IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සරසවි සිසුහු උද්ඝෝෂණයේ

සබරගමුව විශ්වවිද්‍යාල සිසුහු 13 වැනිදා දහවල් විශ්වවිද්‍යාල භූමියේ සිට බදුල්ල කොළඔ  ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධියට  පැමිණ දෙපැයක උද්ඝෝෂණයක් කළහ.

   රුහුණ, වයඹ, පේරාදෙණිය, රජරට විශ්වවිද්‍යාල සිසුහු ද උද්ගෝෂණය කළ    බව මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දමයන්ත සම්පත් කියයි.

‘සබරගමුව විශ්වවිද්‍යාලයේ පීඨ 05ක සිසුන් බඳවා ගැනීම් සම්බන්ධව ප්‍රධානම ගැටලූව ලෙස අප දකිනවා. උසාවි තීන්දුව අනුව බඳවා ගතයුතු  පිරිස බඳවාගෙන නැහැ. ව්‍යවහාරික පීඨයේ ස්වාභාවික සම්පත් කළමණාකරණ උපාධි පාඨමාලාවට 55 ක් බඳවාගත යුතු වුවත් 16 ක් පමණයි බඳවාගෙන ඇත්තේ. මෙය භෞතික විද්‍යා අංශයේ 38 කින් 14 යි. ආහාර විද්‍යා අංශයට 59 කින් 30 යි.  උසාවි තීන්දුව අනුව යෝග්‍යතාවය සැලකීමට නිපුණතා හා ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වීමට නියෝග කළා. එහෙත්  එම තොරතුරු පුවත්පත් දැන්වීම් නිසි ලෙසසිදුදු නොකිරීමෙන් කී්‍රඩා විද්‍යා හා කළමණාකරණ පාඨමාලාවට 132 ක් බඳවා ගතයුතුවුවත් නිපුණතා පරීක්ෂණයට පැමිණ බඳවාගෙන ඇත්තේ 31යි  ගිය වසරේ 1500 ක් පමණ මෙම පරීක්ෂණයට සහභාගීවුනා. නිසි ප්‍රසිද්ධ කිරීමක් නොවුන නිසා මේ තත්වය ඇතිවී තිඛෙනවා.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් විමසූවිට කියා සිටියේ විශ්වවිද්‍යාලය එයට වගකිවයුතු බවයි.  ආගණන හා තොරතුරු පද්ධති අංශයට 105 ක් බඳවා ගතයුතු වුවත් 39 ක් පමණයි බඳවාගෙන තිඛෙන්නේ. මේ අයුරින්   පරිපාලනය හා විශ්වවිද්‍යාල පරිපාලනය වගකීම් පැහැරහැර තිඛෙනවා. මේ හේතුවෙන් සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව තිඛෙණවා . කෘෂිපීඨයේ 109ක ගෙන් 58 ක් හා භූ විඥාපණ පීඨයේ 102 ගේන් 54 ක් බඳවාගෙන තිඛෙනවා. සමස්ථයක් ලෙස සිසුන් විශාල පිරිසකට සරසවි වරම මේ ක්‍රියාවන්ගෙන් අහිමීවී තිඛෙණවා. මීට අමතරව පරිපාලනය සිසුන්ගෙන් වසර 04 ටම අයකළ නේවාසික හා අනෙකුත් ගාස්තු වන රුපියල් 950 ට මෙවර නේවාසික ගාස්තු හැර පීඨ දෙකකින්  1600 ක් හා පීඨ 03 ක 2700 ක් වශයෙන් අයකිරීමට කටයුතු කර තිඛෙණවා. කළින් අවුරුදු 04ටම වුවත් මෙය වාර්ෂිකව සිසුන්ගෙන් අයකර ගැනීමට කටයුතු සැලසුම්කර තිබෙණවා. මේ අයුරින් ගණන් හැදුවොත් මෙය 5394400 ක් වෙනවා.   පාසලට බරක්ව සිට විශ්වවිද්‍යාලයට පැමිණ සිසුවාට මෙම බර දැරීමට එරෙහිව අප පෙළ ගැසෙනවා. ‘



අදහස් (0)

සරසවි සිසුහු උද්ඝෝෂණයේ

ඇරොක්ස් Thursday, 14 March 2013 06:03 PM

අධ්‍යාපන කප්පාදුවට සිසුන් පමණක් පෙළ ගැසීමෙන් ඵලක් නැත. ජනතාවත් එක්විය යුතුයි. (නි)

:       0       0

සුමිත් Thursday, 14 March 2013 01:38 AM

අපිත් අකමැතියි නිදහස් අධ්‍යාපනය වළ පල්ලට යනවා දකින්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 74 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 56 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 226 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 555 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1172 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1317 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site