එක්සත් ජාතික පක්ෂයේම සමාජිකයකු වන කුරුවිට ප්‍රාදේශීය සභා විපක්ෂ නායක අයි කේ කුලරත්නට ගිනිඅවියකින් පහරදුන්නැයි රිමාන්ඩ් කැර සිටි සරබගමු පළාත් සභාවට එජාපයෙන් මෙවර වැඩිම මනාප ගත් ටී එම් හසිත සමන්ත මුහන්දිරම් (සර්පයා) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස රත්නපුර මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද නියෝග කළාය.
කුලරත්න මහතාගේ නීතීඥ නිශ්සංක නානායක්කාර මහතා අධිකරණයට පැවසුවේ සර්පයා ගිනි අවියකින් පහර නොදුන් බවයි. දෙපාර්ශ්වයම මෙය බේරුම් කර ගැනීමට කැමති බව ද ඔහු කීවේය.
සර්පයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කරුණාරත්න මහතා පැවසුවේ පොලීසිය සැලසුම් සහගතව නඩුව ගොතා ඇති බවයි.
කුරුවිට පොලිස් ස්ථානාධිපති ආර් පී සිරිවර්ධන මහතා කියා සිටියේ සර්පයා ගිනි අවියකින් පහරදුන් බව කුලරත්න සිය කට උත්තරයේ සටහන් කර ඊට අත්සන් කර ඇති බවයි. එය වැරදි බව ඔහු දැන් කියන්නේ නම් පොලීසියට අසත්‍ය තොරතුරු සැපීම සම්බන්ධයෙන් කුලරත්නට එරෙහිව නීතිපති උපදෙස් ලබා ගන්නා බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්පයා යනු ඔහු සර්පයන් සම්බන්ධව දැනුම හා අත්දැකීම් ඇති අයෙක් බවත් උසස් විදුහලක අධ්‍යාපනය ලබා ඇති අයෙක් බවත් මා අසා ඇත. මේ සම්බන්ධව දන්නා අයෙක් සිටිනම් විස්තර සටහන් කරන්න. .(ස)
මේක බොරු පැමිණිල්ලක් තමයි. මොකද? සර්පයෝ ගිනිඅවි ගෙනියන බව හිතන්න අමාරුයි. බොරු නං දන්න කෙනෙක්ගෙන් අහන්නකෝ. (නි)
කලබල වෙන්න එපා, ඔය සර තියෙන්නේ බොහොම ටික කාලයයි (දී)
පොලිසියේ ලොකු අය තමයි ඕවා දන්නේ. 'අයි ඩෝන්ට් නෝ වයි'. (නි)
කුරු ගනින කොට ඔය සර අඩුවෙයි (දී)
එඩිතර අලියෙක්. වෙලාව ආවාම පෙරහැරේ යයි.
සර්පයා ඇතුලෙන් එළියට.. මාලක එළියෙන් එළියට
වැදගත් මනුස්සයෙක් අද කාලේ දේශපාලනයට එන්නේ නෑ...හැමෝම සත්තු සර්පයෝ වගේ තමයි .ඒකටම හරියන්න චන්ඩියෝ , .(ස)
'සර්පයොත් එක්ක බැහැ' (නි)
'සර්පයා' කියන නම ඇහුවම ඡන්දය දීලා පත්කරගන්න හිතෙනවද ඔයාලට? (නි)
වැඩිම චන්ද ටිකත් අරන් ඇත්තේ චන්ඩි කම නිසා වෙන්න ඇති.(නු)
මේ රටේ මිනිස්සුන්ට ඕනි තරම් අනුවර්ත නාම තියෙනවා. අනික යමෙක්ගේ නිර්භීතකම හාස්ස්‍යට ලක්කල යුතුද? .(ස)
