උසස් පෙළ ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ක‍්‍රමයෙන් අසාධාරණයට ලක්වූ සියලූ සිසුනට වහා සාධාරණ විසඳුමක් දෙන ලෙසත්, සරසවි ආචාර්ය ගැටලූ විසඳා හැකි විගස විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත් කරන ලෙසත් රජයට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය කොළඹ කොටුවට අද පා ගමනක් සංවිධානය කළේය.
ලේක්හවුස් වටරවුම අසල සිට භික්ෂූහු දහසක් පමන පිටකොටුව බෝධිය දක්වා විරෝධතා පුවරු රැගෙන වැඩම කළහ. කොටුව දුම්රියපළ ඉදිරිපිට රැස් වී උද්ඝෝෂණයක් ද කළහ. මේ හේතුවෙන් කොටුව, පිටකොටුව ප‍්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ද ඇතිවිය.




1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහසේ යුක්තිය උදෙසා ස්වාමින් වහන්සේලා පාරට බැස්සේ අදක ඊයෙක නෙමෙයි. (නි)
මේ භික්ෂූන් වහන්සේලාට ගොඩාක් පිං, මෙවැනි ජාතික කටයුත්තකට සහය වීම ගැන. (නි)
මේ ඔක්කොමල ගිහියෝ වගේ කොණ්ඩ වවාගෙන.. (නු)
අයියෝ සල්ලි
අද හැම දෙයක්ම පරිහානියට යමින් තියෙන යුගයක් නිසා හාමුදුරුවරු පෙළපාලි යාම ගැන කලබල වෙන්න දෙයක් නැහැ. කොරියාවේ නැත්නම් චීනේ වගේ කුන්ග්ෆු හාමුදුරුවරු බිහි වෙන්න වැඩි කලක් නැහැ වගේ. (ස)
අයියෝ ලංකා
කහ සිවුරෙන් වන මෙහෙවර අගය කරමු. (නි)
මේ අය දිහා බැලුවහම මට නම් එයාලව පෙනෙන්නේ බුදු සවුවන් විදියට නෙමෙයි. (නි)
ස්වභාව ධර්මය විනාශ කරන්න දඟලන කල්ලි ඒ ඒ අයම කාගෙන පවු ගෙවන්නට යයි. මේක නම් රට දෙකට කඩන්න, රට විනාශ මුඛයට දාන්න සිංහල ජාතිය භේද බින්න කරවන්න අටවපු මර උගුලක්. (නි)
රටේ අහිංසක මිනිස්සුන්ගෙ දරුවන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න ඔබවහන්සේලා දරන වෑයමට ජාතියේ උත්තමාචාරය! (නි)
ඔහොම යන්. ඔහොම යන්. (නි)
බෞද්ධයන් වෙනත් ආගම් වලට යන්නේ මෙයාලගේ මෙහෙම වැඩ නිසයි. (නි)
ලංකාව වගේ රටක මහා සංඝරත්නය නඩත්තු කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. (නි)
මේ අය හාමුදුරුවරු කියලද හිතාගෙන ඉන්නේ? අන්තරේ කියන්නේ මොකක්ද කියල අපි දන්නවා. වෛරය, ක්‍රෝධය වපුරන මේ අයට අපි නම් කියන්නේ චීවරධාරීන් කියලයි. (නි)
බුදුහාමුදුරුවන්ගේ රූපය සපත්තු වල දාපු එකට නම් කවුරුවත් පෙළපාලි ගියේ නැහැ නේද? (නි)
පාරෙ හිටිය කියලා විසදුම් ලැබෙනවාද? අනේ මන්දා හෙට කවුද දන්නෙ නැහැ...??(නු)
අනේ හාමුදුරුවනේ, අපි නොදන්න අන්තරේ? (නි)
බණ දේශනා කරන්නත් රටක් සමාජයක් තියෙන්න එපායැ.. නියම සමාජ වගකීම හැදිනගත් හාමුදුරුවන් වහන්සේලාට අපේ උපරිම සහාය.. අධ්‍යාපනය රැක ගැනීමටත් සමාජය යහමගට හැරවීමේ තවත් උත්සාහයක් කියලා සමහර අය දන්නේ නැහැ. (නු)
මේ හාමුදුරුවරුන්ට දවල් දානෙත් නැහැ නේද? (නි)
සග රුවනට මෙහෙම කතා කරන්න එපා. (නි)
අනේ අපේ හාමුදුරුවනේ, ඒක නම් ප්‍රශ්නයක් බව ඇත්ත. ඒත් ඔබවහන්සේලාගේ යුතුකම වන්නේ අපට නිවන් මග කියා දීමත්, මිනිසුන් යහමගට ගැනීමත් නේද? (නි)
සග, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගයන් එකට එක්වී තම අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කිරීම ඉතිහාසයේ සිටමස පැවත එන්නකි. (නි)
ආචාර්යවරුන්ට සාධාරණ වැටුපක් ගෙවන්න සල්ලි නැහැ. ඒත් බාල බඩු මිළට ගන්න නම් සල්ලි තියෙනවා නේද? (නි)
අපේ රටේ පාලකයන්ට ඔය මොන දේවල් කළත්, කිවුවත් ඒවායේ ගාණක් නැහැ. (නි)
මේකට ඉක්මනින් විසදුමක් දෙන්න...!!(නු)
කරන්න වෙන වැඩක් ඇත්තේම නැත්නම ඇයි ධර්ම ප්‍රචාරය කටයුතු ටිකක් කරන්න බැරි? (නි)
අද කියලා විශේෂත්වයක් නැහැ.. මේගොල්ල හැමදාම මහ පාරේ ඉන්නෙ..!!(නු)
උපදේශකකම්වලට පිංසිදුවෙන්න 80 වැනි දශකයේ සටන්කාමී හාමුදුරුවො වෘතිය සමිති නායක හාමුදුරුවරු පෙනෙන්නට හිටියෙ නැත..!!(නු)
හාමුදුරුවන්ට තියෙන්නෙ දායකයන්ට බණක් දේශනා කරලා.. තමන්ගේ ප්‍රධාන අරමුණ වන නිවන් මගට යන පසක් කරගැනීමට කටයුතු කරන එකයි..!!(නු)