දැයේ දූ දරුවන්ගේ අනාගතය ගැන සලකා බලා විශ්ව විද්‍යාල අර්බුදය අන්තගාමීත්වයෙන් තොරව මැදහත්ව ඉක්මනින් විසඳා ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හා විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයෙන් ඉල්ලා සිටින බව මල්වතු අස්ගිරි මහා නාහිමිවරු එම දෙපාර්ශවයෙන් ඉල්ලති. මාස තුනක් තිස්සේ නොවිසැඳුණු මේ ප්‍රශ්නය විසඳා ගැනීමට දෙපාර්ශවයම කැඳවා යම් සම්මුතියකට එළැඹීමට අපෙක්ෂා කරන්නේ නම් මැදහත් පාර්ශවකරුවන් ලෙස තමන් වහන්සේලාගේ සහාය ද දිය හැකි බව තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමියන් ද උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාමියන් ද කියති. උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා හා විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවගිරිට ද මහා නාහිමිවරු ලියා දැන්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනායක හිමිවරුන්ට ප්‍රණාමය, කලකින් දුටු හොද වැඩක්, ඉල්ලා සිටින්නට එපා හාමුදුරුවනේ සියළුම පාර්ශව වලට වහාම ඇවිත් හමුවෙන ලෙස දන්වමුද? (ස)
අඩු වශයෙන් 4%ක් වත් අනාගත ළමයි වෙනුවෙන් ලබා දෙන්න. (නි)
මහා නායක හිමිවරුන්ගේ තීරණයට මාගේ ස්තුතිය පුදකරමි. ඇයි ආණ්ඩුවේ අය නම්‍යශීලී නොවන්නේ? හුගක් අය ආඩම්බර කථා කියකියා ප්‍රශ්නයන් පැනයනවනේ. එක්කෝ "අපිට සල්ලි නැහැ ඕවාට" කියා ලජ්ජා නොවී කිවයුතුය. (නි)
එක්කෙනෙක්ට එකක් කියනවා, තව කෙනෙක්ට තව එකක් කියනවා. අනේ මන්දා.... (නි)
මෙච්චර කල් කොහේද වැඩ හිටියේ අපේ හාමුදුරුවනේ.(නදී)
මහා නායක හිමිවරුනි, මහාචාර්යවරුනට වගේම මහා උද්ධච්චකමට මේ කිසිම දෙය ගණන් ගන්නේ නැතුව මේක නිකම්ම දේශපාලන කුමන්ත්‍රණයක් කියන මහා ඇමතිවරුනටත් උපදෙස් දෙන්න වෙලාවයි. ඔබවහන්සේලාගේ උත්සාහය වගේම අවවාද ආචාර්යවරු වගේම මේ රටේ මහා ජනතාවත් ඉතා ඉහළින් පිළිගන්න සුදානම්. නමුත් ඇමතිවරු ඒවා අහන දවසක් එනතුරු අපි බලන් ඉන්නවා. මේ දෙගොල්ලන්ටම කියන්න පාලකයන්ට මේක විසදාගන්ඩ බැරි නම් ඔබවහන්සේලා ළගට දෙගොල්ලම ඇවිදින් මේකට විසදුමක් හොයාගමු කියලා. (නි)
විශිෂ්ට අදහසක් (නි)
දැන් හාමුදුරුවෝ කිවුවා කියලා මේ අය අහයිද? (නි)
ප්‍රසාද් දන්නේ මොනව ද? පිනට පඩි දෙන්න එපා. (නි)
මහනාහිමි වරුන්ට මගේ ප්‍රණාමය. ඇමති මාරුවකුත් උනා නම් සියලු ප්‍රශ්න විසඳේවි කියා මා සිතනවා.(ස)
ඇති යන්තම් දැන්වත් ඇස් ඇරිලා....(ස)
ඔබ වහන්සේලාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.(නදී)
චන්ද්‍රසිරි,ආසාවට පාරවල් ගානේ ඉන්නවා නෙවෙයි. පාරට ඇදලා දාලා. ඇමති ප්‍රශ්නේ විසඳනවා නෙමෙයි ඒක තව අවුල් කරනවා. ඔයාල වගේ පුරවැසියෝ ඒකට උල්පන්දම් දෙනවා. (ස)
ඕවා නැත්නම් මේ කට්ටිය තවත් මාසගාණක් පාරටම වෙලා ඉඳීවි (ස)
අති පූජනීය මහා නායක ස්වාමිපාදයානන් වහන්ස මේ රටේ මිනිසුන්ගේ (පාලක/පාලිත) දැක්ම යහපත් කිරීමට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනු මැනවි.(ස)
ඔබවහන්සේවත් මැදිහත් වෙලා මේ කුකුල් පොරය නිමා කරන්න. (නි)
අපේ නායක හාමුදුරුවෙන් ඔබ වහන්සේගේ අදහස සත්‍යයි කාලෝචිතයි . ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා රටේ දරුවන්ගේ අනාගකය සුබ වේවා (ස)
දේවගිරි නෙමෙයි දේවාසිරි.(නදී)
දැන් ඉතිං මහානාහිමිවරුත් කියන එකේ ඔන්න ඕක විසදලා දැම්මා නම් ඉවරනේ ආයිබොවන්ඩ. (නි)