මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි නිහඬ විරෝධතාවක් අද (08) උදේ කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පැවැත්විණි.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙය සංවිධානය කර තිබිණි.
සයිටම් පිළිබඳ නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චැනල් කඩ ඉස්සරහත් මේවගේ විරෝධතාවක් කළානම් තමා හොඳ (බ)
මේ අදහස් පළකරන සමහර අය රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙනුම නොලැබූ බව වැටහේ (නි)
සයිටම් ආයතනය සම්පූර්ණයෙන්ම වංචාවක්. මෙම ආයතනයට තව දුරටත් මිනිසුන්ට වංචාකරන්න ඉඩදෙන්න එපා. අහිංසක ශිෂ්‍යයො රැවටිලා තමන්ගේ මුදලුත් වටිනා කාලයත් නාස්තිකර ගත්තා. ඒ රැවටුනු ශිෂ්‍යයො දැන් උසාවියට ගිහින් උපාධියට පිළිගැනීම ඉල්ලනවා. (නි)
අපි බලමු මොකක්ද කියලා උසාවියේ තීන්දුව? (නි)
සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේකේ තිබෙන බරපතලකම. මේ ළමයින්ට මල් තියලා වඳින්න ඕනෑ. (නි)
මේවා ඉතින් මෙයාලගේ සුපුරුදු දින චර්යාවේ අංගයක් වෙලානේ (නි)
මදැයි රටේ අනාගත පරපුර හැසිරෙන විදිය! (නි)
මෙයාලගේ වැඩේම අරක එපා මේක එපා කියකිය ඉන්න එක එකෙක් මේවට විසදුමක් රජයට යෝජනා කළාද, නිකන් ඉගෙනගන්න සරසවි යන උන් එ්ක හරියට නොකර අනිත් උන්ට දොස් කියනවට වඩා හොඳයි තව තව ආයතන බිහිකර රටට වැඩ දායක දෙයක් හරි ප්‍රමිතියක ට කරන්න උදවු කරනෙක (බ)
මේ කතා වලින් මේ කට්ටියගේ මොලේ තරම පේනවා! (අ)
පිස්සුද ? හැටිද? (බ)
ලංකාවේ ගොඩක් තිබෙන පුද්ගලික බෙහෙත් ශාලා කිසි ප්‍රමිතියක් නැහැ. කොහෙන්හරි හොයාගත්තු ගැහැණු ළමයෙක් නර්ස් කෙනෙක් කරගෙන පොඩි ඉඩක් ඇති කඩ කාමරයක ලෙඩ්ඩු බලනවා. ඒවා ගැනත් කතා කරන්න (නි)
ඇයි තව කෙනෙක් අධ්‍යාපනයක් ලබනවාට අකමැති? (නි)
සයිටම් එකට විතරක් කෑනොගහා, පත්තර පිටු පුරාම තියෙන සියළු හොර උපාධි, ඩිප්ලෝමා කඩවලට විරුද්ධව කෑගහන්න. එතකොට අපිත් සපෝර්ට් එක දෙනවා! (නි)
කිසියම් පාඨමාලාවක් කිරීමට අවශ්‍ය මුලික සුදුසුකම් ලබා තිබුනොත් නොමිලේ හෝ මුදලට එය කිරීමට අයිතියක් තිබිය යුතුයි. ප්‍රමිතිය සඳහා නිර්ණායක යෙදීම ආයතනවල සහ රජයේ වගකීමයි. තරඟකාරිත්වයක් තිබිම තුළින් වඩාත් ගුණාත්මක දොස්තරලා ටිකක් ලංකාවට බිහිවේවි. අනේ පව්, මිනිස්සු මැරෙයි කියලා වෙන්න ඇති දඟලන්නේ (නි)
හොඳම වැඩේ මේ කට්ටිය තමන්ගේ පාඩම් හරියට කරගන මිනිස්සුන්ට හරියට සේවය කිරීම.චැනල් වැඩේ නවත්තලා, ආණ්ඩුවට බල කරලා, හරියට දවසට පය 8 ක් මිනිස්සුනට තමන්ට ලැබෙන පඩියට සේවය කළානම්, සයිටම් එකෙන් පිට වෙන අයව මිනිස්සු නොසලකා හරියි. (බ)
ප්‍රමිතියක් නැති සයිටම් විතරක් නොවෙයි , තව ගොඩක් ‘උපාධි කඩ‘ ලංකාවේ වැහි වැහැල. පත්තරේ බැලුවොත් පිටු 4ක් 5ක් පුරාවටම උපාධි, ඩිප්ලෝමා.. මේක ලාභ ලැබීමේ අරමුණෙන් සිදුකරන ව්‍යාපාරයක් මිසක් බුද්ධිමතුන් බිහිකරන විශ්වවිද්‍යාල නොවෙයි. සල්ලි දීලා නමට පිටිපස්සේ අකුරු දෙකක් තුනක් ගහගත්ත පලියට උගතුන් වෙන්නේ නැහැ. (බ)
නොමිලේ ඉගෙන ගන්න , යථාර්තය නොදන්නා ,මහ පාරේ කාලය කන කුහක පිරිසක්. (අ)
හෝමාගම එන්.එස්.බී.එම්.විශ්ව විද්‍යාලය විවෘත කලා. කවුරුවත් විරෝධතා කළේ නෑ. සයිටම් එකට මේ විරුද්ද වෙන්නේ දොස්තර මුදලාලිලා තමන්ට පාඩු වෙන නිසා. (අ)