‘සම්මේලන කුසලාන’ ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලියට වාර්තාගත ක‍්‍රීඩකාවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇතැයි ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ලේකම් රෝහිණී මතායස් මහත්මිය ‘ලංකාදීපයට’ පැවසුවාය. කැරම් සම්මේලනය 24 වැනි වරටත් මෙහෙයවන මෙම තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වට ක‍්‍රීඩිකාවෝ 115 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. මතායස් මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකා කැරම් ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ තරගාවලියකට ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් ලැබුණ වැඩිම අවස්ථාව මෙය බවයි. තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වට ජාතික සංචිතයේ ක‍්‍රීඩකයන් 16 දෙනා හැරෙන්නට ක‍්‍රීඩකයෝ 198 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. තරගාවලිය පිරිමි හා කාන්තා කේවළ, යුගල හා මිශ‍්‍ර යුගල ඉසව්වලින් හා ප‍්‍රවීණයන්ගේ ඉසව්වකින් සමන්විතවේ. සෙසු ඉසව් සඳහා ද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වැඩි පිරිසක් ඉදිරිපත්ව සිටීම කැපී පෙනෙන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය. කොළඹ රීඞ් මාවතේ තුරඟ තරග පිටිය අසළ ගොඩනැගිල්ල නවීකරණය කිරීම නිසා එහි පවත්වාගෙන ගිය කැරම් සංගම් මූලස්ථානය එම ස්ථානයේ ඉවත් කර ගැනීමට නිලධාරීන්ට මේ වන විට සිදුව තිබේ. ඒ හේතුවෙන් තරගාවලිය පැවැත්වීමට සුදුසු ස්ථානයක් නොමැතිවීම නිසා කැරම් සම්මේලනය විසින් තරගාවලියක් සංවිධානය කරනු ලබන්නේ මාස පහකට පසුවය. මහරගම ප‍්‍රදේශයේ ස්ථානයක් තරගාවලිය පැවැත්වීමට සුදානම් කර තිබෙන අතර තරගාවලිය ජනවාරී මස 7 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වේ. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පහසුව සඳහා සෙනසුරාදා සහ ඉරිදා දිනත් ඇතුළුව දින අටක් පුරා මෙම තරගාවලිය පැවැත්වේ. පසුගිය වසරේ පිරිමි ශූරතාව ජාතික ශූර චමිල් කුරේද, කාන්තා ශූරතාව මධුෂිකා කාංචනමාලා ද දිනා ගැනීමට සමත්වුහ.
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සම්මේලන කුසලාන කැරම් තරගාවලියට ක‍්‍රීඩිකාවන්ගේ වාර්තාගත සහභාගීත්වයක්