ප‍්‍රවීණ සංගීතවේදි/ආචාර්ය වික්ටර් රත්නායක
සමාප්තිය 18 - 19 - 20
ඔහු ශ්‍රී ලාංකීය සුභාවිත සංගීතය ඉහළ තැනකට ගෙන ඒමට වසර 39ක් පුරා ගම් නියම්ගම් කරා තම ඒකපුද්ගල ගී ප‍්‍රසංගය රැගෙන ගියේ රසිකයන්ගේ රසවින්දනය උසස් කරමිනි. ලාංකීය ඒකපුද්ගල ගී ප‍්‍රසංග කලාවේ ආරම්භකයා වූ ඔහු, තම ඒකපුද්ගල ගී ප‍්‍රසංගයට එදා තිබූ රසික ඉල්ලූම වසර 39ක් පුරා අද දක්වා රැුගෙන ඒමට තරම් සමත්වීමම විශේෂත්වයකි. එහි උච්ච ස්ථානයකට පත්ව ඇති මොහොතක, එය නවතා දැමීමට ඔහු තීරණය කර තිබේ. ඔහු නමින් ප‍්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකය. ප‍්‍රසංගය ”ස” ය. ”ස” ප‍්‍රසංගයේ සමාප්තිය මෙම මස 18 වැනි දින නෙළුම් පොකුණේදීත්, 19 වැනි දින මහරගම තරුණ සේවා රඟහලේදීත් 20 වැනි දින ලූම්බිණියෙදීත් පැවැත්වේ. 1973 ජූලි මස 20 වැනි දින ලූම්බිණියෙන් ඇරඹුණු ”ස” 2012 ජූලි මස 20 ලූම්බිණියෙන් අවසන් කෙරේ. ”ස” සමාප්තිය හා එයින් පසු ඔහුගේ ගමන පිළිබඳව වික්ටර් රත්නායක ගාන්ධර්වයාණන් සමග කළ කතාබහක සටහනකි මේ. ඔබේ ”ස” ඒක පුද්ගල ගී ප‍්‍රසංගය මෙතරම් ආන්දෝලනයට ලක්වුණේ කොහොමද? මොකක්ද මෙහි ඇති විශේෂත්වය? මූලිකව ඒ තත්ත්වයට පත්වෙන්න හේතුවක් වෙන්නැති මෙය තනි අකුරක් වීම. එතැන සුවිශේෂමය සිද්ධාන්තමය සත්‍යයක් තිබෙනවා. ප‍්‍රසංගයකට හෝ චිත‍්‍රපටයකට හෝ නාට්‍යයකට හෝ පොතකට හෝ තනි අකුරක නමක් පැමිණි විට තරමක් විස්මය උපදන ගතියක් දැනෙනවා. මිනිසුන්ට කුතුහලයක් එයින් ඇතිවෙනවා. සංගීතය ගැන දන්න අය සප්ත ස්වරයේ මුල් අකුර ලෙස මෙය දන්නවා. ඇතැම් අය අදටත් මෙය වැරැදියට උච්චාරණය කරනවා. විවෘත ”ස” සද්ජය ලෙස කියන්නේ නෑ. මගේ ගැයෙන ගීත සංඛ්‍යාවේ අන්තර්ගතය දිහා බැලූවිට, මා හිතනවා එහි දේශානුරාගය, මවුගුණ, පේ‍්‍රමය, ළමා කාලය වැනි එක එක ප‍්‍රස්තුතත් මෙයට බලපාන්න ඇති කියා. විවිධත්වය උඩ එක්වරක් නරඹපු කෙනෙක් තව වරක් නැරඹීමට පෙළැඹවීමක් ඇතිකරනවා කියලා. මේ දවස්වල කරන ප‍්‍රසංගවලදී අපට හුඟාක් හොඳට එය දැනෙනවා. මට නුවරඑළියේ ප‍්‍රසංගයේදී 50 වාරයක් ”ස” ප‍්‍රසංගය නැරඹූ අයෙක් හමුවුණා. අදත් එදා වගේම ඒ වින්දනය ලබන්න පුළුවන් බව තමයි ඔහු පැවසුවේ. ඒක ශිල්පියකුට ලෙහෙසියෙන් ලබන්න පුළුවන් තත්ත්වයක් නොවෙයි. තනි අකුරකින් ප‍්‍රසංගය නම් කිරීම හා ප‍්‍රසංගයේ අන්තර්ගතයේ තිබෙන විවිධ වූ මාතෘකා ගැන සාකච්ඡා කරන ගීත අඩංගුවීම තමයි ”ස” මෙතරම් ආන්දෝලනයට ලක්වුණේ කියා මා හිතනවා. ලාංකීය සංගීත ක්ෂේත‍්‍රය තුළ ”ස” ප‍්‍රසංගය එක් මුද්‍රාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ මුද්‍රාව තැබීම පිළිබඳව එහි නිර්මාතෘවරයා ලෙස ඔබ දකින්නේ කොයි ආකාරයටද? ඇත්තෙන්ම මෙය ඉදිරියට විමර්ශනය කරන, මේ ගැන නිරීක්ෂණය කරන පරීක්ෂණ පවත්වන ඉදිරි අනාගත පරපුර මා හිතන්නේ මට වඩා