IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සිසු පාගමනට ඇට සැකිලිත් එක්වේ

සරසවි ඇදුරුන් ගෙන යන අරගලයට සහාය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මහනුවර සිට කොළඹ බලා එන පාගමන නිට්ටඹුවෙන් අද තෙවැනි දිනටත් ගමන් ආරම්භ කළේය. නිදහස් අධ්‍යාපනය සුරකිමු යන වැකිය අඩංගු කලු පැහැ පිටි බැඳගෙන බොහෝ දෙනාගේ හිස්වල බැඳ තිබිණි.  ඇට සැකිලි නිරූනය වන ඇඳුම් ඇඳ සිටි සිසුහුද එහි වූහ. පාගමන කොළඹ හයික් පිටියෙන් සිකුරාදා අවසන් වේ. ගාල්ලෙන් ආරම්භ කළ ඇදුරු පාගමන ද එදින හයික් පිටියට ළඟාවීමට නියමිතය. ඡායාරූප - ගයාන් මදුසංඛ හෙට්ටිආරච්චි



අදහස් (0)

සිසු පාගමනට ඇට සැකිලිත් එක්වේ

අසිත Thursday, 27 September 2012 10:33 PM

දැන් අර මිනී පෙට්ටිය අනතුරින් නැතිවුණ අය වෙනුවෙන් පාවිච්චි කරන්න පුලුවන් නේද? (නි)

:       0       0

හිරන්ත Friday, 28 September 2012 11:03 AM

මේ පෙළපාලියට යාපනය විශ්ව විද්‍යාලයේ ළමයි සහභාගි වෙන්නේ නැද්ද? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 27 September 2012 10:39 PM

ප්‍රේමදාස යුගයේ මෙහෙම කළානම්...? (නි)

:       0       0

නාමල් Thursday, 27 September 2012 10:56 PM

ජනපතිතුමාට මේ ප්‍රශ්නය පහසුවෙන් විසදන්න පුලුවන්නේ. (නි)

:       0       0

ජනක Thursday, 27 September 2012 05:02 PM

එක මිනී පෙට්ටියයිනේ. දෙන්නෙක් මැරිලා. (නි)

:       0       0

අෂේන් Friday, 28 September 2012 11:38 AM

නිදහස් අධ්‍යාපනය මුවාවෙන් අන්තරේ සමහර පක්ෂවල ඉත්තෝ වෙලා. අපි කොළඹ ශාස්ත්‍ර පීඨය එක එක ඉත්තන්ට හසු වෙන්නෑ හසුවෙන්න දෙන්නෙත් නෑ(ස)

:       0       0

හේරත් Thursday, 27 September 2012 05:22 PM

නිදහස් අධ්‍යාපන අයිතීන් දිනාගැනීමට වෙර දරණ ඔබට ජය වේවා..!(නු)

:       0       0

අමිල Thursday, 27 September 2012 11:23 PM

විමලසිරි වැරදියි. කම්මැලිකමට මොකටද දින ගාණක් ඇවිදින්නේ? කොහේහරි වැටිලා නිදාගන්නවනේ. (නි)

:       0       0

සිල්වා Thursday, 27 September 2012 05:27 PM

එක් වෙමු ජාතික දියුණ පතා... අපි ඔබ සමගයි. (නි)

:       0       0

වරුණ Thursday, 27 September 2012 05:27 PM

අයියෝ සල්ලි

:       0       0

පුබුදු Thursday, 27 September 2012 05:32 PM

ජය වේවා ..!!

:       0       0

සරත් Thursday, 27 September 2012 11:33 PM

මේවා බොරු වැඩ. දරුවනේ, ආපු වැඩේ කරගනිල්ලා. මමත් ඇමරිකන් කොඩි පවා පිච්චුවා, දැන් මම පවුල පිටින් ඇමරිකාවෙ හොඳට ඉන්නවා. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 September 2012 05:35 PM

මම ආවනම් ඇටසැකිලි එන්න ඕනි නෑ (ස)

:       0       0

කසුන් Friday, 28 September 2012 12:23 PM

මේ වෙලාව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන්න තියන අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. ඇයි මේ ප්‍රජාතන්ත්‍ර වැදී අයිතිය ගැන විවිධ අය තර්ක කරන්නේ. ගුරුවරුන්ගේ උද්ඝෝෂණයට සිසුන් සහය දෙන්නේ ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් නෙමෙයිනේ. රටේම අයගේ නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්. ලලිත් හරියටම හරි.(ස)

:       0       0

ලලිත් Friday, 28 September 2012 12:14 AM

ළමයිනේ,මොනවා කළත් පරෙස්සමින්. බලය තිබෙන උදවිය මේ ළමයින්ගේ බලයට කැමති නැති නිසා මොනවා කරයිද කියලා හිතාගන්නත් බැරි තරම්. හොඳ කල්පනාවෙන් වැඩ කරන්න. මේ අරගල වලින් පස්සේ ඔය ළමයි යලි අධ්‍යාපන කටයුතු කරන්න ඕනෑ නේද? දෙමවුපියන් ගැනත් සිතලා අවේගශීලී වෙන්නේ නැතුව කටයුතු කරන්න. (නි)

:       0       0

ලලිත් Friday, 28 September 2012 12:21 AM

ළමයිනේ මොනවා කළත් පරෙස්සමින්. බලය තිබෙන උදවිය මේ ළමයින්ගේ බලයට කැමති නැති නිසා මොනවා කරයිද කියල හිතාගන්නත් බැරි තරම්. හොඳ කල්පනාවෙන් වැඩ කරන්න. මේ අරගල වලින් පස්සේ ඔය ළමයි යළි අධ්‍යාපන කටයුතු කරන්න ඕනෑ නේද? දෙමවුපියන් ගැනත් සිතලා අවේගශීලී වෙන්නේ නැතුව කටයුතු කරන්න. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Saturday, 29 September 2012 11:34 AM

ක්‍රිශාන් මහත්තයෝ, ඇයි රිදෙන්නේ නැත්තේ. ඔයාට වාගේම මේකේ අදහස් දාලා තියෙන කීදෙනෙකුට මේ පෙළපාලිය රිදෙනවාද. එයාලාට රිදෙන්නේ තමන් ආරක්ෂා කරන පාලකයන්ට පහරක් වදින නිසා. එතකොට පාලකයන්ට කොහොම දැනෙනවා ඇත්ද. අනික මහත්තයෝ, ඔයාගේ දරුවෙකුට අසාධාරණයක් වෙලා නැතුව ඇති. එනිසා කරබාගෙන කාටත් බැන බැන ඉන්න. එහෙත්, ඔබේ දරුවෙකුටත්, අසාධාරණයක්, බලහත්කාරකමක් වාගේ වුණොත් දැනේවි. එදාට විරෝධතා ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා තේරේවි. එහෙත් ඔයාලාගේ මනස හැදිලා තියෙන විදිහට ඒකත් සාමාන්‍ය දෙයක් ද කියන්න දන්නේ නැහැ. (නි)

:       0       0

සිල්වා Thursday, 27 September 2012 05:45 PM

රණා, අපි හොදින් හෝ නරකින් සටන් වදින්නේ අපේ අනාගත දුවා දරුවන් වෙනුවෙන්. (නි)

:       0       0

ජනක Friday, 28 September 2012 12:36 AM

විශ්ව විද්‍යාල වල ඉන්න අය මෙච්චර මෝඩද? (නි)

