බ්‍රිතාන්‍යයේ ජීවත් වු වයස්ගතම ඉබ්බා පසුගිය සතියේ මිය ගියේය. මිය යන විට වයස අවුරුදු 130 කි. බ්‍රිතාන්‍යයේ රජවරු 5 දෙනකුගේ යටත් වැසියකු වු ඉබ්බා තෝමස් යන සුරතල් නාමයෙන් පවුලේ සාමාජියකු ලෙස ජීවත් විය.
ලෝක සංග්‍රාම දෙකක්ම ඔහුට හමු විය. දෙවැනි ලෝක යුද්ධයේදී ඔහු සිටි නිවසට බෝම්බ වැටී නිවාස කඩා වැටෙද්දී නිවැසියෝ ඔහු බේරා ගත්හ.
ඉබ්බාගේ භාරකරු වුයේ ජුනේ ගැලීස්ය. ඇගේ පියා වු හැරිට ග්‍රේස් නැමති කාන්තාවක් විසින් මොහු පරිත්යග කර තිබිණි. ඒ 1922 දීය. එදා මෙදා තුර තොමස් ජීවත් වුයේ ඔවුන්ගේ ඇසුරේය.
1882 දී උපන් තොමස් ලෝක යුද්ධ දෙකකින් බේරුනත් ගෙවත්තේ ඇවිදමින් සිටියදී මීයකු විසින් තොමස්ගේ කකුල සපා කෑම නිසා ඇති වු ආසාදනයකින් මිය ගියේය.
ලෝක යුද්ධ දෙකකින් බේරුනත් ඉබ්බා මීයාගෙන් බේරුනේ නැත. මීයකු ඉබ්බාගේ කකුලක් සපා කෑම නිසා ලේ විෂ විමෙන් මරණය සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ඉබ්බා කොහොමත් හාවා පැරැද්දුවනේ (නි)
උදලුතල නම් මොනවද හසිත. මෙහේ වතුර මැෂින් 3 කුයි, ලොරියකුයි මීයෝ කැවා (නි)
අය්යෝ ඕක මොකක්ද. අපේ සමුපකාරේ උදලු තල දෙකක්ම මීයො කෑවේ. (නදී)
අනේ පවු! (නි)
මීයව හොයලා නඩුවක් දැම්මොත් නරකද? (නි)
මියා හෙලා දකිමු. (ස)
ඉබ්බා සපා කෑ මියා හෙලා දකිමු. (ස)
මෙහෙ මියෝන්ටත් ඕක බෝ වෙයිද? (ස)
මියට නඩු දාමු. (ස)
මෙයාද දන්නෑ හාවත් එක්ක රේස් දිව්වේ.. (ස)
මීයෝ ඔහොමම තමයි (නි)
මීයෝ නම් ඕනතරම්. (ස)
ඉබ්බා වගේ අවුරුදු 130ක් දුර දුවන්න පුළුවන්ද හාවුන්ට ? (ස)
ඕවා ඉංග්‍රීසි යටත්විජිත සමයේ ගොතා සිංහල ළමා මනසට කාවැද්දු ප්‍රබන්ධ කතා. අපිව යටත් කරගත්තට පස්සේ නිදාගන්න ඇති ඒ කාලේ. ඒත් දැන් නෙමෙයි. (නි)
මේ මීයා නම් ආත්ම ගාණක් ඉබ්බගෙ පස්සෙන් ආපු වෛරකාරයෙක්. (ස)
අනුර ඉබ්බන්ටත් පරදින හාවෝ සිටිත්ද ? (ස)
ඉතිහාසය වනසන්න මීයෝ බොහොම දක්ෂයිනේ.(නදී)
හෙමින් හෙමින් සියවස් ගානක් තිස්සේ අපව විනාශකරන ඉංග්‍රීසි රජ පවුලේ අවසානයත් මේ වගේමයි.(නදී)
එංගලන්තේ ජීවත් වෙනවා කියන්නේ මහා ලොකු දෙයක් නෙවි මාර්ක්. අපිත් අවරුදු 21 කක් තිස්සේ පර දේශයකට නය ගෙවනවා. නටපු නැටුමකුත් නැහැ බේරේ පලුවකුත් නැහැ කීවලු. කිසිම වැඩකට නැති ඉබ්බා වගේ තමා?(නදී)
ඇමෙරිකාවේ එංගලන්තෙ කාටහරි අධෝ වාතයක් ගියත් ඒකත් අපේ අයට මහා ලොකුයි. (නි)
බ්‍රිතාන්‍යයේ හිටපු නිසා ඉබ්බා පරමායුෂ වින්දා. ලංකාවේ හිටියා නම් අර දීපාල් සිල්වාගේ සින්දුව තමයි මතක් වෙන්නේ (නි)
අනේ තෝමස් මීයෝ.(නදී)
ඔය මීයට වඩා අපේ රටේ කකුග් දෙකේ මීයෝ භයානකයි අනේ.(නදී)
අපිත් ලෝක යුද්ධ දෙකකින් වගේම ලංකා යුද්ධ දෙකකිනුත් බේරුනා. හැබැයි දැන් දැන් මීයෝ කකුල හපන විදිහට වැඩිකල් ඉන්න ලැබෙන එකක් නැහැ වගේ. (නි)
මීය කෑවේ නැත්නම් තවත් අවුරුදු 150 ක් රජ සැප විදිනවනේ. (නි)
අනේ පවු! (නි)
අපරාදේ තව කාලයක් ඉබ්බට ජිවත් වෙන්න තිබුනා මීයා හැපුවේ නැත්නම්. මෙලොව ඇති භයානකම සත්ව වර්ගය නම්.... මීයයි,වේයයි,නෑයයි. (නි)
එංගලන්තේ එහම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. අපේ අය මරන් කන්නෙත් නැහැ, පවු වැඩ කරන්නෙම නැහැ,මීයන් ලංකාවේම නැහැ (නි)
මේ ඉබ්බා ලංකාවේ හිටියනම් , අපේ කසිප්පු කාරයන්ගේ හොඳ කෑම වේලක් වෙලා ඉවරයි. (නි)
අනාධිමත් කාලයක් තිස්සේ මීයන්ගෙන් උන සේවයකුත් නැහැ වාසියකුත් නැහැ. මීයන් එහෙ මෙහෙ දුවද්දී අනතුරු ඇගවෙනවා කියලා නම් අපි අහලා තියෙනවා. මීයන් ලෝකයේම වඳ කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය වහා ක්‍රියා කල යුතුයි. මීයන් හපා කාලා ලංකිකයින්ට සුදු කබර බෝ කරලා. අවුරුදු 130 ක් ජීවත් වූ ඉබ්බාට කරපු වරැද්දට මී සංහතියටම දඬුවම් කල යුතුයි.(නදී)
ඔබ පින්කර තිබූ නිසා එංගලන්තයේ ඉපදී ඇත. ලංකාවේ උපන්නානම් අවුරුදු 130 කෙසේ වෙතත් මාස 13 ක් වත් ඉන්නේ නැහැ. නිවන් සුව පතමු.(නදී)
මේ ඉබ්බා නේද අර හාවා එක්ක දුවලා එක වුණේ? (නි)