IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සිමෙන්තියි කුකුළු මසුයි මිල වැඩිවේ

කිලෝ පනහක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 68 - 85 කින් ද  කුකුළු මස් කිලෝවක මිල රුපියල් 30 කින්ද  අද මැදියම් රැයේ සිට වැඩිකර ඇත.



අදහස් (128)

සිමෙන්තියි කුකුළු මසුයි මිල වැඩිවේ

කීර්ති Saturday, 13 October 2012 05:37 PM

මේ ඒකාධිපති මුල් අවස්ථාව. තව ඉස්සරහට හොද හොද සෙල්ලම්. හොද වෙලාවට ක්‍රිකට් තරගය පැරදුනේ. නැත්නම් ඉස්සෙල්ලාම වැඩි කරන්නේ පුන්නක්කු වල මිල. කොයි වෙලාවෙ හරි ලංකාවෙ මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාව පනිනවා.ලිබියාවෙ මිනිස්සුත් අවුරුදු 20 ක් 25 ක් ඉවසලා බැරිම තැන වුණු දේ මුලු ලෝකෙම දැක්කනේ. මෙහෙම ගියොත් නම් ලංකාවෙ ඒ දේ වෙන්න ලිබියාවෙ තරම් කල් යන එකක් නැහැ නේද? එසේ නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. නමුත් ආණ්ඩුව මීට වඩා තම රටේ මහජනයාට ආදරේ කරුණාව දැක්විය යුතුයි. තමන්ට මනාපය දුන් මිනිස්සුන්ගේ බඩගින්න හඳුනා ගත යුතුයි. නො එසේනම් ආණ්ඩුවට විරුද්දව මුලින්ම ආයුධ අතට ගන්නේ ආණ්ඩුවට පුලුවන් තරම් දර දිය ඇදපු දේශප්‍රේමීන් වීම අරුමයක් නොවේ. (නි)

:       0       0

කීර්ති Saturday, 13 October 2012 05:39 PM

කුකුල්මස් දුප්පතුන්ගේ ශරීරයට අහිතකර වෙන්නට පුළුවං..!(නු)

:       0       0

කීර්ති ඩුබායි Saturday, 13 October 2012 05:41 PM

ක්‍රිකට් තරගය පැරදුනා කියලා සහහර අය සියදිවි හානි කරගත්තා කියලා මට ආරංචි උනා.. මම නම් එදා ඉදලාම හිතුවෙ තරගය පරදින්න කියලා.. සමස්ත දුක් විදින ජයතාවම වෙනුවෙන්..!(නු)

:       0       0

ආරිස් Saturday, 13 October 2012 05:45 PM

මෙම වැඩිවීමෙන් ප්‍රාණඝාත අඩුවීමත් දේශීය නිෂ්පාදන දියුණු වීමත් සිදුවේ..!(නු)

:       0       0

චාමි Sunday, 14 October 2012 11:44 AM

අනේ ආණ්ඩුවට බණින්න එපා. ඊළග පාරත් ඡන්දය දෙන්න. එතකොට හරියයි. (නි)

:       0       1

කීර්ති ඩුබායි Saturday, 13 October 2012 05:39 PM

පිලිපීනයේ පොලේ ගිහිං අරන් යන එළවළු මල්ල උස්සන් දුවන්නේ කුඩා දරුවන්.. ඒ බඩගින්න ඉවසාගන්න බැරි කමටයි.. අපේ රටෙත් හොරු දැං වේගයෙන් බෝවෙනවා.. අපිත් දැං ස්වාසිලන්තයට ලගයි වගේ...!(නු)

:       0       0

විමල් Saturday, 13 October 2012 05:42 PM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.. රජය අපහසු තාවයට පත්කරන්න හිතා මතාම කරපු කුමන්ත්‍රණයක්.. තවමත් කොටි හොල්මන් කරනවා.. (නු)

:       0       1

ගිහාන් Sunday, 14 October 2012 12:06 PM

ඔහොම යං ඔහොම යං. ආශ්චර්‍යය දැන් ළගයි. (නි)

:       0       1

රාජා Saturday, 13 October 2012 05:43 PM

මට හැගෙන විදිහටනන් මෙයාලට දුප්පතාගේ දුක පොඩ්ඩක්වත් තේරෙන්නෙ නෑ. එක පැත්තක තක්කාලි විකුන ගන්න බැරිව ගොවියෝ පස් කනවා. මේ පැත්තෙ මිල වැඩිකරගන යනවා. අය වැයෙන් මොනවා ලැබෙයි ද . බලන් ඉන්න. මොනව උනත් ඇමතිවරුනන් 2,500න් හොදට කාල බීල ඈදල ඉන්නවා. අපිට තමයි ඒකත් බැරි. (අ)

:       0       1

රජිත් Saturday, 13 October 2012 05:53 PM

මම නම් මීට පස්සේ කරන්නේ ලස්සන කුකුලෙක් ඉන්න ඡායාරූපයක් බිත්තියෙ ගහලා ඒක දිහා බලාගෙන තියෙන දෙයක් එක්ක බත් කනවා..!(නු)

:       0       1

රසීන් Sunday, 14 October 2012 12:55 PM

ඔහොම ගියොත් නම් ලංකාවේ ජීවත් වෙන්න බැහැ. (නි)

:       0       1

සිල්වා Saturday, 13 October 2012 12:36 PM

ගන්න ගන්න තව ගන්න ණය , පුන්නක්කු නිෂ්පාධනය වැඩිකරන්න (ස)

:       0       1

raja Saturday, 13 October 2012 06:22 PM

සේනක හිගන රටක් බවට රට පත්කලේ එදා මෙදා තුර රට කරවපු අයයි. එයාල එයාලගේ මඩිය තර කරගන්න බලනව මිසක් රට ගැනවත් රටේ ජනතාව ගැනවත් බලන්නේ නෑ. (අ)

:       0       0

උදාර Saturday, 13 October 2012 06:23 PM

මමත් මේ රටේ ඉන්න එකෙක් , මමත් ණයක් අරන් හැදුව ගෙයක්, මොකද පඩියෙන් ගෙවල් හදන්න බෑ කියල අපි කවුරුත් දන්නවනේ. බැංකුවෙන් ලියුමක් ආව දැන් ලංකාවේ මහ බැංකුව කියන විදිහට ණය පොළී අනුපාතය වැඩි කරලා තව XXXX ගානක් (මහ ලොකු ගානක්) අමතරව මාසෙට ගෙවන්න කියල. කොහේ කරන්න ද? මම අන්තිමට කරන හිටිය රස්සාව දාල, පොඩි එවුන් ටික ගෙදර දාල විදේශ රටකට ආව සල්ලි ටිකක් හොයන් එන්නම් නැත්තම් ජීවත් වෙන්න වත් බෑ කියල තේරුණා නිසා. දැන් එන්න එන්න ම බඩු හැම එකක් ම මිල වැඩි කරල නේ. මම මේ අද නිවාඩු දවසේ ලංකාදීප බල බල ඉන්නේ, මට හැමදාම මෙහෙ ඉන්න වෙයි ද දන්නේ නෑ පොඩි උන්ට කන්න වත් දෙන්න සල්ලි හොයන්න. අනේ එහෙම නම් වෙන්න එපා. දැන් වැඩි කරන එව්වා අය වැයෙන් අඩු කරලවත් දාන්න කියල මම මේ ප්‍රාර්ථනා කරන්නේ. (අ)

:       0       0

බන්දුල Saturday, 13 October 2012 12:46 PM

අනේ තව වැඩිකරන්න. අපිට නම් කමක් නැහැ. මොකද අපි ඡන්දය දුන්නේ සන්ධානයටනේ. (නි)

:       0       0

ලලිත් කටාර් Saturday, 13 October 2012 06:24 PM

කල්‍යාණ තේරෙන්නේ නැද්ද යුද්දෙට වියදම් කළ සල්ලි දැං සුද්දෙ දෙනවා.. ඒ වියදම් යුද්දෙට වඩා වැඩියි....(නු)

:       0       0

තරිදු Saturday, 13 October 2012 12:40 PM

මේකේ තියෙන විදියට මම හිතුවා අලුත් කුකුල්මස් ජාතියක් කියලා.."සිමෙන්ති කුකුල්මස්" (ස)

:       0       0

නිරාන් Saturday, 13 October 2012 12:41 PM

නියම සෙල්ලම් දාන්නේ, අය වැයට කලින්ම වැඩ පටන්ගෙන..ආසියාවේ ආශ්චර්‍ය (ස)

:       0       1

රියාස් Sunday, 14 October 2012 01:44 PM

ලංකාවේ දැන් හැම දෙයක්ම ආශ්චර්‍යක් වෙලා .බඩුමිල වැඩි වීමත් එහෙම තමයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 October 2012 12:45 PM

මේක කවදද නතර වෙන්නේ (ස)

:       0       1

සම්පත් Saturday, 13 October 2012 06:33 PM

අඩන්න එපා ලංකාවෙ බඩු ගනන් අඩුයි.. මම වැඩකරන්නේ යුරෝපයේ රටක.. පිරිමහලා ජීවත් වෙන්න පුරුදු වෙන්න.. එළවළු කන්න.. රතුහාල් බත් කන්න.. කන්කුං මුගුණුඇණ්න වැනි පලාවර්ග කන්න කොච්චර ගණන් අඩුද? කුකුල් මස් සල්ලි තියෙන මිනිස්සු කයි.. ඒවා නැතිව මැරෙන්නේ නැහැ දුප්පත් අය.. බොරුවට ආණ්ඩුවට නම් බනින්නෙපා..!(නු)

:       0       0

සේන Saturday, 13 October 2012 12:48 PM

අප්‍රමාණ සංතෝෂයි (අ)

:       0       0

නිලන්ත ගොඩගේ චීනය Saturday, 13 October 2012 06:45 PM

මට ජපානෙ ඉන්න යාළුවෙක් කිව්වා එහෙ සිමෙන්ති කොට්ටයක් යෙන් 300ක් කියලා.. ඒ කියන්නේ රුපියල් 750ක් විතර.. ඉහළම ආදාම් ලබන රටක වෙලත් මිල අඩුකම.. අපේ රටේ මිනිසුත් ඒ තරම් ආදායමක් ලබනවාද?(නු)

:       0       0

රුවනි ලක්මිණි Saturday, 13 October 2012 06:42 PM

අයියෝ පොඩ්ඩක් ඉන්න ආයෙමත් ඡන්දයක් ළග එනකොට අඩු කරලා දේවි.. ඡන්දය දිනලා අයෙත් ගණන් උස්සනකම්.. ඕත තමයි සිද්ධාන්තය..!(නු)

:       0       0

ජනක Saturday, 13 October 2012 12:52 PM

කාට කියන්නද

:       0       0

සරත් Saturday, 13 October 2012 06:47 PM

අර දැරිවියත් එක්ක ඉන්න පින්තූරයෙන් පස්සේ තමයි මේ ඔක්කොම උනේ..!(නු)

:       0       0

ෆාරු Saturday, 13 October 2012 12:54 PM

අපිත් බලමුකෝ මේ සෙල්ලම් තව කොච්චර කාලෙකටද කියලා (ස)

