උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ස්ථිරසාර පියවර ගන්නැයි ඇමෙරිකාව ශ්‍රී ලංකාවට කියයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුව ජිනීවා නුවරදී ලබන සතියේ රැස්වේ. මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශ්‍රී ලංකාවට අහිතකර යෝජනා ඉදිරිපත් කිරීමට යතියි කියමින් ශ්‍රී ලංකාව පුරා විරෝධතා සංවිධානය කර ඇති පසුබිමෙක ඇමෙරිකාව එම ඉල්ලීම කරයි. 'උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වැඩිදුර ක්‍රියාමාර්ගයක් ගත් බව පේන්නේ නෑ. අපි දැනුත් ශ්‍රී ලංකාවට අප අනුබල දෙන්නේ එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ස්ථිරසාර පියවර ගන්නා ලෙසයි. ඒ සමගම ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇතිකිරීම උදෙසා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නැයි අප අපේ හවුල් කරුවන් සමග ජිනීවා මානව හිමිකම් කමිටුවට කරුණු කියනවායැ' යි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මාර්ක් ටෝර්නර් වොෂින්ටන් නුවරදී පුවත්පත් වාර්තාකරුවන් සමග කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd