සීගිරි සිංහපාදයේ කුරුටු ගෑ දෙමළ අකුරු ඉවත් කිරීමේ කණ්ඩායම අද වැඩ ඇරඹීය.
බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරී ලලිත් පෙරේරා මහතා මේ කණ්ඩායමට නායකයාය.
අකුරු තදික් කා වැදී ඇති හෙයින් ඉතා සියුම් ලෙස මහත් වෙහෙසක් ඒවා ඉවත් කිරීමට සිදුවන බවත්, ඒ සඳහා දින කිහිපයක් ගත විය හැකි බවත් ඔහු කියයි.
පොල්කඩු අඟුරු ඇතුළු දේශීය අමුද්‍රව්‍ය පමණක් මේ සඳහා යොදා ගැනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මිටවඩා අපේ දේ ගැන සැලකිලිමත් විය යුතුයි (දී)
ධම්ම, ඒ මිතුරා විග්‍රහ කල සමහරක් දේ වැරදිම නොවන්නේය. සත්‍යය නම් අතීතයේ පැවති සැබෑ සත්‍ය තුලට එක් එක් මුඛ පරම්පරාවෙන් එකතු වු කරනු කාරණා මුලාශ්‍රයන් හේතුකොටගෙන සත්‍ය දේ අසත්‍යයෙන් වෙලී පැවතීම නිසා අසත්‍යයම සත්‍යය ලෙස අද පිළිගැනීමට සිදුවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (නි)
අතපය තියාගෙන ඉන්න බැරිව අපේ උරුමයන් විනාශ කරනවා (දී)
අපේ උරුමයන්ට මීට වැඩිය ආරක්ෂාව දෙන්න ඕනේ (දී)
දේශීය අමු ද්‍රව්‍ය යොදා නොගත්තන් කමක් නැහැ. වැඩේ හරියට වෙන්නෙයි අපිට ඕනෑ. (නි)
තාවකාලිකව පත් කල මහත්තයාම පත් කරන්න (දී)
ඉතිහාසය පාසල් විශයෙන් අයින්කරපු ඒවට වන්දි තමයි මේ. (නි)
මේක ලොකු වැඩක් සුළුවට තකන්න එපා (දී)
මකා දමන්න කිසිත් නොවුන දෙයක් ලෙස නැවත හදන්න (දී)
මමනම් කියන්නේ අර ළමයින්ට දඩුවම් දුන්නානම් තමයි වටින්නේ (දී)
මින් පසුවවත් සීගිරි සිංහ පාදේ ආරක්ෂාව තර කරයිද? (නි)
සන්තෝසයි (දී)
ළමයිනේ , බලි බලන්න කැමති උනාට බලි අදින්න එපා (දී)
මේ සදහා විශේසඥ දැනුම ලබා ගන්න (දී)
අනේ පින් සිද්ද වෙනවා නැවත මෙවන් දේවල් කරන්න එපා (දී)
මොකද නිතිය ක්‍රියාත්මක නොකළේ (දී)
මකන්න... මකන්න වහාම මකන්න (දී)
නැවත මෙවන් දේවල් නොවේවා (දී)
අපේ දේ රැක ගන්න අපි උගන්නන්න ඕනේ (දී)
මේ වැඩ කොලු කමට කල වැඩ නොවෙයි (දී )
ඇයි මේවට මෙහෙම වෙන්න දෙන්නේ? (දී)
සිංහපාදේ බලි ලියපු අයට කෝ දඩුවම් !!! (ස)
මට මතකයි සිංගප්පූරුවේ දුම්රියක spray painting කල විදේශිකයෙකුට වසර දෙකක සිර දඬුවමක් සමග දඩයක් නියම කලා. අපේ පුරාවස්තුවකට හානි කිරීමට දඩුවම නොදිය යුතු වරදක් ලෙස තීරණ ගැනීම නම් රටේ නීතිය සුනඛයාට ගිය වැනිය. (ස)
සුබුමනියමි ඔන්න ඔහොම සත්‍ය පවසන්න ඔබලා ඉදිරිපත් වෙන්න ඕනා.(නදී)
ලංකාවේ ඉතිහාසය උගන්වන එක නවත්තපු කෙනා තමයි හරක් වැඩේ කරලා තියෙන්නේ.(නදී)
විශේෂයෙන්ම ආලේපය සඳහා යොදා ගත් පොල්කඩු අඟුරු කෘතිම රසායනික ආලේප වලට වඩා සුදුසුයි. රසායනික ආලේපවල සංයුතිය නිතරම රහසකි. අඟුරුවල ඇති භාෂ්මික ගතිය වර්ෂාවේ සුළු වශයෙන් ඇති ආම්ලික ගතිය සමගින් ගලමත නිෂ්ක්‍රීය තත්වයක් ඇති වීමෙන් ගලේ ඛාදනයක් ඇති නොවේයයි සිතිය හැක. (ස)
සුබ්‍රමනියම්, සීගිරිය දෙමල රජෙක් හැදුවා කියලා ඔයාට කිව්වේ කවුද? අපි ආරාධනා කරනවා ඔය සියළුම දෙනාට එන්න සත්‍ය දකින්න. ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් නෙමෙයි. රටේ ඉදලා රට වනසන පාපතරයෙක් වෙන්න එපා. (නි)
හපෝ මේක කලු කරනව නේද? (පේන හැටියට. දන්නෙ නැහැ වේලෙද්දි මොන පාට වෙයිද කියලා) මෙහෙම ගියොත් ලංකාවෙ අපේ දෙයක් කියල ඉතිරි වෙන්නෙ නැහැ. බලන්න මෙතන ආරක්ෂාව හරියට තිබුණා නම් මෙහෙම අපරාධයක් වෙන්නෙ නැහැනෙ. මේ කරන දේවල් ලේඛනගත නොවුනොත් අනාගතේ යම් දිනෙක කරන කාල නිර්ණ පරික්ෂාවකදි කියයි මෙය නිර්මානය කරල තියෙන්නෙ 21වෙනි සියවසේදි කියලා. (නි)
මට හරි පුදුමයි මේ අදහස් දාන සමහර අය දවසෙම අන්තර්ජාලයේ ඉදලත් දෙමළ කියන්නේ ලෝකයේ ඇති පැරණිම භාෂා තුනෙන් එකක් කියලාවත් නොදන්නා එක ගැන. (නි)
මිල කල නොහැකි වස්තුන් මීට වැඩිය රැක ගන්න ඕනේ (දී)
ධම්ම, ඔයාගේ යාළුවන්ට කියන්න එයාලා බෞද්ධයෝ කියලා. (නි)
සීගිරියේ තියෙන තාක්ෂනය ලෝකේ කොහෙන්වත් හොයා ගන්න බැහැ (දී)
මහා ජාතික අපරාධ (දී)
සුබ්‍රමනියම්, මේ තම්ල්නාඩුව නෙමෙයි සිංහලදීපය. තව ටික දවසකින් අනුරාධපුරේ හැදුවෙත් සිංහල රජවරු නෙමෙයි කියයි. (නි)
සිල්පර කොට දෙකක් අතර සාදන්න ලක්ස අසූ හයක් යනකොට මේවත් ලේසි වැඩ නොවේ. (නි)
ළමයිනේ, තව වැඩේ කරලා ඉවර නැහැ. ඉවසන්න. (නි)
මට හරියට දුක හිතුනා අපේ උරුමය විනාශ කල එකට (දී)
සුබ්‍රමනියම්, බුදු හාමුදුරුවෝ හින්දු කෙනෙක්? බුද්ධ දර්ශනයේත්, හින්දු දර්ශනයේත් තියෙන්නේ අහසට පොලව වගේ වෙනසක්. ටිකක් හොයලා බලන්න. ඇයි නොදන්නාකමට ඔය වගේ නිකම් මෝඩ කතා දොඩවන්නේ? (නි)
මට පේන්නේ පොල් පරාල වල වේයෝ කනවට ගාන කළුතෙල් ගාලා වගෙයි. (නි)
ලොකුවට වෙනස පේනවා. නවීන තාක්ෂණය යොදා වැඩේ හරියට කරන්න. (නි)
