IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සුරඟන කතා කරළියට...

එකම කතාවක් කී පාරක් කී විදිහකට කියන්න පුලුවන්ද? කලුමාලි: වැඩිහිටියන්ට සුරංගනා කතාවක්’ එවැනි කතාවක්  වේදිකාවට ගෙන එයි. කලුමාලිගේ කතාව හත් හැවිරිදි සකීගේ පවුලේ කතාවයි. පුංචි සකීගේ මේ ප්‍රියතම සුරංගනා කතාවල අද්‍යතන  සමාජය තුළ දරුවන් හදා වඩා ගන්නා දෙමවුපියන් මුහුණ දෙන අභියෝග හා නූතන කුටුම්භය තුළ ස්ත්‍රී - පුරුෂ, මව්පිය-දාරක සබඳතා පිලිබඳ සියුම් විවරණයක්ද ප්‍රේක්ෂකයා හමුවේ තබන්නට නියමිතයි. පුංචි සකී කලුමාලිගේ කතාව තම අම්මාගෙන්, තාත්තාගෙන් සහ ආච්චිගෙන් නැවත නැවත අසන්නේ, ඔවුන්ගේ ජීවිත වල යථාර්ථයන් ඉන් ඔබ්බට ඇති සිහිනමය සුරඟන ලොවක් තුළ පිළිබිඹු වීමට ඉඩ සලසමිනි. ප්‍රථම වරට නාට්‍යක් ඉංග්‍රීසි දර්ශන වාර දෙකක් සහ සිංහල දර්ශන වාර දෙකක් ලෙස රංග ගත වීම නිසා කලුමාලි ලාංකික ප්‍රේක්ෂකයාට කලා රසවින්දනයේ නව දොරටුවක් විවර කරනු ඇත. නාට්‍ය තුළ භාෂා මිශ්‍ර  නොකර ඒ ඒ භාෂාවෙන් ඉදිරිපත් කිරීමට හේතු වන්නේ ප්‍රේක්ෂකයාට වඩා තීව්‍ර හා හර්දයාංගම අත්දැකීමක් ලබා දෙනු පිණිසයි. මේ රංගය ඉංග්‍රීසි සහ සිංහල වේදිකාවේ විශිෂ්ටතමයන්ගේ දායකත්වය ලබන්නකි. රුවන්ති ද චිකේරාගේ අධ්‍යක්ෂණයෙන් කරළියට එන කලුමාලි කලකට පසු අයිරාංගනී සේරසිංහයන් නැවත වේදිකාවට කැඳවයි. අප සතු අග්‍රගණ්‍ය නිළියකගේ ප්‍රතිභාව භාෂා මාධ්‍ය දෙකක් හරහා නැවත අත්දැකීමට හැකි වීම අද දින නාට්‍ය කලාව තුළ සුවිශේෂී මතකයක් සනිටුහන් කරනු නොඅනුමානයි. එපමණක් නොව ඇයත් සමග ළමා නිළියන් දෙපළක් වේදිකාවට හඳුන්වා දෙන කලුමාලි, පීටර් ද අල්මේදා, කෞශල්‍යා ප්‍රනාන්දු, නදී කම්මැල්ලවීර, ගිහාන් ද චිකේරා, සහ ලක්මිණි සෙනෙවිරත්න ආදී ප්‍රවීණ ශිල්පීන්ගේ රංගනයෙන්ද වර්ණවත් වනු ඇත. මේ නාට්‍ය පිටුපස ඇත්තේද සිත් ගන්නා සුළු කතාවකි. කලුමාලිගේ කතාව බිහිවන්නේ දෙවසරකට අධික කාලයක් පුරා රුවන්ති ද චිකේරාගේ මූලිකත්වයෙන් ඉංග්‍රීසි සහ සිංහල නාට්‍ය ශිල්පිණියන් රැසකගේ අත්දැකීම් හා නව්‍ය රචනා පාදක කරගත් ගවේෂණාත්මක ව්‍යායාමයක ප්‍රතිඵලයක් වශයෙනි. රංග ශිල්පිණියන් 13 දෙනෙක් වසරක් පුරා මව් පදවිය ලැබීමෙන් පසු රංග ශිල්පිණියන් ලෙස ඔවුන්ගේ ජීවිත බඳුන් වූ වෙනස්කම් හා මුහුණ දෙන අභියෝග පිළිබඳව නිර්නාමිකව කවි, සිංදු, ලිපි, කතන්දර, ලැයිස්තු ආදී විවිධ රචනා විධි හරහා ලේඛන ගත කළහ.  ඉංග්‍රීසි හා සිංහල භාෂාවන්ගෙන් ලියවුනු මුල් රචනා භාෂා දෙකටම පරිවර්තනය කර පිටු 300කට අධික අත් පිටපතක් නාට්‍ය කණ්ඩායම අත දැන් ඇත. කලුමාලිගේ කතාව බිහිවන්නේ ඉන් එක් රචනාවක් පාදක කර ගෙන් වුවද අන් රචනාවල ඇති අත්දැකීම් හා ජීවන පරිඥානය හැකි තරම් උකහා ගැනීමට නාට්‍ය නිර්මාපකයන් හා තිර රචකයන් උත්සාහ දරා ඇත. ස්ටේජස් නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කරන ‘කලුමාලි: වැඩිහිටියන්ට සුරංගනා කතාවක්’ සැප්තැම්බර් 13 වැනිදා සිට 16 වැනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකා ගත වීමට නියමිතයි. සිංහල දර්ශන වාරයන් 14 වන සිකුරාදා සහ 15වන සෙනසුරාදා ප.ව. 7.15ට. ප්‍රවේශ පත්‍ර සැප්තැම්බර් 1වැනිදා සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් ලබා ගත හැක.  

සංවිධානය සුනේත්‍රා බණ්ඩාරනායක භාරය

  වැඩිපුර..... https://www.facebook.com/events/116236578522201/ https://www.facebook.com/pages/Stages-Theatre-Group/104479413004129



අදහස් (0)

සුරඟන කතා කරළියට...

චන්ද්‍රසිරි Friday, 24 August 2012 05:26 PM

දරුවන් වෙනුවෙන් වැඩියෙන් නිර්මාන කරන්න ඕන (අ)

:       0       0

ගෝකුල Monday, 27 August 2012 01:03 PM

මේක ළමයින් වෙනුවෙන් හදපු නාට්‍යයක් නෙමෙයි. මේක වැඩිහිටියන්ගෙ නාට්‍යයක්. ළමයෙක් ඒකෙ රගපානවා. සුරංගනා කතාවක් අරගෙන වැඩිහිටියන්ට කියන කතාවක්. ළමා නාට්‍යයක් කියලා වරදවා වටහා ගන්න එපා.(ස)

:       0       0

උදය Friday, 07 September 2012 01:21 PM

හොඳ වැඩක්..(ස)

:       0       0

රොහාන් Sunday, 26 August 2012 04:11 PM

කිහිප දෙනෙක් හෝ මෙවන් දේවල් කිරීම සතුටට කරුණකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1603 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 517 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 197 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 284 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site