කලවානේ මවුපියන් පිරිසක් රුපියල් ලක්ෂ දහයක පමණ වියදමින් ඉදිකළ ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ලේ වහළ මතට නැඟ විරෝධය පෑ මවක සැකපිට අත්අඩංගුවට ගත් බව කලවාන පොලීසිය කියයි.
භූමිතෙල් පිරවූ ප්ලාස්ටික් ගැලුමක් ද රැගෙන ඇය වහළට නැග සිටින බව ද පොලිසිය සඳහන් කරයි.
එම කාන්තාව පැවසුවේ අග හිඟතම් නිසා පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුදල් දීමට තමාට නොහැකිවූ බවයි. එම නිසා තම දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කරීමේ අරමුණින් වහලට ගොඩ වූ බව ද ඇය කියන්නීය.
මේ වසරේ පළමු ශ්‍රේණියට දරුවන් අතුළත් කරන මව්පියන් පිරිසක් කලවාන ජාතික පාසලේ ප්‍රාථමිකය ඉවත් කිරීමෙන් පසු ඊට යාබදව වූ ඉඩමක අඩි 40*25 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් ඉදිකළ බව ද, ඊට අධ්‍යාප දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු බව ද, ඒ සඳහා විවිද අය මුදල්, ද්‍රව්‍ය හා ශ්‍රමයෙන් ආධාරක කළ බව ද, උපවාසයේ නිරත මව ඊට දායක නොවූ බව ද එම මව්පියෝ කීහ.
පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් නිකුත් කළ චක්‍රලේඛයට අනුව එක වසරට ළමයින් ඇතුළු කිරීමේදී මුදල් හෝ ද්‍රව්‍යමය ආධාර ලබා ගත නොහැකි බවත්, අධ්‍යාපන ලේකම්ගේ 2008/41 චක්‍රලේඛයට අනුව ද විවිධ සංවිධාන වලින්යැයි කියමින් මුදල් එකතු කළ නොහැකි බවත් අධ්‍යාපන නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසලට 1 වසරට ළමයි ගන්නා විදුහල්පතිවරුන් මුදල් ඉල්ල එක ඇත්ත.මුදල් දෙන්න තත්ත්වයක් නැත්නම් වහල උඩට නගින්න එපා. ගිනි තියාගන්නත් එපා. මම මේ සත්‍ය සිද්ධියක් කියන්නේ. ඔය වගේ අපේ ගමේ කොලුවෙකුගෙන් ද මුදල් ඉල්ලලා. දුප්පත්කම කිවුවත් විදුහල්පති කන්දීලා නැහැ. පාසල පටන් ගත් දිනයේ ළමයට පාසැල් ඇන්දුම් අන්දවා 1 වසර පන්තියේ වැඩිකරලා තියලා. පන්ති භාර ගුරුතුමිය ළමයින් ඇතුලත් කර ගන්න නාම ලේඛනයේ කිසිවක් නොදැන මේ ළමයාගේ නමත් ඇතුළත් කරලා.ඉතින් ආයෙත් නම කපන්නයෑ.ඔය අගේට දැනටත් පාසැල් යන්නේ ඒ ළමයා. මෙය කැගල්ල නගරයේ පාසැලක සිදුවූ සත්‍ය සිද්දියක්.2013දී. (නි)
මට සල්ලි තිබුනානම් මගේ ළමයා රෝයල් කොල්ලේජ් .[රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ.(නදී)
මේ මවගේ ක්‍රියාව සාධාරණයි, ඇයට අනුකම්පා කරන්න. ඇගේ දරුවා ඔය පාසලට ඇතුලත් කර ගැනීමට තරම් කාරුණික වන්න.(නදී)
මේ ලංකාවේ මිනිස්සුන්ට පුදුම රෝගයක්නේ හැදිලා තියෙන්නේ. හැම දෙයකටම වහලෙකට නැත්නම් ගහකට නගිනවා, අනේ මන්දා ලංකාව කවදා දියුණු වෙයිද කියලා. (නි)