දෙයක් කියාවි කියලයි. මොකද මේක තමයි ඒකපුද්ගල ප‍්‍රසංග කලාවේ පළමුවැනි නිර්මාණය. වික්ටර් රත්නායක ”ස” ප‍්‍රසංගය ශ්‍රී ලාංකික සංගීත ඉතිහාසයට එකතුවන්නේ, ලංකාවේ පවත්වපු පළමුවැනි ඒකපුද්ගල ගී ප‍්‍රසංගය හැටියටයි. එතකොට මේක පිළිබඳව පසු පරපුර මෙය හැදෑරීමක් කරලා, අධ්‍යයනයක් කරලා මේ ගැන බොහෝ දේවල් විමර්ශනාත්මකව විග‍්‍රහ කරන්න පුළුවන්. මා දකින්නේ එකම පුද්ගලයෙක් දිහා පැය 2ක් එක දිගට බලාගෙන ඉන්නවා කියන එක කොහොමද ඒ ගොල්ලෝ විඳ දරා ගන්නේ කියලා. ඒ ප‍්‍රතිචාරයෙන් මට පේන්නේ මගේ ගායනයේ තිබෙන භාවමය ස්වරුපයමයි කියලා මට හිතෙනවා. මොකද මට ලොකු ලස්සන පෙනුමක් නැහැනේ. ”දෙව්රම් වෙහෙරේ” බොදු ගීතය ගයන විට මා කිසියම් ආංගික අභිනය නළුවකුගේ වගේ නොවුණත්, ඒ හඬට උචිත, ඒ ගායනයට භාවමය ස්වරූපයට මගේ මුහුණේ කිසියම් හැඟීමක් ජනිත කරනවා කියා මට දැනෙනවා. මට අවශ්‍ය භාවමය ලෝකයකට ශ‍්‍රාවකයා ඇද බැඳ ගැනීමයි. එහෙම කරන්න පුළුවන් ලංකාවේ ශිල්පීන් ගොඩාක් නෑ. මට හිතෙනවා, මම ඒ කාර්යභාරය හොඳින් ඉටුකරනවා කියා. එසේ මුද්‍රා තැබූ ”ස” ප‍්‍රසංගය අද උච්ච ස්ථානයකට ඇවිත් තිබෙනවා. ඒ අවස්ථාවේදි ඔබ මෙය නතර කරන්න තීරණය කර තිබෙනවා. ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර තිබෙද්දී ”ස” අවසන් කිරීම ගැන ඔබට ආපසු හැරී බැලීමේදී මොකද හිතෙන්නේ? ඒකනම් මම හිතා මතා කළ වැඩක්. බොහෝ දෙනෙක් මගෙන් අහන්නේ මෙතරම් ඉල්ලූමක් තිබෙද්දී, මෙතරම් ඉහළ තැනකට ඇවිත් තිබෙන ”ස” ප‍්‍රසංගය. ඇයි මේ නවත්වන්නේ කියලා. ඇත්තෙන්ම මේ ප‍්‍රසංගය ආරම්භ කරලා දැන් වසර 39ක්. වසර 39ක් පුරාවට මෙය කරගෙන ඇවිල්ලත්, මෙතරම් ඉල්ලූමක් තිබෙනවා කියන එක විශාල අරුමකාරී තත්ත්වයක්. මේ විශ්මයාර්ථය දනවන තත්ත්වය, මට හිතෙනවා ප‍්‍රසංගයේ ගෞරවය රැකගන්නටත්, ශිල්පීය ගෞරවය වික්ටර් රත්නායක රැකගන්නටත් දෙකටම ඉල්ලූමක් තිබෙන්නේ මෙහෙම තිබෙද්දී නතර කළොත් විතරයි කියලයි. මොකද නැත්නම් බුදු දහම අනුව සියලූ සංස්කාර ධර්මයෝ අනිත්‍යයිනේ. එතකොට මට දැන් වයස අවුරුදු 71ක්. මට දිව පැටලෙන්න පුළුවන්. දත් අස්සෙන් වචන පනින්නට පුළුවන්. ගොත ගැහෙන්න පුළුවන්. හරි ශ‍්‍රැතියකට ගායනය කරන්න බැරිවෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතයේ යථාර්ථය. ඒ තත්ත්වයට ඇවිත් මිනිසුන්ගේ අනුකම්පාව ලබාගත යුතු නෑ. අනුකම්පාව නොවෙයි ශිල්පියෙක් ලබාගත යුත්තේ ගෞරවය හා නම්බුව ආරක්ෂා කර ගැනීම. ඒ හින්දා තමයි මෙවැනි තීරණයක් ගත්තේ. බොහෝ දෙනා කියනවා, මම දැඩි මතධාරියා කියලා. ”ඔයාට තනියෙන් නතර කරන්න අයිතියක් නෑ. ශිල්පියා හා නිර්මාණ දැන් අප සතුයි කියන අයත් ඉන්නවා. නමුත් මගේ ගෞරවයත්, ප‍්‍රසංගයේ ගෞරවයත් දෙකම රැකෙන්නේ මේ අවස්ථාවේ නැවැත්වුවොත් පමණයි. එහෙම නැත්නම් බෑ කියන වචනය කවදාහරි මිනිසුන්ගෙන් අහගන්න