IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සිවිල් ගුවන් කටයුතු නංවන්න හමුදාව සමග පෞද්ගලික අංශයත්

පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සිවිල් ගුවන් සේවා කටයුතු කිරීම මගින් වඩාත් හොඳ සේවාවක් ලබා ගැනීමට හැකි බව ජන මාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අද පැවති කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ  මහතා මේ බව කීවේය.

පෞද්ගලික ව්‍යාපාරවලින් හමුදාව ඉවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබියදී මෙලෙස හමුදාව යොදා ගන්නේ ඇයි දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළත් නිසි පිළිතුරක් නොලැබිණි.

ප්‍රශ්නය - අභ්‍යන්තර සිවිල් සේවා ගුවන් කටයුතු දැනටමත් සිදු කරනවා නේද? සිවිල් සේවා අධිකාරියත් මේ පිළිබඳව කටයුතු කරගෙන යද්දී ඇයි මේ පෞද්ගලික අංශයත් සමග කටයුතු කරගෙන යන්නේ? සිවිල් සේවා දෙපාර්තුමේන්තුව ශක්තිමත් නැද්ද

ගයන්ත කරුණාතිලක මහතා - මෙයින් වඩාත් හොඳ සේවාවක් සපයා ගන්න පුළුවන් වගේම ඒ සඳහා ආයෝජකයින් ගේ සහය ලබා ගැනීමටත් අපට හැකි වෙනවා.

ප්‍රශ්නය - දැනටමත් ඒ කටයුතු සිදු කරනවා නේද?

පිළිතුර - දැනට සිදු වෙනවාට වඩා වැඩි සේවාවක් ලබා ගැනීම තමයි එහි අරමුණ.

ප්‍රශ්නය - හමුදාව පෞද්ගලිකව ව්‍යාපාර වලින් ඉවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ලෙස තිබියදී ඇයි මේ සඳහා හමුදාව එකතු වෙන්නේ?

කරු පරණවිතාන මහතා -  මේකේ කියලා නෑනේ හමුදාව සම්බන්ධ වෙනවා කියලා

මාධ්‍යවේදීයා - හමුදාව එක්වන බව මෙහි කියා තිබෙනවා.

ගයන්ත කරුණාතිලක - ගුවන් හමුදාව එක් වන බව මෙහි තිබෙනවා.

ප්‍රශ්නය - දැනට තිබෙන ගුවන් යානා දෙක නුසුදුසු තත්ත්වයේ තිබෙන බව වාර්තා වෙනවා එහෙම තියෙද්දී ගුවන් හමුදාව මේකට සම්බන්ධ කර ගැනීමේ අරමුණු කුමක්ද?

ගයන්ත කරුණාතිලක - වඩා විධිමත් කාර්යයක්ෂම සේවයක් ලබා දීමට තමයි මේ දෙගොල්ලොම එකතු වෙලා ආයෝජකයෙකු සොයන්න තීරණය කළේ.

ප්‍රශ්නය - ගුවන් හමුදාව ගත් ගුවන් යානා දෙක අරන් තියෙන්නේ මිහින් ලංකා ආයතනයට කියලා. ඒත් ප්‍රශ්නය තියෙන්නේ මෙම යානා මිලදී ගැනීමේදී ඇති වු අක්‍රමිකතාවයි. එය විසඳලා තියෙනවාද?

පිළිතුර - අපි ඒ අංශ  සමග සම්බන්ධ කරගෙන වැඩි විස්තර ලබාදෙන්න බලපොරොත්තු වෙනවා.



අදහස් (0)

සිවිල් ගුවන් කටයුතු නංවන්න හමුදාව සමග පෞද්ගලික අංශයත්

සංජු Thursday, 01 December 2016 10:49 AM

අපේ රටටත් හොරු නොවෙන දේශපාලකයෝ ලැබෙන්න කියල ප්‍රර්ථනා කරමු. දැනටනම් 90% හොරු ඉන්නේ අපේ පාර්ලිමේන්තුවේ. (බ)

:       0       0

සත්‍යයා Thursday, 01 December 2016 01:50 AM

පේනවා නේද සමහර අවස්ථාවාදී උත්තර වල තරම. හමුදාවන් සම්බන්ධයි කියන කතාව මුල්කරගෙන තමයි සාකච්ඡාව ආරම්භ වුණේ. ගයන්ත කරුණාතිලක ඇමතිතුමාත් නිහතමානීව එය පිළිගත්තා. මෙහෙම ගියොත් මේ පාලනයටත් අබ සරණයි. (නි)

:       0       0

විකී Thursday, 01 December 2016 04:04 AM

ඇමතිතුමා, සිවිල් ගුවන් සේවයේ කොහොමද ගුවන් හමුදා නිලධාරීන් සේවයේ යොදවන්නේ? එහෙම කළොත් එ්ක සිවිල් ගුවන් සේවාවක් වෙන්නේ නැහැනේ. ඔලුව පොඩ්ඩක් බලාගත්තොත් හොදා වගේ. පහුගිය වතාවේ දොස්තරලට මොලේ හොයාගන්න බැරි වුනත් එක්ක .(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 978 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 678 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1940 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1750 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 542 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site