ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම ලබන 13-14 දිනවල සූරිච්හි ජී ඉසෙඞ් හිර්සෙන් බක් 55 හෙලන් කෙලර් ස්ට‍්‍රාස්හි සුරිච් 8051 යන ස්ථානයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා විහාරාධිපති ලේඩියන්ගල සුදස්සි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකම පැවැත්වේ. සරත් කුමාර, නියමුන් පෙරේරා, කි‍්‍රස්ටිනෝ පෙරේරා සහ අනෝමා අදිකාරි යන මහත්ම මහත්මීහු ඇතුළුව ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ පිරිස් දායකත්වය උසුලති. මහා පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් කඨින චීවරය පුජා කිරීම සහ සපිරිකර සංඝගත දක්‍ෂිනාවක් පිරිනැමීමද පින්කමට අයත්වේ. ප‍්‍රධාන සංඝනායක හා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික, ප‍්‍රංශයේ සංඝනායක පරවාහැර චන්දරතන ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගස්යායේ ඥණිස්සර, පැරිස් බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද, එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති කඹුරාවල රේවත, ජර්මනියේ ප‍්‍රධාන සංඝනායක වල්පොල කල්‍යාණතිස්ස ජර්මනියේ මයික් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රත්මලේ පුඤ්ඤරතන යන හිමිවරුවරු ඇතුළු මහා සංඝරත්නය වැඩම කරති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සසුන බැබලේවා ..චිරං ජීවතු ..ආයු රක්ඛංතු ආවඩා.... (ස)
මේක තියෙන තැන නම නම් හරිම අමාරුයි කියවන්න..!(නු)
දැන් පැරිසියේ අධිකරණ සඟ නායකයන් නැත. (නි)
කථින පිංකම තියෙන තැන සහ ගමන් මාර්ගය.., HA GAMAN MARGAYA. GEMEINDE ZENTRUM (GZ) HIRZENBACH, HELEN KELLERSTRASSE 55,8051 ZURICH,SWITZERLAND. (නු)