:       0       0

තුෂාර Saturday, 13 October 2012 06:58 PM

බඩු මිල වැඩි නොකර කොහොමද? (නු)

:       0       0

රසිකා සේනාරත්න දෝහාකටාර් Saturday, 13 October 2012 06:55 PM

ගෙයක් හදන්න බැරිනම් කන්න විදියක් නැතිනම් බෝට්ටුකින් හෝ ඕස්ට්‍රේලියාවට පනින එක තමයි හොද...(නු)

:       0       21

අමිල Sunday, 14 October 2012 02:12 PM

ප්‍රාණ ඝාතයට එරෙහි අය මේ ගැන සතුටුවිය යුතුයි (නි)

:       0       0

අශානි රාජපක්ෂ Saturday, 13 October 2012 06:58 PM

පිටරටවලට බෝට්ටුවෙන් පනින ලාංකිකයෝ තව තවත් වැඩි වෙයි මේ විදිය ගියොත්... රටවල් වල ඉන්න අපටත් ලංකාවට එන එක සිහිනයක්.. ගෙයක් හදාගන්න බැරිනම් ඇවිත් කන්න විදියක් නැතිනම් අපිත් මෙහෙටම නාකි වේවි..!(නු)

:       0       0

චරිත් Saturday, 13 October 2012 01:05 PM

මරු, මරේ මරු . ස්තූතියි (ස)

:       0       0

අසින්ත Saturday, 13 October 2012 07:11 PM

යාළුවනේ දැං කරන්න තියෙන්නෙ කොහොම හරි සිමෙන්ති කිලෝ එකක් අරගෙන බඩට කොන්ක්‍රීට් එකක් දාගෙන ගල් ලෙනක ජීවත් වෙන එක.. දුප්පත් මිනිහට දෙවියන්ගේම පිහිටයි..!(නු)

:       0       0

මුතු Saturday, 13 October 2012 12:59 PM

හොඳයි (ස)

:       0       0

දයා සෞදි Saturday, 13 October 2012 01:02 PM

ඔන්නෙ දැන් අරමුණට ටික ටික කිට්ටු වෙන්නයි යන්නේ. (අ)

:       0       0

චන්දිමා Saturday, 13 October 2012 07:21 PM

මිනිස්සුන්ට ගෙයක් දොරක් හදා ගන්න පුලුවන්ද සිමෙන්ති මේ විධියට මිල වැඩි කළාම? වැලි වලටත් විශාල වියදමක් කරන්න වෙලා තියෙද්දී. කෝ අර පීඩිත පන්තිය වෙනුවෙන් සටන් කරල දැන් නිවාස හා ඉදිකිරීම් බාර ගෙන ඉන්න කෙනා? එයාට සද්ද නැතුව ඉන්න පුලුවන්ද අපිට මේ වගේ විනාසයක් වෙන්න යද්දී? අපි කියන්නෙ මෙන්න මේවා තමයි කෑ ගහල නවත්තන්න ඕනි දේවල්..!(නු)

:       0       0

ස්ටැල්ක් Saturday, 13 October 2012 01:11 PM

මධ්‍යම රාත්‍රියේම මේවා වැඩි කරන්නේ මොකද ? කවුරුත් බඩුගන්නේ නැතිවෙලක් නිසා ද ? :D :D(ස)

:       0       0

සුසන්ත කටාර් Saturday, 13 October 2012 07:15 PM

‍එළවළු කාලා මැටියෙන් ගෙයක් හදාගෙන ඉමු.. ඉතාම පහසුයි.. (නු)

:       0       0

කීර්ති Saturday, 13 October 2012 01:11 PM

ඇතිතරම් වැඩි කරන්න හැබැයි පුන්නක්කු මිලටනම් අතවත් තියන්න එපා(ස)

:       0       0

දිසා Saturday, 13 October 2012 01:12 PM

ඔවු ඉතිං. මෙහෙම කරන්නේ නැතුව බැහැනේ. මැති ඇමතිවරුන්ට වෙන ආදායම් මාර්ගයක් නැහැනේ. (නි)

:       0       0

නසාර් Saturday, 13 October 2012 07:24 PM

විපක්ෂය එකමුතු වෙනකම් බඩු මිල රජය යටතේ පාලනය වෙනවා.. විපක්ෂය වග කිව යුතුයි..!(නු)

:       0       0

සරත් Saturday, 13 October 2012 01:12 PM

කුකුල් මස් අනුභවය අඩු කරත් සිමෙන්ති වලට මොනවා කරන්නද? ?? (ස)

:       0       0

කීර්ති Saturday, 13 October 2012 01:12 PM

ඔය වැඩි වීම මමනම් බලාපොරොත්තු වුණේ මැච් එක දවසෙයි‍‍‍....දිණුවනම් තව ගොඩක් දේවල් වල මිල වැඩි වෙයි...මට හරිම සතුටුයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 October 2012 01:13 PM

සේරම වැඩි කරන්නේ ටික ටික . එකපාරම වැඩි කරපල්ලකෝ අඩු ගානේ එකපාර මැරෙන්නවත් (ස)

:       0       0

විපුල Saturday, 13 October 2012 07:32 PM

අපේ ආණ්ඩුව රැක ගනිමු.. බඩුමිල වැඩියි කියන්නේ කම්මැලියෝ රටේ දියුණුවට ඊර්ෂ්‍යා කරන්න එපා.. කොළඹ බලන්න හෝටල් හදනවා.. තට්ටු ගෙවල් හදනවා.. ෆෝමියුලා ධාවන පත හදනවා.. අධිවේගී මාර්ග, වරාය, අලුත් ගුවන් තොටුපලක්, හැම අතින්ම හොදයි.. එකම අඩුපාඩුවක් තියෙන්නේ බෙහෙත් මිල වැඩියි.. ළමයන්ගේ වියකම් වැඩිය.. කරුණාකර පෞද්ගලික අංශයට වැටුප ටිකක් වැඩිකළොත් හොදයි.. බඩු වැඩිකලාට අපි විරුද්ධ නැහැ.. රජයට රට දියුණු කිරීමට මුදල් අවශ්‍යයි... ඉවසමු.. (නු)

