කැපිටල් මහරාජා මාධ්‍ය ජාලයට අයත් ”සිරස ටීවී” ආයතනයට හා එහි තෝරා ගත් මාධ්‍යවේදීන් පිරිසකට යම් තර්ජනයක් ඇතැයි පවසමින් එම මාධ්‍ය ආයතනයේ ඉහළ නිලධරයෝ කිහිප දෙනෙක් අද කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
තම ආයතනයට පසුගිය කාලයේද විවිධ පාර්ශ්ව වෙතින් තර්ජන එල්ල වූ බවත් මෙම තර්ජන සුළුවෙන් තැකිය නොහැකි බවත් ඒ පිළිබඳව පොලිසිය විමර්ශනයක් සිදු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔවුහු කීහ.
සිරස ආයතනය වෙනුවෙන් ෂෙවාන් ඩැනියෙල්, සුසිල් කිඳෙල්පිටිය, මධුර ඉලංගකෝන් හා රන්දික හෙට්ටිආරච්චි යන මහත්වරු පොලිසියට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එත් බොරුවට කොටි එනවා එනවා කියල කෑගහල අන්තිමට ඇත්තටම කොටිය ආවදාට............. (ස)
දැන් මෙයාලා එක්ක සිරිකොතත් අමනාපනේ.(නදී)
මොකද දැන් සිරසටත් ප්‍රශ්නද? (නි)
සිරස කියලා නම දැම්මට මේක මහරාජා ටෙලිවිෂන් නේ.(නදී)
ලලිත්, මම හිතනවා ඔය ඒවා වලින් වැඩි හරියක් දකින්න ඇත්තේ සිරසෙන් වෙන්න ඕනෑ. වැරදි නම් මාව නිවැරදි කරන්න. එතකොට සුලන් කියන්නේ කරන හැම වැරැද්දකටම සහ වැරදි කරන අයව මහජනයාට පෙන්නලා දෙන්නේ නැතුව ඉන්න එක වගකිවයුතු මාධ්‍ය ආයතනයක වගකීම කියලද ? ඔයත් පුරුදු වෙන්න වැරදි දේට වැරදියි කියන්න. (නි)
රුවන් , සංජු ඔයාලා දැන් බලන්නේ ජාතික රූපපවාහිනී , ස්වාධීන රූපපවාහිනී එහෙම වෙන්න ඇති නේද? (නි)
ඔය කව්රු කව්රුත් මොනවා කිව්වත් අසාධාරනයක් වුණහම, වැඩක් කරගන්න දේශපාලකයෝ පස්සේ ගිහිල්ල ඒක බැරි වුණහම අන්තිමට ගිහින් නවතින්නේ ඔය ගරහන තැන්වලම තමයි (නි)
මහේෂ්, ප්‍රභාකරන් කරපු කතාවක් විකාශනය කරන එක වරදක්ද? අපේ නායකයෝ ගොඩක් දෙනෙකුත් අවුරුදු 30ක් තිස්සේ ප්‍රභාකරන්ට ආරාධනා දි දී කතා කළානේ. ඒ විතරක්ද සමහරු ආයුධත් දුන්නනේ? තවත් සමහරු සල්ලිත් දුන්නනේ? (නි)
මල්ලි, ඕවත් වැඩද මේ ලංකාවේ? (නි)
මාධ්‍ය වැරදි වැඩ කරනවා නම් , පිළිගත්තු ක්‍රමයකට ක්‍රියා නොකෙරුවහම තමා ප්‍රශ්න වැටෙන්නේ. මාධ්‍ය නිදහස ලෝකේ සංවර්ධනය මනින මිම්මක් වෙලා. මේ වගේ බාල වැඩවලට හුරේ දාන්නේ ඇයි? (නි)
සිරසේ ඔළු පුදුම ඔළු (ස)
සමහර විට මේ අයගේ ගෙවල් වල අයටත් තර්ජනය කළාද දන්නෙ නැහැ (නි)
මේකත් මාර්කටින් කරන්න නම් එපා ඔන්න (නි)
හෙට කියයිද දන්නෙ නැහැ අපිට අපිමයි තර්ජනය කරගත්තෙ කියලා. දැන් ලංකාවේ වෙන්නේ එහෙම දේවල්නේ. ඒකයි මම කිවුවේ (නි)
අලුත් තුරුම්පුවක්වද්ද කියලා මට නම් සැකයි (නි)
මාධ්‍ය ආයතන යනු රජය සහ ජනතාව එකතුවී රැකගත යුතු ආයතනයි. තර්ජනය කර පලවා හැරිය යුතු දේ නොවේ . (නි)
මගේ ජීවිතේ වසර 45ක් පුරාවට මම දැකිය යුතු සියළු දූෂිත දේවල් මේ රට තුළ දැක්කා (නි)
