විශ්ව විද්‍යාලය ආචාර්ය වර්ජනය දෙමසක් තිස්සේ දික් ගැසෙමින් තිබියදී විශ්ව විද්‍යාල අර්බුදය නිමකැර විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත්කැර ගැනීමේ උත්සාහයක් වශයෙන් අද සිට විශ්ව විදයාල හා ආයතන වසා දමන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා කියයි. මේ අනුව පහත සඳහන් සරසවි දින නියමයක් නැතිව වැසේ. වෛද්‍ය පීඨය හැර කොළඹ වි.වි, වෛද්‍ය පීඨය හැර පේරාදෙණිය වි.වි, වෛද්‍ය පීඨය හැර ශ්‍රී ජයවර්ධනපුර වි.වී, වෛද්‍ය පීඨය හැර කැලණිය වි.වි. මොරටුව වි.වි, වෛද්‍ය පීඨය හැර යාපනය වි.වි, වෛද්‍ය පීඨය හැර රුහුනු වි.වි, සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය හැර ශ්‍රී ලංකා නැගෙනහිර වි.වි, වෛද්‍ය සහ සමාන්තර විද්‍යා පීඨය හැර ශ්‍රී ලංකා රජරට වි.වි, ශ්‍රී ලංකා සබරගමුව වි.වි, ශ්‍රී ලංකා වයඹ වි.වි, සෞන්දර්ය කලා වි.වි, ශ්‍රී ලංකා විවෘත වි.වි, දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාල පරිගණක විද්‍යායතනය, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනය, මානව සම්පත් අභිවර්ධන ආයතනය. කොළඹ වි.වි, තාක්‍ෂණ විද්‍යායතනය, මොරටුව වි.වි, ශ්‍රීපාලි මණ්ඩපය, ත‍්‍රීකුණාමලය මණ්ඩපය, වව්නියා මණ්ඩපය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පෙරට.......අපි ???
මේවා වහලම තියන්න.. ඇරියා කියලා මොකද්ද ඇති සෙත? අපරාදෙ ජාතික ධනය.. රජයේ ගොවිපලකට වියදම් කළානම් මීට වඩා හොදයි..!!(නු)
උපුල්වන්දෙවිදුනි අපේ දරු කුල රැක දෙන්න.(ස)
මුල සිට සියල්ල වෙනස් විය යුතුයි..!!(නු)
දැං ඉතිං එස්.බී. මහත්තයාට නිවී සැනසිල්ලේ ආචාර්ය අර්බුදය විසදන්න පුළුවං..!!(නු)
හේමන්ත ඔයාට කැම්පස් යන්න බැරි වුණා කියලා කැම්පස් වලට බනින්න එපා.සර්ලගෙ ඉල්ලීම් සාධාරණයි.ලංකාවේ අධ්‍යාපනය බලා ඉදිද්දිම වැනසිලා යන වෙලාවක අනිත් හැම කෙනාම කට වහගෙන දැක්කේ නෑ වගේ ඉන්න කොට වි.වි.ආචාර්යවරුවත් නිදහස් අධ්‍යාපනය බේරා ගන්න හදන වෑයමට හදවතින්ම ආශිර්වාද කරනවා.(නු)
අපි හැමදාමත් ගෙදර(ස)
බුදු සරණයි .දෙවි පිහිටයි..(ස)
ඉගෙන ගත්ත කෙනා ඉගෙනීමේ වටිනාම...!(නු)
ඉල්ලීම් දුන්නා නම් ඉවරනේ (නි)
එස්.බී. මහත්තයා අකුරටම වැඩේ කරනවා..!!(නු)
ඉල්ලගෙන කාලා වගෙයි...!!(නු)
ඉස්සර වෙලාම අමත්‍යංශය වහලා දැම්මා නම් තමා හරි. (නි)
හේමන්ත ඔයාට කැම්පස් යන්න බැරි වුණා කියලා කැම්පස් වලට බනින්න එපා....(නු)
ඇත්තම කතාවනම් මේක ගැටළු විසදන්න දරපු උත්සාහයකට වඩා, පිරිස එකතු වෙලා උද්ඝෝෂණ සංවිධානය කරන එක වලක්වන්න දරපු උත්සාහයක්...ඊටත් අමතරව සියල්ල තීරණය කරන්න තමන්ට බලය ඇති බව පෙන්වන්නකරපු දෙයක් වගේ මටනම් හිතෙන්නෙ..!!(නු)
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ප්‍රශ්න තේරුම් ගනු වෙනුවට බොරු කියමින් ජනතාව රැවටීමට උත්සාහ කිරීම කනගාටුදායක ය..!!(නු)
මේ අරගලය කරන්නේ විශ්වවිද්‍යාල වලට සල්ලි පස්ස කරගන්න නෙවෙයි සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයටමයි.
සරසවි කෙසේ වෙතත් පාසලකටවත් ගිහිං තියෙනවාද මේ කියන හේමන්ත..!!(නු)
අධ්‍යාපනයේ අගය කාලයේ වටිනාකම තේරෙනනේ අධ්‍යාපනය ලැබූ අය පමණි..!(නු)
මේක තමන්ගේ බලය පෙන්වීමට කරන ලද දෙයක්...! පව් අසරණ ළමයින්ගේ අධ්‍යාපනය..!!(නු)
ඌව වෙල්ලස්ස කැම්පස් එක විවෘත්තයිනේ.. (ස)
1 පාසල් වැසීම සිරගෙවල් 100 විවෘත්ත වීමට හේතූවක්...... (ස)
සමන්ත ඔබ සමග සම්පූර්ණයෙන් එකගයි...!!(නු)
මොකක්ද අනේ වෙන්නේ ආචාර වරුන්ගේ පඩි චුට්ටක් වැඩි කලාම.ඔය ඇමතිලා මන්ත්‍රිලා ගන්න පඩියේ හැටියට මේතුමලාට දෙන පඩිය බොහො මදියි කියලයි මට හිතෙන්නේ. (ස)
මේවා වහලා තිබ්බොත් තවත් ඔයාලා වගේ අය තමයි බිහිවෙන්නෙ හේමන්ත මහත්තයෝ..!!(නු)
සරසවි ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සාදාරනයි. නොදන්නා දේවල් වලට ඇගිලි ගහන්නැතුව පාඩුවේ ඉන්නවද? මේ අරගලය ඒ හැමෝගෙම අනාගතය වෙනුවෙන්....!!(නු)
ඔබලා දන්නේ නැද්ද විශ්ව විද්‍යාලවලින් කරන එක කාරියක් කියල රටට අවශ්‍ය උගතුන් (උදා ඉංජිනේරුවන්) බිහි කෙරීම කියල. අපි ඔවුන් අපේ රටේ බිහි කරේ නැත්තම් අපිට මැදපෙරදිග වගේ, වෙන රටවල් වලින් ආනයනය කරන්න වෙනවා. එකට සල්ලි කොච්චර යනවද ? උදා. එක ඉංජිනේරුවෙකුට ආණ්ඩුව වියදම් කරන ගණන (රු ලක්ෂ 8), ඔහු හෝ ඇය අවුරුදු 3 ක් ලංකාව වෙනුවෙන් සේවය කළොත්, ඉංජිනේරුවෙක් ආනයනය නොකර සිටීම නිසා රටට ඉතුරු වෙන ගන්නට සමාන වේ. සරලව කියනවනම් විශ්ව විද්‍යාල කියන්නේ රටට ආයෝජනයක්! (නු)
සරසවි බේරාග්නද? තමන්ගේ වැටුප වැඩිකරගන්න මේ වැඩයම? වැටුප විතරක් නෙමෙයි පහසුකමුත් වැඩිවෙන්න ඕන දියුණු වෙන්න ඕන....!!(නු)
ආසියාවේ දැණුමේ කේන්ද්‍රය කරන්න තමයි විශ්වවිද්‍යාල වහන්න තීරණය කරල තියෙන්නෙ. එතකොට අපිටත් පුළුවන් ස්වාසිලන්තෙ වගේ රීද් නැටුමක් නටාගෙන ඉන්න.(නු)
වහන්න වහන්න එතකොට මොන ප්‍රශ්ණයක්වත් ඇති වෙන්නේ නැහැ.. ඉසඩ් ස්කෝර් ගැටලු, උසස් පෙළ ප්‍රශ්ණපත්‍ර ගැටලු.. උද්ඝෝෂණ වැටුප් ඉල්ලීම් මොනවත්ම නැහැ...!!(නු)
කැබිනට් අනුමැතිය නැතිව මන්ත්‍රී වැටුප් වැඩි කල ආන්ඩුවට ඇයි රටේ බුද්ධී ප්‍රවාහය රැක ගන්න බැරි....?(නු)
මොකද වෛද්‍ය පීඨ විතරක් වැහුවෙ නැත්තෙ... ආචාර්යවරුන්ගේ වර්ජනය අසාධාරණ එකක් කියලායි මම හිතන්නේ.. මෙයාලා 6% කතාව කිව්වට ලංකාවෙ විතරයි නොමිලේ උපාධිය වෙනකම් ඉගෙන ගන්න පුළුවං එකම රට.. අනිත් රටවල් වැඩි ප්‍රතිශතයක් අධ්‍යාපනයට වෙන් කරනවා කිව්වට නොමිලේ ඉගන ගන්න නිදහස් අධ්‍යාපනයක් නැහැ.. අපි නිදහස් අධ්‍යාපනය ආකර්ෂාකරගන්න ඕන..!!(නු)
