IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සරසවි සියල්ල වැසේ

විශ්ව විද්‍යාලය ආචාර්ය වර්ජනය දෙමසක් තිස්සේ දික් ගැසෙමින් තිබියදී විශ්ව විද්‍යාල අර්බුදය නිමකැර විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත්කැර ගැනීමේ උත්සාහයක් වශයෙන් අද සිට විශ්ව විදයාල හා ආයතන වසා දමන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා කියයි. මේ අනුව පහත සඳහන් සරසවි දින නියමයක් නැතිව වැසේ. වෛද්‍ය පීඨය හැර කොළඹ වි.වි, වෛද්‍ය පීඨය හැර පේරාදෙණිය වි.වි, වෛද්‍ය පීඨය හැර ශ්‍රී ජයවර්ධනපුර වි.වී, වෛද්‍ය පීඨය හැර කැලණිය වි.වි. මොරටුව වි.වි, වෛද්‍ය පීඨය හැර යාපනය වි.වි,  වෛද්‍ය පීඨය හැර රුහුනු වි.වි, සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය හැර ශ්‍රී ලංකා නැගෙනහිර වි.වි, වෛද්‍ය සහ සමාන්තර විද්‍යා පීඨය හැර ශ්‍රී ලංකා රජරට වි.වි, ශ්‍රී ලංකා සබරගමුව වි.වි, ශ්‍රී ලංකා වයඹ වි.වි, සෞන්දර්ය කලා වි.වි, ශ්‍රී ලංකා විවෘත වි.වි, දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාල පරිගණක විද්‍යායතනය, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනය, මානව සම්පත් අභිවර්ධන ආයතනය. කොළඹ වි.වි, තාක්‍ෂණ විද්‍යායතනය, මොරටුව වි.වි, ශ්‍රීපාලි මණ්ඩපය, ත‍්‍රීකුණාමලය මණ්ඩපය, වව්නියා මණ්ඩපය.



අදහස් (0)

සරසවි සියල්ල වැසේ

විමුක්ති Tuesday, 21 August 2012 04:08 PM

සරසවි ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සාදාරනයි. නොදන්නා දේවල් වලට ඇගිලි ගහන්නැතුව පාඩුවේ ඉන්නවද? මේ අරගලය ඒ හැමෝගෙම අනාගතය වෙනුවෙන්....!!(නු)

:       0       0

ඉෂාන් Tuesday, 21 August 2012 04:10 PM

ඔබලා දන්නේ නැද්ද විශ්ව විද්‍යාලවලින් කරන එක කාරියක් කියල රටට අවශ්‍ය උගතුන් (උදා ඉංජිනේරුවන්) බිහි කෙරීම කියල. අපි ඔවුන් අපේ රටේ බිහි කරේ නැත්තම් අපිට මැදපෙරදිග වගේ, වෙන රටවල් වලින් ආනයනය කරන්න වෙනවා. එකට සල්ලි කොච්චර යනවද ? උදා. එක ඉංජිනේරුවෙකුට ආණ්ඩුව වියදම් කරන ගණන (රු ලක්ෂ 8), ඔහු හෝ ඇය අවුරුදු 3 ක් ලංකාව වෙනුවෙන් සේවය කළොත්, ඉංජිනේරුවෙක් ආනයනය නොකර සිටීම නිසා රටට ඉතුරු වෙන ගන්නට සමාන වේ. සරලව කියනවනම් විශ්ව විද්‍යාල කියන්නේ රටට ආයෝජනයක්! (නු)

:       0       0

සමන්ත Tuesday, 21 August 2012 04:11 PM

සරසවි බේරාග්නද? තමන්ගේ වැටුප වැඩිකරගන්න මේ වැඩයම? වැටුප විතරක් නෙමෙයි පහසුකමුත් වැඩිවෙන්න ඕන දියුණු වෙන්න ඕන....!!(නු)

:       0       0

අජිත් Tuesday, 21 August 2012 04:13 PM

ආසියාවේ දැණුමේ කේන්ද්‍රය කරන්න තමයි විශ්වවිද්‍යාල වහන්න තීරණය කරල තියෙන්නෙ. එතකොට අපිටත් පුළුවන් ස්වාසිලන්තෙ වගේ රීද් නැටුමක් නටාගෙන ඉන්න.(නු)