මට සිදුවෙයි. දැන් මට ගයන්න පුළුවන්. පුළුවන් අවස්ථාවේ නවත්වනවා. බොහෝ දෙනෙක් වැරැුදි මතයකට ඇවිත් තිබෙනවා, මම ගීත ගැයීමෙන් අයින්වෙනවා කියලා. ඒක වැරැුදි මතයක්. ඒක පුද්ගල ගී ප‍්‍රසංගයේ තිබෙන බරසර බව සහ එහි ගාම්භීරබව දරාගෙන ඉන්න තරම් වයසක නොවෙයි මම දැන් ඉන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීම මත හිඳගෙන තමයි මේ විදිහේ තීරණයක් ගත්තේ. ”ස” ප‍්‍රසංගයට එදා වගේම අදටත් රසික ඉල්ලූම තිබෙනවා. ශාලාවන් පිරී ඉතිරී යනවා. ඔබ මේ තුළ එදා හා අද රසික වින්දනය දකින්නේ කොයි ආකාරයටද? ඇත්තෙන්ම බොහෝදුරට අද රසිකයෝ ඇවිත් කියන්නේ මේ ප‍්‍රසංගය මුලින් අප නරඹනවිට පාසල් ශිෂ්‍යයෝ, ශිෂ්‍යාවෝ කියලයි. ඒ බැලූවේ අම්මලාගේ අතේ එල්ලිලා ඇවිත්. අද ඒ අය, ඒ ගොල්ලන්ගේ දරුවන් අරගෙන ”ස” නරඹන්න එනවා. ඒ අය දක්වන ප‍්‍රතිචාර, මට දක්වන ප‍්‍රණාම, ඒවා දකිනකොට මට හිතෙන්නේ අපි කොතරම් දුරකට මෙය ගෙනිහින්ද කියලයි. පරපුර තුනකට ”ස” ප‍්‍රසංගය දැනට ගිහින් තිබෙනවා. අවුරුදු 39ක් කියන්නේ පොඩි කාලයක් නොවෙයිනේ. ඇත්තෙන්ම හරිම සතුටක්. ඒ අයගේ දරුවන්වත් සතුටු කරන්න අපි මේ වයෝවෘද්ධ වයසේ හිඳගෙන කරන්න අමාරුයි. එහෙම කරන්න ගියොත් ඒ දරුවන්ට අපිව එපාවෙයි කියලා බයක්, තැති ගැන්මක් මට තිබෙනවා. දැන් DVD.VCD තැටි තිබෙනවානේ. රූපකාය පවා බලලා, ගායනය ශ‍්‍රව්‍යමය දෘශ්‍යමය දෙකෙන්ම දැකලා මම හිතනවා, ඒ ළමයි වුණත් ඒ රසවින්දනය සදාතනිකව තබාගෙන ඉන්නවා කියලා. ඒ හින්දම තමයි මේ හොඳම අවස්ථාවේ මෙය නතර කරන්න තීරණය කළේ. ඔබ නිතරම අපේ සුභාවිත ගීත කලාව උසස් තැනකට ගෙන ඒමටත්, ශ‍්‍රාවකයා උසස් රසවින්දනයකට ගෙන ඒමටත් ගීතය තුළින් යහපත් සමාජ මෙහෙවරක් කරන සංගීතවේදියෙක්. නමුත් අද අපේ පවතින ගීත කලාව ගැන සතුටුවෙන්න බැහැ නේද? ඒ තරමට පිරිහිලා නේද? ගීතය විතරක් නොවෙයි අද සියලූ දේ පිරිහිලා ඉවරයි. ඉතිං කොහොමද ගීතය විතරක් ඉතුරු වෙන්නේ? අද හැම කලා මාධ්‍යයකම දක්නට ඇත්තේ අවපාත තත්ත්වයක්. සංගීතය කියන විෂයයේ මේ අවගමනයට, පහත වැටීමට බොහෝ සේ බලපා තිබෙන්නේ අපේ මේ කුඩා දිවයිනට ඔරොත්තු නොදෙන තරම් ත්‍ඵ හා රූපවාහිනී නාලිිකා බිහිවීම කියලයි මා හිතන්නේ. මොකද ඔවුන්ගේ එකිනෙකා පරයා ප‍්‍රසිද්ධ වීමට කරන බොහෝ නිර්මාණ දිහා බලනවිට, ඒවායේ නිර්මාණීය ගුණයක් නෑ. ඒත් නිර්මාණ කියලා කරනවා. නමුත් ඒවා හරිම නිස්සාරයි. හරසුන්. දැන් ටෙලිනාට්‍යයක් පවා බලන්න දෙයක් තිබෙනවාද? හරිනම් තාක්ෂණයේ දියුණුවත් එක්කම. අනෙක් සෑම දෙයම දියුණුව කරා යන්න ඕනෑනේ. නමුත් එහෙම දෙයක් නොවෙයි වෙන්නේ. මේකේ පරිහානියක් අපි දකින්නේ. අලූත් ගීත කලාව දෙස බැලූ විට ඒවායේ අපේකමක් නෑ. සිංහලකමක්, බෞද්ධකමක් නෑ. ඒවාට පරිගණකය භාවිත කරමින් කළත්, ඒවා සංගීත නිර්මාණ නොවෙයි. ඒවා ඝෝෂාකාරී ශබ්ද විතරයි.
