IMG-LOGO

2025 අප්‍රේල් මස 14 වන සඳුදා


සමෘද්ධි සහකාර මැරුවේ අසල්වැසියෙක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ගයාන් සූරියආරච්චි සහ බුද්ධික කුමාරසිරි)

බිරිඳ සහ කුඩා දරුවා සමග මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටි සමෘද්ධි සහායකවරයකුට මීගොඩ නාගහ වත්ත ප්‍රදේශයේදී ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි

ඝාතනයට යොදා ටි පනස් හයේ ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාව සේවයෙන් පලා ගිය අයකු වන අතර ඔහු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අසල්වාසී නිවසක පදිංචිකරුවකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූයේ මීගොඩ ඕවිටිගම නාගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පොල්ලු පතිරගේ නලින් සඳුන් තරංග කල්දේරා නොහොත් බබා නැමැති 32හැවිරිදි එක්දරුපියකි.

ඝාතනයට ලක්කු පුද්ගලයා පවුලේ අයවලුන් සමඟ ඉකුත් 14වෙනි දින වැඩිමහල් සහෝදරයාගේ නිවසේ සාදයක් පවත්වා රාත්‍රී 11.15 ට පමණ සාදය නිමකර  බිරිඳ සහ කුඩා දරුවාද සමග මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටියදී නාගහවත්ත කැලෑබද ප්‍රදේශයකදී මාර්ගය අයිනේ සැඟවී සිටි පුද්ගලයන් දෙදෙනකු එක වරම මාර්ගයට පැමිණ මෝටර් රථයේ ඉදිරිපස රියදුරු අසුන දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබිණි .

වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලද සමෘද්ධි සහායකවරයා මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබිණි.

 



අදහස් (1)

සමෘද්ධි සහකාර මැරුවේ අසල්වැසියෙක්

sam Saturday, 21 December 2024 03:50 AM

ලංකාවේ වෙඩි තැබීම් පාලනය කිරීමට නම්, වහාම මෙවැනි ඝාතන සඳහා විශේෂ උසාවියක පිහිටවා ඉතා ඉක්මණින් විමර්ශණය කර චූදිතයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළක පටන් ගන්න. එතකොට ඔය වෙඩි තැබීම්, මිනී මැරීම් නැත්තටම නැති වෙලායයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගිනි මෙලවීමේ නැකත උදා වෙයි
2025 අප්‍රේල් මස 14 0 0

අලුයම 04.04 ට ලිප් ගිනි මෙලවීමේ නැකත උදා විය. තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක්ද කිරි සහ විලඳ ද ප


අලුත් අවුරුද්දේ එකම අරමුණකට පෙළ ගැසෙමු
2025 අප්‍රේල් මස 14 28 0

දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙල සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙ



ජනතා සිහිනයට තවත් වීරියෙන් කැපවෙමු
2025 අප්‍රේල් මස 14 34 0

ජනතා සිහිනය යථාවක් කරගැනීමට නව වසරේ දී තව තවත් වීර්‍යෙන් යුතුව සද්-අධිෂ්ඨානයෙන් යුතුව කැප වෙමු යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව අවුරුදු ස


සුභ අලුත් අවුරුද්දක් වේවා
2025 අප්‍රේල් මස 14 63 0

ලක් වාසීන්ට මෙන්ම ලංකාදීප පාඨක ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවායි ලංකාදීප වෙබ් අඩවිය සුභ ප්‍රාර්ථනා කරන්නෙමු


පුණ්‍ය කාලය උදා වෙයි
2025 අප්‍රේල් මස 13 462 0

පස්වරු 08.57 සිට හෙට පූර්වභාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 88 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 235 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 803 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site