සමෘද්ධි ව්‍යාපාරය ‘ජන ඉසුර‘ ලෙස වෙනස් කළ යුතු බවට අයවැය යෝජනා මගින් ප්‍රකාශ වූයේ යැයි සඳහන් මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර යැයි සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
2017 වසර දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ජනාධිපතිවරයා නම් කර තිබෙන බවත් ඊට අදාළව සමෘද්ධි ව්‍යාපාරය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන ‘ජන ඉසුර‘ ලෙස නම් කිරීමට යෝජනා වී තිබෙන බවත් පවසන ඇමැතිවරයා අයවැය කතාවේදී එය නිවැරදිව සන්නිවේදනය නොවූ බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදිව සන්නිවේදනය නොවෙන්න ඇති මුදල් ඇමතිගේ කටින් .. මම සජීවීව බලාගෙන අහගෙන උන්නේ . මුදල් ඇමති කොලේ බලාගෙන කිවුවේ සමෘද්ධි ව්‍යාපාරය ජන ඉසුර ලෙස වෙනස් කල යුතුයි කියලයි . (අ)
නම නෙවේ වැඩයි වැදගත් (අ)
නම මොකක් වුණාම මොකද තමන්ගේ හොද්ද බොරවෙනවා නම්. (අ)
අපට නම් මේ නම් ඒ තරම් වැදගත් නැහැ. වැඩේ හරියට කෙරෙන්නයි ඕනෑ. (අ)
මෙයා ඡන්දෙන් පරාජිතයෙක් නේද (අ)
අය වැය කියල අනිත් පැත්ත හැරුනේ නැහැ , වැරදි. කතන්දරේ ඇත්ත සත්‍යා ඔය කෙනා හැමදාම හොද්ද හොදට බොර කර ගත්ත එක්කෙනෙක්. එකනේ ගමේ අය මිනිහව එලවල දැම්මේ. ඉගෙන ගන්න කාලයේත් එහෙමලු කියල එක්කෙනෙක් කිවුව.(අ)
ඔතන එල්ලිලා ඉන්න නම් ඕවගේ කතා කියන්න වෙනවා.එකටනේ ජනතාව පයින් ගහල එලවපු තමුන්ලව ගත්තේ,ඕකට තම කියන්නේ "වවුලගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා හිටු"කියල.(අ)
"ජන ඉසුර මාලිගාව" කියන නම ගේකට කොහොමත් ගැලපෙන්නේ නැහැ (අ)
මෙතෙක් බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම "දිළිඳුකම නැති කරනවා" කියල තමයි බලයට පත් වුණේ. අපට දැන් තමයි තේරෙන්නේ කියල තියෙන්නේ ඇත්තයි කියල. මේ වනතුරු කවුරු වත් ඇහුවේ නැහැ මේ ගොල්ලෝ මේ පොරොන්දු වෙන්නේ කාගේ දිළිඳු කම නැති කරන්නද කියල. බෙහෙතකටවත් මැති සබේ හාල් මැස්සෙක් හොයා ගන්න බැහැ. (අ)
උපන් ගෙයි ගති අතාරින්න බැරි හැටි සමහරුන්ට? (නි)
කොහෙද ඉතින්, ගොරව ගොරව නිදා ගත්තාම, මුදල් ඇමති කියපුවා ඇහෙනවායැ? ඊටපස්සේ හීනෙන් නැගිටලා කියවනවා. (නි)
අනේ මන්දා. දැන් එක එක්කෙනා තම තමන්ට කැමති කැමති විදියට කටට එන එන විදියට බොරු දෙසන බවයි පෙනෙන්නේ. තමන්ට ඡන්දෙ දුන්නේ ඕනෑම බොරුවකට අහුවෙන කොටසක් බව දන්නා නිසා හැමදාම කටේ දිවේ නොගෑවෙන බොරු වලින්ම පවතින්න පුළුවන් බව ආණ්ඩුවේ උදවිය හිතා ඉන්න බවයි පෙනෙන්නේ. (නි)
මොවුන්ට ඉදිරියේදී ඡන්දය දෙන අයට ඔලුවේ තාර ගාන්න ඕනෑ. (නි)
රටේ සල්ලි වලින් මාළිගා. මොනතරම් සැප මොවුන් විඳිනවද, අපිට දුක් දෙමින්. (නි)
ඔය කියන ඒවා ගණන් ගන්න එපා අනේ (නි)