බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද පිරිවෙනේ තිබූ වසර 100කට වඩා පැරැණි බෝධිය අද අලුයම මුලින් ඉදිරී ගිය බව පොලිසිය පවසයි.
එම මාර්ගයේ රථ වාහන ධාවනයද ඇන හිට ඇත.
බෝධිය වටා තිබූ බුද්ධ ප්රතිමාවලට ඉන් හානියක් සිදුව නැත. බෝධිය කඩා වැටීමෙන් වෝල්ට් 33000ක අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ විදුලි කණු තුනක්ද අසල නිවෙස් මතට කඩා වැටී ඇති අතර නිවාස කිහිපයකට ඉන් අලාභ හානි සිදුවී ඇතැයි කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට මහා අපල කාලයක් උදාවෙලා තියෙන්න. මේ ඔක්කොම හරියන්නේ අපේ මහා රජාණෝ නැවත බලයට ආවාම තමයි. (නි)
සිදුවී ඇති අලාභහානි ගැන මේ බැතිමතුන්ගේ සැළකිල්ලක් යොමු වී නැතිවීම කණගාටුවට කරුණක්. විදුලි රැහැන් කණු තුනක් සහ නිවාස කිහිපයක්! කවුද මේවට වන්දි ගෙවන්නේ? මිලානෝ උන්නැහේ වගේ සැම බෞද්ධයකුටම තම තමන්ගේ ඉඩම්වල බෝධිය ගණනේ රෝපණය කර ගන්නවා නම් මේ වගේ ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. (නි)
බුදු පිළිමය බේරුන හැටි පුදුමයි. සුනාමියෙනුත් එසේම වුණා. දළදා මාළිගාවේ බෝම්බෙනුත් හානි වුණේ වාහල්කඩට පමණයි. නිතරම මිනිසුන් බැති සිතින් වන්දනා කරන නිසා මෙවැනි වස්තු රැකෙනවා ඇති. නමුත් බෝධිය ජීවයක් නිසා කවදාක නමුත් විනාශ වියයුතු වස්තුවක්. එය සදාකාලික නොවන බව අපි හැමෝම දන්නා අනිත්‍යයයි. (නි)
බෝධිය අපවත්වීම අපලයක් වෙන්නේ කෙසේද? (නි)
පිටිගල අයියේ, ඔබගේ පින් අනුමෝදනාව හරිම උතුම්. (නි)
මෙහි ඇති අපලයක් නැහැ. මේ තමයි සත්‍ය. මේ වගේ දවසක කඩාවැටිලා පොළවට පොහොර වෙලා යනවා. අභිධර්මය ඇසුරු කරන්න. සත්‍ය වටහා ගන්න. තමන්ටත් ඔච්චරම තමයි (නි)
කණගාටුදායක ආරංචියක්. (නි)
සියළු දේ අනිත්‍යයි (නි)
අපල කාලයක් නම් තමා. එ්ත් නායක හාමුදුරුවරු කියන දේ අහන්නෙ නැතුව රේස් පැද්ද එක සුභ කාලයක් වෙන්න අැති. බෝ ගසත් ඇඟට දැනෙනෙ නැතුව දේශපාලනිකරණය කරන්න එනවා සමහරු (නි)
මේක ආශ්චර්යයක් නෙවේද, බුදුන් වහන්සේගේ පිළිමය සහිත කුටිය බේරුන එක. සාදු සාදු සාදු! බුදුගුණ අනන්තයි. (නි)
මෙය කුමක් හෝ අසුභ පෙරනිමිත්තක්ද? (නි)
තද වැස්සට පස් බුරුල්වෙලා තියෙන්න ඇති. (නි)
බෝධියට අවශ්‍ය ආරක්ෂාවක් ලබා දී නැති බවයි මෙයින් පෙනීයන්නේ. (නි)
අපි කම්පා වෙමු. ආපදාව සුළු නැත. එ්ත් බුදුගෙය සහ බුදු පිළිමය නිරුපද්‍රිතයි. මේවා බුදු දහමේ අනුහස්ය. (නි)
ළඟදීම කරදරයක සේයාවක් (නි)
සෑමවිටම බුද්ධ ප්‍රතිමා බේරෙන අයුරු බලන්නට අපූරුය (නි)
පටිච්ච සම්මුප්පන්නව බෝධියක්ව සකස්වී ශත වර්ෂයක් පිරිත් පුජාව වින්දනය කර, පිරිත් පැනින් පෝෂණය විඳ, සසර කෙටිකරගනු කැමැත්තෙන් සිල් බණ භාවනා කරපු දහස් ගණනකට සිහිල් සුවයක් සැළසු බෝධිරාජය, ඔබ වහන්සේද අනිත්‍ය ස්වභාවය අනුවම පොළවට පස්වී මුලද්‍රව්‍ය තවත් ප්‍රාණ හෝ අප්‍රාණික ධාතුවකට සකස්වනු ඇත. ඔබවහන්සේගේ ධාතු කොටසක් යම් ජීවයකට උරුම වන්නේද, එම ජීවය අප්‍රමාදව මේ සසරින් ගැළවේවා. (නි)
ස්වභාවික, දුක්ඛදායක සිදුවීමක් වුණත්, මේ සිද්ධියෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට සමහර අය වළකින්න පුළුවන් වෙනවා (ම)