:       0       0

හේමන්ත Thursday, 27 September 2012 05:59 PM

මොනවද මේ වැඩ

:       0       0

නිර්මලා Friday, 28 September 2012 12:56 PM

අසිත මහත්තයෝ, ඔයා වගේ තවත් අය සිටිනවා තමන්ගේ දරුවන් හිනෙන් හෝ උසස් අධ්‍යාපනය නොලබයි කියලා සිතන. ඒ නිසා ඔය වගේ කතා කියයි. ඇත්තෙන්ම ලැඡ්ඡා වෙන්න. ඔහුන් මැරුණේ හෝ මරණු ලැබුවේ අධ්‍යාපනය රැක ගැනීමට පෙරමුණ ගත් නිසා. ගෙදර ගෙනියන්න පෞද්ගලිකව යමක් හොයා ගන්න හදලා නොවේ. අප හොදින් දන්නවා අප වෙනුවෙන් ගරහන්නත්,මලකලා වෙනුවෙන් ජය කොඩි දාන්නත් සුදානම් පිරිසක් සහ අදබාලයින් මේ රටේ සිටිනා බව. අපි මේ ගෙවන්නෙ සහ විදවන්නේ එහෙවු රටක දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේම වැඩිහිටියන් කියාගන්නා සමහරක් අය කරපු පව්. (ස)

:       0       0

ෂෙරීෆ් Thursday, 27 September 2012 05:59 PM

වත්මන් ලංකාවේ ඉන්නේ සනීප කරන්න බැරි අසනීපකාරයෝ ටිකක්. (නි)

:       0       0

ක්‍රිෂාන් Friday, 28 September 2012 01:04 PM

මෙයාලා පෙලපාලි ගිහාම තීන්දු තීරණ ගන්න අයට රිදේවිද ? (ස)

:       0       0

හේරත් Thursday, 27 September 2012 06:26 PM

ඔබට ජය! (නි)

:       0       0

දිනේෂ් Friday, 28 September 2012 03:33 AM

මරේ මරු. ඉගෙන ගන්න එපා. හැමදාම පාරට බැහැල කෑ ගහපල්ලා. රට හදන එක හොද වැඩක්. ඔහොම පාරට බැහැලා හැමදාම පාරේ ඉන්න ගියාම අනාගතේ හොද මෝඩයෝ ටිකක් නම් බිහිවෙන එක අහන දෙයක් නැහැ. (නි)

:       0       0

කරු Friday, 28 September 2012 04:26 AM

මේ කවුද? මොනවද කරන්නේ? මොනවද රැකගන්න හදන්නේ? (නි)

:       0       0

කීර්ති Thursday, 27 September 2012 06:36 PM

නිදහස් අධ්‍යාපන අයිතීන් දිනාගැනීමට වෙර දරන ඔබට ජය වේවා..! (නි)

:       0       0

කොලිත Thursday, 27 September 2012 07:00 PM

ලෝකේ හිනස්සන වැඩ

:       0       0

සජිත් Friday, 28 September 2012 01:55 PM

අපේ රට කවදාවත් දියුණු නොවන රටක්. 71කැරැල්ලෙන් පසු, 83 ත්‍රස්තවාදය. ඊට පස්සේ 89/90 කැරල්ල. ඊට පස්සේ ත්‍රස්තවාදය නිමා කිරීමේ සංග්‍රාමය. දැන් ආයෙත් කැරලි. සුද්දන්ට බැනලා වැඩක් නැහැ. මොලේ නැත්තේ අපේ අයටයි.කවදාකවත් ඉටු වෙන්නේ නැති සාධාරන වලට බෙරිහන් දීලා, නිකරුණේ ජීවිත විනාශ කර ගන්නවා. (නි)

:       0       0

චමින්ද Thursday, 27 September 2012 07:28 PM

ඉතාම හොදයි සුභ පැතුම්..!(නු)

:       0       0

චතුර Friday, 28 September 2012 07:45 AM

නියමයි කොල්ලනේ. යන්න ඉදිරියටම. (ස)

:       0       0

චින්තක Thursday, 27 September 2012 07:31 PM

මිනී පෙට්ටි උස්සන අය නැද්ද? (නි)

:       0       0

විමලසිරි Thursday, 27 September 2012 07:40 PM

මේවා ඇවිල්ලා කම්මැලි අයගේ වැඩනේ. (නි)