රට විනාශවීමේ පළමු පියවර මේකයි.. මෙතන අදහස් දාන සමහර අයනිසා තමයි රට පිරිහෙන්නෙ... (නු)
දැන් හරියට සරසවිය කියන්නෙ නිකන් සෙල්ලම් බඩු කඩයක් වගෙයි. ඒවයේ වටිනාකමක් දන්නේ නැහැ. අනෙක ඔය ලොකුඅයගෙ ළමයි ඉගෙන ගන්නෙ පිටරටවල . ඒකයි ඔහොම කරන්නෙ. රටේ අවාසනාව. පවු අහිංසක දුප්පත් ළමයි.. (නි)
සමන්තගේ අදහස නියමයි. හැමතැනම මෝඩයෝ ඉන්නකම් මේ රට හදන්න බෑ.. (ස)
දැං ඔක්කොම ගැටලු ඉවරයිද?(නු)
හේමන්ත, ඔයාල වගේ අය නඩත්තු කරන්න යනවට වඩා වැඩි වියදමක් ආචාර්ය මහාචාර්යවරු නඩත්තු කරන්න යනවා තමයි. ඒ වගේම උපාධි අපේක්ෂකයින්ටත් ඔයාට වඩා වියදම් කරනවා.ඒත් ඒ දේ නොකළොත් මේ රටේ බිහි වෙන්නෙ ඔයා වගේ නූගත් මිනිස්සු. සරසවි වලින් ප්‍රයෝජනයක් නොගන්න අය ඕනෑ තරම් අපිත් දැකල තියනවා. ඒත් ප්‍රයෝජනය ගන්න පිරිස ඊට වඩා හුගක් වැඩියි.ඒ අය පාරට බැහැල කෑ ගහන්නෙ නැහැ. ඒ නිසා ඒවා වල ඉන්න අය පහල මට්ටමට දාල කතා කරන්න එපා. (නි)
දැන් විශ්ව විද්‍යාල නැති නිසා ඇමති කෙනෙක් ඕනැත් නැහැ. (නි)
ජේ ආර් මහත්තයයි මහින්ද මහත්තයයි වෙනසක් නැහැ.. 78 කපිලවස්තු ධාතුන් වහන්සේලා ගෙනවා.. අවුරුදු ගණන් විශ්ව විද්‍යාල වහලා තිබ්බා..!!(නු)
වෙනත් රටවල් වල මැති ඇමතිවරු තමන්ට දෙයක් කරන්න බැරි නම් ඉල්ලා අස්වෙලා..!!(නු)
අපේ ආචාර්යවරුන් නිදහස් අධ්‍යාපනය බේරාගන්න හදන වෑයම හදවතින්ම ආශිර්වාද කරනවා.. !!(නු)
අවුරුදු 4ට කියලා සරසවියට එනවා.. අවුරුදු 5ක් විතර ඉදලා ගෙදර යනවා.. කවුද මේවට වග කියන්නෙ..? අපි අනාථයි නේද? එස්.බී මහත්තයෝ මේවා තේරුම් ගන්න..!!(නු)
ඇමතිට ඕනේ වුනෙත් ඕකමනේ.ලබන අයවැයෙන් 1.8 තිබුණ එක 0.8 ට බස්සන්න පුළුවනි.!!(නු)
සමන්තගේ අදහසට එකගයි.මේ ප්‍රශ්නයට යහපත් විසදුමක් ලැබේවා....!!(නු)
සමන්ත ඒක එහෙම උනාට මේ ආචාර්යවරුන්ගේ සටන් පාථය වෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය බේරාගනිමු කියලා නෙමෙයිනේ.. පඩි වැඩි කරනු කියලානේ..!!(නු)
මේ සටන සමස්ථ සමාජයේම යහපත උදෙසායි..!!(නු)
ආචාර්ය්‍යවරුන් මේ ඉල්ලන්නෙ අපේ අනාගත දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයයි..!(නු)
ආචාර්යවරුනි ඔබලාගේ ව්‍යායාමය සාධාරණයි.. අපි ඔබසමගයි..!!(නු)
ආශ්චර්යය! (නි)
නියමයි ...නියමයි ...
