සම්බුදු තෙමගුල වෙනුවෙන් හෝකන්දර අමරගොඩ යෞවන සමාජයේ තරුණයෝ හෝකන්දර සන්දෝරිස් ජයන්ත මාවතේ සිරිපා අනුරුවක් ඉදිකරති.
ගස්මුදුන් සහ නිවාසයන්හි වහල උඩින් සිරිපා කරුණා කරන මාර්ගය සකස් කර ඇත.
සම්බුදු තෙමගුල වෙනුවෙන් හෝකන්දර අමරගොඩ යෞවන සමාජයේ තරුණයෝ හෝකන්දර සන්දෝරිස් ජයන්ත මාවතේ සිරිපා අනුරුවක් ඉදිකරති.
ගස්මුදුන් සහ නිවාසයන්හි වහල උඩින් සිරිපා කරුණා කරන මාර්ගය සකස් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බොලද වැඩ නෙමෙයි. මිනිහෙකුගෙ මතකය අලුත් කර ගන්න හොඳ වැඩක්. අනික තරුණ පරපුර අයාලේ නොයා මෙවෑනි යහපත් වෑඩවල යෙදීම කොයිතරම් උතුම්ද? (නි)
ඔව් මේ රටේ කන්න බොන්න නැති,ගෙයක් දොරක් නැති කි දෙනෙක් නම් ඉන්නවද? (නි)
මේකෙවත් අර හෙලිපාඩ් එක හැදුවානම්. (ස)
දිනේෂ් , මෝඩ කතා කියන්න එපා. මේ සල්ලි වලින් බස් හෝල්ට් එකක් හැදුවා නම් තමයි සුබවාදීව බලන්න පුළුවන්. (නි)
මොනවා වුණත් තරුණ පිරිසගේ උත්සාහය ඉතාමත්ම වටිනවා. මගේ සුභ පැතුම්. සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)
හැම දෙයක් ගැනම අසුභවාදීව හිතන්න එපා මිනිසුනේ. ඔහොම හිතන නිසා තමා රට කෙසේ වෙතත් තමුන් එක තැන පල් වෙන්නේ. වැඩේ කරපු අයටත්, යන හැමෝටමත් බුදුන්ගේ ආශිර්වාදය ලැබේවා! අපේ සමහරක් මිනිස්සුන්ට එක දෙයක්වත් හොඳ ඇසින් දකින්න බැරි හැටි. ඔය සද්දේ දාන අය ගෙවල් වල වෙසක් කූඩුවක්වත් හදලද දන්නේ නැහැ. (නි)
මම වෙසක් පහුවුණහම අනිවාර්යෙන්ම එසැන ප්‍රවෘත්ති බලනවා. මොකද මට දැනගන්න ඕනෑ කී දෙනෙක් රෝහල් ගතකලාද කියලා. අනේ බෞද්ධ පින්වතුන්ට අනතුරක් නම් වෙන්න එපා. එක වෙලාවකට මේ පඩිපෙලේ යන්න පුළුවන් ගණන සීමාකරන්න. ඒ අය බැස්සට පස්සේ අනෙක් අය යවන්න. පින් සිදුවෙයි. (නි)
මමත් බෞද්ධයෙක්. අනුරාධපුරේ පොලොනනරු වගේ තැනකට ගියාම තියෙන සුන්දරත්වය සහ සිත නිවෙන ගතිය ලෝකේ කොහේ ගියත් නැහැ. නමුත් අපි වැඩක් කරනකොට එතේ යතාර්තයක් තියෙන්නේ ඕනෑ. කුළු පාට පොලිතින් වටකරලා හොල්මන් ගෙවල් හදන එකත්, යකඩ ගස් ගොඩවල් ගැටගහලා මිහින්තලා සිරිපාද හදන එකට වැඩිය කරන්න දේවල් ගොඩක් තියනවා. (නි)
සමන් හිතන්න දෙයක් නැහැ. මේවා බොළඳ වැඩ තමයි. කහට උගුරක් බොන්න සල්ලි නැති මිනිස්සු මෙහෙම වැඩ වලට සල්ලි නාස්ති කරනවා (නි)
දරුවනේ, බොහොම පරිස්සමෙන්. ඉංජිනේරු උපදෙසුත් අවශ්‍යයෙන්ම ගන්න. (නි)
සවි කර තිබෙන යකඩ බම්බු පඩි පේළියේ තත්ත්වය සැක සහිතයි. ඒ ගැන තව ටිකක් සොයා බල්ලන්න. (නි)
මොනවා වුනත් සෙනග වැඩිපුර ගැවසෙන නිසා ගෙවල් වල ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිලිමත් වීම වැදගත් (නි)
මේව නම් නොම්මර එකේ වැඩ. ගස් කපලා විනාශයක්නෙ කරලා තියෙන්නෙ. (නි)
හොද දෙයක්. නමුත් සෙනගගේ ආරක්ෂාව ගැනත් ටිකකත් බලන්න (නි)
අපේ තරුණ දූ පුතුන් මෙවැනි ඉතා යහපත් දේට යොමුවීම අපි සැමටම සතුට දනවන කරුණක්.ඔබලාට සමන් දෙවිදුන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)
බොහොම වටිනා පින් කමක්
සමහරු හිතන්නේ මේවා බොළඳ වැඩ කියලා. (ත)
ගැරේජ් වල වාහන උස්සන්න භාවිතා කරන තාක්ෂණික ක්‍රමයට කියන්නේ ජැක් ගැසීම කියලා. මම හිතන්නේ හෙට දිනයේ සෑහෙන්න එවන් තාක්ෂණික භාවිතාවක් වන ‘‘ජැක් ගැසීමක්‘‘ දැක ගත හැකි වේවි. මොකද කට්ටිය වැඩිවුනා ම තෙරපුනා ම ඇතිවන තදබදයත් එක්ක මොනව වෙන්න බැරිද නේද? (නදී)
මෙම තරුණ පිරිසගේ ධනය සහ මහන්සිය මීට වඩා පලදායි වැඩකට යෙදෙව්වා නම් වඩා හොඳයි. මොකද එක සිරිපා කන්දක් තිබුනම ඇති. අනුරුවක් අවශ්‍ය නැහැ.අනික මෙවැනි දේවල් වල ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නත් තියනවා. (නි)