සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බල කරමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයට අයත් රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවෝ කොළඹ ඞීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් කළහ.
2011 වසරේදී ගෙන්වූ අත්වැසුම් වලින් රුපියල් කෝටි 100ක් වංචාකිරීම, භාවිතයට නුසුදුසු සේලයින් වයර් ඇසුරුම් එක් ලක්‍ෂ හැට දහසක් ගෙන්වා රෝගීන්ගේ භාවිතයට ලබාදීම, ලේ බැංකුව සඳහා කල් ඉකුත් වූ ප්ලස්මා පෙරණ කට්ටල ගෙන්වීම ඇතුළු දූෂණ ගණනාවකට වගකීම සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් බාරගත යුතු බවත් ඔහුට කිසිදු සේවා දිගුවක් නොදිය යුතු බවත් උද්ඝෝෂකයෝ කියති.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාරට බැහැල ඉන්නෙ තමන්ගෙ පඩි වැඩිකරගන්න නෙමෙයි.. අහිංසක ජනතාව වෙනුවෙන්.. අපේ සහයෝගය..!!(නු)
මෙන්න උණුසුම් ඡන්ද ප්‍රතිඵලයක්(නු)
ජනාධිපති ලේකම් විසින් සෞඛ්‍ය ලේකම් අමතමින්, මේ වංචා සම්බන්ධව ක්‍රියා කරන ලෙස කරන ලද නිර්දේශය මාස ගණනක් හමස් පෙට්ටියේ. ඒ මදිවට වෛද්‍ය හා හෙද සංගම් පවා ඔහුගේ ඔඩොක්කුවේ. වැටත් නියරත් ගොයම රස කරකර කනවා. ජනතාවට මේවා ප්‍රශ්න නොවේ. හෙට කවුරුන් හෝ මෙයට විරුද්ධව වැඩ වැරුවොත් 'අසරණ රෝගීන් ගැන ' දුකට හඬන අය නම් ඕන තරම් ඉඳීවි. (අ)
මේ නර්ස්ලයි පවුල් සෞක්‍ය ගැණු ටිකයි කෑ ගහන්නේ උන්ගේ වෘත්තීය සමිතියේ බලල අත් වගේ.. කට්ටියට ඕන මේ මනුස්සයව අයින් කරලා නර්ස් ගැණුනට කඩේ යන කෙනෙක් පත් කර ගන්න.. ඉස්පිරිතාලයකට ගියාම අපිට බල්ලොන්ට වගේ බනින්න විතරයි මේ නර්ස්ලට පුළුවන්... (දී)
හොදට බලන්න. මේ මුහුණු දුකින් පිරිලා නේද? (නි)
සමන්ත මහත්තයෝ ඇයි මේ අහක ඉන්න හෙදියන්ට බනින්නෙ.. අපට කොච්චර සේවයක් මේ අය කරනවාද? රෑ තිස්සෙ නිදිමරාගෙන.. මෙහෙම බොරැවට බැන්නොත් නම් ඔයාලගෙ ලෙඩ හොද වෙන එකක්ම නැහැ..!!(නු)
සමන්ත, අපි හොදනම් අනෙක් අය කොහොමත් හොදයි...!!(නු)
සමන්ත මේ ඉන්නෙ හෙදියන් නොව පවුල් සෞඛ්‍ය සේවිකාවන්..(නු)
මේ ඉන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් බව දන්නවා..ඒ ගොල්ලෝ කවදා හරි ඔයාලගේ ගෙවල් වලට ඇවිත් තියද? හරි නම් අපේ ගෙවල් වලට ඇවිත් උපදෙස් දෙන්න ඕන මේ ගොල්ලෝ. එත් ො එහෙම කරන්නේ නෑ. (අ)
සමන්ත, ඔයාට වයර් මාරු වෙලාද මේකේ ඉන්නේ නර්ලා නෙවේ. පෞල් සෞඛ්‍ය සේවිකාවෝ (අ)
සෞඛ්‍ය අමාත්‍යංශයේ හොරකම් වැඩියි. හලාවත රෝහලේත් ලොක්කියක් කොමිස් ගහලා කියලා පුවතක් තියනවා .ඇයි මේ උගත් අය මුදල් වෙනුවෙන් මේ වගේ වැඩ කරන්නේ. (ත)
උද්ඝෝෂණයට අපේ සහයෝගය. අනිත් සංගමුත් මෙයට එකතු වෙන්න. සාධාරණය ලැබේද? (ත)
සමන්ත වගේ මිනිසුන් ඉන්න සමාජයක මෙහෙම හොරුන්ව එළවන එක ටිකක් අමාරුයි. ආණ්ඩුවේ ලොකු තැන් සහ සමහර වෘත්තීය සමිති නායකයින් මොවුන්ව රකින්නේ ඇයි කියා තේරුම් ගන්න පුළුවනි. ඒ පිටුපස ඇත්තේ මොවුන් අයථා ලෙස උපයා ගත් දේ වලින් කොටසක් ඔවුන්ටත් බෙදී යාමයි. මට හිතාගන්න බැරි, තමන්ගේ මුදල්ම මෙහෙම නාස්ති කළ කෙනා ගැන මහජනතාව අතර සිටින කාටවත් ඇති අමාරුව මොකක්ද කියායි. සමන්ත කවුරුන් හෝ හෙදියක් සමග දමාගත් ප්‍රශ්නයක් නිසාද මන්දා සුදු නිල ඇදුමක් දුටුවිට හෙදියන්ට බණිනවා. (නි)