රත්තොට ගල්ලූමලෙයි ගල්තලාවේ නිදන් හාරන්නට ගිය නව දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය කියයි.
ගල්තලාවේ කොටා ඇති සළකුණු අසල පූජා පවත්වා නිදානයක් හාරන්නට සැරසෙද්දී අද අලූයම පොලිසිය එහි පැමිණියේය.
සමෘද්ධි නිලධරයෙකු මේ නිදන් හෑරීම මෙහෙයවා ඇතැයි කියති. මාතලේ, රත්තොට, කඩුවෙල හා ගම්පහින් මේ නව දෙනා එහි ගොස් ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුවක් කාලෙකට සමෘද්ධියක් නොලැබුණූ නිසා නිධානෙන් සමෘද්ධිමත් වෙන්න බලන්න ඇති (නි)
ඔයිට වඩා අය නිධන් හාරද්දී මේක මොකද්ද? (නි)
සමෘද්ධි නියමකටත් ලයිට් බිල ගෙවාගන්න විදිහක් නැතුව වෙන්න ඇති? දැන් ඉතින් බිල ගෙවන්න අපිත් පොල් හරි කඩන්න ඕනෑ. නැතුව ගොඩයන්න බැහැ (නි)
ඒ නිලධාරියා 'සමෘද්ධි' නේද. ඉතින් මිනිහා තමන්ටත් අනික් අයටත් සමෘද්ධිය උදා කර දෙන්න හැදුවා. ඒක එයාගේ රාජකාරිය නේ. (නි)
වෙන මොනවා කරන්නද අප්පා! (නි)
අහලා අහලා එපා වෙනවා ඔස්ට්‍රේලියාව, නිධන් .(නදී)
ප්‍රාදේශීය සභාවට රිංගන්න සුදුසුකම් සපුරගන්න වෙන්න ඇති මෙය කරන්න ඇත්තේ. (නි)
සමෘද්ධි නිලධාරින් කියන්නෙ වැඩක් නොකර පඩි ගන්න ජාතියක්. වැඩක් නැති හන්දා මේ වගේ වැඩක් පටන්ගන්න ඇති. (නි)
අපේ ඇමතිතුමාට උපහාරය. (නි)
අපරාදේ කලින් දන්නවා නම් මේ අයව බලන්ගොඩ කූරගල පුරාවිද්‍යා කැනීම් වැඩවලට එක්කගෙන යන්න තිබුනා (නි)
සමෘද්ධිය හොයන එක තනතුරේ රාජකාරියක් නේද මාමා? (නි)
ඔවු ඉතින්. පැවරිලා තියෙන වෙන වැඩකුත් නැහැනේ. (නි)
ඉස්සරහට ලයිට් බිල ගෙවන්න ගානක් හොයාගන්න වෙන්න ඇති. නිදානේ හාරලා සල්ලි කරන් බැංකුවේ එෆ් ඩී එකක් දාගෙන ඒ ලැබෙන පොලියෙන් විදුලි බිල ගෙවන්න හිතුවද දන්නේ නැහැ. (නි)
එතුමා සමෘද්ධි නිලධාරියෙක් විතරක් නෙමෙයි, ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලකයෙකුගේ හිතවතෙක් හෝ ගෝලයෙක් වෙන්නත් පුළුවන්. (නි)
ඔය තනතුරට අවේ ඒ තරම් දැනුමක් තියෙන අය නෙවේ නේද ? (ස)