සිංහරාජයේ ගෝනකු මැරූ පුද්ගලයන් දේශපාලන තරාතිරම නොබලා අදම අත්අඩංගුවට ගන්නැයි වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා මින් මදවේලාවකට පෙර වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළේය.
ගෝනා මරා ඇත්තේ දේශපාලනඥයකුගේ සාදයක් වෙනුවෙන් නම් ඔහුත්, ඊට සම්බන්ධ සියලු දෙනාත් අත්අඩංගුවට ගන්නැයි ද ඇමැතිවරයා දැන්වීය.
එම නියෝගය කළේ ලංකාදීප එසැණ වෙබ් අඩවියේ පළ කළ ප්‍රවෘත්තිය ඇමැතිගේ මාධ්‍ය අංශය ඇමැතිට පෙන්වාදීමෙන් පසුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම හොද වැඩක්. ගෝනා වදවීගෙන යන සතෙක්. ඇමතිතුමා අවංකවම ගත් තීරනයට ලංකාදීප පාඨකයන් වශයෙන් අපගේ ප්‍රණාමය! (නි)
ගෝනාත් ඌරා වගේම හලාල් නොවන සතෙක්ද? (නි)
නැතුව... නැතුව... වහාම අල්ලනු (දී)
මේ ගොනා මරන්න ඇත්තෙත් අධිරාජ්‍යවාදීන් වෙන්න ඇති නේද ? (ස)
ගෝනා - මාව මරපු අයවම අල්ලාවිද ? (ස)
ඒක ජාතික වගකීමක් (දී)
සත්තුන්ට නොදෙවෙනි මිනිස්සු (දී)
මට හිතුනා මේකට දේශපාලන සම්භන්දයක් ඇති කියලා (දී)
අපිව බේරගනියෝ! (නි)
ගෝන මස් කාපු අය දුවපියෝ! විපාකය ළග ළගම එනවෝ! (නි)
ඔබතුමා නම් නියම අමාත්‍යවරයෙක්. (නි)
මම කිසිම ඇදුමක් නැතුව ගාල්ල වටේ දුවනවා මේ කියන විදියට වැඩ සිද්ද වුණොත්. (දී)
ගෝනාව මරන්න ඇත්තෙ අධිරාජ්‍යවාදීන් වෙන්න ඇති. (නි)
අල්ලා දඩුවම් දුන්නොත් ඔබයි හපනා ඇමතිතුමනි. (නි)
ගෝනා මරපු අයවම අල්ලාවිද ? (ස)
ගරු ඇමතිතුමාට අපේ අවංක ස්තුතිය. නමුත් ඇමතිතුමනි, දේශපාලන බලපෑම් වලට යටත් නොවී, නීතිය නිසිලෙස ක්‍රියාත්මක කරන්න. උපරිම දඬුවම් දෙන්න. මතුවට මෙවැනි දේවල් සිදු නොවන්නට එය හේතු වෙනවා ඇත. ඔබට පින්. (නි)
අහිංසක සත්තු මරා ගෙන කනවා (දී)
ඔත්තුව දුන්න අයට උපරිම දඬුවම් ලැබෙයි. (අ)
මේ ගෝනාගේ පස්සේ දේශපාලනයත් තියෙනවාද (දී)
ඔබේ යෝජනාවටස්තිති ඇමති තුමා (දී)
එතකොට කුකුල්ලු, එලුවන්, බැටළුවන් වගේ සත්තු මරන්න පුලුවන්ද? (නි)
ලංකාදිප පුවතට තුති. මෙහි නවතම තොරතුරුත් ඉක්මණින් පළකරන්න. (නි)
ගෝනාව මැරුවත් කමක් නැහැ, හලාල් විදියට කෑවා නම් හොදයි. (නි)
සේනාව ගෝන්නු ගැන බලන්නෙ නැද්ද? (නි)
කවුද මේ ගෝනා මරන්න ඇත්තේ? (නි)
මොන අපරාධයක්ද මේ (දී)
මරුවට් පස්සේ අල්ලලා වැඩක් නැහැ, මරන්න කලින් තමයි කරන දෙයක් කරන්න ඕනේ (දී)
වහාම අල්ලනු (දී)
සත්තු මර මර සතුටු වෙන එක හරිම ශෝක්. ගෙවලා බලන්නකෝ (දී)
ඇමති තුමා අවංකව යමක් කරනවා නම් මෙන්න අවස්ථාව. හැබැයි නියෝගය කරලා විතරක් වැඩේ නවත්තන්න එපා. අපි හැමවෙලේම අහනවා අරය නියෝග කලා මෙයා නියෝග කලා කියල. එච්චරයි. කෙරෙන දෙයක් නැහැ. අපි බලමු මේවර. (ස)
මේකත් පුස් වෙඩිල්ලක් බවට පත් කරන්න එපා (ස)
ගෝනා -අනේ මමම වෙඩි තියාගත්තේ කිහිප දෙනෙකුට ආහාරයක් ලබා දෙන්න. කවුරුවත් වෙඩිතිබ්බේ නෑ (ස)
බොදු බල සේනාවට මේ ප්‍රශ්නය අයිති නැද්ද ? (ස)
මොනවත් වෙන්නේ නෑ . දේශපාලකයෝ, සල්ලිකාරයෝ කවදාවත් හිරේට යන්නේ නෑ (ස)
ඒකනම් ඇත්ත තිසල් (ස)
අනේ ගෝනෝ....උඹටත් පින තිබුණා පත්තරේට වැටෙන්න. (ස)
මේක පිටුපස මොකාක් හරි තියෙනවා (දී)
මෙන්න තවත් අපේ උතුම් බව විරාජමානවන තවත් අවස්ථාවක් (ස)
රටේ නීතියේ තත්වය ඕකයි.. ඉතින් මේවට ජිනීවා නොගිහින් කොහේ යන්නද ? (ස)
සත්තු මරලා පටි දාන්න එපා (දී)
මේවා මොනවද ... අපිට ඉතිහාසයක් තියෙන්නේ..නීතියක් මොකටද ? (ස)
ඇයි හරක් මරනවට විරුද්ධ වෙන අය ගෝන්නු මරනවට විරුද්ධ නැත්තේ? (නි)
බලමු මොනවද වෙන්නේ කියලා (ස)
ලොකු කැලේක මේ වගේ දෙයක් වෙන්න පුළුවන් , නමුත් මෙවැනි දේත් නවත්වන්න පුලුවන්නම් තමයි වටින්නේ (දී)
ඒ සතා පව් අසරණ සතා (දී)
ඇමති තුමනි වහාම මේ සිද්දියට මැදිහත් වෙන්න (දී)
මේකට දේශපාලනය සම්භානදයි ද (දී)
ඇත්ත බණ්ඩාර ගෙවන්න ගියාම තමයි වැඩේ (දී)
මහත්වරුනි , සතා මරලා බේරිලා හිදිවී. නමුත් පාප කර්මයෙන් නම් ගැලවීමක් නැහැ (දී)
කරන කලට පවු මිහිරිය මි සේ (දී)
සත්තු මරණ එක හරි ලොකු වැඩක් කියලා වෙන්න ඇති හිතාගේන ඉන්නේ (දී)
වන රක්ෂණ නිලධාරින් නැද්ද (දී)
මෙහෙමත් මිනිස්සු (දී)
මේවට සේනාව අත දාන්නෙ නැද්ද? (නි)
ජිනීවා ගිහිල්ලා කියන්න හිතෙනවා මට මේ ටේ දැන් වෙන අපරාධ ගැන. (නි)