ලෙඩරෝග බෝ කළ හැකි යුරෝපයේ භාවිත කෙරෙන අපිරිසිදුම මුදල් නෝට්ටුව ඩෙන්මාර්කයේ ක්‍රොන් මුදල් නෝට්ටුව ලෙසට හදුනාගෙන තිබේ.
බැක්ටීරියා වර්ග 40,266 ක් එම මුදල් නෝට්ටුවල අඩංගු වී ඇති අතර ශ්වසන රෝග,මුත්‍රා මාර්ගයේ ආබාධ සහ තුවාල සුවනොවීමේ ප්‍රවනතාවයන් එම බැක්ටීරියා නිසා සිදුවන බව සොයාගෙන තිබේ.
එවැනි අපිරිසිදු බැක්ටීරියා වර්ග 39,600 ක් අඩංගු ස්වීඩනයේ භාවිතා වන ක්‍රෝන මුදල් නෝට්ටුව දෙවැනි තැනටත් බැක්ටීරියා වර්ග32,400 ක් අඩංගු ස්විස්ටර් ලන්තයේ භාවිතා වන ප්‍රෑන්ක් මුදල් නෝට්ටුව තුන් වැනි තැනටත් පත්ව තිබේ.
බැක්ටීරියා වර්ග අඩුවෙන්ම ඇති හානිදායක නොවන පිරිසිදුව මුදල් නෝට්ටුව යුරෝපා සංගමයට අයත් රටවල භාවිතා කරන යුරෝ මුදල් නෝට්ටුවය.
මේ සොයාගැනීම් සිදුකර ඇත්තේ පසුගිය වසරේ (2012)බ්‍රිතාන්‍යයේ ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශය විසින් යුරෝපා රටවල් 20ක් භාවිතා කරන මුදල් නෝට්ටුවල ඇති බැක්ටීරියා වර්ගසොයා බැලීම සදහා සිදුකරන රසායිනික පරික්ෂණ වලදීය.
මේ පරීක්ෂණ ප්‍රථිපල හෙළිදරව් කිරීමත් සමඟ 2015 වසර වන විට ස්විට්ස්ටර්ලන්තයේ භාවිතා වන ප්‍රෑන්ක් මුදල් නෝට්ටුව සියල්ල අලුතින් මුද්‍රණය කිරීමට ස්වීස් බලධාරිහු පියවර ගනිමින් සිටී.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සල්ලිත් හොදට ලෙඩ දෙයි
හරීන් Wednesday, 10 April 2013 11:18 AM
ලංකාවේ සල්ලිත් මීට දෙවැනි නැහැ. (නි)
දයා Wednesday, 10 April 2013 11:20 AM
අපේ මිනිස්සුත් සල්ලි නොතියන තැනක් නැහැනේ (නි)
බණ්ඩාර Wednesday, 10 April 2013 04:54 PM
මම හිතන්නේ ලෝකේ ජරාම මුදල් නෝට්ටු තියෙන්නේ මලාවි රටේ. දැන් අහන්න මලාවි තියෙන්නේ කොහෙද කියලා. (නි)
රගුපති Wednesday, 10 April 2013 11:51 AM
තමිල්නාඩුවේ නම් වැසිකිලි නැති නිසා හෝදන්නෙම සල්ලි කොල වල ලු!(නදී)
දිල්ශාන් Wednesday, 10 April 2013 12:32 PM
ලංකාවේ සල්ලිවලත් ලෙඩ ඇති. සල්ලි තියන්න ඕන තැන්වල නෙමෙයිනේ තියන්නේ.. (ස)
සෙන්තිල් Thursday, 11 April 2013 04:36 AM
ලංකාවේ මුදල් නෝට්ටුද ගොඩාක් අපවිත්‍රය. එකට කාරණය නම්, පොලියට දෙන ගැහැනු ඒවා හංගන ස්ථාන නිසාය. (නි)
සමන් Wednesday, 10 April 2013 02:18 PM
ලංකාවේ සල්ලි වල ලෙඩ නැත. රජය හැමදාම අලුතෙන් සල්ලි අච්චු ගහන නිසා. (ස)
ගජබා Wednesday, 10 April 2013 02:22 PM
මම නම් ඉන්දියානු සල්ලි මගේ පර්ස් එකේ දාන්නෙවත් නැහැ. (නදී)
මුතුකුඩ Wednesday, 10 April 2013 08:29 PM
එහේ සල්ලි නිසා මිනිස්සු ලෙඩ වෙනවා. ලංකාවේ සල්ලි නැතුව මිනිස්සු ලෙඩ වෙනවා. (නි)
බණ්ඩාර Thursday, 11 April 2013 11:22 AM
මම නම් විස්වාස කරන්නේ පිටකොටුවේ කොන්දොස්තර මල්ලිලාගේ මුදල්වල බැක්ටීරියා 100000 වත් ඇති බව (ස)