ගිය වසරේ දිණුම් ඇදීමට නියමිතව තිබූ ලොතරැයියක රුපියල් විස්සේ ටිකට් කැකිරාවේ පාසල් 126ක සිසුන් 34000ක විකුණතියි මව්පියෝ චෝදනා කරති.
2012.12.31 දින අවසන් වීමට නියමිත මේ ලොතරැයි ටිකට්වල සඳහන් වනුයේ මිතුරන් අතරරේ පමණක් ටිකට් අලෙවි කළ යුතු බවයි.
34000ක් සිසුන් මිතුරන් වූයේ කෙසේදැයි මවුපියෝ ප්‍රශ්න කරති.
කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාල සුබසාධක සංගමයට ආධාර පිණිස මේ ලොතරැයිය පවත්වන බව ද, සිසුනට ටිකට් අළෙවි නොකරන ලෙස උපදෙස් දුන් බව ද, ලොතරැයි ඇදීමේ දිනය කල් තබා ඇති බව ද කලාප අධ්‍යක්ෂ උපාලි ජයලත් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාප අධ්‍යක්ෂ මහතාණෙනි, ඔය ටිකට්පත් වලට දිනුම් අදින දිනයට,මාධ්‍යයටත් ආරාධනා කරන්න. ලැබුණු අරමුදලේ ආදායමත්, තෑගි ලැබුණු වාසනාවන්තයනුත් බලාගන්න අපිත් ආසයි. (නි)
අදම මේ ටිකට් හොරුන්ට දඩුවම් දෙන්න (ස)
හැම නිලධාරියෙක්ම දැන් වැඩකරන්නේ තමන්ට අවශ්‍ය විදියටයි. කිසිම විනයක් නැහැ. (නි)
ලංකාව දැන් හොරුන්ගෙන් බේරාගන්නම බැරි දූපතක් බවට පත්වෙලා. (නි)
හොරා කවුද කියලා දැනගන්න තියෙන ලෙහෙසිම ක්‍රමය තමයි නගරයේ පාසල් ළමයින්ගෙන් අහන එක. (නි)
ටිකට් විකුණන්න එපා නොකියා ටිකට් ටික ආපසු ගත්තා නම් හරිනේ. (නි)
මෙන්න සීතල හොර වැඩක්. අල්ලපියෝ! (නි)