තමන්ට අවශ්‍ය කරන්නේ සහනාධාර නොව ගංවතුර අවම කර ගැනීමේ වැඩ පිළිවෙළක් බව සේරුවිල ගොවීහු ද භික්ෂූන් වහන්සේ ද නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලපත්ති මහත්මිය හමුවේ පැවසූහ.
ගලප්පත්ති මහත්මිය එම ප්‍රදේශයේ ගංවතුරින් අවතැන්වූ ජනතාවට සහනාධාර රැගෙන ගිය අවස්ථාවේ ඔවුහු එසේ කීහ.
එම ඉල්ලීම ගැන මහින්ද රාජපක්ෂ ජනපතිට දැනුම් දෙන බව ගලප්පත්ති මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම මොහොතකම නිසි පළ ගැනීමේලා වෙසෙන පුද්ගලයා කිසි දිනෙක පරාජයට පත් නොවේ..!(නු)
ගුණාත්මක කාබනික වගාවක් වෙනුවට රට පෝර වලට සහනාධාර... රැකියා අභිමුඛ උපාධි පාඨමාලා වෙනුවට යල්පිනූ උපාධි වලට දහදාහේ පත්වීම්... දරුවන්ට අවශ්‍ය දේ අරන් දීමට දෙමාපියන් ආර්ථිකව බලගැන්වීම වෙනුවට නොමිලේ සපත්තු... ඔන්න ඕවට නේ අපේ රටේ ඡන්දෙ දෙන්නේ. සේරුවිල ගොවීන්ටයි හාමුදුරුවරුන්ටයි තිබෙන මොළේ රට කරවන උතුමන්ලාටත් ලැබේවා! සහනාධාර එපා කීමට එඩිතර වූ ඔබට අපේ ප්‍රණාමය! (නි)
මෙන්න බුද්ධිමත් මිනිස්සු. (නි)
2012 වසරේ සුදුසුම, ආදර්ශවත්ම දේ කළ පිරිස ලෙස මම දකින්නේ මෙම ජන පිරිසයි. (නි)
ඒ කතාව ඇත්තක්. ආධාර දෙනවා කියන්නේ ඒවා දෙන නිලධාරීන්ට වඩා වාසි වන බොරු වැඩක්. (නි)
මේ වගේ මිනිස්සු දෙතුන් සීයක් හිටියා නම් අන්න එදාට රට ඉබේම හැදෙයි. මේ ජනතාවට අපගේ ආචාරය! (නි)
එහෙම කිව්වාම ලේසියි.. අපි ආයෙ එතුමාගෙන් අහනවාද ගලප්පත්ති මැතිණිය මෙහෙම දෙයක් කිව්වාද කියලා..!(නු)
දැන් ඉතින් අහිංසක මිනිසුන්ට ලැබෙන්න තිබුණ සහනාධාරත් නැතිව යනවා..!(නු)
වතුර ගලා බහින තැන් තමන්ම වැහෙන විදිහට ගොඩනැගිලි හදලා, ගංවතුර ගලනකොට කෑගහන එක මහ මෝඩ වැඩක්. (නි)
මීට ඉහත වතාවකත් ඔය වැඩේ වුණා කියලා ආරංචියි. (නි)
මුතූ, ඔයත් එක්ක මගේ තරහක් නැහැ. මම කියන්නේ ඔයාලා වගේ කට්ටිය සහනාධාර කාලා දැන් වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්න කට්ටියක් කියලා. (නි)
සිංහලයින් සිංහලයා සතු සෑම බිම් අගලක්ම අනාගත ලාංකිකයින් වෙනුවෙන් රැකගැනීමට නැගී සිටිය යුතුයි. (නි)