:       0       0

ජනක Wednesday, 22 August 2012 10:00 AM

හේමන්ත, පාසල් ගිය කෙනෙක්ද? (නි)

:       0       0

උමෝදා Wednesday, 22 August 2012 10:01 AM

මෙවැනි උතුමන් සිටීම රටට වාසනාවක්..(ස)

:       0       0

Cooray Nawalage Jude Yohan Tuesday, 21 August 2012 04:10 PM

වහන්න වහන්න එතකොට මොන ප්‍රශ්ණයක්වත් ඇති වෙන්නේ නැහැ.. ඉසඩ් ස්කෝර් ගැටලු, උසස් පෙළ ප්‍රශ්ණපත්‍ර ගැටලු.. උද්ඝෝෂණ වැටුප් ඉල්ලීම් මොනවත්ම නැහැ...!!(නු)

:       0       0

කාවින්දි Wednesday, 22 August 2012 10:03 AM

දැන් එතකොට ඔය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ ඉල්ලීම් ලැබිල වැටුප් එහෙම වැඩි උනොත් ඒවත් "වෛද්‍ය විද්‍යාල වල ආචාර්ය වරුන් හැර අනිත් ආචාර්ය වරුන්ට" ද දන්නෙ නෑ නේද?(ස)

:       0       0

එකනායක Tuesday, 21 August 2012 04:14 PM

කැබිනට් අනුමැතිය නැතිව මන්ත්‍රී වැටුප් වැඩි කල ආන්ඩුවට ඇයි රටේ බුද්ධී ප්‍රවාහය රැක ගන්න බැරි....?(නු)

:       0       0

ජනක Tuesday, 21 August 2012 10:07 PM

නියමයි තව මොනවද? (දී)

:       0       0

සම්පත් Tuesday, 21 August 2012 04:21 PM

මොකද වෛද්‍ය පීඨ විතරක් වැහුවෙ නැත්තෙ... ආචාර්යවරුන්ගේ වර්ජනය අසාධාරණ එකක් කියලායි මම හිතන්නේ.. මෙයාලා 6% කතාව කිව්වට ලංකාවෙ විතරයි නොමිලේ උපාධිය වෙනකම් ඉගෙන ගන්න පුළුවං එකම රට.. අනිත් රටවල් වැඩි ප්‍රතිශතයක් අධ්‍යාපනයට වෙන් කරනවා කිව්වට නොමිලේ ඉගන ගන්න නිදහස් අධ්‍යාපනයක් නැහැ.. අපි නිදහස් අධ්‍යාපනය ආකර්ෂාකරගන්න ඕන..!!(නු)

:       0       0

ලක්මාල් Tuesday, 21 August 2012 10:11 PM

කොහොමින් කොහොම හරි අන්තිමට අපිට තමා පාඩුවෙන්නෙ..(නු)

:       0       0

ඩී.පී. ලියනගේ Tuesday, 21 August 2012 04:21 PM

රට විනාශවීමේ පළමු පියවර මේකයි.. මෙතන අදහස් දාන සමහර අයනිසා තමයි රට පිරිහෙන්නෙ... (නු)

:       0       0

කමල් Tuesday, 21 August 2012 04:27 PM

දැන් හරියට සරසවිය කියන්නෙ නිකන් සෙල්ලම් බඩු කඩයක් වගෙයි. ඒවයේ වටිනාකමක් දන්නේ නැහැ. අනෙක ඔය ලොකුඅයගෙ ළමයි ඉගෙන ගන්නෙ පිටරටවල . ඒකයි ඔහොම කරන්නෙ. රටේ අවාසනාව. පවු අහිංසක දුප්පත් ළමයි.. (නි)

:       0       0

සමන් Tuesday, 21 August 2012 04:27 PM

සමන්තගේ අදහස නියමයි. හැමතැනම මෝඩයෝ ඉන්නකම් මේ රට හදන්න බෑ.. (ස)

:       0       0

සුනෙත් Tuesday, 21 August 2012 04:26 PM

දැං ඔක්කොම ගැටලු ඉවරයිද?(නු)

:       0       0

උමා Tuesday, 21 August 2012 10:25 PM

මෙහෙම වේල්ල මදි අපේ අනාගතයට (දී)

:       0       0

යෝනුසලවි Tuesday, 21 August 2012 04:33 PM

හේමන්ත, ඔයාල වගේ අය නඩත්තු කරන්න යනවට වඩා වැඩි වියදමක් ආචාර්ය මහාචාර්යවරු නඩත්තු කරන්න යනවා තමයි. ඒ වගේම උපාධි අපේක්ෂකයින්ටත් ඔයාට වඩා වියදම් කරනවා.ඒත් ඒ දේ නොකළොත් මේ රටේ බිහි වෙන්නෙ ඔයා වගේ නූගත් මිනිස්සු. සරසවි වලින් ප්‍රයෝජනයක් නොගන්න අය ඕනෑ තරම් අපිත් දැකල තියනවා. ඒත් ප්‍රයෝජනය ගන්න පිරිස ඊට වඩා හුගක් වැඩියි.ඒ අය පාරට බැහැල කෑ ගහන්නෙ නැහැ. ඒ නිසා ඒවා වල ඉන්න අය පහල මට්ටමට දාල කතා කරන්න එපා. (නි)

:       0       0

රංග Wednesday, 22 August 2012 10:29 AM

මේක තමා ලංකාවේ අධ්‍යාපනය (දී)

:       0       0

සුනෙත් Tuesday, 21 August 2012 04:30 PM

දැන් විශ්ව විද්‍යාල නැති නිසා ඇමති කෙනෙක් ඕනැත් නැහැ. (නි)

:       0       0

රොඩ්නි ප්‍රනාන්දු Tuesday, 21 August 2012 04:36 PM

ජේ ආර් මහත්තයයි මහින්ද මහත්තයයි වෙනසක් නැහැ.. 78 කපිලවස්තු ධාතුන් වහන්සේලා ගෙනවා.. අවුරුදු ගණන් විශ්ව විද්‍යාල වහලා තිබ්බා..!!(නු)

:       0       0

ලුම්බිණි Tuesday, 21 August 2012 04:33 PM

වෙනත් රටවල් වල මැති ඇමතිවරු තමන්ට දෙයක් කරන්න බැරි නම් ඉල්ලා අස්වෙලා..!!(නු)

:       0       0

විභූති Tuesday, 21 August 2012 04:41 PM

අපේ ආචාර්යවරුන් නිදහස් අධ්‍යාපනය බේරාගන්න හදන වෑයම හදවතින්ම ආශිර්වාද කරනවා.. !!(නු)

:       0       0

සරත් Tuesday, 21 August 2012 10:43 PM

පෞද්ගලික අංශයට අත වනනවදෝ? (නි)

:       0       0

සුභාෂිණි Tuesday, 21 August 2012 10:48 PM

ඒ වුණාට වෛද්‍ය පීඨ විවෘතයිනේ. (නි)

:       0       0

අරෝෂ Tuesday, 21 August 2012 04:45 PM

අවුරුදු 4ට කියලා සරසවියට එනවා.. අවුරුදු 5ක් විතර ඉදලා ගෙදර යනවා.. කවුද මේවට වග කියන්නෙ..? අපි අනාථයි නේද? එස්.බී මහත්තයෝ මේවා තේරුම් ගන්න..!!(නු)

:       0       0

තුෂාර දිසානායක Tuesday, 21 August 2012 04:46 PM

ඇමතිට ඕනේ වුනෙත් ඕකමනේ.ලබන අයවැයෙන් 1.8 තිබුණ එක 0.8 ට බස්සන්න පුළුවනි.!!(නු)

:       0       0

සරත් Wednesday, 22 August 2012 10:51 AM

ඒක ඇත්ත , දැන් ඕක තමයි ලංකාවේ හොඳටම අලෙවි වෙන කතාව......(ස)

:       0       0

ප්‍රෙභෝධ Tuesday, 21 August 2012 04:53 PM

සමන්තගේ අදහසට එකගයි.මේ ප්‍රශ්නයට යහපත් විසදුමක් ලැබේවා....!!(නු)

:       0       0

සමිත Wednesday, 22 August 2012 04:27 PM

බලන්න අපේ රට ආශ්චර්යය කරා යන ලස්සන (නි)