අපේ උරුමයන් මිට වැඩියෙන් රැක ගන්න ඕනේ (දී)
මේවා විහිලු (දී)
ධම්ම, එතකොට කුරුටු ගී ලියලා තියෙන්නෙත් දෙමලෙන්ලුද? ඒ වගේ කාෂ්‍යප කියලා කියන්නෙ වෙන රජ කෙනෙක්ලුද? (නි)
ඔය අකුරු ලියපු අයගේ පිට ඒ විදියටම හංවඩු ගහන්න තියෙන්නේ.(නදී)
පුරාවස්තු කොඉතරම් ලොකු උනත් ඒවා නැවත වර්නගන්වන්නේ පුංචි පින්සල් වලින්. පාටත් එකම ගන්නවා. ඒ වැඩ වලට අවුරුදු ගානක් යනවා. ලංකාවේ එහෙම කරපුව මම දැකල තියනවා. මේක හරියට කළුතෙල් ගාලා වගේ. සිංහ පාදය විකුර්ති වෙලා .දැන් ඉතින් මුළු පාදයේම ගාල දාන එකයි තියෙන්නේ.(නදී)
ධම්මික හීනියට කනේ පාරක් ගහලා නේද? ඇත්ත සිගිරිය මුළු ලොවටම අයිතියි.එත් ඔබේ දෙමළ මිතුරාට පහදා දෙන්න එය විනාශ කිරීමේ අයිතිය කිසිවෙකුටත් නැති බව.(නදී)
මකන්න ඇයි අදින්න දුන්නේ? (දී)
තව ටික කාලෙකින් අපිට අහන්න වෙයිද දන්නේ නැහැ හෙට සිට සීගිරි ගල නැත කියලා. එහෙම නැත්නම් සීගිරිය පුද්ගලීකරණය කළා කියලා. මේ යන විදියට ගියොත් එහෙම අහන්න වුණත් මම පුදුම වෙන්නේ නැහැ. (නි)
පරිස්සමට කරන්න ඕනේ වැඩක් (දී)
හසන්ත මහත්තයෝ, මම කියන්නම් මෙතන තියෙන ප්‍රශ්නේ ගැන. ධම්ම කියන්නේ හරි වැදගත් දෙයක්. සමහර දෙමල උගතුන් පවා තර්ක කරනවා නොවැ තමිල්නාඩුවට දෙමල අය ගියෙත් ලංකාවෙන් කියලා. මේවා ගැන ඇහැ ගහගෙන ඉඳො හරි පිළිතුරක් සපයන්න කෙනෙක් නැතිඑකනේ තියෙන ගැටලුව. (නි)
මොකද ඒ පිරිසට දඩුවම් දුන්නේ නැත්තේ (දී)
මේ වගේ දේවල් කරන්නේ ඇයි?(දී)
ඔව් ධම්ම දැන් ගොඩක් අය අපෙ දේවල් එයාලගේ කියලා තර්ක කරනවා. කිස්ම දෙයක් නැති අයට කරන්න පුලුවන් එකම් දේ ඕකනේ. හොදට හොයලා බැලුවොත් ඔය ගොඩක් දෙනා හොරාට අයිති කරගෙන වහගෙන වදින්නෙත් අපේ දේවල් කියලා හොයාගන්න පුලුවන් වෙයි. (දී)
ඔව් ඔව් ධම්ම, ගොඩක් අය දැන් අපේ දේවල් එයාලගේ කියලා තර්ක කරනවා. එයාලගේ කියලා කියන්න මොකුත් නැති වුණහම කරන්න තියන හොදම වැඩේ ඕක තමා. (නි)
මෙහෙම උනහම අපේ උරුමයන් ටිකෙන් ටික විනාශ වෙනවා (දී)
ධම්ම, ඔයා ඇත්තටම සිංහලයෙක්ද? (නි)
සීගිරිය කළේ කාසියප්පා කියන රජතුමා,ඒතුමාගේ මල්ලි මුහලන්,පියා දාතුසේනා, මේ අය දෙමළ බව මගේ දෙමළ මිතුරා තර්ක කරනවා.(නදී)
ඇන්ද කොල්ලෝ ටිකත් ඕකට හවුල් කර ගත්තනම් හොඳයි. එතකොට කරපු වැරැද්ද තෙරුම් ගනී.(නදී)
