(අජිත්ලාල් ශාන්තඋදය)
ශ‍්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යන බැතිමතුන් ගමන්ගන්නා ප‍්‍රධාන මාර්ග තුන අතරින් එකක් වූ කුරුවිට එරත්න මාර්ගය ප‍්‍රතිසංස්කරණය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා මේ සඳහාවු කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරනු ලැබීය. ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
වන්දනාකරුවන් ලක්‍ෂයකට වැඩි පිරිසක් එක් වන්දනා වාරයකදී මෙම මාර්ගය ඔස්සේ ශ‍්‍රීපාද වන්දනාවට එක්වන බවත් මෙම මාර්ගයේ ස්වභාවිකව පිහිටා ඇති පඩිපෙළ දිගු කළකින් ප‍්‍රතිසංස්කරණ කර නොමැති නිසා වන්දනාකරුවන් විවිධ දුෂකරතාවන්ට මුහුණ දෙන බව කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් විය.එබැවින් කුරුවිට එරත්න ශ‍්‍රීපාද මාර්ගයේ හ`දුනාගත් ස්ථාන දුම්රිය මාර්ග අලූත්වැඩියාවේදී ඉවත් කරන සිල්පර කොටන් යොදා ගනිමින් ප‍්‍රතිසංස්කරණට අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිය.
ශ‍්‍රීපාද වන්දනා වාරය ආරම්භ කරමින් මලූවට වැඩම කරවන සුමන් සමන් දෙව්රුව පූජාභාණ්ඩ සහිත පෙරහරක් 2019 වසරේ සිට කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ ද වැඩම කරවනු ලබයි.
මෙම මාර්ගයේ කුරුවිට සිට අඩවිකන්ද කැකුණහින්න හන්දිය දක්වා වන්දනා වාරයේ දී ලංගම ඇතුලූ පොදු ප‍්‍රවාහන සේවාවන් ක‍්‍රියාත්මක වෙයි. එතැන් සිට සිරිපා මලූව දක්වා කිලෝමීටර් 22ක් පමණ දුරක් පාගමනින් වන්දනාකරුවෝ ගමන් ගනිති. එම මාර්ගය පාරිසරික වින්දනය ලබමින් ගමන් කළ හැකි මාර්ගයක් වේ. ශ‍්‍රීපාදය වන්දනා කිරිමට සුරංගනාවියන් මල් රැගෙන ගියේ මේ මාර්ගය ඔස්සේ බව ජනප‍්‍රවාදයේ එයි.
ජම්බලගස්යට, සරුවත්, වර්ණගල, සීතගඟුල, මැදහින්න, ඉඳිකටුපාන යන අම්බලම් මේ මාර්ගයේ පිහිටා ඇති අතර ඒතැන්වල ගිමන් හැරීමේ පහසුකම් සලසා තිබේ. මෙම මාර්ගය හැරමිටිපානේදී රත්නපුර පලාබද්දල මාර්ගයට එක්වෙයි. එතැන්සිට මලූව දක්වා එකම මාර්ගයක් ලෙස මලූව දක්වා දිවෙයි.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුරඟනන් මල්ගෙන ගිය ශ‍්‍රීපාද පාර ප‍්‍රතිසංස්කරණයට අනුමැතිය
දේවදත්ත Wednesday, 27 January 2021 05:57 AM
වන්දනාකරුවන්ගේ දැඩි ඉල්ලීම නිසා වෙන්න ඇති මගෙ හිතේ...
sharm warn Wednesday, 27 January 2021 06:51 AM
මම නම් කතෝලික... නමුත් එක දෙයක් කියන්නම්. එතැන ලොකු පූජිත ස්ථානයක් සංවර්ධනයේ නමින් කෙළෙසන්නේ නැතුව, පරිසරයට ආපදා කරන්නේ නැතිව.., සැදැහැවතුන්ගේ යහපතට අවශ්‍ය දේ පමණක් කරන්න.
kamal Wednesday, 27 January 2021 08:44 AM
ගහ කොළ විශාල පාරවත් පස් තියෙන කඳුම තමයි සංවර්ධනේ කරන්න ආණ්ඩුවට පේන්නේ.. මේ රටට මේ රටේ විදියට තියෙන්න දෙන්න. ඔය සංවර්ධනේ කියන්නේ ලංකාව වගේ හැම රටකට අදාල දෙයක් නොවේ. ලංකාව කොහොමත් සංවර්ධිත රටක්... හොඳ පිරිසිදු වතුර, හුස්ම ගන්න හොඳ වාතය, කන්න බොන්න හොඳ එළවළු, පලතුරු නිකම්ම ලැබිලා තියෙනවා නම් මොන සංවර්ධනයක්ද..?