මුගටියා හම්බවෙනකම් නයා සෙල්ලම් දාවි..(ස)
ඡන්දෙ කාලෙට කලින් ඉදලාම සර්පයා අත්අඩංගුවට ගන්න තෙරම් උත්සාහ කළාද කියලා රත්නපුරේ ජනතාව නම් දන්නවා.. මොකද මෙහෙ මාමලා බෑනලට තිබුණ ලොකුම බාදාව තමයි මෙයා.. දැං සනීප ඇති..!!(නු)
අයියෝ සල්ලි
සර්පයා.. වැඩි ඡන්ද.. ගුටිකෙලි.. මෙහෙමයි අපේ රටේ දේශපාලනය
දේශපාලකයෝ විශ්වාස කරන්න අමාරුයි..!(නු)
ශ්රී දන්නෝ දනිති සර්පයෝ ගැන.. නමුත් මේ සර්පයාගේ දළ කඩලා ගොඩක් කල්..!!(නු)
මෙයාගෙ කවුරුහරිද කොළඹ හෝටලයක් ළගදි පොලිසියෙන් අල්ලලා තිබුණෙ..!!(නු)
අල්ලලා දළ දෙක ගැලෙව්වනම් චණ්ඩිකම් ඔක්කොම ඉවරයි.!!(නු)
තව ටික දවසකින් හරියයි (දී)
මෙයාලට වැඩිම මනාප දෙන අයටයි ගහන්න ඕනෑ. (නි)
සර්පයා පිළිබඳව කලවාන පැත්තේ ජනතාව හොඳින් දනී. මෙවැනි අයට ජනතාව ඡන්දය දෙන්නේ මන්ද යන්න විමසා බැලිය යුතුය. රත්නපුරයෙන් වැඩිම මනාප ලබාගත් මොහුට ඡන්දය දුන් සියළුම ඡන්දදායකයින්ගේ මොළය පරික්ෂා කළ යුතුය. (නි)
මොනවද කියන්නේ කොච්චර හංගගෙන හිටියත් වෙලාවක මතු වෙනවා (දී)
මොනවා කරන්නද. ඕක ඔහොම තමයි (දී)
එල්ලුම් ගහ...(ස)
ඔහු හොඳ මනුස්සයෙක්...(ස)
සර්පයෙක්නම් ඉතින් දෂ්ඨ කරන්නම ඇති ? .(ස)
කොහොමත් උපන් ගතිය හංගන්න බැහැ (දී)
පව් අනේ ...පව් අනේ ... (දී)
ඔන්න ඉතින් ඕකනේ බැරි. මිනිස්සු ඡන්දෙ දෙයිද (දී)
හැංගිලා තියෙන දේවල් එලියට එනවා (දී)
පුරුද්ද ලොකුයි නේද (දී)
මාලක සිල්වා ? (දී)
මිනිස්සුන්ගේ උපන් හැටි (දී)
සර්පයෙක් ගිනි අවියකින් ගහනවා ඇහුවමයි . (දී)
ආයුදෙකින් පහර දීපු සර්පයා එලියට ආපුවම මොකද ළමයිනේ ..... ඔය පහුගිය කාලේ අවුරුදු 10 - 12 හේ ගෑනු ළමයින්ව ගිල්ල පිඹුරවත් නිකම්ම එලියට දාල තියෙන්නේ ... අන්න ඊයේද කොහෙද පිඹුර ආයෙත් රාජකාරි කරන්නත් පටන් ගත්ත කියන්නේ .... (දී)
සර්පයෙක් දැක්කොත් යවන්න එපා කියලයි අපේ මුතුන් මිත්තන් කියල තියෙන්නේ (දී)
ඔය පටන් ගත්ත විතරයි (දී)
නියමයි. දැන් ගහ-මරාගන්නෙම එකම පක්ෂෙ කට්ටියමනේ... හරි ෂෝක්... (දී)
ගණන් ගන්න එපා
මම මොකුත් නොකියමි
සර්පයාගේ ගැහැණු සතාට කියන්නේ මොකක්ද? ඉතිං කියන්නකෝ පෙනය පුප්පන්නේ නැතුව. (නි)
බලය තියෙනකල් පුප්පයි (දී)
ඒවන්නද ගැරඩියා..!!(නු)