හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා තරු හතරේ ජනරාල්වරයෙක් විය. යුද්ධයෙන් පසුව ඔහුට එම තනතුර ද තම විශ්‍රාම වැටුප ද අහිමි වී හිරේ විලංගුවේ වැටුණේය. ‘තවත් හමුදාපතිවරයකුට මේ කුරිරු යුද්ධය කරන්න මම ඉඩ තියන්නේ නෑ‘ යැයි කියමින් හමුදාපති ධූරයේ වැඩ බාරගත් සරත් ෆොන්සේකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් යුද්ධය අවසන් කිරීමට හමුදා නායකත්වය දුන්නේය. හමුදා සේවයේ සිටියදී ‘ජනරාල්‘ තනතුරට උසස් කැරුණු එකම ශ්‍රී ලාංකික හමුදා නිලධාරියා වන්නේද සරත් ෆොන්සේකාය. ෆොන්සේකාගේ ජීවිතයේ වැදගත් තොරතුරු හා සන්ධිස්ථාන කිහිපයකි මේ. සම්පූර්ණ නම - ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා උපන් දිනය - 1950/12/18 අම්බලන්ගොඩදී අධ්‍යාපනය - අම්පාර මඩවලන්ද මහා විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය. විවාහය - 1979 දී අනෝමා ඉන්දුමතී මුණසිංහ සමග දරුවෝ - අපර්ණා ෆොන්සේකා හා අපසරා ෆොන්සේකා හමුදා සේවය - 1970 සිට 2009 හමුදා සේවයේදී හිමි කරගත් පදක්කම් - වීරෝධාර විභූෂණ, විශිෂ්ට සේවා විභූෂණ, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, දේශපුත්‍ර සම්මානය ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන - 1970 - කැඩෙට් නිලධාරියකු ලෙස ශ්රී ලංකා යුද හමුදාවට එක් වීම. 1973 - ඉන්දියාවේ කමාන්ඩෝ පුහුණුව ලැබීම. 1991 - කර්නල්වරයකු ලෙස බලවේගය හා ජයසිකුරු මෙහෙයුම් සදහා දායකත්වය ලබා දීම. 1995 - යාපනය අල්ලා ගැනීම සඳහා ඇරැඹුණු ‘රිවිරැස‘ මෙහෙයුමට දායකත්වය ලබා දීම. 2005 - ශ්‍රී ලංකාවේ 18 වැනි යුද හමුදාපති ලෙස පත්වීම. 2006/4/25 - යුද හමුදා මූලස්ථානය අසලදී මරාගෙන මැරෙන බෝම්බයකට හසුවී බරපතල තුවාල ලැබීම. 2009/5/18 - කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කළ බව ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීම. 2009/7/5 - හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වීම. 2009/11/12 - හමුදා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාර දීම. 2009/11/29 - ක්‍රියාකාරී දේශපාලනයට එන බව ප්‍රසිද්ධියට පත්කිරීම. 2010/1/27 - ජනාධිපතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීම. 2010/01/28 - ඡන්ද 4,173,185 ක් හා 40.15% ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීම. 2010/02/08 - කොළඹ රාජකීය මාවතේ පිහිටි සිය කාර්යාලයේදී යුද හමුදා පොලීසියයෙන් අත්අඩංගුවට ගැනීම. 2010/04/08 - ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර ඡන්ද 98,456ක් ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වීම. 2010/9/29 - සේවයේ සිටියදී යුද හමුදා ටෙන්ඩර් පටිපාටියෙන් පිට අවි ආයුධ මිලදී ගැනීමේ චෝදනාවට හා අපකීර්තිමත් හැසිරීම ආදී චෝදනා හතරකට වරද කරු කරමින් යුද අධිකරණයෙන් නියම කළ මාස තිහක සිරදඩුවම ක්‍රියාත්මක වීම හා හමුදා නිලයෙන් පහ කිරීම. විශ්‍රාම වැටුප අහිමි කිරීම 2010/10/8 - පාර්ලිමේන්තු මන්ත්රීව ධුරය අහිමි වීම. 2011/11/18 - මහාධිකරණයේ විභාග වූ සුදු කොඩි නඩුවෙන් බෙදුනු තීන්දුවක් මගින් වරදකරු වී වසර තුනක සිර දඩුවමක් හිමි වීම. 2012/4/26 - පළමු යුද අධිකරණයෙන් ලබා දුන් වසර දෙක හමාරක සිර දඬුවම අවසන් වීම. 2012/5/9 - පෙනහලු ආසාදනයක් නිසා පොන්සේකාට නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවසර ලබා දීම 2012/5/16 - ෆොන්සේකා නිදහස් කරන බව ජනපති විසින් අනෝමා ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසේ දී ප්‍රකාශ කිරීම 2012/5/17 - ෆොන්සේකා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීම. 2012/5/18 - හමුදාවෙන් පැනගිය හමුදා සෙබළුනට රැකවරණ දුන්නැයි කොළඹ මහාධිකරණයෙන් රිමාන්ඩ් කැර සිටි පොන්සේකාට විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඇප නියම කැර නවලෝක රෝහලට ගොස් ලියැවිලිවලට අත්සන් ගන්නැයි උසාවි ලේඛකාධිකාරීට නියෝග කරයි. ඇපය මුදලින් රුපියල් දස ලක්ෂයකි. රුපියල් ලක්ෂ 25 බැගින් ශරීර ඇප දෙකකි. 2012/5/18 - සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ ලියකියවිලි වලට ජනපති මහින්ද රාජපක්ෂ අත්සන් තැබීය. 2012/5/19 - ජනපතිගේ කටාර් නිල සංචාරයට පෙර අදාළ ලියකියවිලි අධිකරණ අමාත්‍යංශයට යොමු කිරීම සඳහා ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට බාර දීම. 2012/5/20 - වැඩබලන මාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මාතරදී පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් සරත් ෆොන්සේකා නිදහස් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිකුරාදා (18) අධිකරණයට සිය දැන්වීම යැවූ බව ප්‍රකාශ කළේය. 2012/5/21 - ප.ව 1.00 දින විසි පහකට පසු නවලෝක රෝහලෙන් පිටව යයි. ප.ව. 2.00 සුදු කොඩි හා හයිකෝප් නඩු තීන්දුවලට එරෙහි ඇපැල් පෙත්සම් අස් කර ගනී. ප.ව 3.00 ට බන්ධනාගාර රියෙන් ෆොන්සේකා බොරැල්ල සිරගෙදරට රැගෙන යයි. ප.ව 4.49 ට සිරෙන් නිදහස්ව බන්ධනාගාරයෙන් එළියට පැමිණීම.
සබැඳි පුවත්.......

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වැනි වීරයෙකුගේ නායකත්වය රටට අවශ්‍යයි.
ඔබට ජය අපි සමදා ඔබ ළඟ
සිහල රණවිරැවානනේ, ලක්මව දිවිහිමියෙන් ඔබ බේරගත්තා, ඔබට සම්මා සම්බුදු සරණයි...
ඔබ වීරයෙක් දේශපාලනයට නොයන්න ,නම රැකගෙන ඉන්න.
සියථ" රණවිරුවන් ඔබ සමගයි. අපි රටත් හදල පෙන්නමු. ඔබට ජය. මෙයාලා තාම අනාගන්නව
රටට වැඩදායක පිරිසක් සමග නැවත දේශපාලනය ඇවිත් අපේ රට ආර්ථික, සමාජ, දේශපාලන යුද්දයෙන් නිදහස් කිරීම සදහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!
ඔබ වීරයෙක් යැයි බොහෝ දෙනෙක් පිළි ගන්නා බව ඊයේ ඔබම දකින්න ඇති
සර්පයින්ගෙන් ප්‍රවේශම් වී යහපත් රටක් වෙනුවෙන් නායකත්වය දෙන්න
ඔබ වීරයෙක් දේශපාලනයට නොයන්න ,නම රැකගෙන ඉන්න.
ඇයි දැන්ද මතක් වුණේ ඕවා?
ඔබ වීරයෙක් දේශපාලනයට නොයන්න ,නම රැකගෙන ඉන්න.
ඇයි මෙයා හිරෙන් එළියට ආවට පස්සෙ කවුද කියලා ලියන්න අමතක වුනාද? පේනවනේ වටේ ඉන්න කට්ටිය.මෙයා රනිල්ගෙ පිලටද සජිත්ගෙ පිලටද? දැන් මෙයා අලියෙක් වෙන්න යන්නෙ කියන එකනම් පේනවා.
සුභ පැතුම් ඔබට!
1970 සිට 2005 වෙනකම් ඈගට දැනෙන යමක් කරල නෑනෙ. කවුරු හරි දන්නවනම් මෙතුමගෙ education qualification ටිකක්වත් අප්ලොර්ඩ් කරහල්ලකො හිත හදා ගන්න.
යහපත් රටක් යහපත් හෙටක් වෙනුවෙන් ඔබේ නිවැරදි එඩිතර අවංක නායකත්වය පොදු ජන පැතුමයි
ඔබ වීරයෙක් දේශපාලනයට නොයන්න ,නම රැකගෙන ඉන්න,ත්‍රස්තවාදීන් විනාශ කලාක්මෙන් දූශිත දේශපාලුවනුත් විනාශ කර මේ රට ඉදිරියට ගෙනයාමට හැකි දේශපාලන බුද්ධියක් ඔබ තුමාට ලැබේවායි එක සිතින් පතමි සුභ අනාගතයක්...!!!!!!!!!!
ඔබ වීරයෙක් දේශපාලනයට නොයන්න ,නම රැකගෙන ඉන්න. සුභ පැතුම් sf සුභ අනාගතයක්...
මහත්තයා කියපු විදිහට නම් ගලවාගැනීමේ හමුදාවටවත් සුදුසු නෑ! ත්‍රස්තවාදීන් විනාශ කලාක්මෙන් දූශිත දේශපාලුවනුත් විනාශ කර මේ රට ඉදිරියට ගෙනයාමට හැකි දේශපාලන බුද්ධියක් ජෙනරාල් තුමාට ලැබේවායි එක සිතින් පතමි
සුභ පැතුම් sf...........
සුභ අනාගතයක්...