:       0       0

අංජන Tuesday, 21 August 2012 04:57 PM

සමන්ත ඒක එහෙම උනාට මේ ආචාර්යවරුන්ගේ සටන් පාථය වෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය බේරාගනිමු කියලා නෙමෙයිනේ.. පඩි වැඩි කරනු කියලානේ..!!(නු)

:       0       0

අසංක Tuesday, 21 August 2012 10:59 PM

ඈමතිතුමාට වැඩි බලතල දෙමු. එතකොට හොදයි. (නි)

:       0       0

සමින්ද Tuesday, 21 August 2012 04:57 PM

මේ සටන සමස්ථ සමාජයේම යහපත උදෙසායි..!!(නු)

:       0       0

සමීර Tuesday, 21 August 2012 04:57 PM

ආචාර්ය්‍යවරුන් මේ ඉල්ලන්නෙ අපේ අනාගත දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයයි..!(නු)

:       0       0

දමිත Tuesday, 21 August 2012 04:57 PM

ආචාර්යවරුනි ඔබලාගේ ව්‍යායාමය සාධාරණයි.. අපි ඔබසමගයි..!!(නු)

:       0       0

චතුරංග Tuesday, 21 August 2012 04:57 PM

ආශ්චර්යය! (නි)

:       0       0

චතුරංග Tuesday, 21 August 2012 04:57 PM

නියමයි ...නියමයි ...

:       0       0

රත්නා Tuesday, 21 August 2012 11:08 PM

මේක තමා අද තත්වය (දී)

:       0       0

යහන් වීරතුංග Tuesday, 21 August 2012 05:08 PM

හේමන්ත, ඔයාට උසස් පෙළ ඉහළින් සමත් වෙන්න බැරිවෙලා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලු වෙන්න බැරි වෙන්න ඇති, ඔයාගේ හත්මුතු පරම්පරාවේම එහෙම යන්න කෙනෙකුත් නැතුව ඇති. එහෙත් අවුරුදු ගානක් මහන්සි වෙලා පාඩම් කරලා කැම්පස් ගිය කෙල්ලෙකුගේ හරි කොල්ලෙකුගේ හරි ජීවිතේ ගැන හිතලා බලන්න. අද කොච්චර දුක් වෙනවා ඇති ද? ඒ අම්මලා තාත්තලා අද කොච්චර දුක් වෙනවා ඇතිද? ගොවිපොලක කිරි හරක් ගැන විතරක් හිතන ඔයා වගේ අය ඉන්නකම් මේ රටට යන කල දවස ගැන හිතන්නත් බයයි. (මමත් කැම්පස් ගිහින් නෑ, ඒ වුණාට යන්න ලැබුණානම් එකේ තියන වටිනාකම මම හොදට දන්නවා) (නි)

:       0       0

දිල්රුක්ෂි Tuesday, 21 August 2012 05:04 PM

අනේ ලංකාව

:       0       0

දිල්රුක්ෂි Tuesday, 21 August 2012 05:04 PM

නියමයි ලංකාවට හොද කාලයක් (දී)

:       0       0

දිල්රුක්ෂි Tuesday, 21 August 2012 05:08 PM

කුහක මිනිස්සු වගේ කථා කරන්න එපා විශ්ව විද්‍යලයට යන්න බැරි වුනාට මේ කරන සටන හෑල්ලු කරන්න එපා. මේ සටන් කරන්න දුප්පත් දෙමාපියන් ගේ අහිංසක දරු පැටවුන්ගේ උත්තරිතර නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගන්න කියන එක තේරුම් ගන්න..(නු)

:       0       0

දිනුක Tuesday, 21 August 2012 05:08 PM

නිදහස් අධ්‍යාපනයක් දැං නැති කරන්නද හදන්නෙ....කොහොම කොහොම හරි කට්ටිය එකතුවෙලා... මේක මිනිස්සුන්ට එපා කරවන්නයි හදන්නෙ...!!(නු)

:       0       0

කෙවින් Tuesday, 21 August 2012 05:10 PM

නිදහස් අධ්‍යාපනයේ ගැටලු ඇති බව රටට මවා පෙන්නා පෞද්ගලික විශ්වවිද්‍යාල ගෙනඒම කරන්නයි හදන්නෙ..!!(නු)

:       0       0

මොහොමඩ් රමීස් Tuesday, 21 August 2012 11:40 PM

බළධාරීන් නිදිද?(නු)

:       0       0

නිලාන් Wednesday, 22 August 2012 11:41 AM

ලංකාවටම එකයි (දී)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 21 August 2012 05:09 PM

අනේ අපේ තරුණ ජීවිත..!(නු)

:       0       0

රුවන් Tuesday, 21 August 2012 05:13 PM

මේ අදහස් දාල තියෙන සමහර අය කියන කතා.. (නු)

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 21 August 2012 05:20 PM

මේක ඉතිං එච්චරම ලොකුවට ගනං ගන්න දෙයක් නෙමෙයි.. ලංකාවෙ විශ්ව විද්‍යාල ඇරලා තිබුණට වඩා වහලමනේ තියෙන්නෙ..(නු)

:       0       0

දිල්රුක් Tuesday, 21 August 2012 05:16 PM

අහිංසක දරුවන්ගේ අනාගතේ ගැන ඔයිවිදිහේ තීරණ ගන්න හිතක් පපුවක් නැතිද මහත්තයෝ.. (නු)

:       0       0

දිල්රුක්ෂි Tuesday, 21 August 2012 05:20 PM

අහිංසක දරුවන්ගේ අනාගතතේ ගැන ඔය විදිහට තීරණ ගන්න හිතක් පපුවක් නැතිද? අපි සරසවියට ආවෙ ගෙදරට නාකි වෙන්න නෙමෙයි. නිදහස් අධ්‍යාපන අයිතියට කරන මේ විනය දෙවියන්ම බලාගනිවි...!! (නි)

:       0       0

දිල්ශානි Tuesday, 21 August 2012 05:16 PM

සරසවියට එන්නේ අවුරුදු 3න් හතරෙන් උපාධිය ගන්න කියලා හිතාගෙන මෙහෙම ගියාම අවුරුදු පහක් හයක් යනවා ඒක අරගන්නත්...එතකොට උසස් පෙළින්පස්සෙ රැකියාවලට ගිය මිතුරන් විවාහවෙලා ළමයිනුත් ඉන්නවා...අපි තාම රැකියා හොයනවා..!!(නු)

:       0       0

නන්දන Tuesday, 21 August 2012 05:23 PM

පුදුමාකාර දුර දැක්මක්නෙ අපේ ඇස්. බී. මහත්තයට තියෙන්නෙ.. !!(නු)

:       0       0

රාජිනි Wednesday, 22 August 2012 12:51 AM

2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල උගන්ඩාවේ, ඝානාවේ , සුඩානයේ සහ ඉතියෝපියාවේ ජාතික විශ්වවිද්‍යාල වලට වඩා පහත් දර්ශකයක් දරයි. සාක්ෂරතාවය අඩු අසමත් අප්‍රිකානු රාජ්‍යවල විශ්ව විද්‍යාල පවා මේ අනුව අධ්‍යාපනික ගුනත්මකභාවෙන් ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල පරාජය කොට තිබේ. 2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකික විද්‍යාල සහ අප්‍රිකානු විශ්ව විද්‍යාල වල තත්වය පහත දැක්වේ (උපුටා ගැනීම Ranking Web of World Universities 2012 January )(නු)

:       0       0

ජයකොඩි Tuesday, 21 August 2012 05:47 PM

මෙ ආචාර්ය ඉල්ලිම් අසාධාරණයි.ආචාර්ය වරුන්ගෙ ගැට වලට සරසවිවල ළමයි හොදටම අහුවෙලා...(නු)

:       0       0

අනුශ්ක Tuesday, 21 August 2012 05:47 PM

මෙතන සමහර අයගේ අදහස්ගැන මට හරි දුකක් දැනෙනවා. කැම්පස් වැහුවම, උපාධිධාරීන් බිහිකරන්නේ කොහෙන්ද? මොනවා වුනත් පාලකයන්ට නම් හොඳයි බුද්ධිමතුන් අඩු වෙන තරමට. මොකද එතකොට ප්‍රශ්න අඩුයිනේ. (නු)

:       0       0

රංග Tuesday, 21 August 2012 05:56 PM

අනේ මෙහෙමත් මිනිස්සු.... අධ්‍යාපනයේ වැදගත්කම තේරෙන්නෙ නැති හැටි...!(නු)

:       0       0

සෝමදාස Tuesday, 21 August 2012 06:19 PM

තමන්ගෙ ළමයි පිටරට යවලා උගන්නන්න පුළුවං අයට මේවා ගැටලු නෙමෙයි...!!(නු)

:       0       0

දුමින්ද බස්නායක Tuesday, 21 August 2012 06:38 PM

කොළඹ විශ්ව විද්‍යාල පරිගණක විද්‍යායතනය....කවුද කියන්නෙ වහලා කියලා.. මේ දේශන තියන්නෙ...!!(නු)

:       0       0

සුජීව Wednesday, 22 August 2012 04:10 AM

මෙ කතාවේ හරය මේකයි.. ඔක්කොම හොදට අනනවා.. ඉන්පස්සේ ඡන්දෙ කිට්ටුවෙලා මේ සේරම ජනාධිපතිතුමා විසදනවා.. ඊට පස්සේ සියල්ල අමතකයි.. ඊට පස්සේ රට පෙරට.. (නු)

:       0       0

මධු Tuesday, 21 August 2012 06:58 PM

සරසවියක උද්ඝෝෂෂණයක් කළොත් හොද ප්‍රසිද්ධියක් ලබාදීලා ඒක හෙලා දැකලා කටයුතු කරනවා.. ඒත් මේවට විසදුම් දෙන්න කවුරුත් නැහැ... අපිට අපි විතරයි අන්තිමට...!!(නු)

:       0       0

දමයන්ති Wednesday, 22 August 2012 06:19 AM

නිකන් බොරුවට නාස්ති කරන සල්ලි යෙදෙවුවා නම් හොදට පඩි වැඩි කරන්න පුලුවන්. (නි)

:       0       0

එරංග Tuesday, 21 August 2012 07:07 PM

මේ රටේ නාස්ති කරන මුදල් අධ්‍යාපනයට වෙන් කල යුතුමයි. මේ රටට ගොඩ එන්න පුලුවන් එකම ක්‍රමය තමයි ඒක. ඒක තමයි රට වෙනුවෙන් කරන්න පුළුවන් හොදම ආයෝජනය. සර්ලගෙ පඩි විතරක් නෙවේ පර්යේෂණ වලට වෙන් කරන මුදල් වැඩි කරන්න ඕන. එහෙම තමයි කර්මාන්ත දියුණු කරන්න පුළුවන්.(නු)

:       0       0

ප්‍රදීප් Wednesday, 22 August 2012 06:38 AM

හෙණ ගහනවා වගේ වැඩක්නේ. (නි)

:       0       0

සම්පත් Tuesday, 21 August 2012 07:09 PM

අපිටත් කැම්පස් යන්න බැරි උනා.එත් අපිට රටේ වෙන දේ තේරෙනවා .අපිට කැම්පස් යන්න බැරිවුණා කියලා කැම්පස් යන අය එකට වගකියන්න ඕන නැහැ .නමුත් අසාධාරණයට නම් අපි කතා කරනවා .ආචාර්යවරුන් ගේ ඉල්ලීම් සාධාරණයි මොකද ඔයගොල්ලන් පිට රට ගිහින් වෙන පිටරට කැම්පස් එකක ඉගැන්නුව නම් මොකද වෙන්නේ මිට වැඩ පඩිත් වැඩියි නමුත් ඒ අයගේ මනුස්සකමට මෙහෙ ඉදන් උගන්නන හදනකොට එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදනවා.මම ඉල්ලන්නේ අපේ රටේ මොක විනාශ කරත් කමක් නැහැ අධ්‍යාපනේ නම් වනසන්න එපා... (නු)

:       0       0

සරත් Tuesday, 21 August 2012 02:59 PM

රට පෙරට.......අපි ???