:       23       0

ගමගේ Saturday, 13 October 2012 01:16 PM

තව ඡන්දය දෙන්න.. ලංකාවෙ මිනිසුන්ට මේවා තේරෙනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.. (නු)

:       0       0

චාමි Monday, 15 October 2012 07:19 AM

ඕවා කන්න හොද නැහැ. 'සිමෙන්ති කුකුල් මස්' (නි)

:       0       0

නිමල් Saturday, 13 October 2012 01:11 PM

ලංකාවේ ආශ්චර්‍ය අයවැයට කලින්ම පේනවනේ ලාබේ . අනිච්චා වත සංඛාරා (ස)

:       0       23

විමුක්ති Saturday, 13 October 2012 01:22 PM

අනේ මට තව පාරක් ඡන්දේ දාන්න හි‍තෙනවා මෙහෙම බඩු මිල වැඩි‍ වෙන්න වැඩි වෙන්න (ස)

:       0       0

නසාර් Saturday, 13 October 2012 07:42 PM

තියෙන අය කයි.. නැති අය දොයි..!(නු)

:       0       0

රමනි තිසේරා කුවේට් Saturday, 13 October 2012 01:15 PM

දැං ඉතිං සංවර්ධනය කොට උඩ ... සිමෙන්ති ගණන ඇසුවාම එලොව පොල් පේනවා.. ලෝකෙට තියෙන ආශ්චර්යවත් රට ලංකාවයි..!(නු)

:       0       0

මොහොමඩ් Saturday, 13 October 2012 01:22 PM

බඩු මිල වැඩි නොකර කොහොමද රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්නේ (ස)

:       0       0

චන්න වික්‍රම කොරියා Saturday, 13 October 2012 08:00 PM

මම කල්පනා කරන්නේ යුද්ධය අවසන් වෙලත් ඇයි අපිට අඩුවට බඩු ලංකාවෙ දෙන්න බැරි..? යුද්දෙදි හම්බ උන රත්තරං ටිකවත් මේවෙලාවෙදි විකුණලා මහජනයාට සහනයක් දෙන්න බැරි ඇයි?(නු)

:       0       0

ස්ටැන්ලි Saturday, 13 October 2012 01:18 PM

ඔහොම යං ඔහොම යං.. අයවැයෙන් රජයේ සේවකයන්ගේ පඩි මොන ක්‍රමයෙන් හරි වැඩි වෙයි.. උද්ඝෝෂණ කරලා හරි වර්ජන කරලා හරි එයාලා ඒවා ලබාගනීවි... පෞද්ගලික අංශයේ පඩි වැඩි කිරීම් ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ.. එයාල ගැන කවුද? කවද්ද? කතා කරන්නේ..!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 13 October 2012 01:30 PM

18 අවුරුදු වැඩපිලිවෙල මේක (ස)

:       0       0

මනම්පේරි Saturday, 13 October 2012 08:23 PM

ආයෙ ඡන්දෙ ඉල්ලන්න එන්නේ නැතැයි.. මේකද රටේ සංවර්ධණය.. මේ පටන් ගත්තා විතරයි.. තව ඉස්සරහට...(නු)

:       0       0

මනුජ Saturday, 13 October 2012 08:21 PM

සම්පත් ,පීටරට පඩීය ලනකාවෙ සල්ලි වලින් බලනකෙට බඩු අඩු තමයි.ඒත් ලනකාවෙ පඩී ගන්න අය කෙහමද ජිවත් වෙන්නෙ.(නු)

:       0       0

නිෂු (ලන්ඩන්) Saturday, 13 October 2012 01:28 PM

කාලා හමාරයි..! මෙහෙ ඉදගෙන පුංචි ගේ පොඩ්ඩක් ගැන දකින හීනත් දවසින් දවසම ඈතට යනවා..! (ස)

:       0       0

අතුල Saturday, 13 October 2012 01:28 PM

සිමෙන්ති කවරේ වගේ තව ඉදිරියේදි කුකුල්ලුන්ගේ හමත් වෙනම ගානකින් වැඩි වෙයි වගේ...! සුභ අනාගතයක්..! ජය වේවා..!(නු)

:       0       0

සමන් Saturday, 13 October 2012 01:36 PM

තව ටිකදවසකින් කියාවි කුකුල්මස් කන්න එපා වැඩියෙන් ලෙඩ හැදෙනවා ඒවා කන්නේ ත්‍රස්තවාදියෝ ඒ නිසා එයට වඩා පෝෂ්‍ය ගුණයෙන් වැඩියි පුන්නක්කු ඒවා කන්න පුරුදු වෙන්න කියලා... අහෝ යුද්ධයෙන් පසු රට වැනසෙන හැටි...!(නු)

:       0       0

කුමුදු Saturday, 13 October 2012 01:30 PM

මේ රට මහ පුදුම ආගාධයක් (ස)

:       0       0

අර්ශාඩ් ඩුබායි Saturday, 13 October 2012 01:40 PM

මොහොමඩ් ඔයත් කුකුල්මස් විකුණන කෙනෙක්ද?(නු)

