ඩුබායිහි රැකියාව කරන පුතා ගෙදර පැමිණ ආපසු ගොස් සතියක් ඉක්මෙන්නටත් පෙර ඔහුගේ මව (64) කපා කොටා මරා දමා ඇතැයි කිරිඳිවැල පොලිසිය කියයි. දියණිය සමග ජීවත් වූ මේ මව මරන්නට ඇත්තේ මුදල් ගැනීමට විය හැකි බව පොලිසිය පවසයි. පූගොඩ මහේස්ත‍්‍රාත් ජී.එල්. ප‍්‍රියන්ත මහතා කිරිඳිවැල ලාවලූපිටියට පැමිණ පරීක්ෂණ ඇරඹීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි දෙයියනේ! ආසියාවේ ආශ්චර්යය (නි)
ජනිත් ඔබ හරි.(නදී)
ආනන්තරිය පාප කර්ම
ලංකාවට යන්නත් බයයි. මිනිස්සු මෙච්චරටම දරුණුයිද? (නි)
රටේ කොච්චරනම් මිනී මැරුම් වෙලා තියෙනව ද? රෝයල් පාක් ඝාතනය, කහවත්තේ ඝාතන 14, උඩවලවේ සිවු පුද්ගල ඝාතනය, කරන්දෙනියේ වෛද්‍යවරයා ඝාතනය, බේරුවල විදේශිකයා ඝාතනය, කටුවන ජවිපෙ ඝාතනය, වැල්ලවත්තේ ත්‍රිත්ව ඝාතනය, පොලී මුදලාලි ඝාතනය, රාගම කෑලි කෑලි වලට කපා සිදු කල ඝාතනය, 64 වියැති මව ඝාතනය,.... නමුත් මේ ඝාතන සෑම එකකටම අදාල අය පොලිසියෙ මහත්වරුන් මේ වන විටත් අල්ලලා ඉවරයි. අපරාධයක් කරලා බේරෙන්න බැහැ කියන විශ්වාසය සමාජයට යන්න මෙය ඉතාම ප්‍රමාණවත්. නමුත් දිගින් දිගටම තව තවත් ඝාතන කෙරනවා. එසේ නම් අද සමාජයේ අපරාධකරුවන් තමන් අහුවීමට තියෙන සම්භාවිතාව වැඩි බව දැන දැනත් එය සුලු කොට තකා හුදු චිත්ත වේග වලට මුල් තැන දෙමින් අපරාධ කරන්නේ ඇයි? ඒ දඬුවමට ඇති බය නැතිකම නිසා නොවේද? මීට එකම හේතුව බරපතල දඬුවම් ක්‍රම අද නොතිබීම නොවේද? (නි)
අත මිට නැහැ කියලා මිනී මරන එක සාධාරණද? (නි)
මිනිස්සුන්ට ජීවත්වීමට අවශ්‍ය තරමට අතේ මිටේ නැහැ.. බඩුමිල ගණන් ගිහින්.. ජීවිතේ ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසයි මෙච්චර අපරාධ... රට ගොඩ ගන්න එක අමාරු ක්‍රියාවක් දැන්. (නු)
මිනීමරුවා අල්ලලා මරණදඩුවමම දෙන්න ඕන.. නැත්නම් වැඩක් නැහැ..!(නු)
අම්ම කෙනෙක්ගෙ වටිනාකම නොදන්න මිනිස්සු ස්වභාවයෙන්ම දඩුවම් ලෑබෙයි.(නු)
පිස්සුද මේ මිනිස්සුන්ට
මේවා පාප කාර්ම
හහ්.. හහ්.. හා.. චන්ද්‍රසිරි, හැමෝම කිවුවේ ඔහොම තමයි. බලය ආවාට පසුව සියල්ල අමතකයි. (නි)
අනේ මෙහෙම තන්හාවක්. අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැණසීමක්...?(නු)
මට බලයක් ලැබුණොත් අහසින් ගොස් අපරාධකාරයා විනාශ කරනවා?
පරීක්ෂණ කලාට වැඩක් නැහැ.. නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවෙනවානම්.. රටේ නීතිය හොදටම ප්‍රමාණවත්.. එත් ක්‍රියාත්මක වීම අසාධාරණයි.. දුබලයි.... (නු)
කහ කෑල්ලකට අම්මව මරපු ජාතියනේ..!(නු)
රටේ මෙච්චර අපරාධ රැල්ලක් තියෙද්දිත් සමහර සැකකරුවන් ආණ්ඩුවෙ තියාගෙන ප්‍රශ්ණ කිරීමට පුළුවං උපරිම කාලය පැය 48 කරනවාට විරුද්ධයි.. ඉතිං හරි යයිද අපිට..? අපේ රටේ නීතිය හැදිලා තියෙන්නේ අපරාධකාරයන්ට වාසි වෙන විදියටයි..!(නු)
බුදුන් වදින දෑතින් වැදලා කියන්නේ ජනාධිපති තුමනි එල්ලුම්ගහට අත්සන්කරන්න .අලුගොසුවෙක් නැතිනම් මම එන්නම් .
ඇත්තම කතාව අපේ රටේ නීතිය බොහොම දුර්වලයි..!(නු)
මොනවා කරලා මදිද මෙයාට
පහත් මිනිසුන් ඉන්න රටක් බවට ලංකාව පත්විගෙන යනවා. මේ අහන් සැනසීමෙන් ජීවත් වෙන්නේ කොහොමද?
සල්ලි නෙවෙයි මොනවා හම්බුණත් වැඩක් තියෙයිද දැන්?
මොනවාද වෙන්නේ මොකද කරන්නේ.. කවදාද මේවා නවතින්නේ.!(නු)
කඩු ගන්න හාමුදුරුවරු අපවත්කරන රටේ සල්ලි ගන්න මව්වරු මරනවා ලංකාවේ අපරාධ වැඩිවෙලා නෑ කියල සමහරු කියනවා (නු)