:       0       0

ෂමිල් Wednesday, 22 August 2012 07:22 AM

ලංකාවේ අධ්‍යාපනයට ගිය කලක් (දී)

:       0       0

හේමන්ත Tuesday, 21 August 2012 03:05 PM

මේවා වහලම තියන්න.. ඇරියා කියලා මොකද්ද ඇති සෙත? අපරාදෙ ජාතික ධනය.. රජයේ ගොවිපලකට වියදම් කළානම් මීට වඩා හොදයි..!!(නු)

:       0       0

සනත් Tuesday, 21 August 2012 03:10 PM

උපුල්වන්දෙවිදුනි අපේ දරු කුල රැක දෙන්න.(ස)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 21 August 2012 03:18 PM

මුල සිට සියල්ල වෙනස් විය යුතුයි..!!(නු)

:       0       0

රෝලංකා Tuesday, 21 August 2012 07:19 PM

මන්ත්‍රිවරයෙකුට මාසයකට ලක්ෂ 12, ඇමතිවරයෙකුට ලක්ෂ 25 ආසන්න මුදල්ක් රජය වැය කරනවලු. එත් නියම ආචාරය මහාචාරය කථිකාචාර්ය උපදේශකවරුන්ට උගත්කමට ගැටපෙන වැටුපක් ගෙවන්න බැර හැටි.....(නු)

:       0       0

අමිල Tuesday, 21 August 2012 07:23 PM

ඇයි සියලුම වෛද්‍ය පීඨ පමණක් වසන්නේ නැත්තෙ.. ඒක අසාධාරණයි.. වෛද්‍ය පීඨයන්ගේ ගුරුවරුන්ට පඩි වැඩිවීම එපාද? ඇයි ඔවුන් නිදහස් අධ්‍යාපන විරෝධතාවයට සහාය දක්වන්නෙ නැත්තෙ...!!(නු)

:       0       0

අමිල කටුනායක Tuesday, 21 August 2012 07:30 PM

මහදැන මුත්තගේ ගෝලයෙක්ද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

කංකානම Tuesday, 21 August 2012 03:28 PM

දැං ඉතිං එස්.බී. මහත්තයාට නිවී සැනසිල්ලේ ආචාර්ය අර්බුදය විසදන්න පුළුවං..!!(නු)

:       0       0

සමන්ත Tuesday, 21 August 2012 03:30 PM

හේමන්ත ඔයාට කැම්පස් යන්න බැරි වුණා කියලා කැම්පස් වලට බනින්න එපා.සර්ලගෙ ඉල්ලීම් සාධාරණයි.ලංකාවේ අධ්‍යාපනය බලා ඉදිද්දිම වැනසිලා යන වෙලාවක අනිත් හැම කෙනාම කට වහගෙන දැක්කේ නෑ වගේ ඉන්න කොට වි.වි.ආචාර්යවරුවත් නිදහස් අධ්‍යාපනය බේරා ගන්න හදන වෑයමට හදවතින්ම ආශිර්වාද කරනවා.(නු)

:       0       0

සුමේද Tuesday, 21 August 2012 03:39 PM

අපි හැමදාමත් ගෙදර(ස)

:       0       0

රොශාන් Tuesday, 21 August 2012 03:37 PM

බුදු සරණයි .දෙවි පිහිටයි..(ස)

:       0       0

හෙලන් Tuesday, 21 August 2012 07:40 PM

ආචාර්ය වරුන්ට ප්‍රශ්නේ ආණ්ඩුව එක්කද? ළමයි එක්කද? (දී)

:       0       0

සමන් Tuesday, 21 August 2012 03:38 PM

ඉගෙන ගත්ත කෙනා ඉගෙනීමේ වටිනාම...!(නු)

:       0       0

නිමල් Tuesday, 21 August 2012 03:47 PM

ඉල්ලීම් දුන්නා නම් ඉවරනේ (නි)

:       0       0

නිවන්ත Tuesday, 21 August 2012 07:48 PM

කව්ද මේවාට වග කියන්න ඕනේ (දී)

:       0       0

ශානිකා Tuesday, 21 August 2012 03:48 PM

එස්.බී. මහත්තයා අකුරටම වැඩේ කරනවා..!!(නු)

:       0       0

සමන් Tuesday, 21 August 2012 03:44 PM

ඉල්ලගෙන කාලා වගෙයි...!!(නු)

:       0       0

ගාමිණි Tuesday, 21 August 2012 03:45 PM

ඉස්සර වෙලාම අමත්‍යංශය වහලා දැම්මා නම් තමා හරි. (නි)

:       0       0

සුජිත් Tuesday, 21 August 2012 03:51 PM

හේමන්ත ඔයාට කැම්පස් යන්න බැරි වුණා කියලා කැම්පස් වලට බනින්න එපා....(නු)