හෙට වෙනකොට අලුත්ම අලුත් සිංහ පාදයක්. කරදරයක් නැතිව මොනවා හරි ලස්සනට පැහැදිලිව ලියන්න පුලුවන්.(නදී)
මෙතන ආරක්ෂාව ගැන බලද්දී මට හිතුනේ ආසන්නම ගල් මෝලට දාලා සීගිර ගල කුඩු කරයි.(නදී)
ලෝක සංචාරක කර්මාන්තය හා එක වෙන්න අපිට තියෙන්නේ මේවා, ඒ නිසා අපි මේවා පරිස්සම කර ගන්න ඕනේ (දී)
සීගිරිය දෙමල රජෙකුගේ නිර්මාණයක් කියලා හැමෝම දන්නවා. කතරගමත් දෙමල මිනිසුන්ගේ. මෙහෙම බලනකොට ලංකාවම හින්දු රටක්. බුදුහාමුදුරුවොත් හින්දු කෙනෙක්. (නි)
රජයේ නිසි අවධානය මේ ගැන යොමු විය යුතුයි (දී)
ඒ ළමයි සිංහලද දෙමළද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඔතන ඔය වයසේ සිංහල අය හිටියනම් ඒ අයත් ලියනවා. ළමුන් වැරදි කරන්න පුලුවන්. ඒත් එතන හිටපු ගුරුවරු මොකද කළේ මේ ළමයි මේ විදිහෙ විනාශයක් කරනකම්. ළමයි මීටවඩා අනතුරුදායක දෙයක් කළා නම් කවුද වගකියන්නේ. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ පිළිබද පරීක්ෂණයක් කරලා ඒ ගුරුවරුන්ට නොසැළකිල්ල පිළිබදව දැඩි විනය පියවර ගන්න අවශ්‍යයි (නි)
කොච්චර මකුවත් විනාෂ වෙලා ඉවරයි (දී)
විනාශ කරන්න එපා අපේ දේවල් (දී)
පරිස්සමෙන් මකන්නත් ඕනේ (දී)
සිංහ පාදය කියන්නේ අපේ ලෝක උරුමයක් (දී)
අයියෝ කෝ මේවා රැක ගන්න පත් කල මිනිස්සු (දී)
කාශ්‍යප රජු දන්නවානම් (දී)
ළමයි මේකේ බලි අදිනකල් බලන් හිටියද, නැද්ද මේකේ ආරක්ෂකයෝ, මට බනිවිද දන්නේ නැහැ ඒ ආරක්ෂක කට්ටිය (දී)
කව්ද මේවට වග කිව යුත්තෝ (දී)
ධම්ම, ඔබේ ගොරක මදි දන්න අපිව තම්බන්න. ඔබ දෙමල ජාතිකයෙක් බව කාශ්‍යප රජ්ජුරුවන්ට කරපු ඇමතීමෙන්ම පෙනෙනවා. ධාතුසේන රජ්ජුරුවෝ දෙමලුන්ට එරෙහිව යුද්ධ කරලා ජය ගත් රජෙක් බව ඔබ දන්නේ නැද්ද? එතුමන්ට පල්ලව සම්භවයක් තිබුනා. පල්ලවයන් යනු දෙමළුන් නොවේ. ඔබ රාජාවලිය කියවෙව්වොත් ඔබට පෙනේවි එහි ආක්‍රමණිකයන් හඳුන්වා ඇත්තේ දෙමළුන් වශයෙන් බව. ඒ නිර්නායකය අදටත් වලංගු බව ඔබ වැන්නවුන්ගෙන් ඔප්පු වෙනවා. (නි)
අයියෝ සල්ලි (දී)
බලන්න වෙනස පේන හැටි (දී)
මොන තරම් වටිනා ස්ථානයක්ද අපිට නැතිකරන්න හැදුවේ (දී)
මේ දේවල් වලට වන්දියක් වත් ගන්න තිබ්බේ (දී)
මේකට යන වියදම ආදාල පාසලෙන් අයකල යුතුයි. (නි)
මේ ආත්මෙදි ඔය පාරවල් මකන්න බැහැ (දී)