:       0       0

විදුරංග Friday, 28 September 2012 08:31 AM

මෝඩ ළමයිනේ, රට හදන්න කලින් ඉගෙන ගන්න. අහිංසක අම්මල‍ගේ තාත්තලගේ ණය ගෙවලා ඉවර කරන්න බලන්න. කාගෙවත් අතකොලු වෙන්න එපා. (නි)

:       0       0

මධු Friday, 28 September 2012 09:17 PM

මෝඩයින් පිරිසක් විසින් දරුවන්ට කරන කෙණෙහිලිකම්....??? (නි)

:       0       0

අශාන් Thursday, 27 September 2012 07:56 PM

ජය වේවා.. මෙයට විසදුමක් දිය නොහැකි පාලකයන් ගැන කණගාටුයි.!(නු)

:       0       0

යමුනා Thursday, 27 September 2012 07:57 PM

විකාර වැඩ

:       0       0

සිල්වා Thursday, 27 September 2012 08:03 PM

ජීවිතය දී හෝ නිදහස් අධ්‍යාපනය රැකගත යුතුයි. බුදු සරණයි! (නි)

:       0       0

සුමිත් Friday, 28 September 2012 09:32 AM

කැම්පස් කාලේ කරන ජොලි වැඩක් විතරයි ඕක. (නි)

:       0       0

ශාන් Thursday, 27 September 2012 08:47 PM

ඔබගේ උත්සාහය සාර්ථක වේව! පාලකයන් දාර්ශනික කතා කියමින් මහජනතාව රවටන්න හැදුවට මේ තරුණයන් රැවටෙන්නේ නැති බව පේනවා. කවුරුහරි ලියලා දෙන දාර්ශනික අදහස් රැස්වීම් වල කියෙවුවාට වැඩක් නැහැ, ඒවායේ තේරුම පාලකයන් දන්නේ නැත්නම්. (නි)

:       0       0

මිලින්ද Friday, 28 September 2012 09:29 AM

අන්තරේ කොහොමත් ඇට සැකිළි තමයි බලාපොරොත්තු වෙන්නෙ. නැත්නං පැවැත්මක් නැ (ස)

:       0       0

මානා Thursday, 27 September 2012 08:54 PM

ඇදුරුතුමෝ දැං ඉතිං ඒ වැඩෙත් හරිනේ.. වැඩ පටන් ගත්තොත් හොදායි නේද ?(නු)

:       0       0

ප්‍රදීප් Friday, 28 September 2012 09:38 AM

නිදහස් අධ්‍යාපන අයිතීන් දිනාගැනීමට වෙර දරන ඔබට ජය වේවා..! (ස)

:       0       0

චතූ Friday, 28 September 2012 10:12 AM

සුබ පැතුම් මගේ යාළුවනේ (ස)

:       0       0

ගුණශෘන්ත Friday, 28 September 2012 03:26 PM

ප්‍රේමදාස මහත්තය‍ගේ අගේ දැන් තමයි තේරෙන්නේ (ස)

:       0       0

ප්‍රභෝධ Friday, 28 September 2012 10:15 AM

ජනක, සරසවි සිසුන්ට අපහාස නොකරන්න (නි)

:       0       0

අචිනි Thursday, 27 September 2012 04:30 PM

ඔබ සැමගේ උත්සාහයට අපගේ ආශිර්වාදය .ජය වේවා (ස)

:       0       0

ප්‍රනාන්දු Thursday, 27 September 2012 09:55 PM

මොකටද නිකන් හිස් මිනී පෙට්ටි උස්සගෙන යන්නේ? දැන් ඔය තියෙන්නේ මිනී දෙකක්ම. (නි)

:       0       0

රණා Thursday, 27 September 2012 04:40 PM

ඔබ හරි ..ඒත් සීමාවක් තියා ගන්න..(ස)

:       0       0

ශාන් Thursday, 27 September 2012 04:43 PM

මිනී පෙට්ටි, ඇටසැකිලි අරන් ගිහින් තමයි අද දෙන්නෙක් නැතිවෙලා තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 83 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 261 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 379 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 136 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 761 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 517 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 75 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1250 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site