IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සාරි පොටේ උඩගිය තරමක්

2016-11-27-ent-106

පුංචි තිරයේ කටකාර හැඩකාර රුවැති රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා පිළිබඳව මෑත කාලයේ වඩාත් කතා බහට ලක්වූණේ පසුගියදා පැවති දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ හොඳම නර්තන වීඩියෝව වෙනුවෙන් සම්මාන ලැබීමත් එක්ක. තමන්ගේ පළමු මියුසික් වීඩියෝ එකෙන්ම පළමු සම්මානය ලැබීමට ඇයට වාසනාව ලැබුණා. ඉතින් රංගනය ගැන ගායනය ගැන අනාගතය ගැන යුරේනි හදසර සමඟ කළ කතා බහයි මේ.

 

කොහොමද ජීවිතේ?

2016-11-27-ent-108මේ දවස්වල හිරු මෙගාස්ටාර් රියැලටි එකේ ඉන්න නිසා ගොඩක් කාර්යබහුලයි. මගේ කණ්ඩායම සූර්යන්ස්. ඉතින් ඒකේ ජයග්‍රහණය වෙනුවෙන් මහන්සි වෙනවා.

 

ඔබේ පළමු සම්මානය පසුගිය දවසක ඔබට ලැබුණා?

ඇත්තටම ඔව්. ඒ මගේ පළමු සම්මානය. මම සතුටු වෙනවා ඒ ලැබුණු ඇගයීමට. මේ මගේ පළමු මියුසික් වීඩියෝ එක. ඒ තරම් සතුටක් නැහැ මට.

 

යුරේනිගේ හීනයක් තිබ්බද කවද හරි ගීතයක් කළේ?

අනේ නැහැ. කිසිම කැමැත්තක් බලාපොරොත්තුවක් හීනයක් තිබ්බේ නැහැ මට.

 

කොහොමද එහෙනම් මේ ගීතය කළෙ?

ඔව්. ඒක සිද්ධ වුණේ අහම්බෙන් කිව්වත් වරදක් නැහැ. මොකද මීට වසර දෙකකට විතර කලින් මම ඇනෙක්ස් එකක හිටියේ. මම ඉතින් අලුත් ඇනෙක්ස් එකක් ගත්තා ගෙදරක උඩ තට්ටුව. ඉතින් මම ඒ ගෙදර ඉන්න කොට රූට නිදන් ඉන්න ඇඳ උඩ පැලෙන්න තරම් සද්දේ. පස්සේ බැලින්නම් පහළ තියෙන්නේ අපේ ළහිරු පෙරේරාගේ (ලා සිංඤෝරෙ) ස්ටුඩියෝ එක. ඉතින් මම වැඩ නැතිව ගෙදර ඉන්න වෙලාවට පහළ ස්ටුඩියෝ එකට ගිහින් අහගෙන ඉන්නවා. සංගීතයට සවන් දෙන්න කොහොමත් මම කැමැතියි. ඉතින් ඔහොම ඉන්නකොට මටත් ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මගේ හිතවත් මනුරංග විජේසේකර මට කිව්වා අපි සින්දුවක් කරමු කියලා. ආසාවක් ඇති වුණාට මට පොඩි බයක් තිබ්බා. ඒ නිසා මුලින් මම බෑ කිව්වා. ඊට පස්සේ මනුරංග මට කිව්වා හරියන්න හරි වරදින්න හරි අපි කරමු කියලා. ඊට පස්සේ ඉතින් මම මේ සාරි පොටේ ගීතය කළා. එතකොට අපි මේ සම්මානය ලැබුණු මියුසික් වීඩියෝ එක ගැනත් කියමු

මම මුලින්ම හිතුවේ නැහැ වීඩියෝ එක ගැන මම හිතුවේ සින්දුව කරලා රේඩියෝ චැනල්වලට දෙන්න. හැබැයි සින්දුව කළාම කට්ටියම කිව්වා මේකට ලස්සන වීඩියෝ එකකුත් කරමු කියලා. මොකද මේ සින්දුවට හොඳට නටන්න පුළුවන් නිසා. ඊට පස්සේ ඉතිං මියුසික් වීඩියෝ එකකුත් කළා. දකුණු ඉන්දීය විදියට ෆිල්ම් එකක වගේ අපි වෙනස් වීඩියෝ එකක් කළේ. ඔහොම තමා සාරි පොටේ මියුසික් වීඩියෝ එක හැදුණේ.

 

රංගන ශිල්පිනියක් වුණාට මුල්ම සම්මානය සංගීත සම්මාන උළෙලකින් නේද?