සංවාද සටහන - සමන්ත යහම්පත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කිසිදිනක ඔබේ 'ස' ප්‍රසංගය නැරඹීමට අවස්ථාවක් නොලද අයෙක්මි. ඒ ගැන අතිශයින් කනගාටුවට හා දුකට පත්වෙමි. අවසාන මොහොතේ (ලුම්බිණි රගහල) හෝ අවස්ථාවක් ලදහොත් ඒ වෙනත් කිසිවක් නිසා නොව පින් බලයෙනි. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
එදා මම පාසැල යනවා. මට මතක්වෙනවා මුල්ම ස ප්‍රසංගය බලපු හැටි. පාසලේ යාලු කොල්ලෝ එකතුවෙලා රැට ස ප්‍රසංගය අපි පවට්ඨාපු හැටි. දැන් මට වයස 53. අවසන් ප්‍රසංගයටත් මම යනවා. අපේ ජීවිත කාලයේ අප හදවතට සමීපම නිරහංකාර මහත්මා ගති ඇති කලාකරුවා ඔබයි. ජයන්ත පුතා පුංචි කලේ කොට ජන්ගියක් ඇඳගෙන නාවල කුලී ගෙදර බිත්ති කුරුටු ගාපු කාලේ මියගිය පුණ්‍යසිරි මහවත්ත ලියපු ගීතයක් මට මතක වෙනවා. "එකම නෑයා උඹයි පුතේ මගේ සසරේ උපන් කුලේ..." අපි නිතර හමු නොවුනත් මතකය හිතවත් කමක්ව පවතිනවා. ඔබට තෙරුවන් සරණයි. දිගාසිරි පතමි.
වැදූ මවටත්, රටටත් ඔබ ණය නැත
ඔබයි රම්‍ය සද කිරන ගණ අන්ධකාරේ.... ඔබතුමාට දීර්ඝායු පතමි.
ඉතා නිහතමානී අසහාය කලාකරුවාණෙනි, ඔබගේ ප්‍රසංගය මා නැරබුවේ වසර 37 කට පෙර වෙන්නප්පුව සකරියස් ශාලාවේදීය . එදින මා ලද වින්දනය කියා නිම කළ නොහැකිය.ඊට පසු කීපවතාවක්ම එය නැරඹුවෙමි. අදත් ඔබේ ගීත නිතර අසමින් රස විදිමි. එවිට ඔබට ගී කීපයක් ලියාදුන් ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවාවද සිහිවේ. දයාබර වික්ටර් රත්නායක කලාකරුවාණෙනි ,ඔබගත් තීරණය අති විශිෂ්ඨයි. ඔබේ පැහැදිළි කිරීමද අරුත්බරයි. ඔබේනමේ කොටසක් මටත් ලැබීම ගැන මම සතුටු වෙමි. ඔබට දීර්ඝායු පතමි. ස්තුතියි !!!
ආදරණීය වික්ටර් අයියේ, ඔබට සතුට!
''අලූත් ගීත කලාව දෙස බැලූ විට ඒවායේ අපේකමක් නෑ. සිංහලකමක්, බෞද්ධකමක් නෑ.'' ඔබතුමාගේ කටේ දාන්න ඕන මසුරන්! ඔහොම බිය නැතුව ප්‍රසිද්ධියේ කතා කරන, උඩට ගිය කලාකාරයන් හරිම විරලයි. ඔබතුමාට දීර්ඝායු පතමි.
අපි ඈතට ඈතට පා නගලා අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ......... තිසරණ සරණයි!
වැදූ මවටත්, රටටත් ඔබ ණය නැත එදා මම පාසැල යනවා. මට මතක්වෙනවා මුල්ම ස ප්‍රසංගය බලපු හැටි. පාසලේ යාලු කොල්ලෝ එකතුවෙලා රැට ස ප්‍රසංගය අපි පවට්ඨාපු හැටි. දැන් මට වයස 43. අවසන් ප්‍රසංගයටත් මම යනවා. අපේ ජීවිත කාලයේ අප හදවතට සමීපම නිරහංකාර මහත්මා ගති ඇති කලාකරුවා ඔබයි.