:       0       0

සුනෙත් Tuesday, 21 August 2012 03:48 PM

ඇත්තම කතාවනම් මේක ගැටළු විසදන්න දරපු උත්සාහයකට වඩා, පිරිස එකතු වෙලා උද්ඝෝෂණ සංවිධානය කරන එක වලක්වන්න දරපු උත්සාහයක්...ඊටත් අමතරව සියල්ල තීරණය කරන්න තමන්ට බලය ඇති බව පෙන්වන්නකරපු දෙයක් වගේ මටනම් හිතෙන්නෙ..!!(නු)

:       0       0

අල්විස් Tuesday, 21 August 2012 08:14 PM

රටේ අනාගතය අදුරේ (දී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 21 August 2012 03:53 PM

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ප්‍රශ්න තේරුම් ගනු වෙනුවට බොරු කියමින් ජනතාව රැවටීමට උත්සාහ කිරීම කනගාටුදායක ය..!!(නු)

:       0       0

විමුක්ති Tuesday, 21 August 2012 03:53 PM

මේ අරගලය කරන්නේ විශ්වවිද්‍යාල වලට සල්ලි පස්ස කරගන්න නෙවෙයි සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයටමයි.

:       0       0

උපුලි Wednesday, 22 August 2012 02:47 PM

මේක භයානක තීරණයක්. (නි)

:       0       0

මංජුලා සෙනෙවිරත්න Tuesday, 21 August 2012 03:49 PM

සරසවි කෙසේ වෙතත් පාසලකටවත් ගිහිං තියෙනවාද මේ කියන හේමන්ත..!!(නු)

:       0       0

සතිස් Tuesday, 21 August 2012 08:29 PM

සියල්ල වැසේ මොන තරම් පහත්ද? (දී)

:       0       0

සදුන් Tuesday, 21 August 2012 03:54 PM

අධ්‍යාපනයේ අගය කාලයේ වටිනාකම තේරෙනනේ අධ්‍යාපනය ලැබූ අය පමණි..!(නු)

:       0       0

සමන් Tuesday, 21 August 2012 03:53 PM

මේක තමන්ගේ බලය පෙන්වීමට කරන ලද දෙයක්...! පව් අසරණ ළමයින්ගේ අධ්‍යාපනය..!!(නු)

:       0       0

ආනන්ද Tuesday, 21 August 2012 03:55 PM

ඌව වෙල්ලස්ස කැම්පස් එක විවෘත්තයිනේ.. (ස)

:       0       0

ඩෙන්සිල් Tuesday, 21 August 2012 03:56 PM

1 පාසල් වැසීම සිරගෙවල් 100 විවෘත්ත වීමට හේතූවක්...... (ස)

:       0       0

අජිත් Wednesday, 22 August 2012 03:03 PM

ළමයි ගෙදරද? (දී)

:       0       0

පමුදිත Thursday, 06 September 2012 08:22 PM

රටේ බුද්ධිමත්ම ශිෂ්‍යයන්ට සළකන ආකාරය නම් අපූරුයි. (නි)

:       0       0

තාරක Tuesday, 21 August 2012 03:56 PM

සමන්ත ඔබ සමග සම්පූර්ණයෙන් එකගයි...!!(නු)

:       0       0

සදුනි Tuesday, 21 August 2012 03:58 PM

මොකක්ද අනේ වෙන්නේ ආචාර වරුන්ගේ පඩි චුට්ටක් වැඩි කලාම.ඔය ඇමතිලා මන්ත්‍රිලා ගන්න පඩියේ හැටියට මේතුමලාට දෙන පඩිය බොහො මදියි කියලයි මට හිතෙන්නේ. (ස)

:       0       0

පෙරේරා Tuesday, 21 August 2012 09:13 PM

කැම්පස් යන්නට පින් මදි වෙන්නැති (දී)

:       0       0

නිපුන Tuesday, 21 August 2012 09:13 PM

කල් පවතින පිළියෙමක් නොවේ

:       0       0

සුමීර විජේසූරිය Tuesday, 21 August 2012 04:04 PM

මේවා වහලා තිබ්බොත් තවත් ඔයාලා වගේ අය තමයි බිහිවෙන්නෙ හේමන්ත මහත්තයෝ..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1660 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 765 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 255 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 354 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 158 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 107 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40002 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 227 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1302 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site