Ravi Darshana Wednesday, 27 January 2021 09:10 AM
මම හැම අවුරුද්දෙම සිරිපාදේ කරුණා කරනවා. බොහෝවිට එරත්න මාර්ගයෙන්. ඒක තමයි ලස්සනම මාර්ගය. ඒ පාරෙ යන හැමෝම යන්නේ පරිසරය රස විඳින්නත් එක්ක. ඒ කවුරුත් පහසුකම් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ අයට ඕනේ ඔය තියෙන විදියටම පාර තියෙන්නයි. වෙනස් විදියට යන්න ඕන නම් මීට වඩා පහසුකම් තියෙන පාරවල් දෙකක්ම තියෙනවනේ. ඒ නිසා පින් සිද්දවෙයි, මේ වැඩේ නම් කරන්න එපා. මම දන්නේ නෑ කාගේ ඉල්ලීමකට මේක කරනවද කියලා. කවුරු හරි ඔය බලතල තියෙන කෙනෙක් හරි, මැති අමතිවරු ළඟ ඉන්න කෙනෙක් හරි තෙරුම් කරල දෙන්න බලන්න මේ වැඩේ කරන්න එපා කියලා.
RaveendraWednesday, 27 January 2021 09:34 AM
ඇත්තෙන්ම ඔබ නිවැරදියි. මාද කුඩාකළ පළමුවර (කෝඩුකාරයකු) ලෙස ශ්‍රී පාද වන්දනාවේ මගේ දෙමාපියන් සමග ගියේ එරත්න මාර්ගයේ. අදටත් ඒ ලස්සන ගමන මාගේ මහලු මනසට දැනෙන්නේ පුදුමාකාර චමත්කාර සුන්දර දර්ශනය. ඒ තරමටම එම මාර්ගය ලස්සනයි...
wishwaWednesday, 27 January 2021 10:34 AM
ඔබ මහලු වුණත්, ඔබේ අදහස් තරුණයි.. ජව සම්පන්නයි.
NuwanWednesday, 27 January 2021 12:12 PM
මමයි, යාලුවෝ දෙන්නෙකුයි හැටන් වලින් කරුණාකරලා එරත්නෙන් පල්ලම් බැස්ස දවසක් පළවෙනි වතාවට. පොඩි කඩේක හිටිය අයියා කෙනෙක්ගෙන් ඇහුවා නගරෙට තව කොච්චර දුරද කියලා. අයියා කිව්වා තව දම්වැල් පුරුක් අටයි මහත්තයා කියලා. නගරෙට ආවාම තමයි දැනගත්තේ දම්වැල් වල දිග. සුන්දර ගමනක් අත්වින්දා කෙසේනමුත්...
DarmasiriWednesday, 27 January 2021 10:23 AM
මෙතන පැහැදිලිවම දෙන්න යන්නේ නිධන් සුද්දයක්. ඔය මාර්ගයේ එක්තරා ස්ථානයක තැන්පත් කර ඇති මැණික් නිධානයක් ගැන පැරණි කතාවක් තියෙනවා. ඔය පැත්තේ පැරැන්නෝ දන්නවා. මේ දෙන්න යන්නේ සුද්දේ. මේවා හෙණ ගහන අපරාධ...
prabha Wednesday, 27 January 2021 11:30 AM
කරන්න ඕනෑ නම් ශ්‍රී පාදස්ථානයට ලැබෙන ආධාර මුදලින් ඕක කරන්න බැරිද?
Aruna Thursday, 28 January 2021 06:18 AM
ඔයිට වඩා හොඳයි.., කේබල් කාර් දැම්මා නම්... මොකද වියදම අඩුයි. අනික ඇවිදින්න බැරි කෙනෙකුට වුනත් යන්න පුළුවන්... ඒක පිනක්...