සිරසයි පාර කියන්නේ ... (නි)
සිරසට අපි ආදරෙයි. (නි)
කාටුන් වුණත් මේකේ දාන්නෙ ළමා මනස විකෘති වෙන ලෙසයි. මම නම් මේකට කැමති නැහැ. (නි)
ඇයි දැන් රජය විවේඡනය කරනවා වගේ ඔයාලා ඒ දවස් වල යුද්ධ කාලේ සිදුවුණු අපරාධ විවේඡනය නොකළේ? (නි)
සල්ලි වලට නේද මේ ? (නි)
මාධ්‍ය නම් ලංකාවේ ඕනෑතරම් තියෙනවා. ඒත් සිතාපල්ලා දරුවනේ තමන්ගේම සිතකින්, ඒත් තමන්ගේ සිතටවත් වහල් නොවී. අන්න එදාට ලෝකය දැකගත හැකි වෙයි මාධ්‍යයට පෙර ..... (නි)
රටේ සංස්කෘතිය වින කරන එක වැරදියි (නි)
සිරස කියන්නේ හොද නරක දෙකම තියෙන රෑපවාහිනී නාලිකාවක්..!(නු)
රටක ජනතාව නිවැරදි මගකට යොමු කිරීම මාද්‍ය වගකීමක්.(නදී)
හැබැයි මාධ්‍යවේදීන්ට තර්ජන කරන්න ප්‍රසිද්ධ කෙනා මේ දවස් වල ලංකාවේ නම් නැහැ. මේ එයා නෙමෙයි වෙන්න ඇති (නි)
සිරස ඕනෑම නැහැ මට නම්. (නි)
මේවා විදේශ කුමන්ත්‍රණ.(නදී)
ආන්ඩුවේ මාධ්‍ය ආයතනවලට බැන්නොත් බනින කෙනාට දෙයියන්ගෙම පිහිටයි.(නදී)
සිරස ඇති අය පැමිණිලි කරන්නේ පොලිසියටළු. එතකොට සිරස නැති අය කොහෙටද පැමිණිලි කොරන්නේ. සිරස බේරා ගන්න තොප්පි දමා ගෙන මදි හෙල්මෙට් දමා ගන්න ඕනේ .(නදී)
කරන වැරදි වැඩක් ගැන විවේචනය කරන්න බැරි නම්, මොකද්ද ඒ රට? (නි)
ලංකාව ලෝකයේ මාධ්‍යවේදීන්ට භයානකම රටවලින් එකක්. බටහිර රටවල ඕනෑ නම් රැජින, ජනපති වගේ අය ඕනෑ තරම් විවේචනය කළ හැකියි. මොකෝ එහෙම කරන්න අයිතියක් තිබෙනවා. හේතුව ඡන්දෙ දුන්න නිසා. මිනිස්සු පඩි ගෙවන නිසා. අනෙක් වියදම් දරන නිසා. (නි)
ඔක්කොමලා බනින්නේ බි බි සි එකටයි, පුද්ගලික මාධ්‍යයටයි විතරයි. අනෙක් හොරණෑ ටික මධ්‍යස්ථයි වගේ කතාව. (නි)
තව ටිකක් වැඩියෙන් කල්පනා කරලා වැඩ කළා නම් හොදයි (නි)
රටේ දේශපාලඥයෝ කියලා පත්වෙලා ඉන්න දේශපාලුවෝ තමන්ගේ තරාතිරම වසන් කරන්න ඕනෑම කැත වැඩක් කරනවනේ.(නදී)
එක දවසක් බ්රේකින් නිවුස් කියලා මහා ලොකුවට දැම්මා. මමත් බැලුවා. එතකොට උතුරු කොරියාව මිසයිල ගහන්න හදනවා කියල කියනවා. ඔය වගේ මෝඩ චූන් දෙනකොට මිනිස්සු කුපිත නොවී ඉදීවිද? (නදී)
මහාරාජා සිංහල කොල්ලෝ ටිකක් තියාගෙන ඌරාගෙ මාළු උරාගෙ පිටේ තියලා කපනවා. ඔතන රස්සාව කරන එකට වැඩය හොදයි වෙන දෙයක් බලාගන්න එක.(නදී)
මට හිතුනා ආයෙත් ලෙඩක් දා ගනී කියලා පහුගිය දවස්වල එක එක වැඩ සටහන් වලට දේශපාලකයෝ ගෙන්නලා උත්තර දීගන්න බැරි ප්‍රශ්න අහනකොට. (නි)
දැන් පල්ලම් බහින හින්දා පොඩි ඇඩ් කැල්ලක් දානවා ප්‍රස්ද්ද වෙන්න.(නදී)
මේ රටට හානියක් කළොත් කවරෙකුට වුවද දෙකෝටියක් ජනතාවගේ තර්ජන එල්ලවෙනු ඇත (නි)
අනේ මන්දා. මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)