හේමන්ත, ඔයාට උසස් පෙළ ඉහළින් සමත් වෙන්න බැරිවෙලා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලු වෙන්න බැරි වෙන්න ඇති, ඔයාගේ හත්මුතු පරම්පරාවේම එහෙම යන්න කෙනෙකුත් නැතුව ඇති. එහෙත් අවුරුදු ගානක් මහන්සි වෙලා පාඩම් කරලා කැම්පස් ගිය කෙල්ලෙකුගේ හරි කොල්ලෙකුගේ හරි ජීවිතේ ගැන හිතලා බලන්න. අද කොච්චර දුක් වෙනවා ඇති ද? ඒ අම්මලා තාත්තලා අද කොච්චර දුක් වෙනවා ඇතිද? ගොවිපොලක කිරි හරක් ගැන විතරක් හිතන ඔයා වගේ අය ඉන්නකම් මේ රටට යන කල දවස ගැන හිතන්නත් බයයි. (මමත් කැම්පස් ගිහින් නෑ, ඒ වුණාට යන්න ලැබුණානම් එකේ තියන වටිනාකම මම හොදට දන්නවා) (නි)
අනේ ලංකාව
නියමයි ලංකාවට හොද කාලයක් (දී)
කුහක මිනිස්සු වගේ කථා කරන්න එපා විශ්ව විද්‍යලයට යන්න බැරි වුනාට මේ කරන සටන හෑල්ලු කරන්න එපා. මේ සටන් කරන්න දුප්පත් දෙමාපියන් ගේ අහිංසක දරු පැටවුන්ගේ උත්තරිතර නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගන්න කියන එක තේරුම් ගන්න..(නු)
නිදහස් අධ්‍යාපනයක් දැං නැති කරන්නද හදන්නෙ....කොහොම කොහොම හරි කට්ටිය එකතුවෙලා... මේක මිනිස්සුන්ට එපා කරවන්නයි හදන්නෙ...!!(නු)
නිදහස් අධ්‍යාපනයේ ගැටලු ඇති බව රටට මවා පෙන්නා පෞද්ගලික විශ්වවිද්‍යාල ගෙනඒම කරන්නයි හදන්නෙ..!!(නු)
අනේ අපේ තරුණ ජීවිත..!(නු)
මේ අදහස් දාල තියෙන සමහර අය කියන කතා.. (නු)
මේක ඉතිං එච්චරම ලොකුවට ගනං ගන්න දෙයක් නෙමෙයි.. ලංකාවෙ විශ්ව විද්‍යාල ඇරලා තිබුණට වඩා වහලමනේ තියෙන්නෙ..(නු)
අහිංසක දරුවන්ගේ අනාගතේ ගැන ඔයිවිදිහේ තීරණ ගන්න හිතක් පපුවක් නැතිද මහත්තයෝ.. (නු)
අහිංසක දරුවන්ගේ අනාගතතේ ගැන ඔය විදිහට තීරණ ගන්න හිතක් පපුවක් නැතිද? අපි සරසවියට ආවෙ ගෙදරට නාකි වෙන්න නෙමෙයි. නිදහස් අධ්‍යාපන අයිතියට කරන මේ විනය දෙවියන්ම බලාගනිවි...!! (නි)
සරසවියට එන්නේ අවුරුදු 3න් හතරෙන් උපාධිය ගන්න කියලා හිතාගෙන මෙහෙම ගියාම අවුරුදු පහක් හයක් යනවා ඒක අරගන්නත්...එතකොට උසස් පෙළින්පස්සෙ රැකියාවලට ගිය මිතුරන් විවාහවෙලා ළමයිනුත් ඉන්නවා...අපි තාම රැකියා හොයනවා..!!(නු)
පුදුමාකාර දුර දැක්මක්නෙ අපේ ඇස්. බී. මහත්තයට තියෙන්නෙ.. !!(නු)
