
(පද්මා කුමාරී කංකානම්ගේ )
කොල්ලකන ලද ලක්ෂ 15 කට වැඩි වටිනාකමින් යුතු, ස්මාට් ජංගම දුරකථ 29 ක්, සීසීටීවී කැමරාවක් සහ විදුලි සංචිතයන් ( පවර් බෑන්ක්) තුනක් සංතකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනකු, අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
පුත්තලම මන්නාරම ප්‍රධාන මාර්ගයේ පිහිටි ජංගම දුරකථන වෙළද සැළකට,එහි වහළයෙන් රාත්‍රී කාලයේ ඇතුලුව ජංගම දුරකථන 31 ක් සොරකම් කර ඇති බවට, එම වෙළද සැලේ හිමිකරු පුත්තලම කොට්ඨාාස අපරාධ විමර්ශන ඒකකයට කරන ලද පැමිණිල්ලක් පාදක කොට ගනිමින්,පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ අධීක්ෂණයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි ලාල් විසින් කරණ ලද විමර්ශණයක ප්‍රතිඵල වශයෙන් මෙම භාණ්ඩ සහ සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd