කටුගස්තොට හපුගොඩ කනිටු විද්‍යාලයයටම සිටිනුයේ සිසුන් හත් දෙනෙකි.
තුන වසරේ සිසුහු තුන් දෙනෙක් සිටිති.
හතර වසරේ දෙදෙනෙක් සහ පහ වසරේ දෙදෙනෙක් වෙති.
පළමු හා දෙවැනි වසරට එක සිසුවකු හෝ නොමැත.
විදුහල්පති සමඟ ගුරුවරියෝ තිදෙනෙකි.
තම දරුවන් වෙනත් පාසලකට යොමු කර දෙන ලෙස දෙමාපියෝ ඉල්ලා සිටිති.
කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී කේ ඩබ්ලිව් ටිකිරි බණ්ඩාර මහතා පැවසුවේ මෙම පාසල සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා ළමයි ඉන්න පාසල් වහලා තියෙනවා නේද? මේක වහලා දාල දෙමවුපියන්ගේ ඉල්ලීම ඉටුකරන්න බැරි වෙන්න නම් ලොකු හේතුවක් ඇති. පාසලක් වැහුවාම හිරගෙයක් ඇරෙනවා කියනවනේ. ඒ බයට වෙන්න ඇති. (නි)
මොන අඩුපාඩු තිබුනත් ,දෙමව්පියෝ නිතරම උත්සාහ කරන්නේ රට පිළිගත්,ප්‍රසිද්ධ නමක් ඇති නගරයේ පාසැලකට යවන්නමයි .කලාප අධ්‍යක්ෂකතුමාට තියෙන්නේ, පාසලේ පරණ නම වෙනුවට,ජාත්‍යන්තර නමක් දමලා ,තරුණ ගුරු මණ්ඩලයක් ,ළමුන්ට කඩිනම් ඉංග්‍රීසි අධ්‍යාපනයක් දීලා, 4,5 ළමුන් 4 දෙනා 5 ශිෂත්ව යෙන් සමත් කළා නම් ගමේ ළමුන් හැමෝම එයි. නගරයේ පාසල් තදබදයත් ඉවත් වෙයි. (නි)
වැහෙන්න යන පාසල සංවර්ධනය කරන මීට කලින් බැරි වුණේ ඇයි.
ඒ වුණාට අපිට අධ්‍යාපන ඇමතිලා දහයක් විතර ඉන්නවනෙ (නි)
පාසලක් වහනවා කියන්නෙ හිරගෙවල් 100ක් විවෘත කිරීමකි. උපාලි, පාසල් ගියාද ? (නි)
ඔය ළමයි නැති පාසල් ටික වහලා දාලා තව හිර ගෙවල් ටිකක් ඇරියොත් නරකද? දැන් අපේ රටට ඒක තමයි ඕනෑ කරලා තියෙන්නේ. (නි)
මහනුවර අරුප්පොල සංඝමිත්තා විදුහලේත් ගුරුවරු 5යි සිසුන් 12යි , මේ ගැනත් සොයා බලන්න. (නි)
පාසැල තියන්න ළමයි ඉන්න ඕනා. ඇමතිට කියන්නේ මොනවා කරන්න කියලද?(නදී)
කතා කරලා වැඩක් නැහැ ඕවා (නි)
ජනප්‍රිය පාසල් වලට දාලා දෙලොවටම නැති පුරවැසියන් හදනවට වඩා ගමේ පාසැල දාහෙන් සම්පතයි (නි)
හොද අදහසක්. පාසැල වහන්න දෙන්න එපා. කලාප අධ්‍යක්ෂක අබියෝගය බාරගන්නවා නම් ඒක සමස්ත අධ්‍යාපනයටම ආදර්ශයක්. ගුරු මණ්ඩලයට පුළුවන් උදවු කරන්න. කුඩා පාසල් නගාසිටුවන්න ඕනෑ. හොදට උගන්වලා ළමයි පාස් කරන්න. එතකොට තව ළමයි ඒවි. (නි)
මේ පාසලේ සිසුන් ගානට වඩා අපේ රටේ අධ්‍යාපන ඇමතිලා ඉන්නවා. (නි)