නිට්ටඹුවේ හොරගොල්ලවත්තේ ඉදිකරගෙන යන නිවාස සංකීර්ණයකට පහරදී රුපියල් හාර ලක්ෂ පනස් දහසක අලාභයක් කළැයි නිට්ටඹුව පොලීසිය පවරා ඇති නඩුවේ පළමු සැකකාර ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීමට අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා අද වරෙන්තු නිකුත් කළේය.
ඔහු අද උසාවි නොපැමිණීම ඊට හේතුවයි.
එම වරෙන්තුව අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ලවා ක්‍රියාත්මක කරවීමට ද නියෝග කැරිණි.
අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු සෙසු සැකකරුවෝ15 දෙනා අධිකරණයේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිසානගෙ අපරාධකරුවන්ට වගේ රු 500ක් විතර ලොකු ගානක් ගහයිද දන්නෙ නැහැ. අපෙන් තමයි ඉරක් කැපුනා කියලා 4000,5000 දඩ ගහන්නෙ. (නි)
දැන් ඉතින් වෙන කුමක් කරන්නද (දී)
නම සරණ වුණත් සරණ නිසා හුගක් අය අද අසරණයි. (නි)
නිතිය කෙලින්, නැහැ තරා තිරම් (දී)
මොනවද ඔට්ටු? අල්ලන්න බැරුවට? (නි)
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අන්තිමට කිවුවා වගේ ස්වභාව ධර්මය මෙයාලට නිසි දඩුවම් දේවි. (නි)
බලමුකෝ ගිය සතියේ කිවුවා වගේ වැරදි කරන කාට වුණත් නීතිය ක්‍රියාත්මක වේවිද කියලා. (නි)
මේ අසරණයට වරෙන්තු නිකුත් කරලා? (නි)
මේ වගේ අය ඉන්නතාක් කල් මේ රට සදාකල් අසරණයි. (නි)
මෙවන් පුද්ගලයින්ට ඡන්දය දුන් අය දැන්වත් දෙවරක් සිතා බලන්න. (නි)
වරදක් කලානම් ඊට දඩුවම් ලබියයුතුයි (දී)
අපරාධකරුවන් අල්ලා උල තැබිය යුතුයි. (නි)
වැරදි කරන අයට තරාතිරම නොබලා දඩුවම් දෙන්නේ කවදා ඉදලාද? (නි)
අසරණ සරණ පොලිසිය.... (නි)
වරෙන්තු විතරද? (නි)
කාගේ සරණක්ද දැන් (ස)
ගිය සතියේ කිව්වා වගේ වරද කරු ට අනිවාර්යෙන් ම දඩුවම් කරනවා. බලන්න ඉන්නකෝ ඉක්මන ට ම දඩුවම් ලැබෙන්නේ කාටද කියලා (ස)
මේවා දැං පිළිගන්නත් අමාරුයි..!(නු)
සුසන්ත දන්නේ නැද්ද? දැන් තරාතිරම නොබලා දූෂිතයන්ට දඬුවම් දෙන බව (ස)
සුධර්මන් මත්තයාගේ වරෙන්තුව වගේම වෙයි. (ත)
තනතුර බලන්නේ නැතිව දඩුවම් දෙන්න (දී)
ඇවිල්ලා යයි. (ත)
පවු අසරණයා (ස)
සරණ කියන්නේ හොඳ නිහතමානී මනුස්සයෙක්. (ත)
මිනිසුනේ තව ඡන්දෙ දෙන්න.. අපි උතුම් කියා කියාගන්නවා..(නු)
අනේ මන්දා? වගකිවයුත්තන් ගොලු, බිහිරි, අන්ධ අයද මන්දා? (නි)
රටේ නීතියක් තියෙනවද ????
ප්‍රහාර එල්ල කරන්න කොහේ නීතියක්ද (දී)
කාටවත්ම තම රිසි සේ වැඩ කරන්න බැහැ, නීතියක් කියල එකක් තියෙනවා (දී)
නිලන්ත ඔයා මොනවාද මෙයා ගැන දන්නේ.. මම ගම්පහ මෙයා කළොත් කරන්නෙ මේ වගේ වැඩ තමයි.. අපිත් මෙයාට මනාපය දුන්නානේ..!(නු)
පව් අසරණයා ලබනවර ඡන්දෙදි කැබිනට් ඇමතිකෙනෙක් කරමු..!(නු)
සරණ අසරණ වෙයි ද? (ත)
මොන උසාවිද නිදහස් කරන්න.. (නු)
සරණ මහත්තයා දැන් වැටිලද මන්දා? (නි)