තව තවත් ලස්සන ගීත ගයා ලොව සනසන්නට ඔබට දිඝාසිරි......
වික්ටර් රත්නායක මහත්තයෝ, සමුගන්න කලින් සහෘදයන් වෙනුවෙන් ගීත කිහිපයක් නිකුත් කරන්න........
විස්තර ඇතත් හතළිස් වසරක දීම සිත්තර මවන ගී හඩ තරුණයි තාම එක්කර ඇතත් ඔබේ ගී රස මිණි සේම වික්ටර් ඉදීන් අප වෙනුවෙන් සැමදාම
නෙතග නෙතග පැටලි පැටලි මුවග මුවග ඇළලි ඇළලි මෙතෙක් දුරක් ආව පැමිණි සුහදාණෙනි, ඔබට අසිරි!
මියසිය ගායනය එක වන් මිහිර කැවි අප පිය මහඇදුරු පන්ඩිත් අමර දෙවි ඔබමය ඔහුට පසු වෙන මඳ දුරක් ගෙවි නැතිමය තවම එහිඩස කිසි අයකු මැවි - වැදූ මවටත්, රටටත් ඔබ ණය නැති. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි-
ඔබේ දෙතොල් පෙති ලිහී පිපුනු හසරුල් විලේ හද දියව ගලායයි රැළි ලමින් සැලි සැලී
හිතවත් කලාකරුවාණනි , පසු ගිය 30 දා මහරගම යොවුන් රඟහලේ පවතී "ස" ප්‍රසංගය බෙලීමට මාගේ සහ බිරිඳගේ පවුලේ සියලුදෙනා සමග එක්වීමු. එය අප ලද වාසනාවකි. ඔබගේ අදහස් ඉතාමත් ගරු කොට සලකමි. මුදල් පසුපස බොහෝදෙනා හඹායන සමයක ප්‍රසංගයක එහි උපරිම අවස්ථාවේ නෙවෙත්වීමට ගනු ලෙබූ තීරණය අන් අයටද ආධාර්ශයකි. ඔබ කල සේවය අතිවිශිෂ්ටය්. ඔබටා නිදුක් නිරෝගී සුවය පතමි. - දැනට ඕස්ට්රලියාවේ පදිංචි රසිකයෙක්
ගාන්ධර්වයාණෙනි, ඔබගේ ඒ විශිෂ්ඨ සේවයට අපේ උපහාර !!!!!!!! (නි)
http://www.youtube.com/watch?v=GvVeP0Sh0Gs 'ස' සජීවී ලෙස දකින්න බැරි වූ අයකු වෙතොත් දුක් නොවී ඔබට ගීත කීපයක් හෝ බලන්න ආසනම් ඉහත ලින්ක් එක භාවිත කර බලන්න. (දී)
ඔබ විශිෂ්ඨ ගායකයෙක්. වත්මන් ගායකයින් ආදර්ශයට ගන්න ඕනෑ ගුරු වරයෙක්. ගීතයෙන් යුග යුග සැනසූ වික්ටර් රත්නයකයනෙනි ඔබට අපගේ උපහාරය. (දී)
ඔබගේ කාර්යය ඔබ කර අවසන් . ජාතියේ මහා කලාකරුවණනි ඔබට අපගේ උපහාරය ! !!!!! (දී)
ප‍්‍රවීණ සංගීතවේදී කලාසුරි ආචාර්ය වික්ටර් රත්නායකයන් වෙත. 1974 වසරේ, මා රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්මි. ඹබ රාජකීය විද්‍යාලයේ නව රගහලේදී 1974, 1975, 1976 පැවත්වු ”ස” ප‍්‍රසංග නරඹා, අපි මිතුරෝ එකතු වී ”ස” පැදුරු සාජ්ජ දැමීමට අමතක නොකළෙමු. හැමෝම එකවගේ නොවෙයිනෙ, ඒ නිසා ඒ ගැනත් ටිකක් හිතන්න. ඉතිං මේ දැන් හැදෙන තරුණ පරපුරටත් මේ අවස්ථාව ලබා දෙන්න. දැන් හැදෙන තරුණ පරපුර අතහැර දාන්න එපායැයි මම ප‍්‍රවීණ සංගීතවේදී කලාසුරි ආචාර්ය වික්ටර් රත්නායකයන් වන ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි. (නි)
ආචාර්ය වික්ටර් රත්නායකයන් වන ඔබතුමා,බුදුන්ගේ ගීත බොහොමයක් නිර්මාණය කළා. ඒවා ගායනා කළා. තුන් සිංහලයම විනාශ වී යද්දී ඔබතුමා තුන් සිංහලයම එකතු කළා, අපි ඔක්කොම රජවරු ගීයෙන්. මොකද්ද ඔබතුමාට වුනේ? බොහොම දුකයි, ඔබතුමාට වෙච්ච වැඩේට. (නි)
