඉඳන් කියනවා. එත් එකට ආණ්ඩුවේ කිසිම ප්‍රතිචාරයක් නැහැ. ප්‍රතිපලයක් තිබුනොත් හොඳයි.(නදී)
නීති සංගමයට කොන්දක් ඇති බව පැහැදිලියි. මෙතැන වැදගත් වෙන්නේ කවුද හරි කියන එක නෙමෙයි. මොකද්ද හරි කියන එකයි.(නදී)
අද සිටින නීති සංගම් සහ බොහෝ නිත්ඥයන් මුදල් වෙනුවෙන් තම පටු දේසපාලන අරමුණු වෙනුවෙන් ඕනෑම පහත් කතා පහත වැඩ කිරීමට ලැහැස්තියි.(නදී)
කාගෙන්වත් ඉල්ලීම් කරන්න ඕන නැ, මේවා අපේ අයිතිවාසිකම්. අපේ ඉල්ලීම් අපට දිනාගන්න ප්‍රජාතන්තවාදී රටක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත.(නදී)
මට ඕනේ නඩු. නඩු තියෙනවා නම් ලයිට් තිබුනත් එකයි. නැතත් එකයි.(නදී)
හේරත් සිරා සහ සේරම් තමයි දවසේ නිවැරදිම අදහස් ඉදිරිපත් කරලා තියෙන්නෙ (නි)
විදුලි බිලට සහනයක් මා සතුය. එකක 60 අඩුවෙන් පවත්වා ගන්න හැටි මම කියලා දෙන්නම්. මා අමතන්න (නි)
නදී,, ඔබ මොනවද මේ කියන්නේ? තමන්ගේ අදහස් ඉටු නොවුණ නිසා විකාර ද්වේශයෙන් කියන ඔබ බඩු මිල වැඩි කරනවට පක්ෂ කණ්ඩායමේද? (නි)
මී රටේ වැඩි ජනතාවක් විදුලි බිල වැඩි කලාට පක්සයි. රටට අදායම ඕනනේ. අපිට බදු මිල ප්‍රශ්නයක් නෑ. (ස)
දොස් කිනවට වඩා මහා ජනතාවත් වර්ජනයට එකතු උනොත් ජය ගන්න පුළුවන් .කොහෙද ඉතින් බාගෙට බාගයක් ලංකාවේ ඉන්නේ කම්මැලියෝ නේ. (ස)
මේ වගේ අය සල්ලි වලට ඕනෑම දෙයක් කියාවි, කරාවි.(ස)