පහුගිය කාලෙ සංවිධායකකමකිනුත් අයින් කලාලු නේද? (නි)
අන් සැපතට ඊර්ෂ්‍යා කරන්න එපා. මහාරාජා දෙමළ වුණත් එතන සිංහල,දෙමල ,මුස්ලිම් අය හැමෝම එකට සේවය කරනවා (නි)
ඒ අය කවුද කියලා අපි දන්නවා. (නි)
දැන් ඉතින් අපේ කට්ටිය මාධ්‍ය නිදහස ගැන කතාකරයි (නි)
තර්ඡනයට පෙර සුදානම හොදයි. (නි)
සිරස කරන්නේ තරුණ ජනතාව ෆෝම් කරන එක. බොළඳ වැඩ.(නදී)
කව්ද බොලේ ?පරණ සෙල්ලම අලුතෙන් පටන් ගෙන තියෙන්නේ.(නදී)
එහෙම කරන්නේ ඇයි.(නදී)
ඉතින් අපේ පොලිසිය ඕක උසාවි දල දේසපාලන බලපෑම් වලට යටවෙලා තීන්දු දෙනකොට මේ මිනිස්සු වයසට ගොහින් තියෙයි. එතරන් කලක් ඉවසන්ට බැරි නිසා මෙයාල මේක පිට රටකට කිවම ද්‍රෝහියෝ කියන්න.(නදී)
සමහර මාධ්‍යවේදීන් කියන අය පිටරට නවතින්න යන්න සහ පිටරට ආධාර ගන්න ඔය වගේ කථා කියනවා කියලා මම අහලා තියෙනවා. මේ සිද්ධිය ගැන නම් ඉතින් මම හරියටම කියන්න දන්නෙ නැහැ (නි)
ඉස්සරනමි අපි හරි ආසාවෙන් සිරස පුවත් බැලුවා. දැන් නම් එහෙම නැහැ. ඇයි ඒ? පක්ෂග්‍රාහී නිසා (නි)
අරයගෙ හොල්මන් තමයි ඔය... (නි)
ප්‍රභාකරන් එයාගේ ජාතික වීර දිනේදී කරපු කතා අපිට බලාගන්න පුළුවන් වුණේ සිරස නිසා. මට ඒවා තවම මතකයි (නි)
මම නම් කියන්නේ මෙහෙම දේවලුත් වෙන්න ඕනෑ කියලයි (නි)
මට නම් මේක ගැන හිතෙන්නේ වෙන විදියකට (නි)
සිරසට කරපු තර්ජන ගණන් ගන්න එපා. හෙලදෙරණේ කොයිතරම් නම් බුදුපිලමවල සිරස කඩලා නිධන් ටික කොල්ල කෑවද. කෝ කිසි කෙනෙක් හොයල බැලුවද? ඔය පැමිණිල්ල අස්කර ගන්න. (නදී)
මහේෂ් කියල කෙනෙක් මෙහෙම කමෙන්ට් එකක් දාල තියෙනවා "මේ රටට හානියක් කළොත් කවරෙකුට වුවද දෙකෝටියක් ජනතාවගේ තර්ජන එල්ලවෙනු ඇත. " රටේ ජාතික ධනය හොරාකන රටට වැඩිම හානියක් කරන දේශපාලකයන්ට ලක්ෂ ගණනින් ඡන්දය දෙන ජනතාව ගැනද ඔය කියන්නෙ? (නදී)
ජැක් පොට් ගහන කොට ඔහොම තමයි.(නදී)
දැන් කට්ටිය කියයිද දන්නෙ නැහැ කොටි, ඉන්දියන්කාරයෝ, අදිරාජ්‍යයවාදියෝ කියලා. (නි)
සිරසට ගහල පොල්ල වරද්දගන්න එපා.(නදී)
දැන් හුගක් අය සිරස බලනවා අඩුයි (නි)
වැඩක් නැහැ මොකුත් කියල?තව අවරුදු 10ක් ඇතුළත ලංකාවට මොකද වෙන්නේ කියලා බලාගන්න පුළුවන් මේ යන වේගේ සැර වැඩි ?(නදී)
කුම්බලා කටු කෑවනම් විදවපන් බළලො..(නදී)
දැන් අපේ කට්ටිය හෙට මොනවා කියයිද දන්නෙ නැහැ (නි)
සිරස කරන කියන දේවලුත් අපිට අමතක නැහැ. රටේ වැරදි පෙන්නලා , අපිව මන්දෝත්සාහී කරන අතරම ඉන්දියාවේ වැඩ ලොකුවට පෙන්නලා , එයාලව වීරයෝ කරනවා. ඒක වැරදියි. (නි)
රජයේ මාධ්‍ය ආයතන වලට විපක්ෂයේ අය තර්ජනය කරනවා. පෞද්ගලික මාධ්‍ය ආයතන වලට මේ දෙගොල්ලම තර්ජනය කරනවා. ඒ නිසා ඉතින් හැම මාධ්‍ය ආයතනයකටම තර්ජන ගර්ජන තියෙනවා. ඒවට උත්තර දෙන්න ඕනෑ මාධ්‍ය මගින්ම තමා (නි)