විශිෂ්ඨ ගායකයානෙනි ඔබ අපේ දේශයට ලැබුණු සම්පතක් සේ සළකමි.. සිසිල් සුළං රැල්ලේ ඔබ් සුවද මුසුවේ.. සැමදාමත් සිරිලක් ගී අතරේ රැදවේ.. ඔබට චිරං ජයතු..!!(නු)
ආචාර්යතුමනි, ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. (නි)
මා ප්‍රිය සුහද ගායක වික්ටර් රත්නායකයාණෙනි.. ඔබට චිරාත්කාලයක් අප සමග ඉන්නට ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා..!! (නු)
බොහෝ අවස්ථා වලදී පැමිණිමුත් අවසන් ප්‍රසංගය නැරඹීමට නොහැකි වීම පිළිබදව කණගාටු වෙමි. (නි)
ලංකාවේ ගායක ගායිකාවන් රුපියල් දහයට පහළොවට බෝතලේකට, සින්දු කියන සමයක ඔබ 'ස' ප්‍රසංගය ඇරඹීම තුළින් ගායකයාට වටිනාකමක් ලැබුණි. ඉන්පස්සේ ඉල්ලුමක් ලැබුණි. ඒ මග ඔස්සේ ඔබට මුදලක් නියම කර ප්‍රසංගයක ගී කියන්න අවස්ථාව ලැබුණි. ඊටත් පස්සේ කැසට් පට වලින් තවත් ඉදිරියට යනු ලැබුණි. කොටින්ම ලංකාවේ ගායකයාට වටිනාකම ඉල්ලුමක් ලැබුණි නම් එහි ගෞරවය ලැබිය යුතු වන්නේ ඔබටයි. 'ස' නැවතුන හෙට දවසේ ලංකාවේ ගීත කලාව කොයි වගේ වෙයිද කියල හිතාගන්නවත් බැහැ. මොකද අද රට යන අත බැලුවම කලාව ගීතය විතරක් ඉතුරු වෙයි කියල හිතන්නේ කොහොමද? (නි)
ඔබේ ගමන ඉතාම විශිෂ්ඨයි කලාකරැවාණනි...
පසුගිය දා ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පැවැති ‘ස’ ප‍්‍රසංගය බැලූවා. මට නම් හිතුනෙ ඒක නවත්වන එක හොඳයි කියල. මාව වරදවා තේරුම් ගන්න එපා. වෙන තැන්වලත් එහෙමද දන්නෙ නෑ. මට නම් දැනුනෙ මොකක් දෝ මහා ඇල් මැරුණ බවක්. යාන්ත‍්‍රික බවක්. වික්ටර්ට ගායකයකු ලෙස අතිශයින් ගරු කරනවා. ඒත් මට හිතෙන්නෙ ඒ ප‍්‍රසංගය නිසි කලට යාවත්කාලීන වෙලා නෑ කියලයි.
ඔබ මෙල්බන් ඇවිත් කල ප්‍රසංගයට සහභාගී වන්න මට අවස්ථාවක් ලැබුනා. ඒ වගේම ඔබ සමග කතා බස් කිරීමටත් අවස්ථාවක් උදා උනා. එය ම ඉතා ගෞරව පුර්වකව සිහිපත් කරනවා. ඔබට මගේ ප්‍රණාමය පුද කිරීමට මෙම අවස්ථාව සුදුසුය කියා සිතනවා. ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා!
1976 වසරෙදි නිල්දන්ඩාහින්න සුමන්ගල මහා විදුහලේදි "ස" ප්‍රසන්ගය නරඹන්න අවස්ථාව ලෑබුනා. කේ.ඩි.කේ ධර්මවර්දන මහතා නීවේදක.ඒ මිහිර අද විදින්න බෑ මම දුර රටක. මෙය වීඩියො කර දකින්න ලබාදෙන්න. ආදර වික්ටර් මහතානෙනි,ඔබට දීර්ඝායු වේවා.
ගායකයාණෙනි, ඔබ නිවැරදියි. එදත්,අදත්,හෙටත් අපි "ස" ප්‍රසංගයට කැමතියි
මම කැමතිම ගායකයෙක් (අපි ඔක්කොම රජවරු ඔක්කොම මව්වරු) රත්තරන් කෙන්ඩියේ සිනහ තෙල් වගේ ඔබට දීර්ඝායුෂ
මම කැමතිම ගායකයෙක්
ලංකාව බිගි උන ශ්‍රේෂ්ඨ ගයකයක් .
මම 'ස' ප්‍රසංගය දෙවරක් නරබා තිබෙනවා ඉන් පසූ මම විදේශ ගත විම නිසා නැවත නැරබිමේ වාසනාව නැතිව ගියා.ඒ බලපු ප්‍රසංග දෙක මගේ මතකයේ සදා රැදී තිබෙනවා.වික්ටර් රත්නායක ඔබට මම සුබ පතනවා.