:       0       0

යොවුන්සලවි Saturday, 13 October 2012 01:35 PM

ආ මොහොමඩ් රාජ්‍ය සේවකයන් විතරද මිනිස්සු, ලංකාවේ තව මිනිස්සු නැද්ද?රාජ්‍ය සේවයට තමයි පඩි අඩුවෙන්ම ගෙවිය යුත්තේ ඇයි ඒ ගොල්ලෝ කාර්‍යක්ෂමව වැඩ කරන්නේ නෑ නේ...බිස්නස් එකක් කරන්න බෑ හැම දේකටම බදු බදු...දැන් සිල්ලර කඩ කාරයන්ව කොම්පැනිවල බිල්පත් මගින් බදු අය කරන්න පටන් අරන්.. සල්ලි නැත්නම් හිගා කනව මීට වඩා හොදයි........අනාගතයේ තව තව සෙල්ලම් තියනවා බලන්නකෝ ...පෙට්ට්‍රල්,ඩීසල්,වාහන බද්ද අනිවාර්්‍යයෙන්ම අඩු කරයි ඒක 100%යි....(ස)

:       0       0

තුල්සි Saturday, 13 October 2012 01:35 PM

සරසවි ඇදුරන් සමග පැවැති මැච් එක ලාංකීය ඇති බහුතර නූගතුන්ගේ අමන්දානන්දයට හේතු වන පරිදි නිමා කරගත් එකේ ජය සමරා ඇත. තවත් ජනතා ජයග්‍රහණයක්..! (පුන්නක්කු මිල වැඩි කරපු දාට තමයි කට්ටිය අපෙන් පාඩම ඉගෙන ගන්නේ) (ස)

:       0       0

විමුක්ති Saturday, 13 October 2012 01:38 PM

කවුරුත් කිසිම දෙයක් කියන්න එපා . විජාතික බලවේග ක්‍රියාත්මක වෙනවලු .......මොනවාහරි කිව්වොත් මේ වෙනුවෙන් (ස)

:       0       0

ඉරේෂ් Saturday, 13 October 2012 01:42 PM

ස්තූතියි !!! (ස)

:       0       0

කීර්ති ඩුබායි Saturday, 13 October 2012 01:43 PM

අපේ රට ඉතියෝපියාවට සෝමාලියාවට බංගාලිදේශයට ටිකෙන් ටික ලං වේගනයි එන්නේ.. ඔහොම යං..!(නු)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 13 October 2012 09:13 PM

සිමෙන්ති ටිකක් අරගෙන බඩට කොන්ක්‍රීට් දාගන්න තියෙන්නේ..!(නු)

:       0       0

ලලිත් සෞදි Saturday, 13 October 2012 01:46 PM

සිමෙන්ති කුකුල්මස් ගාන වැඩිකලා මදි කකුල් මස් අඩුකරන්නයි තියෙන්නේ.. මොකද බත්කන මිනිසුන් ඉන්නවානම් මේ අයට ඡන්දෙ දෙනවාද?(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 13 October 2012 01:53 PM

හරිනේ..... එහෙම නැත්නම් කොහොමද මැති ඇමතිලාගේ පවුල් වලට උවමනාකරන දේවල් දෙන්නේ? දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි ලෝකයේ ආශ්චර්යය කරා ලගා වෙමු..!(නු)

:       0       0

කීර්ති Saturday, 13 October 2012 01:53 PM

පුන්නක්කු මිල වැඩි උනොත් විතරයි අපිට ප්‍රශ්නේ ...හරිම සතුටුදායක පුවතක් මට (ස)

:       0       0

හිල්මි Saturday, 13 October 2012 01:54 PM

කුකුල් මස් කීයට ගියත් කෑ ගහන කෙනෙක් නැහැ.. දුප්පතාට ඒක ඉවසා ගෙන ඉන්න සිදුවෙනවා..!(නු)

:       0       0

කීර්ති ඩුබායි Saturday, 13 October 2012 01:56 PM

දැරියගේ ආසාව ඉටුවේ කියන ලිපියල ජනාධිපතිතුමාට බුදුන් දැක නිවන් දකින්න කියා කියපු අය දැං මොනවාද මේ කියන්නේ..!(නු)

:       0       0

රනේ Saturday, 13 October 2012 09:23 PM

හැමදේම වෙන්නෙ හොඳට නේ’ මේ ටිකත් ඉවසන්න’...(නු)

:       0       0

නිසල් Saturday, 13 October 2012 01:53 PM

කොහොමත් හැම දේක්කම මිල වැඩි කරන්න වෙනවා.. රටේ හැම සම්පතක්ම වගේ පාවිචිච් කලා නෙ....මැතිවරණ සමයේ අයවැයට කලින් ගනන් වැඩි කරහම...අයවැයෙන් වැඩි කරන්න දෙයක් නෑනේ....එතකොට සමහරුන්ට කියන්න පුලුවන් අයවැය හරිම ඉස්තරම් කියල (ස)

:       0       0

පාරු Saturday, 13 October 2012 02:01 PM

සිමෙන්ති කිලෝ එකක් එකයි පනහක් විතර වැඩි වෙන කොට කුකුල් මස් කිලෝ එකක් තිහකින් වැඩි වෙලා. කුකුල් මස් කන්න සල්ලි මදි නිසා. සිමෙන්ති කිලෝ එකක් කාල බඩ පුරවගම්මු.(ස)

:       0       0

වරුණ Saturday, 13 October 2012 02:02 PM

ජය වේවා අපේ බුද්ධිමත් දේශප්‍රේමී ජනතාවට (ස)

:       0       0

නසාර් Saturday, 13 October 2012 01:57 PM

සිමෙන්ති කාල කුකුල්මස් කන්න (ස)

:       0       0

ලක්ෂ්මන් Saturday, 13 October 2012 02:09 PM

අනේ මන්ද ඡන්දේ දීපු මට හරිම ලජ්ජයි (අ)

