ගල් හා ගඩොල් කෑලි වලින් සීගිරි සිංහ පාදයේ කුරුටු ගෑ අකුරු ඉවත් කිරීම සඳහා සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් සීගිරියට අද පැමිණි බව එහි ප්‍රකාශකයෙක් කියයි.
අද සිට සීගිරියේ ස්ථාන කිහිපයක විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ද යොදා ඇත.
දෙමළ අකුරු ලියූ මස්කෙළි සිසුන් තිදෙනා අවවාද කර මුදා හළ බව පොලීසිය කියයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධරයන් මේ සිද්ධිය පොලීසියට දැනුම් දී ඇතත් පොලිසියේ පැමිණිල්ලක් කර නැති බව දැනගන්නට ඇත.
එසේ කරන්නට ඇත්තේ සිසුන් හිතාමතා එවැන්නක් නොකළාය යන පදනමේ සිට බව දැනගන්නට ඇත. එහෙත් පැය භාගයක් පමණ ඔවුන් ගල් හා ගඩොල් සොයාගෙන ලෝක උරුමයක ඔවුන්ගේ නම් ගම් ආදිය ලියා වනසද්දී ඔවුන් සමග සිටි ගුරුවරුන් කුමක් කළේද යන්න ප්‍රශ්නයක් බව නිලධරයෝ කියති.
ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසූවේ ලංකාදීපයෙන් දුටු ගමන් තමා කම්පාවට පත් වූ බවයි. මේ ගැන විෂය භාර ඇමැතිට පෞද්ගලිකව කතා කර පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොහොමහරි රැක ගන්න ඕනේ මේ දේවල් (දී)
සිංහල රජවංශය පිළිබදව තරහක් ඇති. ගුරුවරුන්ටයි දඩුවම් කරන්න තිබුනේ.(නදී)
ඇයි අවවාද කරලා විතරක් නැවතුනේ. මොලේ නැති මී හරක්.(නදී)
මේ ළමයි භාරව ගුරු වරු ගියේ නැද්ද (දී)
ගුරුවරුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් කල යුතුයි.(නදී)
ඇයි සීගිරිය බාර නිලධාරීන් ඕකට යොදවා ගන්නේ නැත්තේ. ඒක විය යුතුමයි.(නදී)
මේ ළමයින්ට නම් අවවාද දීලා යවන්න එපා (දී)
අනේ කොහොම හරි බේරා දෙන්න අපේ දේ (දී)
ඇත්තට ගුරුවරු මොකද කලේ (දී)
විශේෂ පුහුණුවක් තියෙන අය යවන්න (දී)
කෝ මේවා පරිස්සම් කරන මිනිස්සු (දී)
මේ අපරාධය සිංහල දරුවෙක් කළා නම් ප්‍රතිපලය මීට වැඩිය වෙනස් වෙන්නත් තිබුණා. (නි)
එක ඉතා හොද වැඩක් (දී)
පවන් හරියට හරි. මේ සිංහල රටයි කියන්න බැරි අය ඉන්න රටක් මේ. හැබැයි අපේ ගමේ පන්සලකට මේ දේ කලානම් අතපයේ පත්තු බදින්න වෙනවා.(නදී)