ඔබ ගැන ක්ලෙසින් වචන ගොනු කරන්නද :දිගුකල් දිනේවා .....සහෘදයාණෙනි ,,,,,
අපේ ආදරණිය ගායකයානනි ඹබට සුභපැතුම්
මම 30වැනිදින ලංකාවෙ සිටීම වාසනාවන්තයි කියලා හිතනවා.. මම බැලුවා "ස" ප්‍රසංගය මහරගම යොවුන් මධ්‍යස්ථානයේ තිබුණ. අන්තිම මෙහොතේ ටිකට් එකක් ගන්න බොහොම අමාරැ උනා.. මට මගේ ගුවන්යානය මගහැරැණා මේක බැලීම නිසා.. මම කණගාටුවෙන්නෙ නැහැ... මට ඊළග ගුවන්යානය අල්ලාගන්න පුළුවං උනා.. නමුත් මම මේ වැඩසටහන මගහැරැණානම් මට මුළු ජීවිත කාලයම කණගාටුවෙන්න වනවා මේ ගැන සිතලා.. මම හැමදාම ඔබගේ හඩපට අහනවා.. ඔබෙන් තොර දෙයක් නැත..මම ඉපදුන වසරේමයි ඔබ මේ ප්‍රසංගය පැවත්වීම ආරම්භ කළෙත්.. මට පෙරනම් මියයන්න එපා....!!
වික්ටර් රත්නායකයන්ට අපගේ ගව්රවය එලෙසින් ම පවතීවි. එහෙත් අර 'ශිවා' දක්වා ඇති අදහසට මාත් එකන්ගයි. ඒ දවස්වල ගැයූ ලෙසින් තනිතරැවේ ගයන්නට දැන් ඔහුට නොහැකියි. එය සිදුවන ආකාරය සච්ච විභංග සූත්රයේ බුදු හිමියන් පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ අනුව මාත් සිතන්නේ දැන් 'ස' නවත්වා දැමිමට කාලය එළැඹ ඇති බවයි.
වික්ටර් මහතාණෙනි, ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා ලාංකීය රිද්මය, ලාංකීය සංගීතය උසස් තත්වයකට ගෙන ඒමට ඔබ දැරු උත්සාහය කියා නිම කල නොහැක.
ඔබ වැනි අය මිහිපිට බිහිවෙන්නේ ඉතා කලාතුරකිනි.ප්‍රේමකීර්ති ශුරින් සමග අත්වැල් බැඳගෙන මෙතරම් දුර පැමිණි ඔබට ජාතියේ උත්තමාචාර්යය..සිංහල සංගීත ඉතිහාසයට ඔබ කල මෙහෙවර සදා අමරනීයයි. ඔබට දීර්ඝායුෂ...
ඔබේ ස ප්‍රසංගය විසිවරක් පමණ නරඹා ඇති අයකු ලෙස අද දවසේ ඔබ ගත් මෙම තීරණය අතිශයින් අගයන අතර මේ සම්බන්දයෙන් ඔබ මෙහි දක්වා ඇති අදහස් මම ඊටත් වඩා අගය කරමි. ඔබ පවසා ඇති කරුණු ඉතාම සංවේදී සහ සංවේගාත්මක වන අතර මෙසේ අවංක ලෙස තම අදහස ප්‍රකාශ කිරීම තුලින් ඔබ තව තවත් ඔබේ රසිකයන් වෙත ලං වූ බවක් දැනෙන අතර ඔබ කල මෙහෙවර සදාතනික ලෙස හද සන්තානයේ අප මියෙන තුරම රැදී පවතිනු ඇත. "බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති " කියා ඔබ කියූ පරිදි ඔබේ "ස" ප්‍රසංගය නරඹන්න නොහැකි වූ යම් අයකු මතු යම් දවසක මෙසේ කියාවි. " වික්ටර් ගේ ස එදත් තියෙන්නැති , රටම බලන්නැති ඒත් අපට ඒක බලන්න පින් මදි වෙන්නැති "
ඔබ කළ මෙහෙවර මෙපමණකැයි වචනයෙන් කියා නිම කළ නොහැක. ඔබ ඉටුකළේ සංගීතය උදෙසා කළ මෙහෙවර පමණක් නොවේ. රටක ජාතියක පදනම ඇති වන්නේ එහි වෙසෙන මිනිසුන් තුල පවත්නා හැගීම් එක්තැන් කර එකම මිනිස් කැලක් ලෙස ඔවුන් එකට බැඳ තබන යදම් පවුරක් තැනීමෙනි. ඔබ'ස'ප්‍රසංගය තුලින් ඉටුකළේ එම මෙහෙවරයි. පන්සාළිස් වසක් පුරා ඔබගේ ගීත අසමින් අවදිවූ මම ඔබගේ ගීත අසමින් නින්දට ගියෙමි. 'ස' ප්‍රසංගයක් පවත්වන දිනක් තිබුණි නම් ඉඩ ලද හැම විටකම මම එය නැරඹුවෙමි. ඔබගේ ගීත තුලින් මා ලද සතුට ජීවිතයේ වෙන කිසිම දෙයකින් මම මෙතෙක් ලබා නැත. මතු යම් දිනෙක මා මියෙන මොහොතේත් ඔබගේ මියුරු ගීයක් අසමින් මට මියෙන්න ලැබේනම් ඊටත් වඩා සතුටක් මට නැත. "සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ "
මම "ස" නරඹන විට මගෙ වයස අවු 7 යි.තවමත් මතකය සොදුරු ලෙස ඈතිවා සේම අන්තිම ප්‍රසංගය දකින්න ඈති ආශාව එමටයි."කුරුල්ලන්ට ගී ගයන්න ගහට කොලට පාට දෙන්න වීසි කලෙමි හදෙ තිබුනු ආදරයයි, කරුනාවයි..... කාටවත් නොදී...."අනේ පින් ඈති කෙනෙක් පිටරට වල ඉන්න අපිට මෙය දෑක ගන්න උදවු කරනවානම්............