:       0       0

සහන් Saturday, 13 October 2012 02:27 PM

කුකුල් මස් කන්න එපා. බොයිලර් කුකුල් මස් කෑවාම කැන්සර් හැදෙන්න පුලුවන්. මේව අධිරාජ්‍යවිදින්ගෙ කෑම. ඔයා සාලයො වගේ මිල අඩු මාළු ටිකක් අරන් කෑවාම ඉවරයි නෙ. සිමෙන්ති ගන්න බැරිනම් ඔය මැටි වගේ දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. මේකට තමයි නියම දේශීය චින්තනය කියන්නේ (ස)

:       0       0

අනුර Saturday, 13 October 2012 02:28 PM

ආචාර්‍යවරු ගොඩ අපි අනාතයි (ස)

:       0       0

ලලිත් සෞදි Saturday, 13 October 2012 10:29 PM

ලෝකයේ ධනවත්ම රටක් වන සෞදි අරාබියෙ සිමෙන්ති කොට්ටයක මිල ලංකා රුපියල් 500ක් විතර ඇත.. ග්රූම් 1300ක කුකුලෙක් රුපියල් 400යි.. අපේ රටට මොකද වෙලා තියෙන්නේ..!(නු)

:       0       0

නසාර් Saturday, 13 October 2012 02:29 PM

ඒ,බී,සී,ඩී පිළිවෙළට කියාගෙන යද්දී ඊළගට තියෙන අකුර මොකක්ද? (නි)

:       0       0

අමිල Saturday, 13 October 2012 02:42 PM

ඒක හොදයි කුකුලන්ගේ ජීවිත බේරන්න ගත්තු හොද තීරණයක්.. එත් පුන්නක්කු සහ තණකොල වල මිල නම් වැඩි කරන්න එපා.. මොකද අපේ රටේ බහුතර බුද්ධිම්ත් ජනතාව කන්නේ ඒවානනේ..!(නු)

:       0       0

හේරත් Saturday, 13 October 2012 02:44 PM

ඩොලර් එක තව පහලට ‍ගේමුද ? (ස)

:       0       0

ජානක Saturday, 13 October 2012 02:42 PM

අපිට හොද අයවැයක් ලැබෙන පාටයි.. මම පුද්ගලික අංශයේ සාමාන්‍ය සේවකයෙක්.. පඩිය රැපියල් 28000ක් විතර ලැබෙනවා.. මගේ පඩිය 40000 කරන්න.. ඊළග ඡන්දෙදිත් මම ඔයාලටම තමා.. අපේ පවුලම කුකුල්මස් කන්නේ නැහැ.. ගෙයක් හදන්න සල්ලි නැහැ.. මම කුලියට ඉන්නේ.. අපේ රජයට ජය වේවා.. විරුද්ධපක්ෂයේ නායක තුමාටත් ජයම වේවා.. කසාය බිව්ව ගොලුවා වගේ ප්‍රතිපත්තිය ගෙනියන්න..!(නු)

:       0       0

සිරී Saturday, 13 October 2012 02:50 PM

තව දෙන්න..... තව දෙන්න... (ස)

:       0       0

සම්පත් Saturday, 13 October 2012 11:23 PM

බඩුමිල හැමදාම එක ගානට තියන්න බෑ. බඩු ගනන් වැඩි වුණාට කමක් නෑ, ඒ වගේම මිනිස්සුන්ගේ පඩිත් වැඩි වෙනවානම්ග

:       0       0

තිලින Saturday, 13 October 2012 02:47 PM

කොහොමත් ඉතින් ඉස්සරහට සිමෙන්ති වගේ දෙයක් කාල තමයි බඩ පුරව ගන්න වෙන්නෙ ආයේ බඩගිනි නොඑන්නම (ස)

:       0       0

අචිනි Saturday, 13 October 2012 02:50 PM

ජය වේවා ශ්‍රී ලංකා (ස)

:       0       0

ඉන්දික Saturday, 13 October 2012 02:55 PM

කුකුල්මස් අපට කවලා අපේ මුළු චින්තනයම කෑවා..!(නු)

:       0       0

නිරාන් Saturday, 13 October 2012 03:03 PM

මැච් එක දිනුවනම් වැ‍ඩේ බලන්න තිබුණා (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Saturday, 13 October 2012 03:05 PM

මාර්ග සංවර්දනයට කියා චීනයෙන් සහ ඔපෙක් සංවිදනයෙන් තවත් ණය ලබගන්නයි හදන්නේ, මේවට පොලී ගෙවන්න තවත් බදු මිල වැඩි කරන්න වෙනවා. මෙන්න 2013 බධු මිල සිමෙන්ති කොට්ටය 1300 සීනි කිලෝව 140 හාල් කිලෝව 130 බිත්තර 1ක් 25 කුකුල් මස් කිලෝව 600 අඩුම බස් ගාස්තුව 20 අර 2500 මදි වෙනවා. 2550ක් විතර මාසික වියදමට අවශ්‍ය වේවි මම හිතන්නේ (ස)

:       0       0

රාජා Saturday, 13 October 2012 03:11 PM

ඇත්තටම මේ වැඩි කිරිල්ලේ සීමාවක් නැද්ද?. මට මතකයි ඉස්සර දවසක ඔය 225 දෙනාගෙන් කෙනෙක් ඇහුව මිල වැඩිකරන්න විතරනන් පුලුවන් ආණ්ඩුවක් මොකටද කියල. එහෙනන් දැන්තියෙන්නේ මොකද්ද ?.(ස)

:       0       0

අතුල Saturday, 13 October 2012 03:10 PM

කරුණාකරලා කවුරුහරි කෙනෙක් මට කියනවද දැන් සිමෙන්ති කොට්ටෙක නව මිල කීයද කියලා (ස)