මෙ ආචාර්ය ඉල්ලිම් අසාධාරණයි.ආචාර්ය වරුන්ගෙ ගැට වලට සරසවිවල ළමයි හොදටම අහුවෙලා...(නු)
මෙතන සමහර අයගේ අදහස්ගැන මට හරි දුකක් දැනෙනවා. කැම්පස් වැහුවම, උපාධිධාරීන් බිහිකරන්නේ කොහෙන්ද? මොනවා වුනත් පාලකයන්ට නම් හොඳයි බුද්ධිමතුන් අඩු වෙන තරමට. මොකද එතකොට ප්‍රශ්න අඩුයිනේ. (නු)
අනේ මෙහෙමත් මිනිස්සු.... අධ්‍යාපනයේ වැදගත්කම තේරෙන්නෙ නැති හැටි...!(නු)
තමන්ගෙ ළමයි පිටරට යවලා උගන්නන්න පුළුවං අයට මේවා ගැටලු නෙමෙයි...!!(නු)
කොළඹ විශ්ව විද්‍යාල පරිගණක විද්‍යායතනය....කවුද කියන්නෙ වහලා කියලා.. මේ දේශන තියන්නෙ...!!(නු)
සරසවියක උද්ඝෝෂෂණයක් කළොත් හොද ප්‍රසිද්ධියක් ලබාදීලා ඒක හෙලා දැකලා කටයුතු කරනවා.. ඒත් මේවට විසදුම් දෙන්න කවුරුත් නැහැ... අපිට අපි විතරයි අන්තිමට...!!(නු)
මේ රටේ නාස්ති කරන මුදල් අධ්‍යාපනයට වෙන් කල යුතුමයි. මේ රටට ගොඩ එන්න පුලුවන් එකම ක්‍රමය තමයි ඒක. ඒක තමයි රට වෙනුවෙන් කරන්න පුළුවන් හොදම ආයෝජනය. සර්ලගෙ පඩි විතරක් නෙවේ පර්යේෂණ වලට වෙන් කරන මුදල් වැඩි කරන්න ඕන. එහෙම තමයි කර්මාන්ත දියුණු කරන්න පුළුවන්.(නු)
අපිටත් කැම්පස් යන්න බැරි උනා.එත් අපිට රටේ වෙන දේ තේරෙනවා .අපිට කැම්පස් යන්න බැරිවුණා කියලා කැම්පස් යන අය එකට වගකියන්න ඕන නැහැ .නමුත් අසාධාරණයට නම් අපි කතා කරනවා .ආචාර්යවරුන් ගේ ඉල්ලීම් සාධාරණයි මොකද ඔයගොල්ලන් පිට රට ගිහින් වෙන පිටරට කැම්පස් එකක ඉගැන්නුව නම් මොකද වෙන්නේ මිට වැඩ පඩිත් වැඩියි නමුත් ඒ අයගේ මනුස්සකමට මෙහෙ ඉදන් උගන්නන හදනකොට එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදනවා.මම ඉල්ලන්නේ අපේ රටේ මොක විනාශ කරත් කමක් නැහැ අධ්‍යාපනේ නම් වනසන්න එපා... (නු)
මන්ත්‍රිවරයෙකුට මාසයකට ලක්ෂ 12, ඇමතිවරයෙකුට ලක්ෂ 25 ආසන්න මුදල්ක් රජය වැය කරනවලු. එත් නියම ආචාරය මහාචාරය කථිකාචාර්ය උපදේශකවරුන්ට උගත්කමට ගැටපෙන වැටුපක් ගෙවන්න බැර හැටි.....(නු)
ඇයි සියලුම වෛද්‍ය පීඨ පමණක් වසන්නේ නැත්තෙ.. ඒක අසාධාරණයි.. වෛද්‍ය පීඨයන්ගේ ගුරුවරුන්ට පඩි වැඩිවීම එපාද? ඇයි ඔවුන් නිදහස් අධ්‍යාපන විරෝධතාවයට සහාය දක්වන්නෙ නැත්තෙ...!!(නු)
මහදැන මුත්තගේ ගෝලයෙක්ද දන්නේ නැහැ නේද? (නි)