ඔබත් මෙහි අවසානයේ තිබෙන 'ස' සලකුණ දෙස හොදින් බලන්න. එහි මුදනේ ඇත්තේ නෙලුම් මලයි. 'ස' ප්‍රසංගය නරඹා අවසානයේදී ඔබගේ මනසත් සමාධි ගත වූ විට ඔබගේ ශීර්ෂයේ මුදුනින් නෙලුම් මලක් පිබිදෙන අයුරින් ඔබද සමාධියක් ප්‍රඥාවක් ලබනු ඇත. ඔබ දශක සතරක් පුරාවට 'ස'ප්‍රසංගය නැරඹුවද මෙහි අරුත මෙතෙක් නොදැනෙන්න ඇති. 'ස' තිබුනට වඩා බැබළෙනු ඇත්තේත් ඒ ගැන කතා කරනු ඇත්තෙත් 'ස' නැති උන දවසේදී යයි මට සිතේ
අසහාය ගයකයාණෙනි ඔබට ජයෙන් ජය පතමි
නදුන් උයනයි සත්සරේ ඔබ .., අපේ සවනට මදුර හඬ ඔබ .., 'ස' ට සමුදී නික්ම යන ඔබ , ආයු සැප ලබා දිලේවා ..!!
ඔබගේ ස මම සජිවිව දැකිමට තරම් මා පිං කර නැත, ඔබ වැනි ගයකයෙක් මේ ලක්දෙරණට අයෙත් නොලැබෙන ඇත, ඔබගේ ගිත වලට මම හරිම අදරෙයි ඒවා මගේ ජිවිතයයි, ඔබට දීර්ඝායුෂ පාර්ථනා කරමි.
මා අතරමන් උනාසේ දැනේ ....!
ඔබ කියන පරිදි ඔබේ ගායනයේ අඩුවක් දැනීමට පෙර ඔබ 'ස' නවතා දැමුවද ඔබේ 'ස' ඇසීමට මතු පරපුරට නොහැකිවුවද ඔබ ගැයූ ගී මතු පරපුරට ඇසීමට ඒ පිළිබඳව මතු දිනක පර්යේෂණ කරන විද්වතුන්ට ඇසීමට ඒවා සුරක්ෂිත කර තැබීම ජාතියක් සතු යුතුකමකි. අදටත් ඩිජිටල් තාක්ෂණයෙන් තැටිගත නොකළ ඔබේ ගී දහස් ගණනකි. මේවා ඔබට ගැයීමට හැකි මේ මොහොතේ එසේ තැටිගත කර තැබීම වෙනුවෙන් දායකවීම ඔබ මතු පරපුරට කරන ලොකුම උපකාරයකි. මේ පිළිබඳව රට ජාතිය ගැන සිතන මාධ්‍ය වල දෑස ඇරෙවායි පතමි. මොකද මේක වික්ටර් රත්නායකට තනිවම කල හැක්කක් නොවන බැවිනි.
" වික්ටර් ගේ ස එදත් තියෙන්නැති , රටම බලන්නැති ඒත් අපට ඒක බලන්න පින් මදි වෙන්නැති " ඇත්තම තමයි. ඔබට කෙතරම් ආදරය කලත් කවදාවත් "ස" බලන්න පින් කරල තිබුනෙ නැහැ. මේ මොහොතේ අමතක කරන්න බැරි තව කෙනෙක් සිටිනව ප්‍රේමකීර්ති ද අල්විස්
සිහිල් සුළං රැල්ලේ..............ඔබේ සුවඳ මුසු වේ................. ඔබට මාගේ ප්‍රණාමය.....
වික්ටර් කියූ සැනින් මගේ මතකයට නැගෙන්නේ අපි ඔක්කම රජවරු ගීතයයි , ප්‍රතිභා පුර්ණ ගයකයානෙනි ඔබට දීර්ගයුෂ පාර්ථනා කරන්නෙමි .