:       0       0

gayan perera Saturday, 13 October 2012 03:19 PM

කොයි වෙලාවෙ හරි ලංකාවෙ මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාව පනිනව. ලිබියාවෙ මිනිස්සුත් අවුරුදු 20 ක් 25 ක් ඉවසලා බැරිම තැන වුණු දේ මුලු ලෝකෙම දැක්කනේ. මෙහෙම ගියොත් නම් ලංකාවෙ ඒ දේ වෙන්න ලිබියාවෙ තරම් කල් යන එකක් නැහැ නේද? එසේ නොවේවා කියා ප්‍රාර්ථනා කරනව. නමුත් ආණ්ඩුව මීට වඩා තම රටේ මහජනයාට ආදරේ කරුණාව දැක්විය යුතුයි. තමන්ට මනාපය දුන් මිනිස්සුන්ගේ බඩගින්න හඳුනා ගත යුතුයි. නො එසේනම් ආණ්ඩුවට විරුද්දව මුලින්ම ආයුධ අතට ගන්නේ ආණ්ඩුවට පුලුවන් තරම් දර දිය ඇදපු දේශ ප්‍රේමීන් වීම අරුමයක් නොවේ.(ස)

:       0       0

ජීවක Saturday, 13 October 2012 03:22 PM

ලග්ගල පල්ලේගම වගා කළ තම තක්කාලි අස්වනු කිලෝ පනස් දහසක් විකුණා ගත නොහැකි වී ඇතැයි ගොවියෝ පවසති. තක්කාලි කිලෝව රුපියල් 1.50 දක්වා පහත වැටී ඇත. මෙවර මහ කන්නයේ මෙම ප්‍රදේශයේ හෙක්ටයාර් 40ක පමණ තක්කාලි වගා කෙරිණි. වියදම් වූ මුදලවත් උපයා ගැනීමට නොහැකිව ගොවීහු දැඩි අසීරු තත්තයට පත්ව සිටිති (ස)

:       0       0

පනාගොඩ Sunday, 14 October 2012 01:53 AM

ගාණ වැඩිවුණ නිසා ඉතාලියේ ඉන්න වෙන්නප්පු කුකුළන් ටික දැන් ආපහු ලංකාවට පනීවි. (නි)

:       0       0

මහේල Saturday, 13 October 2012 03:23 PM

ඔව් රිස්වාන්, මහා බැංකු වාර්තා කියනවා, දල ජාතික ආදයම වැඩිවෙලා ,දල ජාතික නිෂ්පාදිතය වැඩිවෙලා කියල, ඒ ලොකු ලොකු මහත්තුරු පුටු ටික බේරා ගන්න වාර්තාව ලස්සනට හදි. දුප්පතාට තිබු පාන්වත් කන්න බැරිවෙලා තිබෙන්නේ.මොන ඡන්දයක් තිබ්බත් රජය දිනනවා. හේතුව රටේ විපක්ෂයක් නැති නිසා. තිබෙන විපක්ෂයත් ඇතුලේ ප්‍රශ්න ගොඩයිනේ.

:       0       0

දිනේෂ් Sunday, 14 October 2012 03:29 AM

තව ඡන්දය දෙන්නකෝ. (නි)

:       0       0

කල්‍යාන Saturday, 13 October 2012 03:27 PM

රටට අගමැති කෙනෙක් නැහැ.. රට ඒකමතික තීරණ අරගෙන පාලනය වෙනවා.. ජනතාව මෝඩයි.. යුද්දෙට වියදම් උණ සල්ලි ඉතුරුයි නම් ඒ සල්ලි කොහෙද යන්නේ..!(නු)

:       0       0

ගැරදි Saturday, 13 October 2012 03:26 PM

රටක ඒකාධිපතියෙක් ඉන්නකොට මෙහෙම වෙනවා.. සිම්බාබ්වේ වල රොබට් මුගාබේ ඉන්නකොට මිනිසුන්ට පාන් ගෙඩිය් ගන්නත් ඒ වගේ දෙගුණයක් විතර සල්ලි මිටි ගෙනියන්න වෙනවා අපි දැක්කා.. මේ ඒකාධිපති මුල් අවස්ථාව.. තව ඉස්සරහට හොද හොද සෙල්ලම්.. හොද වෙලාවට ක්‍රිකට් තරගය පැරදුනේ.. නැත්නම් ඉස්රලාම වැඩි කරන්නේ පුන්නක්කු වල මිල..!(නු)

:       0       0

තරිදු Sunday, 14 October 2012 04:10 AM

මට අපේ රට ගැන කණගාටුයි. (නි)

:       0       0

අහෝක Saturday, 13 October 2012 03:35 PM

අනේ ඔයාලට තේරෙන්නෙ නැද්ද බඩට කොන්ක්‍රීට් දාගත්තම ආයෙ කෑම මොනවද?(නු)

:       0       0

නිශාන් ඕස්ට්‍රේලියා Sunday, 14 October 2012 04:21 AM

රුපියල් තිහයිනේ..!(නු)

:       0       0

සිරිමා Saturday, 13 October 2012 03:39 PM

තව ණය ගමු , පොලියට තව ගමු , රටම විනාස වෙනවා .මෙහෙම ගියොත් ජනතව නොමරා මරාවි‍‍‍.............(ස)

:       0       0

නාලක Sunday, 14 October 2012 04:52 AM

අයියෝ සල්ලි

:       0       0

සිල්වා Sunday, 14 October 2012 05:04 AM

කලබල වෙන්න දෙයක් නැහැ. තණකොළ වල මිළ වැඩිකළේ නැහැනේ. (නි)

