
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් පසු වගවීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස්වරිය වන නවනීදන් (නවි) පිල්ලේට, 2026 නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.
සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇය විසින් සිදු කරන ලද අඛණ්ඩ මෙහෙවර අරමුණු කරගනිමින්මෙවර නොබෙල් සාම ත්‍යාගය ඉන්දීය සම්භවයක් ඇති නවි පිල්ලේට හිමිවන බව, නෝර්වීජියානු නොබෙල් කමිටුවේ සභාපති යෝර්ගන් ෆ්‍රයිඩ්නෙස් ඊයේ (9) සවස මාධ්‍ය හමුවේ නිවේදනය කළේය.
දකුණු අප්‍රිකාවේ ගැඹුරු වෙනස්කම්වලට එරෙහිව නීතිඥවරියක ලෙස සටන් කරමින් සිය දිගුකාලීන වෘත්තීය ජීවිතය ආරම්භ කළ නවි පිල්ලේ සතුව ‘ශක්තිමත් සදාචාරාත්මක පදනමක්’ පවතින බව ද ඇයට මෙවර නොබෙල් ත්‍යාගය හිමිවන බව නිවේදනය කරමින් නොබෙල් කමිටු සභාපතිවරයා, ඇගේ සේවය ඉහළින් අගය කිරීමට ද අමතක කළේ නැත.
නවනීදන් (නවි) පිල්ලේ 2008 සිට 2014 දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
CNN එකේ දිග ලිපියක් තියෙනව. ලංකාව ගැන එක වචනයක් වත් නැහැ. ලංකාවේ පිරිස් කතා මවාවි. වාසි ගන්න බලාවි.ගනන් ගන්න දෙයක් නැහැ
සුබ පැතුම් !
ඵක අත්තක කුරුල්ලන්ගේ බෙදාගැනීමට.