කතරගම පූජා නගරයේ හා අවට වඳුරන් හා රිලවුන් පළවා හැරීම සඳහා ‘දිවියන්‘ ගස්වල එල්ලා ඇත.
දිවියන් දුටු විට සාමුවන් පළා යතියි වැසියෝ කියති.
රෙදි කැබලිවලින් හැදූ දිවියන්ගෙන් හොඳ ප්‍රතිඵල ලැබෙතියි ද ඔවුහු කියති.
කතරගම දේවාලයේ පළතුරු, පොල් ආදිය කෑමට ද වන්දනාකරුවන් දෙන ආහාර බලාපොරොත්තුවෙන් ද මේ සත්තු සිය ගණනින් තැන තැන රැඳී සිටිති. ඇතැම් විට ඔවුහු ආක්‍රමණකාරී වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිලවුන්ගේ බෝවීම වැඩියි... ලෝකයේම එක්තරා ජන කොටසක ජනගහනය වැඩිවෙනවා වගේ.. (ස)
මාරයි (ස)
බෝ වීම වළක්වන මොනවා හරි කරමු (අ)
මේව මළ කෝලම් (අ)
රිළවු බෝවෙන විදිය ගැන කියන්නේ, ළගදි සංගණනයක්වත් කරලද දන්නෙ නැහැ. (නි)
කැළණිය පැත්තේ කාගේහරි ෆොටෝ එකක් එල්ලුවා නම් කවුරුවත් එන්නෙ නැහැ. (නි)
බෙනට්, 10 වෙනි පන්තියේ සිංහල දැනුමට අනුව කිත්සිරි නිවැරදියි. දන්න කියන සිංහල ගුරුතුමෙකුගෙන් අසා දැන ගත හැකියි. සාවුන් සහ මුවන් ගස් නොනගින බව මොන්ටිසෝරි දරුවෝද දනිති. (නි)
ඡන්දදායකයින් වගේ හැමදාම රිලවු වදුරො රවටන්න බැහැ. (නි)
කිත්සිරි, සාමුවන් කියන්නේ ඉතාම සරලව සාවුන් සහ මුවන් [ හාවෝ සහ මුවෝ ] කියන එකයි. මේක මොන්ටිසෝරියේදී උගන්වන්නේ. (නි)
සාමුවන් කියන්නෙ හාවන් සහ මුවන්ට නෙමෙයිද?(නු)
වදුරන්ව හැමදාම රවටන්න බැහැ..!(නු)
දැං කතරගම රිළවුන් නැතිව යයිද දන්නේ නැහැ..!(නු)
සාමුවන් කියන්නේ ශාක මෘග කියන එකනේ... එත් සෙල්ලම් බදු වලට රැවටෙන්න තරම ඔය අය මෝඩයි කියල හිතන්න අමාරුයි... ටික දවසකින් දැනගෙන අපහු එයි (නු)
"සාමුවන්" කියන්නේ මොකුන්ටද...? රිලවුන්ටද...? .(ස)
වදුරන් කෙසේ වෙතත් රිලව් ටික ඔය එල්ලලා තියෙන කොටියට වැඩක් දේවි (ස)
හේමන්ත, නෑ ඒ හනුමා දඩු මොනරෙන් යනවා (ස)
වදුරට ගිය කල, කතරගම දෙවියන්ගේ වාහනේ දැන් එයාලා පාවිච්චි කරන්නේ (ස)
දිවි හම ගන්න කියලා ඕකත් දඩයම් කරයිද දන්නේ නැහැ.. කල්පනාවෙන් ඉන්න..!(නු)
ටික දවසකින් රිලවුත් රෙදි කොටින්ට හුරු වෙයි..ඒත් උත්සාහය හොඳයි. (ස)
මේ සතුන්ට අයිති තැන් මිනිසුන් උදුරාගෙන.. කන්න පුළුවං දෙයක් හැදෙන ගහක් කොලක් මේ සතුන්ට නැහැ.. ඒ නිසා මෙහෙම වෙලා වෙන්නේ..!(නු)
ජීවන් ඔයා ලංකාවෙද?(නු)
දිවියා උනාට පේන්නේ කොටියා වගේ අපේ සමහර අය ඕක දැක්කොත් කොටි අවතාර කියයි නැත්නම් කොටින්නට උල්පන්දම්දෙන විජාතික බලවේගයක් කියලා කියයි..!(නු)
තව ටිකදවසකින් රිළවුන්ට තේරෙයි මේක ප්‍රෝඩාවක් කියලා.. උන් තම්බන්න බැහැ මොන දේ කළත්..!(නු)
"හාමුවන්" කිව්වනම් වලවුවල අය අමනාපවෙන නිසා "සාමුවන්" කියන්නේ. (ස)
කොහොමද ටිකිරි මොලේ..!(නු)
මෙන්න මේක නම් නියම මොලේ ඇති වැඩක්.. අපරාදෙ වියදමක් කරන්නෙ විදුලි වැටවල් ගහලා.. මේ විකියට කටුස්සො එල්ලුවානම් අලිත් බයවෙයි..!(නු)