:       0       0

සිල්වා Sunday, 14 October 2012 07:55 AM

එල්ලලා මරන්න එපැයි. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Saturday, 13 October 2012 03:53 PM

ඔන්න ඉතිං අපි අයවැයෙන් මිල වැඩි කරන්න හිටියේ සිමෙන්තිවලට සහ කුකුල් මස්වලට විතරයි....දැන් ඉතිං අයවැයෙන් ඒකත් වැඩි කරන්නෙ නෑ කියල තීන්දුවක් ගත්තා.......(ස)

:       0       0

අමිල කටුනායක Saturday, 13 October 2012 04:05 PM

ආයුබෝ වේවා !! .................................... !!! (ස)

:       0       0

සේනක Saturday, 13 October 2012 04:08 PM

හිගන රටක ඉපදුනාම මෙහෙම තමා (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 13 October 2012 04:12 PM

හෙට අනිද්දා වෙද්දි ඔය ගානට හුරු වෙනවා කියලා ආණ්ඩුව දන්නවා.. අයවැයෙන් සිමෙන්ති රුපියල් විස්සකින් විතර අඩු කලාම ආණ්ඩුවට නැවත ප්‍රශස්ති කියනවා.. 2003 දී රුපියල් දෙකකින් පෙට්‍රල් වැඩිකලාම මෙහෙම වැඩි කරන්න මොනවටද ආණ්ඩුවක් කියපු අය රුපියල් 50-60 න් තමයි ඒවා වැඩි කරන්නේ..!(නු)

:       0       0

පනාගොඩ Saturday, 13 October 2012 04:05 PM

ආසියාවේ ආශ්චර්‍ය එනවෝ......!!!!!!(ස)

:       0       0

අමිල කටුනායක Saturday, 13 October 2012 04:15 PM

මැච් එක පරාද කරවන්න කටයුතු කර සැමට මාගේ උපහාරය (ස)

:       0       0

ප්‍රනාන්දු Sunday, 14 October 2012 09:19 AM

මේ මිළ වැඩි වීඹ හොදයි.(නදී)

:       0       0

ගයා Saturday, 13 October 2012 04:19 PM

අයියෝ ඔච්චර කලබල වෙන්න දෙයක් නෑ . කි‍ලෝ 50 සිමින්ති කවරෙනේ වැඩිවෙන්නේ..සිමින්ති කවරය අපි නොගෙන ඉමු (ස)

:       0       0

මනම්පේරි Sunday, 14 October 2012 09:19 AM

දැන් ඉතින් කිරිමැටි වලින් ගෙවල් හදමු.(නදී)

:       0       0

සමීර Tuesday, 16 October 2012 01:53 PM

බොහොම හොඳයි තව වැඩි කරන්න (ස)

:       0       0

දම්මික Saturday, 13 October 2012 04:25 PM

මෙහෙමත් රටක් (ස)

:       0       0

නිහාල් ඉතාලිය Saturday, 13 October 2012 04:57 PM

අපි අසරණ වෙලාවගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ (අ)

:       0       0

චානක Saturday, 13 October 2012 05:02 PM

දැන් ඉතින් දුන්න දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්න (අ)

:       0       0

පුබුදු Saturday, 13 October 2012 05:08 PM

මේ ප්‍රතිචාර රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රතිචාර නම් නෙමෙයි.. ආණ්ඩුවට අනිවාර්යයෙන්ම බඩුමිල වැඩිකරන්න වෙනවා.. කරුණාකර බලන්න කොළඹ තියෙන උස ගොඩනැගිලි, අධිවේගී පාරවල් සහ හම්බන්තොට වරාය, ගුවන්තොටුපල, මේවා තැනීමට මුදල් අවශ්‍යයි. අපි ටිකක් ඉවසා ඉමු.. නමුත් රජය බෙහෙමත් මිල හා ඉන්දන මිල වැඩි නොකරයි කියලා විශ්වාස කරනවා. පෞද්ගලික අංශයට විතරක් පඩි වැඩිවීමක් දෙන්න.. රජයේ සේවකයන්ට වරප්‍රසාද වැඩියෙන් ලබා දෙන්න. විශ්‍රාමිකයන්ට සුළු ගානක් දුන්නොත් හොදයි.. ප්‍රවාහන හා ආහාර ගාස්තු අඩුකරන්න.. (නු)

:       0       0

නිහාල් ඉතාලි Saturday, 13 October 2012 05:12 PM

හිතේ දුකට ගැයෙන ගී නොදැක ඉන්න බෑ කුකුල් මස් නොලද ඉන්න බෑ සිමෙන්ති දෙකම නැතිව බෑ මගෙ ආදරේ..!(නු)

:       0       0

වසන්ත Sunday, 14 October 2012 11:06 AM

වෙනද ප්‍රතිචාර දක්වන රටට ආදරේ දේශප්‍රේමී කට්ටිය කොහෙද?

:       0       0

ගලබොඩ - ඉතාලිය Saturday, 13 October 2012 05:32 PM

නන්දන පනාගොඩ, ඔයා ලියපු එක තවත් රසවත් මෙහෙම ලිව්වොත් ආසියාවේ ආශ්චර්ය එනවෝ පුළුන් අයෙක් වෙන රටකට යන්නෝ (අ)

:       0       0

නන්දන ගලගෙදර Saturday, 13 October 2012 05:27 PM

අපිටම දුකයි ;අපි ගැන.මොනවා කරන්නද?බලාගෙන ඉන්නවා මිස; (අ)

:       0       4

ඉසුරු Monday, 19 February 2018 06:30 AM

මේ ශිෂ්ටාචාරය ඉක්මණින් විනාශ වෙන්නයි යන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1463 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2428 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2782 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 622 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2193 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 678 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39662 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25793 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site