ඒක තමා හරිම විහිළුව. මම දැන් රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු නවයකට වැඩියි. රංගනය සම්බන්ධයෙන් මට සම්මාන ලැබිලා නැහැ. අඩුම ගානේ ජනප්‍රිය අංශයෙන් වත් සම්මාන ලැබිලා නැහැ. ඉතින් මට හරි සතුටුයි මේ සම්මානය ගැන. මම සරිපොටේ සින්දුව කරද්දී තිබ්බේ ඔක්කොම බුට් සින්දු. ඒ රුල්ල ඒ වෙනකොට කැඩුවේ සංඛ දිනෙත්ගේ රෝස කල්පනා සින්දුව සහ මගේ මේ සාරිපොටේ සින්දුව. මල් රුල්ලට අභියෝගයක් වුණේ මේ සින්දු දෙක. ඒ වෙනසට සහ ඒ උත්සාහයට ඇගයීමක් කළ එක ගැන මම දෙරණට ස්තූතිවන්ත වෙනවා. මොකද මේ සම්මානය ලැබුණේ මියුසික් වීඩියෝ වෙනුවෙන්. දැන් ඉන්න තරුණ පිරිස වෙනසක් කරන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට ඒ දේවල් ගැන හරියට සමාජ ගත වෙන්නේ නැහැ.

 

යුරේනි ඉදිරියටත් තව ගීත කරනවාද?

මෙහෙමයි. මම ශාස්‌ත්‍රීය සංගීතය හදාරලා නැහැ. නමුත් මම සින්දු කියන්න බැරිම කෙනෙක් නෙවෙයි. නමුත් සාමාන්‍යයි. ඉතින් මම ඒ මගේ හැකියාව තේරුම් අරන් ඉන්නේ. මොකද ලංකාවේ ඉන්න හැමෝම අති දක්ෂ ගායකයෝ නෙවෙයිනේ එහෙම වෙන්නත් බැහැනේ. ඒ නිසා මගේ හැකියාවෙන් මම සින්දු කරයි. මට ගැළපෙන සින්දු යුරේනි කිව්වම මැවෙන ප්‍රතිරෑපයක් තියෙනවානේ ඒක ඇතුළේ තමා මම අලුත් දේ කරන්නෙත්. මොකද කාගේවත් විහිළුවකට ලක්වෙන්න මම සින්දු කරන්නේ නැහැ.

 

ඉදිරියේදී රංගන ශිල්පිනිය යටපත් වෙලා යුරේනි කියන ගායිකාව මතුවෙයිද?

නැහැ. මම රංගනයට ආදරෙයි ඒක තමා මගේ සහජ හැකියාව. ඒක තමා මගේ ජීවිතේ අංක එක. සංගීතයටත් මම කැමැතියි ඒ තුළිනුත් මම තෘප්තියක් ලබනවා. ඒ නිසා මම සින්දුවක් දෙකක් කරයි. නමුත් රංගනය යටපත් වෙන්න තරම් සින්දු කරන්නේ නැහැ.

 

ගීතයේ විදියටම ඇහුවොත් සාරි පොටේ කට්ට ගසා ගන්න කෙනෙක් නැද්ද?

තාම නැහැනේ

 

ඇයි ඒ?

මම දන්නේ නැහැ ඇයි ඒ කියලා. මගේ යාළුවෝ හිතන්ෙනත් මම බොරු කියනවා කියලා. නමුත් මම දන්නේ නැහැ පිරිමි ළමයි මගෙන් අාද ෙර් කරන්න අහන්නේ නැහැ. ඒ අයට මාව දැක්කම සෙරප්පු පාරක් කන්න වෙයි කියලා හිතෙනවද දන්නේ නැහැ. ඉතින් කවද හරි දවසක මට හොඳයි ගැළපෙනවා කියලා හිතන කෙනෙක් හම්බුණදාට ඉතින් බලමු. නැත්නම් ඉතින් මට තමා අහන්න වෙන්නේ කවද හරි පිරිමි ළමයෙක්ගෙන්

 

අනාගත බලාපොරොත්තු?

රංගන ශිල්පිනියක් විදියට ඉහළටම යන්න තමා අනාගතේ එකම බලාපොරොත්තුව.

 

අනූෂා රණසිංහ

 

2016-11-27-ent-110
2016-11-27-ent-109
2016-11-27-ent-107
2016-11-27-ent-106



අදහස් (0)

සාරි පොටේ උඩගිය තරමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1600 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 509 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 188 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 279 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 131 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 87 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site