කුවේට් රාජ්‍යයේ ස්වර්ණ ජුබිලිය සැමරීමේ උළෙලට පැයක් පුරා මල්වෙඩ් 77282ක් කුවේට් අගනුවර අහසේ මනරම් ලෙස ලස්සන විය. ඊට පවුම් කෝටියක් හෙවත් රුපියල් කෝටි 209ක් වැය විය. එම සංදේශය කෙතරම් ලස්සන වූයේ දැයි කියතොත් එය ගිනස් වර්තාවක් ලෙස ඉතිහාසට එක් විය. ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවක් හා පාර්ලිමේන්තුවක් පිහිටුවා පනස් වසරක් ගතවීම සැමරීම වෙනුවෙන් මේ ගිනි කෙළි සංදර්ශනය පැවැත්විණි. කුවේට් රාජ්‍ය නායක එමීර් ෂික් අබ්දුල්ලා අල් සලීම් අල් සබා ප්‍රකාශ කෙළේ රජය වඩවඩාත් ප්‍රජාතන්ත්‍රවාදයට හා ජාතික සමගියට කැප වන බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජුබිලිය නම් හොදයි. ඒත් මෙතරම් සල්ලියක් පත්තු කිරීම නම් හරිම අපරාධයක්. (නි)
අයියෝ ඕවා මොනවද? අපේ දේශපාලකයින් දුප්පතුන්ගෙන් කොච්චර නම් සල්ලි වංචා කරනවද? (නි)
මේ පුච්චප සල්ලි හදිස්සියේ දුප්පත් රටකට දුන්නා කියලා හිතමුකෝ. හැබැයි කොහේට දුන්නත් ලංකාවට නම් නොදෙන බව මට ස්ථිරවම කියන්න පුලුවන්. (නි)
කවුද කියන්නේ මේක සල්ලි නාස්ති කිරීමක් කියලා? මේක එහෙම දෙයක් නෙමෙයි. (නි)
ඕවා මොන තරම් අපරාදද? ඔය මුදල් දුප්පත් රටකට දුන්නානම් ඒ රටවල් දින කීයක් යැපෙයිද? (නු)
මම නම් කියන්නේ සල්ලි තියෙනවාබම් කමක් නැහැ
මේ ගොල්ලො පත්තු කලාට ඒව හදන්නෙ පොඩි රටවලනෙ. ඉතින් රැකියාව කරනඅයට ඒ මුදල් ලැබෙන්නෙ. (නු)
කවුරු මේ රටට මොනවා කිවුවත් අපි යැපෙන්නෙත් එයාලගෙන් නේද? (නි)
නරක වැඩක් (ස)
අපිත් ගියා බලන්න, හරිම ලස්සනයි. වචන වලින් විස්තර කරන්න බැරි තරමට සුන්දර සිහිනයක් වගේ. පැයකුත් විනාඩි තිහක් එක දිගට කුවේට් මුහුදු කලපුවේ ජලය මතුපිට මෙම සංදර්ශනය පැවතුනා. ගූගල් සර්ච් වලින් කුවේට් ෆයර් වර්ක්ස් ටයිප් කරලා ඉමේජ් ක්ලික් කරන්න. පින්තූර බලන්න පුලුවන්. යූටියුබ් ගිහින් වීඩියෝ බලන්නත් පුලුවන්. (නි)
ඔය මුදල් කන්දරාව දුප්පත් රටකට දුන්නා නම් කොයිතරම් හොදද කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මෙන්න මේවට තමයි කියන්නේ නියම ආශ්චර්‍යය කියලා. (ස)
පිස්සු වැඩ . මේ මිනිස්සු කෑම නැතුව මැරෙනවා. මෙයාලා කෝටි ගාණක් වියදම් කරලා මල් වෙඩි පත්තුකරනවා . ලෝක විනාසේ වෙන්නේ මේවගෙන් තමයි . (ස)
කුවේට් ගැන අපි නම් හොදට දන්නවා. (නි)
අයියෝ සල්ලී.....බල්ලොත් නොකන සල්ලී (ස)
මේ සල්ලිවලින් දුප්පත් රටවලට ආහාරවත් යවලා සතුට සැමරුවනම් තමයි ගොඩක් වටින්නේ (ස)
අපේ ලොක්කොත් ඔක දැක්කොත් කෝටි 1500 විතර වියදම් කරයි ආසියාවේ අර මොකක්ද එක පෙන්නන්න. (ස)
අනේ මහත්තයෝ, දැන් මේවා දැකලා මෙහෙත් කරාවිද දන්නෙ නැහැ? (නි)
අයියෝ කොච්චර සල්ලිද! (නි)
තෙලේ බලේ ...... (ස)