ආචාර්ය වරුන්ට ප්‍රශ්නේ ආණ්ඩුව එක්කද? ළමයි එක්කද? (දී)
කව්ද මේවාට වග කියන්න ඕනේ (දී)
රටේ අනාගතය අදුරේ (දී)
සියල්ල වැසේ මොන තරම් පහත්ද? (දී)
කැම්පස් යන්නට පින් මදි වෙන්නැති (දී)
කල් පවතින පිළියෙමක් නොවේ
නියමයි තව මොනවද? (දී)
කොහොමින් කොහොම හරි අන්තිමට අපිට තමා පාඩුවෙන්නෙ..(නු)
මෙහෙම වේල්ල මදි අපේ අනාගතයට (දී)
පෞද්ගලික අංශයට අත වනනවදෝ? (නි)
ඒ වුණාට වෛද්‍ය පීඨ විවෘතයිනේ. (නි)
ඈමතිතුමාට වැඩි බලතල දෙමු. එතකොට හොදයි. (නි)
මේක තමා අද තත්වය (දී)
බළධාරීන් නිදිද?(නු)
2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල උගන්ඩාවේ, ඝානාවේ , සුඩානයේ සහ ඉතියෝපියාවේ ජාතික විශ්වවිද්‍යාල වලට වඩා පහත් දර්ශකයක් දරයි. සාක්ෂරතාවය අඩු අසමත් අප්‍රිකානු රාජ්‍යවල විශ්ව විද්‍යාල පවා මේ අනුව අධ්‍යාපනික ගුනත්මකභාවෙන් ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල පරාජය කොට තිබේ. 2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකික විද්‍යාල සහ අප්‍රිකානු විශ්ව විද්‍යාල වල තත්වය පහත දැක්වේ (උපුටා ගැනීම Ranking Web of World Universities 2012 January )(නු)
මෙ කතාවේ හරය මේකයි.. ඔක්කොම හොදට අනනවා.. ඉන්පස්සේ ඡන්දෙ කිට්ටුවෙලා මේ සේරම ජනාධිපතිතුමා විසදනවා.. ඊට පස්සේ සියල්ල අමතකයි.. ඊට පස්සේ රට පෙරට.. (නු)
නිකන් බොරුවට නාස්ති කරන සල්ලි යෙදෙවුවා නම් හොදට පඩි වැඩි කරන්න පුලුවන්. (නි)
හෙණ ගහනවා වගේ වැඩක්නේ. (නි)
ලංකාවේ අධ්‍යාපනයට ගිය කලක් (දී)
හේමන්ත, පාසල් ගිය කෙනෙක්ද? (නි)
මෙවැනි උතුමන් සිටීම රටට වාසනාවක්..(ස)
දැන් එතකොට ඔය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ ඉල්ලීම් ලැබිල වැටුප් එහෙම වැඩි උනොත් ඒවත් "වෛද්‍ය විද්‍යාල වල ආචාර්ය වරුන් හැර අනිත් ආචාර්ය වරුන්ට" ද දන්නෙ නෑ නේද?(ස)
මේක තමා ලංකාවේ අධ්‍යාපනය (දී)
ඒක ඇත්ත , දැන් ඕක තමයි ලංකාවේ හොඳටම අලෙවි වෙන කතාව......(ස)
ලංකාවටම එකයි (දී)
මේක භයානක තීරණයක්. (නි)
ළමයි ගෙදරද? (දී)
බලන්න අපේ රට ආශ්චර්යය කරා යන ලස්සන (නි)
රටේ බුද්ධිමත්ම ශිෂ්‍යයන්ට සළකන ආකාරය නම් අපූරුයි. (නි)